Followers

Saturday, September 3, 2011

තනි තටුවෙන් පියාඹන්න වෙන්නෙ නැහැ-සෝමවංස මහත්තයත් තනියට


(මෙය ලියන ලද්දේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් උතුරේ දෙමල ජනයා සමග බලතල බෙදා ගත යුතුයි යන ඉඟිය දුන් ප්‍රකාශයකින් පසුව, 2011 සැප් මස 3 )


අද පියවරුන්ගෙ දිනය, පියවරුන්ට ජයවේවා!

මෙය දේශපාලන අදහසක්, කවියක්, ඒ වගේම ආවැඩීමක්, මනංකල්පිතයක්.



ඉබ්බන්ටත් පිහාටු තියෙනවලු
මං ඒ පිහාටුව ඉල්ලගෙන
බාහුවට හයි කරගන්න දෙනව

හැබැයි රජෝ
යාල්පානම් උඩින් පියාඹනව එහෙම නොවෙයි
උන් කියාවි
චේගුවේර කාරය, විජේවීර
ඇවිල්ල කියල

දකුනු පැත්තට යනව එහෙම නෙවෙයි
උන්ම කියාවි
ප්‍රභාගේ සිංහල පොටෝ කොපිය
ආයිත් ඉපදලයි කියල

බඩ නොවෙයි
හදවත පසාරු වෙන්නම
වෙඩි තියාවි

කොමිනිස් කාරයො කියයි ට්‍රොට්ස්කි
වාදිය කියල
සමසමාජ කාරයො කියයි
ළදරු වලිප්පුව කියල
චීන්නු කියයි
ස්ටැලින්වාදිය කියල
කැම්පස් කොල්ලො ටික කියයි
පෝස්ට් මොඩර්න් කියල

ජේ ආර් වාදියෝ කියයි ප්‍රේමදාසවාදිය කියල
සාටක වාදියො කියයි චන්ද්‍රිකා නැත්නම් රනිල් වාදිය වාදිය කියල
අනුර හිටිය නම් කියයි ත්‍රී වීල් පක්ෂ කාරය කියල

ඔක්කොම වාද කරයි
නැවතත් දෙමල ජනයා
මැරෙනකම් උපවාසය
පටන් ගන්න දිනේ වෙනකම්;
මුස්ලිම් තරුනයෝ
ජිහාඩය අරඹනකම්;
එතකොට පමා වැඩියි
ඉන්දියාව විසින් ලංකාව නැවතත් ගිලගෙන ඉවරයි
ශ්‍රී ලාංකික අනන්‍යතාවයට තලප්පාවක් අන්දවන්න තමයි වෙන්නෙ.

තනි තටුවෙන් පියාඹන්න වෙන්නෙ නැහැ දැන්!





4 comments:

  1. වෙට්ටිය ජාතික ඇඳුම වෙලා හියෙන එකේ තලප්පාවත් ගේමක්ද ලොක්කා...

    ReplyDelete
  2. ඔබ ඇත්තටම කියන්නේ කුමක්ද කියා මා හට තාම ඩයල් නැත , නැගිට්ට ගමන් නිසා මම තාමත් නිදි මතේද ? ලංකාවේ බොහොමයක් දෙනා මෙන් මාත් නිද්‍රාවේද ?

    ReplyDelete
  3. ඉතාම ගැබුරු කථාවක් ලෙහෙසියෙන්, කෙටියෙන්, කියලා තියනවා. මේ ලංකාවේ නායකයො කියා ගන්න හාදයෝ මේව කියවනව නම් ආශ්චර්ය්‍ය හදන එක ලේසි වෙයි. ඒත් එහෙම නායකයො අපිට නැහැ නොවැ.

    ReplyDelete
  4. ඒ කියන්නෙ බාහුට ලංකාවේ කොහේවත් ඉඩක් නැහැ කියන එකද ...
    ඔය මට තේරුන විදිය, වැරදි නම් නිවැරදි කරන්න ....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්