Followers

Friday, October 14, 2011

මේ අන්තිම ලකී නොවේ



This photo is Taken from the web
අපේ කාලයේ නගරයේ වීරයා ගාමිනි ෆොන්සේකාය, නැතිනම් විජය කුමාරණතුන්ගය, ඔහු අසරනයින් වෙනුවෙන් සටන් වැද නරකයා පරාජය කොට පීඩිතයා බේරා ගනී.
සිය බාහු බලය ආත්ම විශ්වාසය ඔහුගේ ශක්තියයි. 
ඔවුන්ගේ දේසපාලනික නාගරික නූතන අනුරුව භාරත ලක්ෂ්මන් ප්‍රේමඡන්ද්‍ර හෙවත් ලකී අයියාය.

ලකී 1956 දරුවෙකි, ඇත්තටම ඔහු උපන්නේ 1956 බැවිනි. 1956 පංච මහ බලවේගය පෙරටුකොට  බන්ඩාරනයක බලයට ආ වසරයි. ලකීගේ පියා කොමියුනිස්ට් පක්ශයට සම්බන්ධ වෘත්තීය සමිති ක්‍රියාධරයෙකි. ලකීගේ යෞවනය උදා වූයේත් ගෙවුනේත් ශ්‍රි ලන්කා නිදහස් පක්සයේ පරාජයත් යු එන්පීයේ ජයග්‍රහනයත් ජයග්‍රහනයෙන් උදම් වූ පිස්සු වැටුනු යු එන් පියේ ආශිර්වාදයෙන් විරුද්ධ වාදීන්ට හිරිහැර කර ගෙවල් දොරවල් පුලුස්සා දමා, පහර දී නීතිය අවනීතිය කල රුදුරු යුගය තුලිනි. 

කොලොන්නාව 77 ඇරුනු විට හැමදාම වාමාංශික ආසනයක්. කොලොන්නාවේ ජන සමාජයේ සිතුම් පැතුම් වලට බලපෑම් කල ආයතන කීපයක් තිබින.  ඒවා අතරින් සම සමාජ වෘත්තීය සමිති බලවත් වු කොලොන්නාව ඓතිහාසික රජයේ මහ කම්හල ප්‍රධාන තැනක ගනී. එමෙන්ම කොලොන්නාව මහ තෙල් පිරිපහදුව සහ ගබඩා සංකීර්ණය, ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි බලාගාරය, දුම් /රිය සේවකයින්, මීතොටමුල්ල බස් ඩිපෝව, වරින් වර එන ගංවතුර, දුප්පත් කම නිසා දාමරික කම්වලටට අයතා ජීවන මාර්ගවලට යොමු වූ ජනයා වෙසෙන ස්තාන කීපයක්.

 මධ්‍ය මහා විද්‍යාල, ඉහල අධ්යාපන ආයතන, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වූ  සමසමාජ කාරයෙක් වූ Terence n de silva මූලිකව ඇතිකල පාසල්, දහම් පාසල නැතිනම් ඉරිද ඉස්කෝලෙ හරහා ඇතිඋන සම්ප්‍රදාය හා ප්‍රබෝදය , දෙවොල් මඩු ආදී ජන කලාවන් පෝශනය කල පිරිස්, ප්‍රසිද්ධ කවියන් හා කවි මඩු, වෙසක් නාට්‍ය සම්ප්‍රදාය, , ක්‍රීඩා තරඟ, වොලි බෝල්, පාපන්දු, බයිසිකල් දාවන එල්ලේ තරඟ සම්ප්‍රදායන්
පල්ලිය මූලික කරගෙන, ඇති වූ  Gratian Ananda හා Apple Greens වැනි සංගීත කන්ඩායම් බිහිවීමට මුල් වූ බටහිර සංගීත සම්ප්‍රදායන්, දුප්පත් දෙමල කම්කරුවන්ගේ ලැයිම් නිවාස, ආගමික විශේසයෙන් පන්සල් හා දේවාල ආශ්‍රිතව පැවත්වුනු සංස්කෘතික උත්සවයන්,  අසාධාරණ පොලිසිය, අසාධාරණ දේශපාලකයන්, කොලොන්නාව ජන විඥානයට බලපෑම් කලා.

