Followers

Thursday, September 22, 2011

ජෝ- Joe Abeywickarama

මහගම සේකරගේ තුන් මං හන්දිය කියවීමෙන් මා තුල ඇඳී තිබුනු 'මාමාගේ' රූපයට තුන්මං හංදිය චිත්‍රපටය නැරඹීමෙන් පසුව හානියක් නොවූයේ ජෝ නිසා කියලයි මට මතක.

 (අපේ ලොකු මාමාත් හරියටම ජෝ වගේ පෙනුමක් තිබුන ටිකක් මතට බර කොලඹ ආණ්ඩුවෙ කන්තෝරුවක වැඩ කලත්, කලිසම් ඇන්දත් හොඳ ගැමියා, ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මාමාව මුන ගැහෙන්න ගියාම අහන්න වෙන්නෙ අල්ලපු මේසෙ හිටපු ප්‍රසිද්ද් නාට්ය ශිල්පිනියගෙන්, බෝම වෙලාවට ලොක්ක අල්ලපු වැටේ බාර් එකේ. දැන් කියන්නෙ -ඉබ්බන්වල හන්දියෙ තියෙන- Galaxy කියල)

අපට සිටි ඕනම චරිතයක් රඟපාන්න හැකියාවක් ඇති නලුවන් කීප දෙනාගෙන් ශ්‍රේෂ්ඨයෙක් කිවොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ.
ජෝ ගැන වැඩි විස්තර මාධ්‍යවල පල උනා අඩුයි, කොහොමත් ජෝ වැඩි ආටෝපෙට අකමැති කෙනෙක්, සරල මිනිහෙක්.
අවුරුදු අසූ හතරක් ආයු වලඳා පසු ගිය දා ජෝ අපෙන් සදහටම සමුගෙන, ඔහුගේ අසීමිත ප්‍රතිභාවට, මානව දයාවට ඔහු ප්‍රති නිර්මාණය කළ අපේ කමට අපගේ හදබැති ප්‍රණාමය!



ජෝ ගැන කියන්න අපි කවුද? 

අප හදවත් තුල සහසක් හදවත් තුල  අමරණීය මතකයන් තැන්පත් කළ ඔහු යුග පුරුෂයෙක්! 

ඒ දවස්වල ක්ශේත්‍රයේ තිබුනු සීමිත පහසුකම් සීමිත ඉඩ ප්‍රස්තා ආදිය බාධක කඩා බිඳගෙන ගිය ඔහු ගැන කියන්න, යම් ගුණකතනයක් ඒ වගේම ඔහුගේ හැකියාවන් ගැන කියන්න, මාලිනි ලෙස්ටර් වගේ කෙනක් තමයි ඉතාම සුදුසු.
ජෝ අපේ ජීවිත වලට ගෙන ආ ප්‍රීතිය, මේ අපේ රට යයි ලෙස අපට හැඟෙන සේ අපට ගෙනා සවිය වෙන කාටවත් ජෝ වගේ කරන්නට නොහැකි වන බව මගේ විශ්වාසයයි.

යු එන් පී ආන්ඩුවෙන් දැව සංස්තාවෙ සභාපති කමක් දුන්නා, ඒත්  එහි වැඩිකල් රැඳුනෙ නෑ, ඇස් පෙනීම දුර්වලව තිබෙද්දීත්  ඔහු රඟපෑවා අප වෙනුවෙන්, ශ්‍රේස්ඨයෙක්.

ඒකයි පුර හඳත් කලුවරට පෙනුනේ:
නෑ ඒකම නොවෙයි
යුද්ධයේ කලු වලාකුලින්
 අසාධාරනයේ කලු වලාවෙන්
 පුරහඳ වැසී තියෙන නිසා.


මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දීත් කවුරු හරි කෙනෙක් ඇහුවා නම්
දුක නැද්ද, දැන්ම අපිව දාල යන්න කියල

ජෝ කියයි

දෑන් සමහර චිත්‍රපට දැක්කම ඇයි මං මෙච්චර කල් හිටියෙ කියල හිතෙනෙව කියල

ගාමිනීගේ ඇසින් ජෝව ජෝතිව දකින්න, click කරන්න, නැතිනම් පසුව දැක්වෙන ලිපිය කියවන්න.

http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=35746


-----------------------------------


Jothipala through Gamini’s eyes

Gamini Fonseka’s  7th death anniversary:

 

article_image
By Prasad Gunewardene

This is an unpublished interview done seven years ago with the rebellious prodigy who stormed into the film scene. He has stood unequalled to all generations in the field of method acting which he introduced to South Asia. To reflect on the life and times of that man called Gamini Fonseka would be to reflect on an epoch. He was a ‘Treasure’ to the film industry when memories are refreshed on the historic film’ Nidhanaya’(Treasure) directed by his Guru, Dr.Lester James Peiris in which Gamini displayed his masterful acting.

