Followers

Friday, September 16, 2011

හරක් මස් කන්න ඕනෑ නම් වෙන දිස්ත්‍රික්කෙකට පලයල්ලා

this photo is taken from the web                          පුත්තලමත් මගේ මගේ     බූරුවොත් මගේ මගේ
ගම්පහත් මගේ මගේ
රජා මමයි මගේ රාජ්ජේ//

එලුවො කුකුල්ලුත් මගේ මගේ
හරකුන්ගේ ජීවිතත් මගේ අතේ
මාලු කඩෙත් මගේ මගේ

රජා මමයි මගේ රාජ්ජේ//



හරක් මස් විකිනීම ගම්පහ දිස්ත්‍රික්කයේ නොනිල වශයෙන් තහනම් කරල මර්වින් අමාත්‍ය තුමා විසින්. 

හින්දු ආගමේ බලකොටුව වන තමිලනාඩුවේවත් මේවැනි අවනඩු තිබේදැයි නොදනිමි.
රටේ අනෙක් පලාත්වලටත් ආදර්ශයක් වීමට තමයි උන්නැහැ මේ තහනම දැම්මයි කියන්නේ. 2009 දෙසැම්බර් වල විවෘත කරන ලද කැළනියේ මහ කෝවිලත් එතුමාගේ වැඩක්.

හරක් මස් කෑමට කෙනෙකුට ඕනෑ නම් වෙන දිස්ත්‍රික්කයකට යන්න වෙනව. සූපර් මාකට් වලින් බීෆ් සෝසේජ් ආදියත් අයින් කරන්න වෙනව. එලු, ඌරු, කුකුලු, මස් කෑම තහනම් නැත. අත්‍යවශ්‍ය පෝශ්‍ය පදාර්ථ සඳහා රතුමස් කෑමට ඕනෑ නම් ඌරු, එලු, මස් කන්නට පුලුවන. කැලනියෙ ඉන්න අයට නම් කැළනි පාලමෙන් පැන්න ගමන් ඒ අය ගොඩ. එතකොට චිරාත් කාලයක් තොටලඟ මස් විකිනීමෙන් ජීවිකාව කරගන්නා වෙලදුන්ගේ ඉරනම?
ගම්පහ දිස්ත්‍රික්කය රා වලටත් ඌරු මස්වලටත් ප්‍රසිද්ධය. අපේ ආච්චි අම්මා විසින් උයන ඌරුමාලුව තරම් රස ඌරු මාලුවක් වෙන කොහේවත් හමු වී නැත.
ගම්පහ වෙසෙන්නන්ට දැන් ආඩම්බර වෙන්න පුලුවන්, අමාත්‍ය මර්වින්ට පින්සිදුවෙන්නට, අපි යාපනේ වැසියන්ටත් වඩා හින්දුයි කියල.

ඌරන්ටත් එලුවන්ටත් කුකුලන්ටත් ගම්පහෙන් වෙන පලාතකට ට්‍රාන්සර් ඉල්ලන්න සිදුවෙනවා නොඅනුමානය, මොකද එන පොට එන හොඳ නැත, නොස්ටඩ්‍රෑමුස් මෙන්ම බුවා අපේ අවදානය යොමු කල පරිදි නාථ දෙවියන්ට නිතරම කතා කරන භාවනානුයෝගියාද කියා තිබේ.

හරකාට ගරු කරන්න අවශ්ය සතෙක් බව එතුමා හොඳින් හෝ නරකින් අපට කියා දෙනව. ඒකයි මිනිස්සු එතුමාට විශේශයෙන් ගෞරව කරන්නේ මයෙ හිතේ.

14 comments:

  1. මොනවා උනත් නෑදෑයෝ මරාගෙන කන්න පුළුවන්ය .

    ReplyDelete
  2. මර්වින් සිල්වාගේ දේශපාලන බාවිතාවට මං එකග නැ. ඒත් හරක් මස් තාහනම් කරපු 1 නම් හුගක් හොද වැඩක්. මඩ ගහන 1 වැරදියි.

