Followers

Monday, August 8, 2011

මතට තිත, ස්තූතියි Chivas Regal මහත්මයාණනි,Good Bye Mr. Johny Walker(Red, Black and Green)

පාවෙන පියල්ලක් සේ සැහැල්ලුව...
ජීවිතේ 'නියම මිහිරියාව' විඳිමින් කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියා..
....................
හැන්දෑවට හැන්දෑවට කාන්සියට මාන්සියට දාගත්ත පොඩි ඩ්‍රින්ක් එකටත් කණකොකා අඬන වැඩක් මේ ළඟදී සිද්ද උනා,... 

පිරිමි කමට යයි කියල ඔච්චරනෙ ඉතිරිවෙලා තිබුනේ, ... 

ස්ත්‍රී පක්ෂයත් දැන් හොඳට ගන්නව කියල කියන නිසා ඒකත් පිරිමිකමේ ලක්ෂනයක් කියල කියන්න බෑ.
කොල්ල කාලේ මැණියනුත් කිවා මේවා පුතාට හරියන දේ නොවෙයි කියලා!....

කතන්දර ශූරීන්, දයල් බතී  බ්ලොගයේ පෙනුම දියුණු කරන්න දුර ඉඳලම සහයෝගයක් දෙනු ලැබුවා. මාතලන් තුමා මාව සින්ඩියට ඇතුල් කරගෙන, මාරයා තුමා, මහ වෙදනා ඇතුලු මුල සිටම  මා යන මග බලා සිටි පන්සල් හංදිය, ජීවිතේ මල්, ලින්කන් සී, දේදුනු,  මැක්ස්,ගීත්, රොෂාන් හේරත්,ගීත් ඩී, ම, හෂාන් පමිත, පිටස්තරයා-2, වලාකුලු, බුවා, ගයාන් මදුශංක, ජෝතිෂලන්කා,මුදිත ඒකනායක, පන්ඩුකාභය, විසිතුරු, පුතා, දිනේෂ් දීපාල්,කස්සා, චතුර විජේකෝන්, චාර්, හැමටම මාගේ ප්‍රනාමය.


මං උගත් පාඩමක්

හැන්දෑවට හැන්දෑවට කාන්සියට මාන්සියට දාගත්ත පොඩි ඩ්‍රින්ක් එකටත් කණකොකා අඬන වැඩක් මේ ළඟදී සිද්ද උනා,... පිරිමි කමට යයි කියල ඔච්චරනෙ ඉතිරිවෙලා තිබුනේ, ...අපිටමයි මේව වෙන්නෙ..පොඩි නයෙකුත් (කයිවාරුවක් )වගේ; කෙසේ වුවත් හෑම දෙයකම, කතාවකම,(මේ දවස්වල දොරමඬලාවේ යන මාතෘකාව 'උගත් පාඩම් '; බෝම ප්‍රයෝජනවත්, රසවත්; මාත් උගත් පාඩමක් තමයි මේ කියන්න යන්නෙ) ගත හැකි යමක් තියෙන  නිසාත් කාට හෝ ප්‍රයෝජනයක් විය හැකි  නිසාත් මෙය ලියමි.


ලංකාවේ තල්, පොල්, කිතුල් රා, ගල්, පොල්, ඩබල් ඩිස්ටිල්ඩ්, ඕල්ඩ්, විස්කි, බ්‍රැන්ඩි, කශියා, ගල්බමුණා, සුදුවා, කරිඤ්ඤන් ආදී මත් පැන් වල
මිල ගනන් වැඩි වෙනවා මිසක් අඩු වෙනව අපි අහල,  නැහැනේ, නමුත් එහෙම රටවල් තියෙනව.


ඉතින් මං ඉන්න පලාතේ එහෙම වෙනව, ඉතින් හොඳ හොඳ නම් තියෙන බීම හිටපු ගමන් මිල අඩුවෙනව, මේ අවස්තාව බලාගෙන ඉන්න බීමප්‍රිය මානවයන් දඩස් ගාලා ඩැහැගන්නව.


