Followers

Monday, October 3, 2011

ජනපති මහින්ද, මනෝ ගනේශන්ව ඩබල් දාගෙන.... බයිසිකලෙන්?


මං හරි ආසයි ඉස්සර බයිසිකලෙන් ඉස්කෝලෙ යන්න. කොලොඹ හතේ පාරවල් විශේශයෙන් ජෝන් ද සිල්වා රඟහල තිබෙන පාර දීගේ බයිසිකලය පැදගෙන යන්න. විශාල ගස්වලින් හෙවන වූ Green Path or Thurstan raod මාවත වැනි මාවත් කොලඹ හැම අතම ඇත්නම්  බොහෝ මගියන් කැමති වේවි බයිසිකලෙන් ගමන් බිමන් යන්න. අඩුම තරමින් බස් වල තෙරපී තෙරපී පැය ගනන උදේ හවස වාහන පෝලිමේ මහමඟ කාලේ නාස්ති කරනවට වැඩියේ ඉක්මනින් යන්න පුලුවන්. සරීර සෞක්යටත් හොඳයි.

කොළඹට අත්‍යවශ්‍ය දෙයක් තමයි අමතක වූ බයිසිකලය. ලෝකයේ දියුනු නගර දැන් බයිසිකලයට ලොකු තැනක් දෙන්න පටන් අරගෙන. එයට වෙනම මං තීරු වෙන්කරමින් යනවා.

කොලඹ මහ නගර සභාවේ බලය අල්වා ගන්නට දත කන, ලොකු ලොකු හීන මිහිපිට මවන දෙස්පලුවන්ගේ මහා වැඩ පිලිවෙලවල්වල දුප්පත්, හරිත බයිසිකලයටත් තැනක් දී තිබෙනවාද?

රනිල් මහත්තය ත්‍රී වීල් එකේ ගියා, මහින්ද මහත්තයට, නැත්නන් මනෝ ගනේශන්  මහත්තයට  තියෙන්නෙ බයිසිකලේ යන්න. බයිසිකලෙන් වැඩට යාමේ ඒමේ සුලු ගමන් බිමන් යාමේ සංස්කෘතියටත් යලි පණදීම කල යුතු දෙයක්! ත්‍රී වීල් මල්ලිල නං තරහ වෙන එකක් නෑ මගෙ පන්ඩිත වාක්‍ය වලට.

බලමු කවුද ඉස්සර වෙන්නෙ කියල?

මේ දෙන්න පැද්දත් මොරගොඩ මහත්තය නං හිතන්න අමාරුයි. ඒ මහත්තය  බයිසිකල් පදින අයට හිනා වෙන එක්කෙනෙක් වගේ ප්‍රතිරූපෙ.

-------------------------

බයිසිකලයයි, බුවාගේ පොලිස් කතාවයි ඩබල් දාගැනීමයි ඔක්කොම එකට මුසු උන මතකයක් තියෙනවා.

එකල විනෝදාංශ වූ බයිසිකල් පැදීම, කුරුම්ඹා බීම ආදීය ටොප් ටෙන් -Top Ten අතර තිබුනෙ. කොලඹ බයිසිකලයේ  ඩබල් දැමීම නීතියෙන් තහනම් දෙයක් නේ.

එහෙම උනත් සමහර වෙලාවට එහෙම නොගිහින් බැරි වෙලාවල් එනවා. එහෙම වෙලාවක පෑලියගොඩ දෙසින් විත් බන්ඩාරනයක අලුත් පාලමෙන් කොළඹ දෙසට වැලි පාරු, පාවෙන ලී කොටන් පාරු ආදී කැලනි නදියේ විසිතුරු බලමින් ඩබල් දාගෙන එමින් සිටියා ගමේ අතීසාර මිත්‍රයෙක් වන සනත් සමග. ඒ දවස්වල තුවක්කු මානාගත්තු පොලිසියෙ මහත්තුරු ඉන්න ස්තිර කූඩාරම් තිබුනෙ නෑනේ.