මෙහි මිනිසුන්ට සමහර විට අවශ්ය ඉක්මන් විසඳුම්ය, පොලිස් අත් අඩංගුවේ සිටින සිය පුතාව බේරා ගන්න, ගුටි කෑමෙන් වලක්වාගන්න,
 ලකී වැන්නවුන්ගෙන් ඒ විසඳුම් ලැබින.

ලකී, සමාජ අසාධාරනයට එරෙහි නාගරික,ජනප්‍රිය  ජනතාවාදී ප්‍රකාශනයයි.මේ පසුගියදා මරාදැමුනේ  ලකී යන හතර රියන්  පුරුශයාව පමනක් නොවේ. කොලොන්නාවේ ජන විඥානයේ පිලිඹිඹුවයි. සමාජ අසධාරණයට එරෙහි සාමාන්‍ය ජනයාගේ වීරයාවයි.
--------------
මේ පිලිබඳ වෙනත් ලිපි
භාරතගේ ඝාතනය ගැන ප්‍රකාශයට වාසුගෙන්
කටඋත්තර ගන්න සී.අයි.ඩි.ය සූදානම් වෙයි

නිලන්ත මදුරාවල

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය කුමන්ත්‍රණයක්‌ බවට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානායක්‌කාර මහතා කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් කටඋත්තරයක්‌ ලබා ගැනීමට අවශ්‍ය යෑයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇමැතිවරයාට ඊයේ (18 වැනිදා) දන්වා තිබේ.

තමා මෙසේ ප්‍රකාශ කළ බවද ඒ පිළිබඳව කටඋත්තර දීමට සූදානම් බවද ඇමැතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර ඒ අනුව අද (19 වැනිදා) එම දෙපාර්තමේන්තු නිලධාරීන් වාසුදේව නානායක්‌කාර මහතා හමුවීමට නියමිත බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නානායක්‌කාර මහතා ඉහත ප්‍රකාශය කළේ පසුගිය සතියේ එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
 -------------------------
ඝාතකයින්ට සුදුහුණු ගානවාභාරත ඝාතන පරීක්‍ෂණ ගැන සෑහීමට පත්වීමට බැහැ
- සොහොයුරිය කියයි

ප්‍රභාත් විතාන



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට සිදු කරගෙන යන පරීක්‍ෂණ සම්බන්ධව සෑහීමකට පත්විය නොහැකි බව ඝාතනයට ලක්‌වූ භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ සොහොයුරිය වන ස්‌වර්ණා ගුණරත්න මහත්මිය ඊයේ (18 වැනිදා) පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියාය.

ජනමාධ්‍ය ඇමැතිවරයා, ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් හා රහස්‌ පොලිසිය තම සහෝදරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරස්‌පර විරෝධී අදහස්‌ ප්‍රකාශ කරමින් ඝාතකයන් ආරක්‍ෂා කිරීමට හා ඔවුන්ට සුදුහුණු ගෑමට ක්‍රියා කරන බැවින් මෙම ඝාතනය සම්බන්ධයෙන් සාධාරණයක්‌ ඉටුවෙයිද කියා තමන්ට සිතාගත නොහැකි බවත් ඝාතකයන්ට එරෙහිව ඔවුන්ගේ තරාතිරම නොබලා පරීක්‍ෂණ පවත්වා දඬුවම් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ගුණරත්න මහත්මිය පැවසුවාය.

