Followers

Thursday, September 29, 2011

ලාංකික ක්‍රිකට් දර්ශනය- Lankan Cricket Philosophy, Is this Cricket Diplomacy, or Is this Sri Lanka cricket's policy, Not just a conspiracy,



ඇයි දැන් අපේ රටේදිම පරදින්නෙ, අන්තිම(පට්ට ) නරක විදියට. තරුන භාශාවෙන් එකල අපි කිව්වෙ අසූචි ද්‍රාවනයක් ගහන්න වටින විදියට කියල.
කෙනෙකු කියනව මෙය අපෙ නායක දිල්ශාන්ගෙ වරදක් ලෙස. එය අපි හැමෝටම පේන්නට වගේ තියෙන හේතුව. ඒ උනත් මා දකින්නේ ලංකාවේ ක්‍රිකට් ව්යාපාරයේ අයිතිකරුවන් තමයි මේ තත්වෙට වග කියන්න ඕන, කණ්ඩායමේ ඉන්න cricket diplomats  ල  එක්ක. (දිල්ශාන් උනුසුම් අවශ්තාවලදී තරඟයේ වීරය වෙන්න ලොකු අවදානමක් අරගෙන බෝල් කරන එක නම් ටිකක් හොඳ මදි.)

පොඩි කොම්පැනි, ලොකු කොම්පැනිවල ශාකා ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ලංකාවෙ ක්‍රිකට් ආයතනයත් අර අන්තර්ජාතික කොම්පැනියක පොඩි ශාකාවක් විතරයි, ඉතින් මහ ප්ලෑන් එක තියෙන්නෙ එහේ. Corporate marketing,  'Sri Lanka 'Brand power, blah... blah...
නැත්තනම් එංගලන්තෙ ගිහිල්ල හොඳටම පැරදිල ආපු ඔසියන්ට ඇයි පැරදුනේ තමන්ගෙම රටේදී. ගාල්ලෙ තමන්ගෙ දඟ පන්දු යවන්නන්ට හදපු තනතිල්ලෙන් වාසි ගත්ත විතරක් නොවෙයි අපි අන්ත පරාජයකට පත් කළා. මේකෙ වැරද්ද තියෙන්නෙ කොතනද, සත්තකින්ම නායකයාගේ අත පමනක් වෙන්නට බැරිය.

බන්ග්ලාදේශයට, සිම්බාබ්වේට, ආදී දුප්පත් රටවලට දෙනව දුවන්න.
ලොකු රටවලට පරදිනව.  world cup finals,..... ඉන්දියාව,................ ඒව තහනම් වචන..

ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඕන කියල කතාවක් තියෙනවනේ. ඉතින් ලාංකික ක්‍රිකට් ක්‍රීඩාවේද දර්ශනය එයයි. ලොකු අතු අල්ලන්න යන්නෙ නැතුව තමනට ඉතිහාසයේ අයත් ස්තානය තහවුරු කර ගැනීම තමයි, තවත් විදියකට කියනව නම්.

AAh! .Not to worry too much.. In Final analysis, Cricket is just a Game!!!!
( But Sri Lankan cricket fans, Spectators?
Fxxx them we are playing for international fans  n spectators!)
හරි ශෝක් දර්ශනේ,
තමන්ගේ සාක්කු කොහොමත් පිරෙනව,
 අමාරුවෙන් සල්ලි එකතුකරගෙන මැච් එක බලන අයගෙ සාක්කුව හිස්වෙනව.
ජොලියත් දෙල් වෙනව.