Gamini Fonseka was no staid pillar of the traditional order or a crusty believer in orthodoxy. He retained the keenness of mind with an abundant and undimmed zest for life and relished the foibles of human conditions. At a time, the legend of film playback singing H.R.Jothipala was underestimated by many claiming he copied Hindi songs, Gamini looked up to Jothipala as a ‘Giant’ in the music world.

As much of his observations on acting legends like Joe Abeywickreme and Tony Ranasinghe have been written in the past, Gamini’s thoughts and views on Jothipala unpublished for seven long years is unfolded in this tribute to mark Gamini Fonseka’s seventh death anniversary that falls today (September 30). Gamini viewed Joe as the best actor and Tony as the best character based actor yet to be found even in the Indian screen. He saw talents in Jothipala in a different perspective and described Jothipala as a ’ with the latter’s inimitable singing talents.

The following views on Jothipala were expressed by Gamini seventeen long years after the demise of Jothipala when Stanley Samarasinghe and I met him just a week before his untimely death.

Q- You have acted to the voice of H.R.Jothipala in many films as Jothipala was the main playback singer. Did Jothipala’s voice suit those roles you portrayed?

A- Why not? That was the only voice that really suited not only me but also Vijaya

Kumaratunga and even Joe Abeywickreme.

Q-Did you find anything unique in the voice style of Jothipala?

A-Jothipala was the only film playback singer who offered the true vocal expressions to the lyrics with variations that was an incentive to any actor.

Q-Could you elaborate on what those expressions and variations were and how they were helpful to you as an actor?

A-You see, Jothipala sensed the lyrics. He would at times imagine the location of shooting and call us to say that he would be exercising some voice variations to suit the location of shooting.

Q- You mean to say that Jothipala was not just a playback singer but also a singer who visualized what he was going to sing?

A-Yes…very few singers are gifted that way with a thorough knowledge of what they were going to offer to the actor in those roles.

Q-Jothipala is now no more. Do you see a void in film playback singing or have others filled it?

A-The void of Jothipala can never be filled by copying him. That void will last till the last day of the Sinhala film industry. I am proud to say that I, Vijaya and Joe acted to the vocal expressions and variations in Jothipala’s voice.

Q-But singers like Gratien Ananda have now come into film playback singing…How do you view such entries?

A-Gratien is a good singer. His voice may suit some young actors of today who have no method in acting. But the difference is that Jothipala had a very powerful voice with lot of weight.

Q-Why do you say that when Gratein too has a very deep voice that suits films?

A-It’s not matter whether the voice is deep or shallow (Gamini displays a mischievous smile).Jothipala’s voice suited the role of the actor and the personality of the actor. It gave the feeling to the audience inside a cinema that the actor himself was truly singing and acting. That is the exclusive uniqueness in the voice gifted to Jothipala by nature. I would say that Jothipala was a gift to us in the film industry.

Q-What was so unique in the voice of Jothipala?

A- Unique? I will tell you…Jothipala was the only playback singer who sang to joy, emotion and grief, the three essential areas in film songs.

Q-But, today we see many trying and copying Jothipala. How do you view that?

A-No one can do it. Those who try will fail miserably and fade away in no time.

Q-So you say though Jothipala is no more, Jothipala has come to live forever in the singing scene?

A-Yes…Actors will be remembered after their deaths only when one of their films is shown again. Singers are different. Their voices continue to be heard. Jothipala died 17 years ago but his voice is being heard daily. In contrast, you will not see Gamini Fonseka on the screen daily after his death.

Of all singers, H.R.Jothipala is exclusive. He has come to stay. As long as the island-Sri Lanka- exists in the world map, Jothipala will never die. I may die today or tomorrow and be forgotten. But that will not happen to Jothipala till the end of this country and the world. You would realize that my words are true even after my death. Nature has made Jothipala live another day that is why he is unique.

