Followers

Sunday, September 11, 2011

කතරගම දේවාලේ පලතුරු


ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙල විභාගය, උසස් පෙල විභාගය, ආදී විභාග නිසා කතරගම දේවාලය ලාංකික ශිෂ්‍ය ජීවිත හා බැඳී තිබෙන්නේ අතිශය අවියෝජනීය ලෙස කීවොත් මා වැරදි නැත යයි සිතේ.

ඒ සම්බන්ධව, මගේ ශිෂ්ය ජීවිතය විශේෂය.

පලමු වර කතරගං යන්න ගොහින් මාතරින් යන අන්තිම බසය මඟ හැරී රැය පහන් කලේ මාතර බස් ගාලේය, දෙවන වර ගාල්ලේදී බසය අනතුරට ලක්ව ම පියාගේ හිස තුවාලවී කරාපිටියේ දවසක් සිටින්නට සිදුවිය, තුන්වන වර වැඩිහිටි කන්දේ මංකොල්ල කෑමට ලක්විය.

ඒ කෙසේ වෙතත් මගේ විභාග සමත්වීමේ ගෞරවයෙන් කොටසක් එතුමාට අයත් වන බැවින්ද කතරගම සුරිඳුගේ දෙවොල ගැන සඳහන් වන ප්‍රවෘති වලට නෙත යන්නේ නිරායාසයෙන්මය.

පසු ගිය දිනෙක පුවතක් දුටුවා කතරගම දේවාලේ පූජා වට්ටිවලින් ඉතිරි වන පලතුරු රෝහල්වලට බෙදාදීමට ගත් තීරනය. එය ඉතාමත් ප්‍රායොගික වන අතර කොවුර්, රාහුල ආදීන් අද සිටියා නම් අමන්දානන්දයට පත්වනු නොඅනුමානය. ඒවගේම එය ඉතාමත් විප්ලවකාරී දෙයක් විදියටයි මා දකින්නේ.

ලංකාව දියුනුවේ නියම මගට අවතීර්නව ඇති බව කියන ලක්ශනයකි. මේ තීරන ගත් ක්‍රියාත්මක කරන්නාවූත් සැමට නිවන් සුව ලැබෙන පුන්‍යක්‍රියා බව මගේ පොඩි මොලේට තේරුම් යයි.

දහස් ගනන් දුගී ජනයා එලියේ හිඟමන් යදින අතර වන්දනාකරුවන් මීයන් දහස් ගනනකට කන්න දෙන දේවාල තිබෙන රටක් වන ඉන්දියාවට වඩා අප ඉදිරියෙන් සිටින බව පෙන්වන උසස් පියවරක් බව සිතමි.


හැබැයි අම්මේ, තාත්තේ, නංගී මල්ලී, සහෝදරියනි, සහෝදරවරුනි, කතරගම සුරිඳුගේ පිහිට යැද පූජා වට්ටි මස්තකය බබලවන, පෝලිමෙන් පැන යන්නට බලයක් ඇති ලොකු ලොකු නෝට්ටු කොල පඬුරු පාල්කුඩම්වලින් වලින් කොටසක් ඉල්ලනවා එහෙම නොවෙයි....

විප්ලව කිව්වට එකපාරටම විප්ලව, කරන්න බැහැනේ...


http://www.culturalindia.net/indian-temples/karni-mata.html

11 comments:

  1. කතරගම විතරක් නෙවෙයි අනිත් දේවාල වලත් ඔය දේ කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මොනවා වුණත් කතරගම බෞද්ධ හා හින්දු ආගම් සහජීවනය ඔප් නංවන තැනක්

    ReplyDelete
  2. විසිතුරු,
    අනෙක් දේවාලත් කතරගම මහ දෙවොල අනුගමනය කරත්වා!
    කුණු ලෝභ කම දුරු වේවා!
    ජාතික සමගිය වර්ධනයට පිටුබලයක් වේවා!

    දැන ගියොත් කතරගං
    නොවේ අප අතරමං

    ReplyDelete
  3. අර අන්තිමම චවන ටිකට මං හෙන ලයික්...

    කතරගම විතරක් නෙවේ ලංකාවේ තවත් තැන් වලින් අපතේ යන පළතුරු ඔය වගේ දේවල් වලට යොදාගන්න පුළුවන්. හැටැයි ඉතිං සල්ලි නම් සතයක්වත් අපතේ යන්නේ නැති නිසා වගේම පිං පෙට්ටි පිරෙනවද කියලා අපි දන්නේ නැති නිසා ඒවා ඔක්කොම දෙයියන්ටම තමා.

    ReplyDelete
  4. පුංචි පහේ විප්ලවයක් කරලා නැත්තෙත් නෑ ඉතින්. ..:)

    ReplyDelete
  5. පොඩි කුමාරිහාමිනේ, කිව්වත් වගේ ඔබ හරි, සාංඝීක දේ කෑවොත් අපායේ යනවා කියල විශ්වාස කරන අපිට දෙයියන්ගෙ හාල් කෑව වගේ කියන අපිට ලොකු චින්තන විප්ලවයක් අවශ්‍යයි ඔය වැඩේට.

    ReplyDelete
  6. ප්‍රසන්න, අනෙක් දේවාලවලටත් නොවලහා මෙය අනුගමනය කරන්න බලපෑම් ඒවි. අර දෙයියන්ගේ මල්ලිල ගැන බලාගන්න දෙයියන්නටම භාර කරමු.

    ReplyDelete
  7. ඔයිට වඩා හොඳ නැද්ද රෝහලට පලතුරු අරං දී ඒකේ බීල පූජා වට්ටියේ තියලා දුන්නාම.
    ගම් පලාතේ රෝහලට දීලා ඒ බිල අරං කතරගං යන්න පුළුවන්!

    ReplyDelete
  8. කතන්දර, මං හිතන්නේ, ගනු දෙනුව තියෙන්නේ අපිත් දෙයියොත් අතර මිසක් රෝහලත් අතර නොවේ; අනෙක දෙයියොත් කියයි, ඒකනේ මං කිව්වේ අපේ මිනිස්සු එක්ක බෑ කියලා, අන්තිමට අපේ පොකට් එකටමයී වදින්නේ, පොඩ්ඩක් ඉඩ දුන්නොත් කරෙත් නගිනවා, ගේම මයි ඉල්ලන්නේ, කියලා.

    කන්දෙ දෙයියොම බලාගත්තාවේ මේ අවනඩු!

    ReplyDelete
  9. දෙයියන්ට පලතුරු දෙන්නෙ ඇයි?

    ReplyDelete
  10. ඇනෝ, දෙවියො කැමති දේ නොවැ දිය යුත්තේ, උදව්වක් බලාපොරොත්තු වෙනවනම්.

    ReplyDelete
  11. “පසු ගිය දිනෙක පුවතක් දුටුවා කතරගම දේවාලේ පූජා වට්ටිවලින් ඉතිරි වන පලතුරු රෝහල්වලට බෙදාදීමට ගත් තීරනය.“

    සෑහෙන්න වැදගත් වැඩක් කරනවනං ........

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්