9 comments:

  1. ලංකාවේ ක්‍රිකට් කියන්නේ තවත් එක්තරා මාෆියාවක් විතරයි. මේක පටන් ගත්තේ 1996 පස්සේ. ඊට කලින් හිටියේ අතින් වියදම් කරගෙන ක්‍රිකට් ගහපු උන් දැන් ඉන්නේ ........,
    කෙසේ හෝ අර්ජුනට ගහන්න ක්‍රිකටර් කෙනෙක් මම හිතන් නැහැ තව කාලෙකට හැදෙයි කියලා. සංගා යම් තරමකට ඒ තත්ත්වෙට ලංවුනා විතරයි. ඩිල්ෂාන් ගැන නම් කථා කරන්න දෙයක් නැහැ. හැබැයි ඔබ කියනවා වගේ මේ හැම වරදම ක්‍රීඩකයොන්ගේ නෙමේ. ඒක නම ඔබ කියන අයුරුම තමයි වෙන්නේ.

    ReplyDelete
  2. දිල්ෂාන් වගේ ඉවසීමක් නැති කෙනෙකු නායකත්වයට හොද මදි. කාගෙද සෙන්චරියට උදව් කරපු මැතිව්ස්ට ක්‍රීඩාගාරෙ ඉදගෙන දිල්ෂාන් රවනහැටි ලෝකෙම දැක්කෙ. නායකයෙක් උනාම දිනුවා හෝ නැතා කූල්එකේ ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන.ක්ෂෙත්‍රයේ අර්බුධ තියනව කියන එක අපේ රටේ ඕනම ‍දේකට පොදුයිනේ.

    ReplyDelete
  3. මහ වෙදනා, ක්‍රිකට් ක්‍රීඩා තරඟවලටත් අනෙත් දේවල්වලට වගේ script ලියල දෙනව වගේ නේද?

    ReplyDelete
  4. රාජ්, තව පොඩියක් ඉවසල බලමු දන්නවනේ කවිය, ඉවසන දනා වර්ල්ඩ් කප් දිනාගන්න බැරි බැට් වලින් කොස් කොටන්නද කියල තියෙනවනේ,ඊලඟ වාරෙ වත් මේක ගන්නකන් බලන් ඉමු, බය වෙන්න දෙයක් නෑ, ඉන්දියාව ෆයිනල් එකට එන්නෙ නෑ.

    ReplyDelete
  5. ඊ ළඟ ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ ඕස්ට්‍රේලියා කලාපයෙනේ.ලංකාව super 8 වටයෙන් එහා යයි කියල හිතන්න අමාරුයි

    ReplyDelete
  6. Anonymous
    අපි දිනනවා කියලා බලාපොරොත්තු වෙමු

    ReplyDelete
  7. " දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා කරවට‍ මල් මාල දානවා.
    එකක් දෙකක් අයියෝ, පැරදුනම් ගොයියො මොකක්ද මේ කලේ අහනවා."

    ජය පැරදුම පොදූ දෙයක්නේ ලොකු අයියේ.ඔයා කියන විදියටම වෙනවා කියලා හිතන්න අමාරුයි නේද?.මේ පොස්ට් 1 දාපු 1 නම් හුගක් හොදයි. අනිවා අපි මේවා ගැන සංවාදයක යෙදෙන්න ඕනේ.කොච්චර බැන්නත් අපි බනින්නේ SL Cricket වලට තියෙන ආදරේට නේ.ඒත් අපි කවදාවත් ඉන්දියන් කාරයෝ වගෙ වෙන්න හොද නැ.

    ReplyDelete
  8. kc, ඔබගේ අදහස හරිම ලස්සනයි!
    ඔබ කිව්වා වාගේ නොපෙනෙන පැති ගැන මට හිතෙන දේ ලිව්ව එක හොඳයිනේ.
    අපේ ක්‍රීඩකයො හමුදාව මෙන්ම සේවයක් කලා කියල ම හිතනව රට වෙනුවෙන් අමාරු කාලෙ; අපි එය කීයටවත් අමතක නොකල යුතු දෙයක්. සංඝාව දේශපාලනේට ඇදගන්න හැදුව; ඒ මහත්තය ඒක කාරුනිකව ප්‍රතික්ශේප කලා. ඒව ශ්‍රේශ්ඨයි!

    ReplyDelete
  9. අනූ හයේ තිබුණ ටීම් එක වගේ ටිම් එකක් ආයිත් එනවනං ....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්