අනේ ඉතින් සෑහෙන කලක්  ඔය රතු ලේබල් වගේ ලාබ ඒව පාවිච්චි කරල, බලා ඉඳල බලා ඉඳල චාන්ස් එක ආවා, චිවාස් රීගල් ටිකක් ලාබ උනා. ඩැහැ ගත්ත එකක්; ඉතින් කාන්සියට මාන්සියට අමුවෙන්ම ගත්ත.. ටික ටික හැන්දෑවට හැන්දෑවට, ටික, ටික, ....ශෝක් drink එක. ගහෙන් බෑව වගේ,..........ජීවිතේ සුන්දරයි....මෙන්න නියම ප්‍රීතිය, මෙන්න පිරිමි කම.. ජීවිතේ අති සුන්දරයි,... පාවෙන පියල්ලක් සේ සැහැල්ලුව...
ජීවිතේ 'නියම මිහිරියාව' විඳිමින් කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියා..

කොලොම්පුරේ, බොරැල්ලෙ, පිටකොටුවෙ බාර් වල මම ආස කරන තමයි දර්ශනේ, හැන්දෑවට වැඩ  ඇරිල එන කාර්යාල සේවකයින් තුන් දෙනා, හතරදෙනා,  බෝතලේ බෙදාගන්න සංස්කෘතිය, වෙන වෙනම ගන්නවට  වැඩියෙ මෙහෙම එක බෝතලේ අරගෙන බෙදගන්න එක ලාබයි, බස් එකට රේල්ලුවට දුවන්න බලාගෙන තමයි මේ ගනුදෙනුව. ගුඩුස් ගුඩුස් ගාලා උගුරෙන් පල්ලෙහාට තල්ලු කරගෙන, කඩල ඇට දෙක තුනක් කටේ දාගෙන බස් එකට, රේල්ලුවට දුවනවා. මං ඒ දවස්වල හිතුවා කෝම මේ මිනිස්සු බොනවද මන්ද මෙහෙම කියල අමු අමුවෙම; කොහොම හරි මටත් කැරකිලා ආවා  ඊට සමාන  'කාලෙ' ; (දුක සැප කැරකෙන මේ ලෝකේ; හැබැයි මාසෙකට පමණ,)


ඒක ඉවර උනා කියමුකෝ ඉක්මනටම, මගේ වේලාව කොච්චර හොඳද කියනවනම් දුර බෑරක ඉඳලා  ආවා පැරනි  පාසල් මිත්‍රයෙක්, මිනිහ ගෙනාවෙත් ලොකු අර ජාතියෙම එකක්. ඉතින් මගේ සැන්දෑ ජොලිය නැගල ගියා.


හැම රිදී රේඛාවකම කලු වලාකුලක් තිබෙන බැවින් වෙලාව නරක් වෙන්න කාලයක් ගියේ නැහැ.

හිතවත් ආනන්දත් මේ වගේ රෝග ලක්ෂනයක් ගැන කියල තිබුනත් මම විහිලුවට වගේ කිව්ව අපිට ඕව පුරුදු නැති නිසා වෙන්න ඇති කියලා, 


මූනේ විසාල දදයක් වැනි දෙයක් මතු උනා, සමහර තැන් කසන්න පටන් ගත්තා,


දොස්තර මහත්තයත් කිව්ව මෙය තද හිරු එලිය නිසා වෙන්න පුලුවන් කියලා, ඒත් මම නම් තදින්ම විස්වාස කරනවා අමු සැර මත්මැන් නිසා තමයි මෙය උනේ කියල එදයින් පස්සේ මගේ මත් බීමේ අසාව නැති උනා, අමතරව මස් කෑමේ ආසාවද නැති උනා, අනෙක අවුරුදු ගානක් දැන් මේව කොලා මදෑ, ඒකයි මං මුලින් ම කිව්වේ ස්තූතියි Chivas Regal මහත්මායණනි කියල.
රත්තරන් බිත්තර ගන්න කිකිළිව මැරුව වගේ වැඩක් මට උනේ.
උත්ප්‍රාසය නම් මං මේ ළඟදී ළමා කතා පොතකුත් සම්පාදනය කලා ඒ කතාව අඩංගු කරල.
ඒ වගේමයි අම්මත් කිව්ව මේ පානය උඹට අල්ලන්නේ නෑ කියල අවුරුදු 20 කාලෙදී; තරුන මදය ඒ කීම් ගානකට ගත්තේ නෑ, අන්තිමේදී අම්ම හරි කියල පිලිගන්න උනා, හැබැයි මං ගෙවල තියෙන මිල වැඩියි පාඩම ඉගෙනගන්න.