    ReplyDelete
  3. කෙනෙක් ඕකට සහෝදර ප්‍රේමය කියන්නත් බැරි නැ , මුන්නේස්වරම් වැඩෙ නරක විදිහට කල හොඳ වැඩක් උනත් ඒක මෙගා නාට්‍යක් වගේ ඇදගෙන යන්න ගියාම චාටර් වෙනවා

    ReplyDelete
  4. මී හරකෙක් තමන්ගේ පාලකයා විදියට පත් කර ගත් ගම්පහ දිස්ත්‍රික්කයේ අම්බරුවන්ගේ ජීවිත ආරක්ෂාව පතා රැලේ නායකයා ගත් 'බුද්ධිමත්' තීරණයක් !

    ReplyDelete
  5. විස්තර වැඩිය දන්නේ නැති හන්දා වැඩි යමක් කියන්ට බෑ. මොනවා උනත්, අර උඩ තියන පින්තූර දැක්කාම ඇඟ හිරි වැටෙන ගතියක් නම් තියනවා.

    කතරගම ගියාම ඔය අවට තියන හෝටල්වල, ඌරු මස් දෙන්නේ නෑ නේද? මම හිතන්නේ තහනම්.

    ReplyDelete
  6. ඌරො කුකුල්ලු සත්තු නෙවිද

    @KC
    හොද වැඩක් උනත් වැරදියට ක‍රාම එක වැරදි කියලයි මම හිතන්නෙ

    ReplyDelete
  7. Palayan Kalakanniya Tho harakek wage athi eka thama dodawanne

    ReplyDelete
  8. අක්කරෙයිපත්තුව, අඩ්ඩාලච්චේනෙයි වගේ පැතිවල කුකුළු මස් තීන රෝල් එකක්වත් නෑ ගන්න. අපි එකපාරක් ගිහින් මඩකලපුවෙන් පස්සෙ චිකන් කෑල්ලක් කෑවෙ පොතුවිල් වල කඩේකින්. හරක්ට එච්චරට අපලයි ඒ පැත්තෙ!

    ReplyDelete
  9. කතන්දරකාරය නොදන්න මගුල් නොකියා පාඩුවේ ඉන්නවද නෝන්ඩි නොවී. KFC කියන්නේ හරක්මස් කඩයක් නෙවේ බං. KFC කියන්නේ "Kentucky Fried Chicken" අයියෝ සල්ලි! වැස්සක් වහින වෙලාවක් බලලවත් පොඩ්ඩක් එක පැත්තට ගොඩ වෙලා බලපං ඒකෙ මොනවද තියෙන්නෙ කියල.

    ReplyDelete
  10. හැම සතෙක්ගෙම මස් කෑම නවත්තන එක තමයි හොඳ. මාළුන්ගෙ මසුත් එක්කම.පෝෂණයෙ කිසිම අඩුවක් වෙන්නෙ නෑ. බොරු කතන්දර.

    ReplyDelete
  11. පැසසුම් ගැරහුම් එවූ හැමටම ස්තූතියි, ගව මස් කෑමට එරෙහි විශාල පිරිසකගේ යහපත් ප්‍රාර්තනා යහපත් ලෙස ඉටුවේවායි පතමු, එහෙත් අවාසනාවක මහත, එයත් එන්නේ වැරදි විදියටය. ජනයා මත පතිත වන හෙණ ගෙඩියක් ලෙසය. ගව ආදී සතුනගේ යහපත පිනිස මිනිසුන්ගේ අත් පා කැපීමේ කතාවන් ඒ යහපත් ලෙස ඉටුවන මං අවුරන බව නොකිව මනාය.
    අන්තර් ජාතික පාසල්වලට එරෙහි හායි බායි චෙරියෝ විරෝධය ආදිය ඇහෙනකොට හිතෙනව වීරවංශට ලියපු නාටය පිටපත වැරදි ලිපිනයට ඇවිල්ල වගේ කියල.

    ReplyDelete
  12. ඔය කරපු වැඩේ හොඳ උනාට .........

    මර්වින් සිල්වා කියන පුද්ගලයා කැළණියේ ගෙනියන ඒකාධිපති පාලනයට එකඟ වෙන්න බැහැ .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්