Followers

Friday, September 2, 2011

යථාර්තය Reality















හමුවන හැම දිය කඩිත්තකම
අශා වුවත් මාලුන් දැකීමට
දුටුවේ නෑ මාලුන්
හැම දිය කඩිත්තේම,
පුංචි අප එකල

මාලුන් යයි රැවටුනා
ඉස්ගෙඩියන්ටත්
එදවස

හමු වූයේද
ගිය කොතැනක,
සාමලා අමරලා
හේන මාමලා
හෝඩි පොතේ උන්


13 comments:

  1. වෙනස් වූ සහ උවමනාවෙන් වෙනස් කල සමාජයක අපේ රුචි අරුචිකම් සෙවීම, යකඩ දාගිය ගෙදර පුළුන් සෙවීමක් නේද?

    ReplyDelete
  2. මහ වෙදනා, ඔබද දන්න පරිදි සමාජය නම් වෙනස් වෙනවාමයි,අප කැමති වුවත් අකමැති වුවත් මං හිතන්නේ, අප දන්නා ඉතිහාසයවත් දැනෙන වෙදනාවවත් හෙමිහිට කියාපෑම අඩුම තරමින් හොඳයි කියලා හිතුවා.
    ස්තූතියි!

    ReplyDelete
  3. සියල්ලම වෙනස් වෙන බවත් වැටහෙනවා විටෙක..නමුත් මේ වෙනස් වූ සියල්ල දැක හදවත හඬා වැටෙනවා විටෙක..ආයිමත් හිත හදා ගන්නෙත් සියල්ලම වෙනස් වෙනව කියලයි...මේ චක්‍රය හැමදාමත්...හිත හද හදා පාරවනව මගේ නම්.

    ReplyDelete
  4. එදා වගේමයි
    අදත් අපි රැවටෙනව
    මාළුය කියා
    ඉස්ගෙඩියන්ට

    ReplyDelete
  5. හොඳයි.. කළ්බලේට කරල වගේ.. ඕකම තව ලස්සනට ලියන්න පුළුවන්...

    ReplyDelete
  6. ලස්සනයි.පුංචිකාලේ මතක් උනා

    ReplyDelete
  7. වෙනස් නොවන එකම දෙය වෙනස් වීම පමණක්මද ....

    ReplyDelete
  8. වෙනි, දයියා ස්තූතියි

    ReplyDelete
  9. මාතලන්, මෙය අවුරුදු පහකට පමණ ලියවුවක්, ඒ විදියටම පෝස්ට් කළා.

    ReplyDelete
  10. කස්සා, ස්තූතියි

    ReplyDelete
  11. පන්සල් හංදිය, ඇයි, අතීතය? මතකයන්?

    ReplyDelete
  12. මවාගත් ලෝකයේ දි අපි
    කොඉතරම් නම් සතුටින්ද

    ReplyDelete
  13. පබලු, කලාව යන්නත් ඒ ලඟින්ම යන දෙයක් නේද?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්