Followers

Tuesday, October 4, 2011

ධම්ම චක්කං අ-පවත්තං සුධ්දං පොලෝසිං


ධර්ම චක්‍රය පොලිස් යුනිෆෝමයේ  දකුනු අත ඉහලින්ම යොදා ඇත්තේ විහිලුවට නොවේ.
ධම්ම චක්‍රයෙන් සංකේතවත් වන ගුණ දම් පතුරුවාලන දේශයකයට අවශය නීති රීති ධාර්මික ලෙස ක්‍රියාත්මක කිරීම යන්න පොලිසියේ අරමුණ බව කියන්නටය.

එහෙත් නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නට යාමේදී ඇතිවන පුද්ගල බද්ධ හේතුද, සමාජ දේශපාලනික බලයේ බලපෑම්ද ආදී මෙකී නොකී දහසක්  කාරනා හේතුවෙන් පොලිසිය මේ තත්වයට පත්ව ඇත. පොලිසියට ඇති ගෞරවය වේගයෙන් හීන වෙමින් යන තත්වයකි පෙනෙන්නට තිබෙන්නේ.

පොලිසියේ අධාර්මික අදුර්මිශ්ට් ක්‍රියා පිලිවෙත් ගැන ජනතා අප්‍රසාදය පුපුරන ගිනි කන්දක් බවට පත්ව ඇති බව මෑතකදී ඇති වූ පොලිසිවලට පහරදීම් පොලිස් නිලදාරීන් මරාදැමීමෙන් පැහැදිලිය.මොරටුවේ ගෝරියක් බේරන්නට ගිය පොලිසියේ නිලධාරියෙකු කඩුවකින් බෙල්ල කපා පෙරේදා මරා දමා තිබේ.පසුගියදා පුත්තලමේද එවැනි සිද්දියක් සිදු උනා

මෙහි වරද ඇත්තේ පොලිසිය අතමය පමනක් කීවොත් එය අමන අසත්‍ය අසාධාරණ ප්‍රකාශයකි. පොලිසියට සිය රාජකරිය හරි හැටි කරන්නට ඉඩ නොදෙන දේශපාලන සංස්කෘතියද මේ පරාභවයට වගකිවයුතුය. පොදුවේ ගත් කල පොලිසිය ගුනාත්මකව දියුනුව ඇතිබව පෙනෙන්නට තිබේ. මින්සුන්ට ගරු කොට කතා කිරීම. නීතිය ක්‍රියාත්මක කිරීම, කාර්යක්ශම භාවය අතින් පොලිසිය දියුනුවක් පෙන්වයි.

ආසියාවේ අපට කලින් ආශ්චර්‍යන් පෙන්වූ සිංගප්පූරුව වැනි රටවල නීතිය සාදාරනව තදින් ක්‍රියාත්මක වන බව කියනු ලැබේ.නීතිය හා සාමය රැකීම පොලිසියේ කීප දෙනෙකුට පමනක් ඉටුකල හැකි සුලුපටු කාර්‍යක් නොවේ. එයට මුලු සමාජයේම සහයෝගය අවශ්‍යය. ඒ සහයෝගය දිනගැනීම පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යාංශයේ වගකීමක්. පොලිසියේ හොඳ නමට කැලලක් වන දූශිත නිලධාරීන්ට දඬුවම් දීම රජයේම වගකීමක්.

මෙතාක් කල් සිදුවන්නේ එහි අනෙක් පැත්තයි. දූශිතයින්ට ඉහල තනතුරු ප්‍රදානයයි
පොලිසියටද එහි සීමාවන් ඇති බව මේ සිදුවීම්වලින් වටහාගෙන වගකිවයුත්තන් දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග ගත යුතු යයි සිතමි.

