Followers

Thursday, September 29, 2011

රනිල්ගෙ යු එන් පිය ත්‍රී වීල් පක්ශයක් වෙලාද? Tuk Tuk Tuk





this photo is taken from the web
අනුර බන්ඩාරනායක මහත්තය හිටිය නම් අහගන්න තිබුන හොඳ කතාවක් රනිල් මහත්තය මේ කරන දේ දැකල.  පුටු පුටු, හෝ ටුක් ටුක් ගාමින් යන මේ වාහනේ දැන් කොලඹ මහ නගර සභාවත් එක්ක බොහෝම ලඟ සම්බන්ධයක් තියෙනව.

 ත්‍රී වීලර් රියදුරු උවයිස් මොහොමඩ් ඉමිතියාස් මහත්තය හිටපු පුරපති; දැන් කොරියාවෙ. ලඟදී නෙ  රස්සාවකට ගියේ. අන්න මිනිස්සු. බාරගත්ත වැඩේ පුලුවන් තරමින් කලා. බැරි තැන දාල යන්න ගියා.

ත්‍රීවීලර් පක්ශ කියල අනුර මහත්තය විහිලු කලේ වාමාංශික පක්ශවලට, මොකද සියලුම පාක්ශිකයන් ගනන ත්‍රී වීලර් එක්කට දාගෙන යන්න පුලුවන් යන තේරුමෙන්. රනිල් මහත්තයත් ජගුවාර් එකෙන් බැහැල ත්‍රී වීලර් එකෙන් යන්නේ සජිත් මහත්තය කරූ මහත්තය සාමාජිකයන්ව රනිල්ගෙන් කඩාගෙන හින්ද නම් වෙන්න බෑ.
කොලඹ මහ නගර සභාව යූ එන් පී එකෙන් කඩන්න යුද්දෙ දිනනවට වඩා දුශ්කර කර්ත්ව්යක් බව වාමාන්ශික, විප්ලවවාදී, ප්‍රජතන්ත්‍රවාදී, ජන අරගලයේ පියා වන දශක පහකට අධික දේශපාලන ඉතිහාසයක් ඇති, කියුබන් නායක කැස්ට්‍රෝගෙ මුහුනවර ඇති, අසුවේ වර්ජනය මෙහෙයවූ නායකයෙක් වන රතු උස වාසු, ගියවර ස්වාදීනව ආ ත්‍රී වීල් රියදුරු ඉමිතියාස්ට පැරදීමෙන් පෙනේ.

රනිල් මහත්තයාගෙ නවතම සොයා ගැනීම මෙය විය හැකියි. නංගිලට මල්ලිලට පේන්න පොඩි රවුමක් ත්‍රී වීල් එකේ  ගහල බලමු!
කොලඹ මහ නගර සභාව පැරදුනොත් නම් රනිල්ගෙ සපොර්ටර්ල ගනන  ත්‍රී වීල් එකක නග්ග ගන්නවත් මදි වෙයි!

4 comments:

  1. එජාපය කොලඹ පරදියි කියා මා මේ මොහොත වන තෙක්වත් සිතන්නේ නැත , රනිල් තේරුම් නොගන්නා ප්‍රධාන කාරණය නම් තමන් කව්ද යන්න හා තමන්ගේ ප්‍රතිරූපය කුමක්ද යන්නයි , මහින්ද ත්‍රිවිල් එකක නැග්ගා තියා , ත්‍රිවිල් එකට අතතබා කථා කර කර සිටියත් එය " නිහතමානී මනුස්සයා " යන්නත් , රනිල් ගේ ගමන විකාරයක් ලෙස පෙනෙන්නාත් වූ සමාජයක් ඇතිබව ඔහු වටහාගෙන නැත ,

    ඕවා නැති උනත් 2005දී මහින්දට නියම ගේමක් දීමට තමාට හැකිවූ බව මතක් කරගත්තා නම් අගනේය

    ReplyDelete
  2. බුවා, ජනපති මහින්ද ආවත් අමාරු වෙයි!

    ReplyDelete
  3. Yana ena man nethiwagiya asranaya

    This is the curse of gonawala Bheeshanaya

    ReplyDelete
  4. ඇයි රනිල්ට හැදෙන්න බැරි .....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්