Followers

Sunday, September 4, 2011

ජයතිලක කම්මැල්ලවීරගේ චුම්භන කන්දKissing mountain සහ චුම්භක කන්දMagnatic Mountain

විද්යෝධය සම්මාන උලෙලෙ දී චුම්භන කන්ද 2011 හොඳම නවකතාව ලෙස තේරිල. මට හරිම සතුටක් දැනුන ඒ පිලිබඳව. විශ්ව විද්යාලෙ ඉගෙන ගන්න කාලෙදි තමයි මට ජයේව හමු උනේ.පොත තාම කියවන්න බැරි උනා, ඒත් ජයේගෙ මුල් පොත් කීපය මා කියවා තියෙනවා. ඔහුගේ අත්සන යෙදූ මුල්ම පොත මා ලඟ තිබුනා.

ඒ කාලෙ ජයතිලක කම්මැල්ලවීර සහෝදරය අසූවෙ මහා වර්ජනයෙන් රැකියාව අහිමි වෙලා පුංචි කඩ කාමරයක කාලයක් ජීවත් උනා බිරිඳයි පුංචි කොලු පැටව් දෙන්නයි එක්කලා. පක්ෂයක පූර්නකාලීනයෙකු ලෙස ලැබුනු සොච්චමෙන් හා තමයි දිවි ගැට ගසා ගත්තේ.

සාහිත්‍යය සහ වමේ දේශපාලනය සිය ජීවිතය කරගත් ජයතිලක නවකතාවේද නව මං පෙත් විවර කරනු ඇති බව මගේ විශ්වාසයයි. අසූවෙ දසකයෙ අග භාගයේ ඉහත කී පක්ෂය ප්‍රදාන කෑලි දෙකකට කැඩීමෙන් පසුව ජයේ පූර්න කාලීන ලේඛනයට කාලය යෙදවූවා කියලයි මට හිතෙන්නෙ.

ජයේගෙ චුම්භන කන්ද දුටුවාම මට මතකයට ආවා දුරු රටක තිබෙන චුම්භක කන්ද-Magnatic Mountain එහි අත්දකින විශෙෂත්වය නම් වාහනයක් පදවන විට එක තැනම නැත්නම් පසු පසට යනවා වගේ දැනීම.
ඒත් එය දෘශ්ටි මායාවක් බව කියනු ලැබේ.

http://www.eureka4you.com/magnetichillworldwide/Richmond-NSW.htm

ජයේගෙ චුම්භන කන්දත් දෘශ්ටි මායාවක් ද කියල, කියවලම බලමු.

1 comment:

  1. වෙලාවක් ලැබුනොත් බලමු කියවලා .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්