Followers

Wednesday, October 26, 2011

පාස් උනොත් නංගිල ලකී නැත්නම් ජුකී -විශ්ව විද්‍යාලයට යන්නම ඕනද ? ධන(ය) ආත්මක චින්තනයේ දිගුවකි, පෝසත් වෙන විදියකි

GCE O/L GCE O/LGCE O/LGCE O/L
GCE A/L GCE A/L GCE A/L GCE A/L MBBS
Bsc, BCom LLB, AAT, CIMA, MSc, PHD, Mphill



මං මේ කියන්න යන දෙයින් මට දෙමාපියන්ගෙන් දෝසාරෝපන අහන්න වෙයිද මන්ද?  මේ ලියන දේ 100%ක් හදවතට එකඟද නැත. ඒත් මෝඩ අදහස් කියල දෙයක් මේ ලෝකෙ නෑ.  මෙය කියවීමෙන් ඥාණවන්තයකුට හොඳ අදහසක් පහල වෙන්න පුලුවන් නිසා මෙය ලියමි.

මේ වසරේ උසස පෙල විභාගෙ ප්‍රතිපල එන්න කිට්ටුයි නේද? පපුව ඩොග් ඩොග් ගාලා ගැහෙමින් ඉන්න කාලෙ; විභාගෙ ෆේල් උනොත් ලෝකෙම විනාශ වෙනවද?
මම ගනිතයට 90%ක් ගන්න කොට අම්ම කියනව බයෝ කරන්න කියල. ඒක තමයි මං ෆේල් උනේ!
මේ වගේ හෙතු වශයෙන් දේවලුත් තියෙනව ලමයින්ගේ අසාර්තකවීම්වලට.

විභාගේ සමත් උනත් අසමත් උනත් ජීවිතේ පටන් ගත්ත විතරයි. අවුරුදු 18 කියන්නේ හිරිමල් ජව සම්පන්න වයස. මම උපෙ විභාගෙ කරල ප්‍රතිපල එනකම් වැඩකලා ටුවරිස් හෝටලේක, ඇත්තටම මහ ගොඩක් අත් දැකීම් ලබාගන්න පුලුවන් තැනක්. ඒක පැත්තකින් තියමුකෝ.

විභාගේ සමත් වූවන්ගෙත් 85%කට සරසවි දොර වැහෙනව. මොකද්ද මේ විකාරේ. මොන බම්බුවකටද එහෙනම් මේ වැනි විභාගයක් තියන්නෙ. මට වෙලාවකට හිතෙනවා එහෙම. ඒත් ඇත්ත ඒකයි!

විභාගේ අසමත් උනා හෝ විශ්ව විද්‍යල සුදුසු කම් නොලැබුනා කියල දිවි නහගන්න කවුරුවත් නෑ. හැමෝම සත්‍යට මුහුන දෙනවා. එයට පොඩි ධනාත්මක (ඇත්තටම මෙතැනදී එය ධනයාත්මක විය යුතුයි ) එකතුකිරීමක් කරන්නයි බලන්නේ දන්න දෙයක් ලියල. විශ්ව විද්යාලට නොගිය අය, ගිය අය මෙන්ම සමහර විට, වඩා හොඳින් ජීවත් වන බව අවුරුදු ගනනාවක අත්දැකීමෙන් මට කිව හැකිය. ඒක ඔබත් දන්නව.

ලංකාවේ විශ්වවිද්‍යාල ජීවිතයට අවම වශයෙන් අවුරුදු පහක් ගතවේ. උසස් පෙල විභාගයට පෙනී සිටි දා සිට රැකියාවක් ලැබෙන තෙක් කාලය  ගනන් බැලුවහොත්;  ස්ට්‍රයික් ආදිය නිසා වන පමාවල් හේතුවෙන් තව අවුරුද්දක් වත් එකතුකල යුතුය. මෙය තනිකරම හොඳ ජව සම්පන්න තරුන කාලය කා දැමීමක් ලෙස සමහරු දකිති.

පාස් උනොත් නංගිල ලකී
නැත්නම් ජුකී

කෙල්ලනට ගාමන්ට්
කොල්ලන්ට පේමෙන්ට්

මේව දේශපාලන සටන් පාඨ වුවත් ත්‍රී වීල් සාහිත්‍යයේ කොටස් වුනත් ඇත්තක් නැත්තෙත් නෑ.

