Followers

Saturday, September 24, 2011

හච්චීම් යාම, කිවිසුම් යාම හෙවත් බ්ලෙස් යු- bless you

sneezing, this photo is taken from the web
අපි ඉපදී හැදී වැඩුණ අපේ මහ ගේ තිබුනෙ  උස් තැනක, මෙහි අගය දැනෙන්නේ ගංවතුර කාලෙට. වෙල මට්ටමේ පිහිටා තිබුනු ගෙවල්වල වහල විතරයි  පෙනුනෙ ඒ කාලෙට. පන්සල, ඉස්කෝලෙ, ගම් සබා උසාවි ගොඩනැගිල්ල ගංවතුර අනාතයින්ගෙන් පිරී ඉතිරී යනව.

ජම්බු, පේර, අඹ. කටු ලොවි-උගුරැස්ස,  ලාවුලු, කෙසෙල්, බිලිං, නාවා (පට්ටා), මුරුංගා, අසෝක මල් ගසින් පිරුනු කුඩා වත්ත, වියලි කාලයට අපේ හරියට එන ඉබ්බන්  දැන් මට සිහිනයක් පමණි.

ගේ පිටු පසින් හා වම් පසින් පේන්නෙ ක්සිතිජය දක්වා විහිදුන වගුරු බිම්.  දියවන්නා ඔයේ හීන් ශාකාවක් මේ වගුරු බිම් හරහා ගලා ගොස් කැලනි නදියට එකතුවෙයි.

ඈත කඳු මුදුනේ දකුනු පසින් පෙනෙන්නේ ලඟ ලඟ ඉදි උන අඩු ආදායම් ලාභීන්ගේ නිවාස පොකුරු, කසිප්පු, ගන්ජා, විකුනන පොඩි අප්පු වගේ අයත් කඩු කිරිච්චි, බෝම්බ,  එක්ක සෙල්ලම් කරන ගනන් කාරයොත් ගනිකාවන්, පික් පොකට් කාරයෝ, දුප්පත් කලාකාරයොත්, සාස්තර කාරයොත්  සාමකාමී, වැදගත් විදියට ජීවත් උන ආදී ඔක්කොම ඒ පුරයේ හිටිය.
ඒ ඔක්කොම රකින සිකියුරිටි කාරයෙක් වගේ මහ වතුර ටැන්කිය මේ සියල්ලටම උඩින් බලන් ඉන්නව.
රෑට තොවිල් බෙර සද්දයක් නොයෙන දවසක් නැති තරම්.

අපේ ඉඩමට වම් පසේ සිට වෙල මට්ටම දක්වා විශාල පඩි පෙල කීපයක් සේ කබොක් කැපීම නිසාවෙන් ඇති උන මට්ටම කීපයක  සෑදු ගෙවල් ඇත. වම් පසින් වලේ ඇති ගෙදර ලොකු අන්කල් පාන්දර අවදිවන වෙලාව පලාතටම දන්වන්නාසේ හච්චිම් වැලක් අරී. ඊට පසුව තමයි, උදේට ගෙවල් වලින් ගුවන් විදුලි පිරිත් හඬ ඇහෙන්නෙ.

කියන්න ආපු කාරනාව නොකියා වැල් වටාරමෙන් මන් මේ කොහෙද යන්නේ?

යන්නෙ කොහෙද? මල්ලෙ පොල්!

සමහර රටවල හච්චිම් ඇරියාම bless you කියල කියනව නේ . අරාබිකරයෙත් මොකද්ද යමක් කියනව.

ඉතින් පල්ලෙහා ගෙදර අන්කල් කාරයට බ්ලෙස් යූ කියනව  නම් දහ දොලොස් වතාවක් විතර කියලත් මදි වෙනව. අර රෙකෝර්ඩින් වගේ එකක් තමයි දාන්න වෙන්නෙ

 අන්කල්ව පරන ගර්ල් ෆ්‍රෙන්ඩ්ල පාන්දරම මතක කරනව, ගනන් කෙරුව නම් ගාන හොයා ගන්න පුලුවන් වෙයි කියල කියලත් මට ඒ දවස්වල හිතුනෙ නැතිව නොවෙයි. ඕව කියල උඹ ඕනවට වැඩියෙ පැහිල වැඩි‍යි,   කියල අම්මලගෙන් බැනුම් අහන්න ඕනයෑ,?
මුවින් නොබැන සිටිමි.

අනේ ඒ මිනිස්සු දැන් මැරිල වලලපු තැන්වල මහ ගසුත් පැලවෙලා ඇති!
(කවුරුත් හොරෙන් කැපුවෙ නැත්නම්)

7 comments:

  1. හ්ම්...ලංකාවේ හචිම් ඇරියම කියන්නේ "ආයුබෝවන්" කියලනේ..."බ්ලෙස් යූ" එහෙම නැත්නම් "ආයුබෝවන්" කියල කියන්න පොඩි හේතුවකුත් තියනවලු..ඉස්සර විශ්වාසයක් තිබුනලු කිවිසුමක් ගියාම එයාගේ ආයුෂ පොඩ්ඩක් කොට වෙනවා කියලා...ඒකයිලු..:)

    ReplyDelete
  2. ඇත්තටම හැබෑ නේන්නම්, ලාවට මතකයි ඒ වගේ දෙයක්, බොහෝම කලාතුරකින් තමයි එහෙම් ඇහෙන්නෙ

    ReplyDelete
  3. අය්යගෙ මේ කථාව ඇහුවම මට මතක් උනේ . අපේ කාර්යාලයේ ඉන්නව එක්කෙනෙක්. එයානම් කිඹුහුමක් යන යන ගානේ ශිට් ශිට් කියනවා.

    ReplyDelete
  4. Gimhani
    එයාගෙ ඔලුව ඇතුලෙ තියෙන්නෙ ඒව ද මන්ද?

    ReplyDelete
  5. ගිම්හානි කාර්යාලෙකත් වැඩ කරනවද? හැබය් හෙන අයිස් ජොබ් එකක් වෙන්න ඕනෙ කොරන්නෙ. දාන කොමෙන්ට් ප්‍රමානෙ හැටියට වෙන වැඩක් කොරන්න වෙලාවක් ඇති කියල හිතා ගන්න නං කොහොමවත් බැහැ....හිකිස්...

    ReplyDelete
  6. කිවිසුමක් යන ගානේ හෘදය වස්තුව පොඩ්ඩක් ගැහෙන රිදම් එක වෙනස් වෙනවලු තත්පර ගානකට ඒකයි නොවැ ඔය.

    ඔබ්සවර්,
    දන්නවද දැන් ගිම්හාණී තමයි ඔයාගේ තරඟකාරී. එන අවුරුද්දෙ හොඳම බ්ලොගයට අමතරව රසිකයාට හෝ රසිකාවටත් සම්මානයක් දුන්නොත් ගිම්හාණීද ඔයාද කියලා අපිට ප්‍රශ්නයක් එයි.

    ReplyDelete
  7. “හචීංංංංංං“
    ආයිබෝංංංංංංංංං

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්