13 comments:

  1. බතියෝ.. මේ උඹ පිස්සු කෙලින්නේ නැතුව වෙන මක්ක හරි ලියනවැයි.. මේ කුණුහබ්බ ලියන්නේ නැතුව.. හොඳ වැඩේ පෙරේත කමට බිව්වට.. ඒකෙත් කළාවක් තියෙනව.. අනේ උඹ නිකන් හිටහන්.. බුදු හාමුදුරුවොත් කියල තියෙන්න මද පමනට ගන්නේයි කියල අපේ නායක හාමුදුරුවෝ කිව්ව.. ෂොරි ෂොරි දේශනා කොළා..

    සුරා- සුරයන්ගේ පානය..
    පොල් ගහ යට කොටිය ඉන්න මගේ බෝතලේ.. මගේ ජීවිතේ මගේ බෝතලෙ.. දැන් කොටිය නෑ.. මහ එකාට ගෙම දෙන්න කලින් ඌට වැඩේ දුන්නා..
    මම නම් වැඩි පුර ගහන්නේ ගල්.. හ්/බැයි ඔඋඅ කිව්ව ඒවත් ගහනව.. තල මල පිපිනෙව වගේ...

    ReplyDelete
  2. ඔය ලියල තියෙන්නේ වැනෙන්නම...

    ReplyDelete
  3. අපි නම් ඔය සබ්ජෙක්ට් එකට නැ .... කොහොම උනත් ගන්න දෙයක් පමණ දැනගෙන මද වශයෙන් ගන්න එක හොඳා . හැබැයි නොගෙනම ඉන්න තීරණය කරපු එක වැඩිය හොඳා

    ReplyDelete
  4. අනේ බතියෝ, ඔය අපේ බුවා කියපු එක නම් මමත් අනුමත කොරනවා. මමත් අමද්‍යප නිසා.

    ReplyDelete
  5. මාතලන් ... මාරයාගේ හෝරාව ... buwa ... වෙද ගෙදර මහ වෙදනා ...

    ටික කාලෙකට පෙර කවි සංවාදයක් තිබුන;
    මත් පැන් හොඳද නරකද කියල, ඉතින් ඒකට මං ලිව්ව කවි පෙලක තිබුනු කවියක්, මට ඇහෙන්නම හයියෙන් කියෙව ගත්ත.

    කනවා කියා මස් කරේ ලා නොකෑ යුතූ
    බොනවා කියා මත් පැන් නොනෑ යුතූ
    බෙහෙත් කියා ඔක්කොම බේත් නොබිව යුතූ
    රස දන්නෝ රහසක් සේ රැකිය යුතූ

    ReplyDelete
  6. අනිවා උඹ පිස්සු කෙලින්නෙ නැතිව කවියෙ හැටියට වැඩ කොළා නම් ඉවරනේ...

    ReplyDelete
  7. පැණි දොඩම් - [නුවන් කුමාරනායක] ..;
    අන්තිමට බැලුවම මටමයි වෙලා තියෙන්නෙ!
    ..
    මේ දවස්වල හැන්දෑවට ගෙදර ඉන්න ලැබුනොත් ටිකක් භාවනා කරනව.
    බක තපස් නොවෙයි! නියම එක.

    ReplyDelete
  8. මොනා වුනත් ප්‍රමාණයට ගන්න එපැයි..

    ReplyDelete
  9. ප්‍රමානෙට තමයි රොශාන් ගත්තේ, ටික, ටික, රස විඳ විඳ...

    ReplyDelete
  10. දයල් ගේ කෝටා එක ඉවරවෙලා වගේ!

    ReplyDelete
  11. කතන්දර Kathandara
    තරුන කාලෙට, තරුන හිතට පාංශකූලය දෙන්න කාලේ ඇවිත්!
    දුකයි තම්යි, මොකද කරන්නේ, පගාව(10%) ක් දීල ශේප් වෙන්නද?

    ReplyDelete
  12. “කනවා කියා මස් කරේ ලා නොකෑ යුතූ
    බොනවා කියා මත් පැන් නොනෑ යුතූ
    බෙහෙත් කියා ඔක්කොම බේත් නොබිව යුතූ
    රස දන්නෝ රහසක් සේ රැකිය යුතූ“

    මේ කවිය නම් පට්ටයි ......

    ReplyDelete
  13. පන්සල් හංදිය, ස්තුතියි, welcome back කිව්ව, ගෙදර තත්ත්වය ශුභදායක වී ඇතැයි සිතනවා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්