ඒ උනත් කෙනෙක් ඉපදුනොත් විශ්ව විද්‍යාලයට යන්නම ඕනෙද?

 මගේ පන්ඩිත පුන්චි මොලේට තේරෙන විධියට  එය ඕනෑම නැත.
යන්න පුලුවන් නම් හොඳයි,  ගියයි කියල වෙන ලොකු හොඳක් නම් නැත.
අද දවසේ ඉගෙනිය යුතු ප්‍රධාන විශයන්  තුන නම් ඉංග්‍රීසි බස, පරිගනක බස හා අඳින පලඳින විදියයි. ඔය තුන ඉගෙනීමට විශ්ව විද්‍යාලයට යන්න උවමනා නැත.

ඇත්තටම විශ්ව විද්‍යලය තිබෙන්නේ ඉන් පිටතය.

 එය විවෘත නිදහස් ජීවිත විශ්ව විද්‍යාලයයි

විශ්ව විද්‍යලයට යන්න නොලැබුනා කියන්නෙ එක දොරක් වැහුන කියන එක පමණයි. අප බොහෝ අය විශ්ව විද්‍යාලයට ගොස් නාහෙන් අඬ අඬ අකමැති දේ තමයි ඉගෙන ගන්නේ. මඩගොරුවෙන් එලියට ඒමට ලැබෙන සහතිකය සත්තකින්ම  යම් උදව්වක් වෙනව රැකියාවක් ලබාගැනීමට ආදීයට.

ඒත් ඇත්ත තත්වය නම් , යන්න නොලැබුනා කියන්නෙ තමන් කැමති දේ කරන්න අවස්තාවක් ලැබුන කියල හිතන්න.
තමන් කැමති දේ කරන්න,
 ජීවත් වෙන්න මාර්ගයකුත් එයින් පෑදේවි

උදාහරණ ලෙස,
හින්දි ඉගෙනගන්න, දෙමල ඉගෙනගන්න, ඇඳුම් මහන්න ඉගෙන ගන්න, දේශපාලන පක්ශ වලට බැඳෙන්න, ඒ නායකයෝ විශ්ව විද්යාලයන්ය. මහණ වීමත් හොඳ * උසස් රැකියාවක් profession. (ඩිග්‍රී ගත්තත්, මොනා ගත්තත් දනගහල වඳින්න ඕනෙ මහණදම් පුරන භික්ෂූන්ට භික්ෂුනීන්ට, අර කට කතාවක් තියෙන්නේ අපේ සෝම හාමුදුරුවෝ කොල්ල කාලෙ අභියෝග කළා වගේ,) ජ්‍යයොතිෂය, අරාබි භාශාව, ගමේ, තම ජීවත් වන ප්‍රදේශයේ දියුනුව පිනිස හේතුවන කුඩා ව්‍යාපෘති සකසන්න, එය බලදාරීන්ට ඉදිරිපත්කරන්න. අන්තර් ජාලය විශ්ව විද්යාලයකි. අවශයවන්නේ මග පෙන්වීමක් පමණයි.
සංගීතය හදාරන්න, නටන්න, පිට පලාතකින් ඉඩමක් අරගෙන බුරුත, කොස් ආදිය වවන්න, ගොටු කොල මුකුනුවැන්න වවන්න.
 මේ හැම ක්ශේත්‍රයකිනම ජීවිත පරිඥානයක් මෙන්ම සමාජ තත්වයක් ලබාගත හැකි බව කියන්නේ නන්දා මාලිනි.(දොරමඬලාව)

අප නොකරන දෙයක් තමයි ඒ ඒ ක්ශෙත්‍රවල නිපුනයන් සමග සාකච්චා නොකිරීම, උපදෙස් නොගැනීම.

මොනවද කරන්නේ කියන දේට වැඩියෙ  වැදගත් එය කොහොමද කරන්නෙ කියන එක නොවෙද? දොස්තර කෙනෙක් වුවද සිය රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන්නේ නම් ඔහුගේ දොස්තරකමෙන් වැඩක් තිබේද?  බලන්න මේසන් කාර්මිකයෙක් විසින් වැසිකිලියක් සෑදීමෙන් ලෙඩ රෝග බෝවීම කොපමන අඩුවෙනවාද, කානුවක් ඉදිකිරීමෙන් කොපමන ලෙඩ වැලකෙනවාද? වැදගත් වන්නේ කරන්නේ මොනවාද යන්නට වඩා කරන්නේ කොහොමද කියන එකයි.
අප කරන දෙය අවබෝදයෙන් කිරීමයි අවශ්ය!