සාධාරණත්වය පොලොසියෙන් ඈත්වන විට ධර්ම චක්‍රය අපවත් වන බව කිව යුතුද?
පොලිසිය ශුද්ධ නොකලොත් ධර්ම චක්‍රයේ වලංගු භාවය, ආලෝකය අපවත් වන බව කැඩුනු පාලියෙන් කීවේ ඒ නිසයි. පමා වී හෝ ධරම චක්‍රයේ ගරුත්වය ආරක්ශා කරනුවස් පොලිස් නිල ඇඳුමෙන් ඉවත් කිරීමට යෝජනා කරමි. යුරොපයේ හෝටලයකට බුද්ද නම යෙදුවායයි සිවුරු කරට ගෙන ගෝරියට ආ අප හාමුදුරුවරුනට මෙය නොපෙනීම මහ පුදුමයකි.

කාලයක් තිස්සේ පවතින පොලිස්  නිල ඇඳුමේ පාට හා රෙදි වර්ග වෙනස් කිරීමේ ඉල්ලීම වහාම සලකා බැලිය යුතු දෙයක්ද වන බව මගේ අදහසයි.

5 comments:

  1. ධර්ම චක්‍රය පන ඇද ඇද ඉද්දි එක පරෙස්සම් කරන්න හිටිය කට්ටියක්ම තමයි එක පෙට්ටියට දාල ඇන ගහල එක තිබුන තැනට හක්ගෙඩියක් ගෙන්න කටයුතු කරේ. අනේ මන්ද මේවා කියන්නත් බයයි. මොනවා උනත් පොලිස් කාරයටයි හමුදුරුවරුන්ටයි නැති තැන බැන්නට ලඟට ආපුවම දෙකට නැමෙන එක තමයි ඈත්ත. අන්තෝ ජටා බහී ජටා

    ReplyDelete
  2. ධර්ම චක්‍රයයි නීතියයි එකට කලවම් කර ගැනීම මහ පාපයකි.
    'හක් ගෙඩිය' ඇත්තටම මෙය ගැඹුරින් සාකච්ඡාකල යුතු
    ඉස්සව්වක්. අප වැනි රටවල සංස්කෘතික ප්‍රාග්ධනය දේශපාලන බලයට පරිවර්තනය වීමේ තත්වයක්. එය චීවර ධාරීන් විය හැකියි. නලුවන් නිලියන් විය හැකියි. ක්‍රීඩකයින් විය හැකියි. කුලය විය හැකියි.

    හමුදා බලය දේශපාලන බලයට පරිවර්තනය වීම නව ඉසව්වයි.

    ReplyDelete
  3. මේ ඔක්කෝටම වග කියන්න ඕන බන්ඩාරනායක. ඒකනේ අදටත් වලට හෙන ගහන්නේ. ප්‍රභූ පන්තිය අත තුබුණු දේශපාළණයට හාල්පාරුවන් ගෙන ඒම. අද ඒක පාදඩකරණය වෙලා. මමත් සාමාන්‍ය පන්තියේ මිනිහෙක් උනත්. මම කැමතියි වැදගත් උගත් මිනිස්සූ දේශය පාළණය කළා නම්. නමුත් මේක වැඩ වසම් මානසිකත්වය කියල වරදවා වටහා ගන්න එපා. ඒ තිබුණු ඉංග්‍රීසී ක්‍රමයටම ගියානම්. අද රට මීටත් වඩා දි‍යුණුයි. ජනතාවත් ප්‍රජාතන්ත්‍රවාදය බුක්ති විඳියි.

    ReplyDelete
  4. මාතලන්, ධරම චක්‍රය පොලිස් නිල ඇඳුමේ ඇල්ලුවේ ජේ ආර් තුමාගෙ කාලෙ මහිතන්නෙ?

    ReplyDelete
  5. ලංකාවේ පොලිසියට මුලින්ම කතා කරන හැටි උගන්වන්න ඕන, විනය නැති තැන කොහෙද නීතියක් තියෙන්නෙ .....

    ඇත්තටම ලංකාවෙ පොලිසිය 80% ක් බලු ........

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්