පාලමෙන් එගොඩ වීමට තිබුනේ තව මීටර් දෙසියයක් පමනි. අනේ කරුමෙක මහත. පොලිසියෙ මහතුන් දෙදෙනෙකි.
දඩි බිඩි ගා බැස ගත්තත් ඔවුන්ගේ ඇසට අසු වී හමාරය.
'ඔයගොල්ලො දන්නවනේ ඩබල් දමීම තහනම් කියල.'
'අනේ සර් අපි හදිසියකට යන්නෙ'
දඩ කොල ලිවීම එකල සාමානය දෙයක් නොවේ.
රෝද දෙකේම හුලං ඇර වෑල් කරවල් දෙක අරගත්හ.
දැන් බයිසිකලේ කරේ තියාගනිල්ලා.
(ගුටි නොකා බේරුනා ඇතිය)
පොලිසිය නොපෙනෙන මානය තෙක් අප දෙදෙනාට බයිසිකලය කරේ තියාගෙන ඒමට සිදුවිය.
ඉන් පසුව නම් ඩබල් දාගෙන ගියත් අසු උනේ නැත.

8 comments:

  1. අපි පොඩි එවුන් කාලේ පොලිස් දඬුවම් එහෙම බව මතකය්.

    දැන් දියුණු රටවල ප්‍රධාන පාරවල් එක්ක සය්කල් ලේන් තියෙන අතර, අනිත් පාරවල් වල, පදික වේදිකාවල සය්කල් ලේන් වෙන් කර ඇත.

    ReplyDelete
  2. ඔබගේ කියමන මමද අනුමත කරමි. දැන් වෙන රටවල නායකයන් බයිසිකල් පැදීම උනන්දු කිරීම සඳහා ඔවුන් බයිසිකලයෙන් ගොස් ආදර්ශ දෙති. නමුත් අපේ රටේ, මා මිත්‍ර මගේ සමකාලීන බුවෙක් වන චම්පික හෙල කරුම මහතා වරක් දේශපාලන සෝභනයක් ලෙස බයිසිකලයෙන් ගොස් පෙන්වීමෙන් මෙහි අගය පහල වැටුනාදෝයි මට සිතේ.
    කෙසේ හෝ මටද ඔබගේ වැනි අත්දැකීම රාශියක් තිබෙන අතර වරක් දෙවරක් නොව කීප වාරයක්ම මඩ්ගාඩ් නැතිව පැද හුලන් නැති බයිසිකලේ කර තබාගෙන යාමට සිදු වූ අයුරු හොඳින් මතක තිබේ. අද ද මට සැරින් සැරේ වේදනා දෙන වලලු කර ඇම්ම ඇති වූයේ බයිසිකලය බසයක හැපී මා තුවාල වීමෙන් බවද වේදනාව දැනුනු විට සිහියට නැගේ.

    ReplyDelete
  3. මටත් මතකයි ඇඳිරි නීතිය වෙලාවකද කෙහෙද හාලරාමිලා වෑල් එක පිටින්ම ගලවලා ගත්තා!කොහොමද හුලන් ගහන්න තැනකුත් නැතිව තල්ලු කරන් යද්දි හියන ආතල් එක!

    ReplyDelete
  4. ඔබ්සර්වර්,

    ඒ වගේ දඬුවම් නිසා එතරම් තරහාවක් ඇතිඋනේ නෑ පොලොසියෙ මහත්තුරු එක්ක. දැන් ඒ ගැන හිතල හිනා වෙන්න පුලුවන්.

    ReplyDelete
  5. මහ වෙදනා
    තට්ටේ බූ ගෑමත් පහල වැටුනද මන්ද

    ReplyDelete
  6. Sabith
    'දැක්කද හුලන් අරින කොට උගෙ මූණ් බෙරි වෙච්ච හැටි'. රෑට ඩ්‍රින්ක් එකක් දාල හිනාවෙනව ඇති. ආතල් එක රාලහාමිලාට.
    හුලං නැතිව තල්ලු කරගෙන යනකොට ටියුබ් එකේ පැච් යනව. ලජ්ජාවේ බෑ අඳුරන කෙනෙක් දකී කියල

    ReplyDelete
  7. ඒ කාලෙත් දැන් වගේද පොලිසියේ වාග් මාලාව .....
    මිනිස්සුන්ට කතා කරන්නෙ බල්ලන් වගේද .....

    ReplyDelete
  8. බයිසිකල් කිව්වාම මතක් වුණේ පාඨලී චම්පික එයාගේ මැතිවරණ ව්‍යාපාරේ කළේ බයිසිකලෙන් ගිහින් නේද :))

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්