සල්ලි වලින් ගනන් බලන්න කැමති කෙනෙකුට මෙහෙම ගනන් බලන්නත් පුලුවන්.
මාසෙකට රුපියල පන්දාහක් ඉතිරි කරන්න පුලුවන්නම්
5000 x12 x 5=300000
ඒ වගේම බලන්න අවුරුදු පහක් තරුන කෙනෙක් ජීවත් කරන්න කීයක් යනවද කියල, කෑම බීම ඇඳුම් පැලඳුම්, විනෝදයට, ටියුශන්, මං හිතන්නෙ මාසෙකට 3000ක් තියමු

3000 x 12 x 5 = 180000
සාමාන්ය ගෙයක ආර්තිකයට තුන්දහක බරක් අඩු උනාම ගෙදර පියාට මවට කොපමන සහනයක්ද?

වි වි ගිහිල්ල උපාධිය අරගෙන හෙම්බත්වෙලා රස්සාවකට අලුතෙන් යන කෙනෙකුට වඩා ලක්ශ පහක් ඉදිරියෙන් සහ පලපුරුද්ද් අතින් ඊටත් වඩා ඉදිරියෙන්.

හැබැයි මෙය සාර්තක වෙන්නේ මුදල් හෝ වෙනයම් විදියකට ඉතිරි කලොත් පමනයි!

වි වි ගිය අය පරද්දන අනෙක් විදිය තමයි ඔබ ජීවිතය ඔවුනට වඩා පුලුල්ව බලන්නට පුලුවන් හැකියාව ලබාගැනීම. මොකද ඒ අයට ඉගෙනීම මිසක් ජීවිතේ විඳින්න ලැබෙන වේලාව අඩුයි.



ලෝකයේ ලොකුම ආයතන හොබවන කවදාවත් වි වි නොගිය පුද්ගලයින්
http://au.pfinance.yahoo.com/photos/photo/-/9862857/ceos-who-went-from-rags-to-riches/9862923/


*-profession-
උසස් පංක්තියේ රක්ෂාව
ඡායාරූප  http://readmyeye.wordpress.com/ අනුග්‍රහයෙනි

මේ සම්බන්ද තවත් පන්ඩිත අදහස් -පෝසත් වෙන හැටි

---------------------
6/9/13 දා රිවිර පත්තරේ පලවී තිබූ එස් බී දිසානායක ඇමති තුමාගේ කල කතාවක විස්තරයක්

http://www.rivira.lk/edition/visheshanga/51702-%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0-%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8F-%E0%B6%87%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A-%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92-%E0%B6%87%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%91%E0%B7%83%E0%B7%8A-%E0%B6%B6%E0%B7%92-%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A.htmlවේගයෙන් සංවර්ධනය වන රටකට විවිධ නිපුණතා ඇති දරුවන් අවශ්‍යයි - ඇමැති එස්.බි. දිසානායක
Print Email
Published on Friday, 06 September 2013 03:00 Hits: 27
නිර්මාණශීලීව අලුත් දෙයක් බිහි කිරීමට වෘත්තීය අධ්‍යාපනය මග කියා දෙනවා යැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බි. දිසානායක මහතා පැවසීය. ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන උඩුනුවර, වේගිරිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

