Followers

Thursday, September 22, 2011

අකමැති නම් මොකටද හලෝ පුරඟනන් වෙත යන්නේ? ඒ විතරක් නොවේ ඒ අයව මරලත් දානව.


අපේ බවලත් උදවිය  මා හා අමනාප නොවේවා!
ස්ත්‍රිය මලකි, උපතින්ම ඇය අහිංසකය, ඒත් සමහර අවස්තාවල ගැහැනියට එහෙම වෙන්නට බැරිවන අවස්තාද ඇත.
........................................................................



ඔබගේ රුව, මුදු වදන්
බොහෝ දෙනා සමග බෙදාගන්නට  තරම්
නිර්ලෝභී වූ ඔබව
ඇයි මෙසේ කෲර ලෙස ඝාතනය වූයේ?

වෙසඟනන්ට එරෙහිව ලොකු
ව්‍යාපාරයක් යනව බොහෝම ලොකුවට
මේ දවස්වල..

මේ මිහිපිට ජීවත්වන හැමෝම
සන්තුස්ටියෙන් බර උන
සාමකාමී පවුල් ජීවිත
ගෙවන්න තරම්
වාසනවන්ත නෑ..

එහෙම පිරිමින්ට තම ලිංගික
අවශ්යතා ඉටු කරගන්න
අහවල් එකා ලඟට යන්නද?

පොඩි අසාධාරණයක් වගේ
පේන්න තියෙන දෙයක් තමයි
 එහෙම ගෑනු අයට යන්න
 පිලිගත්ත තැන් නැති එක,
නමුත්  සමහර රටවල
ඒ සේවයත් මුදලට නීත්‍යනුකූලව ලබාගත තැන් තියෙනව.

සමහර රටවල
ආබාදිත අයවලුන්ට,
ගෑනු පිරිමි දෙපක්ශයටම
නීත්‍යනුකූල වේශ්‍යාගාරයන්ට
රජයේ වියදමින් යවනව


අපේ මිනිස්සුන්ට මුදල දීල යන්න තියෙන තැන්වලටත් බාල්දි අදිනව. ලොකු ලොකු උන්ට හොඳයි වෙන රටවලට ගිහිල්ල වැඩේ කොරගෙන එන්න.

කුහකයෝ...

එය වැදගත් වෘත්තියක්, ඈත අතීතයේ පටන් බුදු හිමි ජීව මාන සමයේ පටන් පැවතුනු වෘත්තියක්.

කෙසේ වුවත් ඇත්තතම කනගාටුවක් ඇති උනා, මේ පොදු වස්තුවක් නේද මේ කුහකයෝ කෲර විදියට අපට අහිමි කලේ කියල!
තමන්ගෙ ලස්සන බොහෝ අය සමග බෙදා ගන්න එකත් එක්තරා හොඳ කමක් නොවේද? මිනිස්සු ගෑනු එක එක කතා කියනව, මං හිතන්නේ ගොඩක් ඉරිසියාවට!

5 comments:

  1. ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ලඳුනේ!

    ReplyDelete
  2. ඔබේ අදහසට එක්ඟයි..
    ළොව ප්‍රතම රැකියාව..
    දෙවන රැකියාවෙන් කචල් ගොඩයි..

    ReplyDelete
  3. දෙවනි රැකියාව මක්කද? කුලී හේවා වෘත්තිය ද ?

    ReplyDelete
  4. වෙන පිරිමියෙක් දිහා වෙන ගෑනියෙක් දිහා ඇහැක් ඇරල නොබලපු එකෙක් පලමු වෙනි ගල ගහපල්ලා!

    ReplyDelete
  5. ඕක නීත්‍යානුකූල කලා නම් ඉවරනේ ......

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්