Followers

Thursday, August 25, 2011

රූපාන්තරණය- -Metamorphosis and the Reverse Metamorphosis-ලියුවේ 2011, Aug 25

වාසු, ඩිව්, තිස්ස ආදී මහතුන් දෙමල ජනයා වෙසෙන පලාත් වලට එනම් උතුර නැගෙනහිර පලාත්වලට බලය බෙදීමට පක්ශව නැවතත්, එකතුව ප්‍රකාශ නිකුත් කරල තිබෙනව. සාමාන්‍යයෙන් මේව ගැන උනන්දුවක් තියෙන අයට මේගොල්ලො ගැන විශ්වාසය බොහෝම අඩුයි.  ලෝකයේ දිගම  සාකච්ඡාව වන 'වට මේස සාකච්ඡාව' 1983 තිම්පු වලින්  පටන්ගෙන තවම ඇදී ඇදී යනවා. නමුත් දෙමල භාෂාවෙන් රටේ ඕනෑම තැනක ගොස් වැඩ කර ගත හැකි තත්වයක් ඇති කිරීමට ඩිව් ආදීන් ආරම්ඹ කළ වැඩ පිලිවෙල වාසු ඉදිරියට ගෙන යමින් තිබෙනව.( බහු වාර්ගික රටවල, උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉංග්‍රීසි බස හොඳින් වැහැරීමට නොහැකි සිංහලයෙකුට රජය සමග කටයුතුවලදී භාෂා පරිවර්තකයෙකු ඉල්ලීමට නීතියෙන් අයිතියක් තිබෙන අතර වහාම ඒ සේවාව ලැබේ.)

ලෝකයේ දිගම  සාකච්ඡාව වන 'වට මේස සාකච්ඡාව' 1983 තිම්පු වලින්  පටන්ගෙන තවම ඇදී ඇදී යනවා. දකුනේ තරුනයො 1987 මේ සාකච්ඡාවේ එක පසෙකත් සිට හා 1983 සිට 2009 දකවා උතුරේ තරුනයො අනෙක් පස සිටත් ආයුධ අතට ගෙන තමන්ගේ එකතු කිරීම් කලත්  බල්ලො බිරුවට ඉදිරියටම ගැල ඇදී ඇදී යන්න වගේ වට මේසෙත් තවම යනවා.   ඒකනේ අපි කිව්වේ ආයුධවලින් බෑ කියලා කියන්න වගේ.

වාසු, ඩිව්, තිස්ස ආදී මහතුන් අඳින්නේ කලිසම, සමහර වේලාවකට තිස්ස ජාතික ඇඳුම  අඳිනව වගේ දැකල තියෙනව. පසුගිය දවසක සෝමවංශ අමරසිංහ මහත්තයත් ලොකු turn ටර්න් එකකට ලෑස්තිවෙන පාටක් එලියට දාල තියෙනව, දේශ ප්‍රෙමීත්වයට නව අර්ථකතනයක් දීල වගේ;
 අපේ  සෝමවංශ මහත්තයත්  අඳින්නේත් කලිසම.

 කලිසම විසිකොට හෝ හංගා සරම - ජාතික ඇඳුම අඳින්න පටන් ගත්ත සම්ප්‍රදායේ ආරම්ඹකයා ලෙස පෙනෙන නායකයා, කැපී පෙනෙන නායකයා; අසා කියවා ඇති ආකාරයට  swrd බණ්ඩාරනායක මහතායි.
එය සාමාන්ය ජනයාගේ සිත් ගැනීමට කරන ලද උපායක් වගේ පෙනුනත් විශාල න්යායාත්මක හා දෘශ්ටිමය වෙනසක සංඛේතයක් වු බව සිදු වූ ක්‍රියාදාමයෙන් පෙනී යනවා. පොදු සේවා රජය සතු කිරීම, නිදහස් අධ්‍යාපනය, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ආදී ඒ ක්‍රියාදාමය ඇසුරෙන්උපත ලද පරම්පරාව හැඳින්වූයේ 56 දරුවන් ලෙසය. අද බලය හසුරුවන්නේ 56 දරුවන් කීවොත් වැරදි නෑ. එමෙන්ම තම මුනුබුරන් අන්තර්ජාතික පාසලවලට යවන්නේද මේ පරපුර කීවොත් එයත් වැරදි නෑ.

'සමාජවාදය කලිසං කාරයන්ගේ වැඩය. ආගම් අබිං වගේ කියන්නේ කලිසං කාර සමාජ වාදියෝය. රුවන් වැලි සෑය ගඩොල් මෝඩයන්ගේ වැඩක් කියන්නේද ඔවුන්ය.  සුද්දාගේ රටේ අධ්‍යාපනය ලබා පැමිනි මොවුන් සිංහලයන්ට විරුද්දය, ඔවුන් දෙසන සමාන අයිතිය යන්නෙන් තේරෙන්නේ දෙමලාට රට කඩලා දෙන්නට යන බව නේද.' 56 අනගාරික ධර්මපාලාදීන් විසින් ගෙනගිය ජාතික ව්‍යාපාරවල ප්‍රතිපල ලැබෙමින් පැවති අවදියයි.

සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේග එක් ධජයක් යටතට ගෙන ඒමට සහ ප්‍රධාන ජාතියේ ජාතික බලවේගවලට යටවෙමින් සුද්දාගේ සහ කලු සුද්දාගේ පාලනයෙන් බැට කමින් සිටි ජනයාට නිවහල් තත්වයක් ලබාදීමට, පැය විසි හතරෙන් සිංහල බස රජ බස කිරීම ආදිය වෙනුවෙනි ජාතික ඇඳුමට රූපාන්තරණය වූයේ.
ජාතික ඇඳුම් සංස්කෘතිය කෙතරම් තදින් පැලපදියම් වූයේද යත් කලිසං කාරයින්ගේ නායකයෙකු වූ ජේ ආර් තුමාටත් රටේ නායකයා වීමට කලිසම හංගා ජාතික ඇඳුමට බසින්නට සිදුවිය. ධර්මිශ්ට සමාජයක් නමැති සටන් පාටය ගෙනෙන්නට සිදුවිය. කැඩිච්ච සිංහලෙන් හෝ කතාකරන්නට සිදුවිය.

සුද්දාගෙන් ලැබුනු කලිසම ඉවත ලුයේ ඔවුන් දේශීය සංස්කෘතියේ නිශ්පාදනයක් බව පෙන්වන්නටය. දේශීය නිශ්පාදනයක් එනම් දේශීය චින්තනයෙන් උපත ලද්දේ නම් රට කඩන දෙමලුන්ට විරුද්ධ විය යුතුය. ඒ නිසා යුද්ධය කල යුතුමයි,  සමීකරණය එයයි. දේශීය චින්තන සමීකරනයේ විසඳුම එයයි. ( මං බොහෝම අගයන දේශීය අනන්‍යතාවය, මේ සමීකරනයේ කොටස් කරුවෙක් නොවන බව මගේ විශ්වාසයයි.)

දේශීය චින්තනයේ තාර්කික අවසානය වූ දෙමලුන් යුද්ධයෙන් යටකර අවසානය. ඒත් ප්‍රශ්නය අවසානයකට පැමිණ තිබේද?
දෙමළ ජනයාගේ යම් කුඩා හෝ පිලිගැනීමක් ඇති වාසු, ඩිව්, තිස්ස  වැදගත් වෙන්නේ මේ අමාරු අවස්තාවට මාක්ස්වාදී, වාමාංශික, වමට බර, පිලියම ශබ්ද කර කියවා ගන්නටය. ඒ වගේම මේ බලන්න අපි ගාව ඉන්නව ලෙඩේට බේත් තියෙන අය, කලිසම් අඳින අය, කියන්න වගේ.

සංඝ වෙද ගුරු ගොවි පරපුර, පෙරහරේ නැතිනම් තරඟයේ ඉදිරියෙන්ම ගමන් කොට කම්කරුවන්ට-කම්කරු නායකයන්ට දැන් බැටන් එක භාර දී තිබේ.

ඔවුනට පෙරගමන් කරුවන්ගේ සරොම් ගැලවීමට පුලුවන් වෙයිද?
56 ට පෙර ඇඳ ගත් සරම ගලවා ඇඳ සිටින කලිසම පෙන්විය හැකිද?
මෙතරම් කල් නම් සිදු උනේ කලිසම් කාරයෝ සිය කලිසම් ටික බේරාගෙන හෙමින් පල්ලම් බැසීමය.
වාමාංශිකයෝ සහ රනිල් එයට හොඳ උදාහරණ වේ.

නැතිනම් කලිසම් කාරයොත් සරමට මාරු වීමය. උඩින් සරම ඇඳ ගැනීමය.
කරූ ජයසූරිය, සරත් ෆොන්සේකා හොඳ උදාහරණ වේ.

නමුත් ශුභ ලකුනුවලින් සම්පූර්ණයෙන්ම තොරයි කියලම කියන්නත් බෑ.
 සෝමවංශ මහතාගේ පරාවර්තනයේ සලකුණු කල්පාන්තර නියඟයට වට සිහින් දිය බිඳක් වගේ මට පෙනෙන්නේ.
ජනපති මහින්දගෙන් මේ ප්‍රශ්නය විසඳීමට නිසි සහයෝගය නොලැබුනොත් කලිසම් කාරයෝ නව පුලුල් පෙරමුනකට එක්වීම වැලැක්විය නොහැකි වනු ඇත.



3 comments:

  1. බන්ඩාරනායක කියන්නේ මේ රට නැති කරපු කාළකන්නියෙක්. 56 දරුවෝ කියන්නේ ළිං මැඩියන් පිරිසක්. ඒ කාළකන්නි පරම්පරාව එතනින්ම ඉවර් උන එක ළොකු දෙයක්. ඉතුරු වෙල හිටපු සමාජවාද කාරයන්ගේ කළිසම් ටික ලොක්ක ගලවල ගොඩක් කල්, වාසු, තිස්ස, ඩීව් ඔක්කොම හෙළුවෙන් ඉන්නේ. කට්ටියගෙම කරත් අඹල තියෙන්නේ..

    ReplyDelete
  2. වෙනදා වගේම හොඳ ලිපියක් ........

    ReplyDelete
  3. hamadama lankawa minssu rawatuna me wyaja dasaprmitwata... lankawa boho nayakayo anda sarama mokada sarama dasiyai.. SANSKRITIKAI namuth ma aya dasapalaya danna na RANIL dasapalanikai...namuyh sanskritikawa minssu rawatanna danna na..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්