(The Writer is a nephew of the late Gamini Fonseka. He could be reached on prasad55g@yahoo.com)
-------------------------------
Arthur u Amarasena writes about Joe in divaina
http://www.divaina.com/2011/10/02/cineart05.html
----


9 comments:

  1. ඔව් ඇත්තටම යුග පුරුෂයෙක්....ජෝ ගැන සිළුමිණේ ලගදි ලිපියක් පළ වුනා. ඇත්තටම මේ ලිපියේ තියෙන්නේ ජෝ ගේ ජිවිත කතාව...කැමතිනම් මෙතනින් බලන්න.

    ReplyDelete
  2. ජෝගෙ සාර්තකත්වයට හේතුව ඔහුගේ නොසැලෙන මෑනියන් බව පේනවා, ස්තූතියි සයුරි.
    ජෝගෙ කතාව කවදත් බොහෝම නිහතමානීයි, සරලයි, අවංකයි!

    ReplyDelete
  3. අහු රගපාන චිත්‍රපටි බලද්දී අපිට තේරෙන්නේ නැ ඔහු මේ රගපැමක්ද කරන්නේ කියල. ඒ තරමට අව්‍යාජයි...
    සයුරි ඔබටත් ස්තුති මා මේ ලිපිය කියව තිබුනේ නෑ

    ReplyDelete
  4. ගිම්හානි අන්න වචනෙ, මට හිර වෙලා තිබුන වචනය 'අව්‍යාජත්වය'

    ReplyDelete
  5. ඇත්තෙන්ම ඔබ හරි. ඔහු අව්‍යාජ කලා කරුවෙක්. ඒ විතරක් නෙමේ ගැමියෙක්, නුගේගොඩ පදිංචිවෙලා හිටියට ඔහුගේ තිබුනු ගැමිකම හැමතැනකදිම මම දැක්කා. ලඟදි දවසක එක්තරා පිංකම් පොලකදි අපි මුණ ගැසුනා. මට හිතා ගන්න බැරිවුනා ඒ ජෝද, වන්නිහාමිද එහෙමත් නැත්නම් අර තුංමංහන්දියේ කලාකරුවද කියලා. එහෙමත් කෙනෙක් තමයි ඔහුගේ ප්‍රේම වෘතාන්තය දන්නේ. ඒක අහිමි පෙමක්.
    (නමුත් මම හිතනවා එතුමා අර සභාපතිකම නොගත්තනම් කියලා.)
    හෙලයේ මහා කලාකරුවාණනි ඔබට අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!

    ReplyDelete
  6. මගේත් ප්‍රියතම නළුවෙක්.

    මං පොඩි කාලේ පොරට උපදෙසකුත් දීලා තියෙනවා.
    http://kathandara.blogspot.com/2011/09/blog-post_11.html

    ජනප්‍රිය නළුවෙක් කියන්න දේශපාලනේට නොගෑවුණු?

    ReplyDelete
  7. මහ වෙදනා, කතන්දර ඔහුත් සුවිශේසී, අති සාමන්‍ය පුද්ගලයෙක්.
    ඇයි ජෝ විවාහ නොවූයේ කියන ප්‍රශ්නයට පිලිතුරක් කොහෙන්වත් ලැබිලා නෑ හරියට.

    ReplyDelete
  8. ජෝ අන්තිම පුරුක වගේ එක යුගයක. ඒ යුගය තමයි අපිට කියල සැබෑ සිනමාවක් තිබුණෙ. ඒත් ජෝලගෙන් ඒ රංගන ප්‍රතිභාව අතට ගන්න කවුරුත් පසු යුගයෙ නැති වෙලා වගේ. දැන්නම් සිංහල චිත්‍රපටයක් බලන එකත් කම්මැලි වැඩක් වෙලා. කලාතුරකින් පමණක් හොඳ දෙයක් එළියට එනකම් සිංහල සිනමාව අමතක කරල අපිට ඉන්න සිදුවෙලා. ඒ අතරතුර අපි ජීවත්වුණේ ජෝලගෙ පරපුරේ විශිෂ්ඨයන්ගේ මතකය එක්කයි.

    ReplyDelete
  9. නැවත බිහි නොවන අසම සම චරිතයක් ........

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්