අපි අසරණවෙලා ඉන්නේ. අපිට උදව් කරන්න, අපි වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැති වෙලාවක අපේ සහෝදරයා වෙනුවෙන් අපේම හඬක්‌ නගා සාධාරණයක්‌ ඉෂ්ඨ කිරීමට තීරණය කළ බවත් ඒ මහත්මිය කීවාය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ, දියණිය සහ පුතා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි නොවූයේ මන්දැයි ජනමාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු දුන් ගුණරත්න මහත්මිය, තම සොහොයුරාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔවුන් තවමත් දැඩි කම්පාවට පත්ව සිටින බැවින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් නොකළ බව කියා සිටියාය. එමෙන්ම භාරත මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය දේශපාලනයට පිවිසෙනවාදැයි ජනමාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු දුන් ඇය, තමන් පෞද්ගලිකව දන්නා තරමට හිරුණි මෙනවිය දේශපාලනයට පිවිසීමේ අදහසක්‌ නොමැති බව කියා සිටියාය.



http://sinhalaya.com/news/sinhala/2011/10/12/2931/

http://dailymirror.lk/news/14196-baratha-killing-family-ask-why-duminda-is-not-a-suspect.html


-----------------------------


Police and Judiciary "can do nothing"
Hirunika Premachandra
"Duminda Silva was there when my farther was murdered"- Hirunika
Legal procedures were overlooked when Duminda Silva was taken to Singapore for further treatment says Hirunika Premachandra, the daughter of murdered presidential advisor Baratha Lakshman Premachandra.
Parliamentarian Duminda Silva was treated for brain injury as a result of gunshot wounds sustained during the shooting that killed President’s advisor Baratha Lakshman Premachandra. It is reported that Duminda Silva was air lifted to Singapore for further treatment on the 1st of November.
 It is clear from the evidence that Duminda Silva involved in this case and he should be in police custody.
Hirunika Premachandra

Above the law
Speaking to Sandeshaya, Hirunika Premachandra said “it is regretful that legal process was not followed in this instance”.
“It is clear from the evidence that Duminda Silva involved in this case and he should be in police custody. He should not have been sent abroad without a magistrate’s approval,” she added.
Charging that Duminda Silva has been placed above the law, the Asian Human Rights Commission (AHRC) says "under normal circumstances anyone who is suspected of having been part of the commission of a murder would have been placed under arrest, irrespective of his condition".
MP Duminda Silva
Its reported that Duminda Silva was sent to Singapore

"Foreign treatments are possible only with the permission of the magistrate and on the conditions that a magistrate would impose under these circumstances,” AHRC added.
Conspiracy
“No one knows any thing about Duminda Silva’s condition and people have a right to know the truth” said Hirunika Premachandra.
Alleging that Parliamentarian Duminda Silva had conspired to kill Baratha Lakshman Premachandra, Hirunika Premachandra said it is clear from the evidence that Duminda Silva is a suspect.
 Under normal circumstances anyone who is suspected of having been part of the commission of a murder would have been placed under arrest, irrespective of his condition
AHRC

"He was there when my farther was murdered” she said.
Citing the erosion of rule of law in Sri Lanka AHRC said “The criminal investigating authorities and the courts can do nothing when the executive, by their unofficial orders, make anything or anyone outside the law.”
Baratha Premachandra and two of his bodyguards were killed in a shoot out in Angoda between his supporters and the supporters of Duminda Silva, MP who is also a Defence Advisor.
The late Bharatha Lakshman Premachandra was a Presidential Advisor on Trade Union affairs and a leader of Sri Lanka Mahajana Party (SLMP).
-------------------------------
http://www.divaina.com/2011/12/23/news02.html

9 comments:

  1. පෙර සිටි ලකීලගේ පාරේම මේ ලකීද ගියේය. නමුත් අනාගතයේදීත් එසේම විය යුතුද????

    ReplyDelete
  2. මේ යුගයේ වීරයා යනුද ගොදුරකි. කොලොන්නවේදී විරයෙකු වන්නා, වයඹදී ඡන්ද මංකොල්ලයකට සහාය දුන් ද්‍රෝහියෙකු විය.

