Followers

Friday, October 21, 2011

කර්නල් ගඩාෆි, සදාම් හා සෝමවංස අමරසිංහ

කර්නල් ගඩාෆි කියපු එක දෙයක් කලා, ඒ අන්තිම මොහොත වෙනකම් සටන් කරනව කියපු එක. අනෙක් කාරනාව තමයි ඔහු කිව්ව මෙය මාස හය හතක් යන සිවිල් යුද්දයක් කියල. පෙබරවාරියෙ පටන් ගත්ත සටන් ඉවර උනේ ඊයෙ, මාස අටක් දිග්ගැස්සුනා. ඇමරිකාව මෝර උනේ නෑ මේ වාරේ, සයිඩ් එකේ ඉඳල රැවුලයි කැඳයි දෙකම බේරගත්තා වගේ. යුරොපේ මේ දවස්වල ගිනි කෙලි, රස්සාවල් හිඟයි, ජීවත් වෙන්න අමාරුයි. යුරෝපෙ මිනිස්සුන්ට පොඩි කික් එකක් මේකෙන් ලැබෙයි. ඇයි නේටෝ Nato එකනේ බැහැල ගේම දුන්නේ.

මගේ පුතේ මං උඹට ආදරෙයි කියල ඔබාමට බටර් ගෑවත් සදාම්ට ගැලවිල්ලක් ලැබුනෙම නෑ. සියලුම් හෙට්ටු කිරීම්, සාකච්චා බිඳ වැටුනා, බටහිර හා අමෙරිකාව මුන්දගෙ මූණට කැමති උනේම නෑ.

අපේ තේ බීපු, නොබැඳි සමුලු පුරෝගාමියෙක් වන ලංකාවට වරක් ඇවිත් ගිය ගඩාෆිට ශුභ පතන්නෙ කොහොමද, මිනිසුන්ට විරුද්දව ඒකාදිපති පාලනයක් ගෙන යාමේ විපාක තමයි මේ. අවුරුදු හතලිස් දෙකක රට පාලනය කලා මදෑ.

අලුත් උන්දලා රට කරන්නේ කොහොමද කියලාවිමසීමෙන් සිටිමු.  ගත්ත ණය ගෙවානත් තියෙනවනේ බටහිරට...
Celebrations in Tripoli



this photo is from web
අපේ සෝමවංශ මහත්තය කියනව පක්ශේ ඇතුලේ කිසිම ප්‍රශ්නයක් නෑ කියල, අපි අනෙක් පාර්ශවය පරද්දනව කියලත් කියනව.

මට මතක් වෙන්නෙ සදාම්  අමෙරිකන් ප්‍රමුක බටහිර හමුදා පහර එල්ල කරන්න පටන් ගත්ත කාලේ. සදාම් ගේ විදේශ ඇමති මාද්‍යට කියනව අපිට කිසි ප්‍රශ්නයක් නෑ. යැංකි හමුදා අපි ඉක්මනින් ඉරකයෙන් පලවා හරිනව කියල. ඒ ගැන ඔබ සැම දන්නව. ඇමරිකාව ඉරාකය කුඩුකලා. සදාම් මීයෙක් වගේ ගුලක ඉඳලයි එලියට ඇදල ගත්තේ.
මාසයක් ගියේ නෑ ඉස්සෙල්ලම විරුද්ද පාර්ශවයට එක් උනේ ඒ විදේශ ඇමති.

සෝම්වංශ මහත්තයට කාර්යාලෙ තිබුන මාක්ස්ගෙ පින්තූරෙවත් බේරගන්න බැරිවෙලා, ඒකත් 'විප්ලවවාදීන්' ඩැහැගෙන ගිහිල්ල.
ඒකත් ප්‍රශ්නයක්ද නේද සහෝදරය?

අන්තිම වශයෙන් කියන්න ඕනේ අර බුවා මේ ලඟදී දාල තිබුන පෝස්ට් එකක්, හොඳ කතා කාරයෙක් ඉල්ලලා ලංකා පොලිසියට;
 මං හිතන්නේ මිනිහව අරගෙන තියෙන්නෙ ලිබියන් අලුත් ආන්ඩුව.
වෙඩි හුවමාරුවේදී කාගෙන් වැදුනද දන්නේ නෑ (හරියටම ඔලුවටම වැදිල තමයිලු) ගඩාෆි එලෝ ගිහිල්ල තියෙන්නෙ.
http://www.bbc.co.uk/news/world-africa-15398866
http://gulfnews.com/news/region/libya/al-jazeera-tv-shows-gaddafi-apparently-alive-when-captured-1.910774

9 comments:

  1. ලංකාවෙනං දැන් හැම පක්ෂයක්ම අන්තෝ ජටා බහි ජටා ...
    ඇතුලෙත් ගැට පිටත් ගැන ....
    ඔය ගැට කවද ලෙහෙයිද දන්නෙ නැහැ .....

    ReplyDelete
  2. ඒකාධිපතියන්ට අයත් වෙන්නේ ඔය ඉරණම තමයි , මේක ඉස්සර හිටපු අධිරාජ්‍යයින්ගෙ ඉඳන් ඉස්සරහට වෙන්න ඉන්න ඒකාධිපතීන්ටත් පොදුයි

    ReplyDelete
  3. පව් අප්පා ගඩාපියා....
    ඇමරිකන්කාරයෝ උඩ පනින එක තමා ඉවසන්න බැරි...ෂික්...

    ReplyDelete
  4. පන්සල් හංදිය, ලෙහන්න දෙන්නෙත් නෑ

    ReplyDelete
  5. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili
    බලය ඇස් වසයි

    ReplyDelete
  6. kc
    එයා නම් පව් නෑ

    ReplyDelete
  7. ගඩාෆි, ගඩාෆී
    හොරෙන් පුවක් කඩාපී!

    ReplyDelete
  8. මහ උන්ගෙ මාලිග - බිඳී වැටෙනා විට
    පොඩි උන් ද එහි ඇති - ඊට යටවී මැරීයේ
    (හුණුවටයේ කතාව)

    ReplyDelete
  9. ඒකාධිපති හැමෝටම එහෙම වෙන්නෙත් නෑ ඒ රටේ ඉන්නෙ වැඩිපුර හරක්නම්..

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්