    ReplyDelete
  3. මෙක කරපු උන්ට හෙන ගහන්න ඕනෙ.ඕක මතක් වෙද්දී මට එන කෙන්න්තිය...අම්මපා ඔකාව මාරාගෙන කන්න හිතෙනවා.මං ඌරු මස් කන්නේ නැති හින්දා පාඩුවේ ඉන්නවා.
    ඇත්ත! මේ අන්තිම ලකී නොවේ.
    අපි කොච්චර උත්සහා කරත් මේ දේසපාලන සංස්කෘතිය කාලයක් යනකන් වෙනස් කරන්න බැරිවේවි.අපි මෙහෙමවත් උත්සහ කරේ නැත්තන් ඒක කවදාවත් කරන්න බැරි වෙවි.

    ReplyDelete
  4. මේ අන්තිම ලකී වේවා!

    ReplyDelete
  5. මේ අන්තිම ලකී වේවා! ie, let this be the last political killing.

    ReplyDelete
  6. බුවා, වෙදනා, charmi, kc, කතන්දර,
    ස්තූතියි කොමෙන්ට්ස් දැම්මාට;

    මහින්දව බලයට ගෙනැවිත් ආරක්සා කළ පුද්ගලයෙක් මෙලෙස ඝාතනය වීම පුදුමයකි.

    ලකී හොඳ වර්ගයේ දේශපාලකයෙක්. ඒත් දේශපාලකයෙක්. (ඒකයි,චාමි කියන පරිදි ඡන්ද මංකොල්ලවලට සහයෝගය දෙන්න ඇත්තේ.)

    නව වටයකින් කුලල් කෑම ඇරඹේ;

    හොඳ හොඳ සෙල්ලම් ඉකමනින් බලන්නට පුලුවන් වේවි.
    සන්ධානය ඇතුලේ වම සහ දකුන ඉතා වේගයෙන් දරුනු ලෙස බෙදී වෙන්වෙන ලකුනු තියෙනවා. ජේ වී පියද දරුනු ලෙස කැඩී වෙන් වෙන්න යනවා වගේ.

    1.ජේ වීපියේ එක පැත්තක් මිලිටරි, අනෙක් භාගෙ වමේ මිලිටන්ට්, 2.සරත් ෆොන්සේකා මිලිටරි,
    3.යු එන්පියේ එක භාගයක් දකුනට මිලිටන්ට්, අනෙක් භාගෙ ලිබරල්,
    4. ශ්‍රි ලංකා එකේ එක භාගයක් දකුනට, අනෙක් භාගෙ ලිබරල්, ටිකක් වමට,
    5. හෙල කරුම මිලිටරි,.......
    ලකී, එන පොට හොඳ නෑ කියලත් කිව්ව් අවසාන කතාවෙදී??

    සාමාන්‍ය ජනතාවට ස්තෝත්‍ර, පිරිත්, ටෙලි නාට්‍ය, දොරමඬලාව....

    වැඩියෙ දැඟලුවොත්...?.
    dayal- bathee

    ReplyDelete
  7. මේ අන්තිම ලකීත් නෙවේ. පළමු ලකීත් නෙවේ. මීට පෙරත් මෙවැනි දේ සිදුවී තිබෙනවා. ඒකනේ වග කිවයුත්තන් "නෑසු කණ්වම" සිටින්නේ. වෙඩි තැබූ එකා චෙන්නායි වලදී අල්ලලා තියෙන්නේ. කොච්චර දක්ෂද අපේ පොලිසිය.
    හෙට අනිද්දා ...." භාරතට වෙඩී තැබූ තුවක්කුව සැඟවූ තැන පෙන්වීමට යද්දී සැකකරු ගඟට පැන දිවි නසා ගනී" කියල පත්තරේ නොතිබුනොත් ලොකු පුදුමයක්. අනේ අපේ රටට වෙලා තියෙන දේ.

    ReplyDelete
  8. හරි හෝ වැරදි මේ මිනී මරා ගැනීම් අනුමත කරන්න බැහැ ....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්