අද මේ අවස්ථාවට සහභාගි වෙන්න ලැබිම ගැන මම ඉතාම සතුටු වෙනවා. බන්දුල ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරුන් හා මම ඉතාම ළඟින් එකට වැඩ කරන අය. ඒකට හේතුව තමයි මේ රටේ ප්‍රාථමික, ද්විතීය හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන් භාරව කටයුතු කිරීම. ඩලස් ඇමැතිවරයා දීර්ඝ කාලයක් මාගේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ නිසා ඒ බැඳීම තවත් වැඩියි. කොහොම වුණත් මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ බරපතළ විකෘතියක් තියෙනවා. මේ රටේ අධ්‍යාපන ක්‍රමය තුළ 22ක් විතර ප්‍රමාණයක් පමණයි විද්‍යා විෂය ධාරාව හදාරන්නේ. තවත් 25ක් පමණ කළමනාකරණය, ගණකාධිකරණය, පරිපාලනය වැනි විෂය ධාරාව හදාරා තිබෙනවා. 53ක් පමණ සමාජ විද්‍යාව, මානව විද්‍යාව එහෙම නැතිනම් කලා විෂය ධාරාවන් සඳහා තමයි යොමුවෙලා තියෙන්නේ. අපිට අවශ්‍ය කරන්නේ ඒ 53 15 දක්වා අඩු කරන්නයි. අඩුම තරමින් 20 තත්ත්වයටවත් ගේන්න පුළුවන් නම් හොඳයි. ඒ අතරතුර තාක්ෂණ හා විද්‍යා විෂය ධාරාවන් හදාරන ප්‍රමාණය 50 දක්වා ඉහළ නැංවිය යුතුයි. කළමනාකරණය, පරිපාලනය, ගණකාධිකරණය වැනි ක්ෂේත්‍රයන් තුළ අධ්‍යාපනය ලබන ප්‍රතිශතය 25 ප්‍රමාණයේ තබාගත යුතුයි. එහෙම වුණොත් පෙර කී පරිදි කලා විෂය ධාරාව හදාරන පිරිස 20 ප්‍රමාණයේ තබාගන්න පුළුවන් වෙනවා. තව අවුරුදු 6ක් යනකොට මේ ඉලක්කය කරා ළඟාවීමයි අපේ බලා‍පොරොත්තුව.

එහි එක් පියවරක් ලෙස තාක්ෂණ විෂය පාසල්වල විෂය මාලාවන්ට ඇතුළත් කළා. උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාවෙන් හදාරලා පිටවෙන දරුවන්ට විශ්ව විද්‍යාල පාඨමාලා 60ක් සකසා අපේ අමාත්‍යාංශ යටතේ තාක්ෂණ විශ්ව විද්‍යාලයක් සඳහා පසුගියදා මුල්ගල් තැබුවා. එහි වියදම කොළඹ-නුවර අධිවේගී මාර්ගයටත් වඩා වැඩියි. මිලියන 12.000ක් විතර වෙනවා. එහි වැඩකටයුතු දැන් කරගෙන යනවා. අද මේ ලෝකයේ නැගිටින, වේගයෙන් සංවර්ධනය වැලඳ ගන්නා රටවල්වලට විවිධ නිපුණතා තිබෙන දරුවෝ අවශ්‍යයි. ශ්‍රී ලංකාව ඒ වගේ රටක්. චීනය, වියට්නාමය වගේ රටවල්වලට අපි ටිකක් දෙවැනි වෙනවා. අද අපේ රටේ ඵලදාව, නිෂ්පාදනය, ආදායම වැඩිවේගෙන යනවා. අපි නිෂ්පාදනය කරන තේ, ‍පොල්, රබර් යන අපනයන භෝගවලින් අලුත් නිෂ්පාදන හදාගෙන යනවා. ඉතා ගැඹුරු නැනෝ තාක්ෂණ පරීක්ෂණ අද කෙරීගෙන යනවා. අපි නිෂ්පාදනය කරන සමහර නිෂ්පාදනවල වටිනාකම අමුද්‍රව්‍යවලට වඩා සියයට හත් අටසීයක් වැඩියි. රට තුළ වරායවල්, අභ්‍යන්තර ගුවන් තොටු‍පොළවල් හැදීගෙන යනවා. ඉදිවෙමින් පවතින හෝටල් 403ක් සඳහා කාමර 15000ක් අලුතින් ඉදිවෙනවා.

අපේ ගෙවල්වලත් හුඟක් දේවල් වෙනස්වෙලා තිබෙනවා. අපේ ජීවන වියදම වැඩිවෙන්නත් මේ සංවර්ධනය හේතුවක්. අපේ ජීවන වියදම වැඩි කරගෙන තියෙන්නේ අපිම තමයි. අපි පාවිච්චි කරන විදුලි උපකරණ ප්‍රමාණය, යාන වාහන ප්‍රමාණය, දරුවන් ජනප්‍රිය පාසල්වලට දාන්න උත්සාහ කරමින් අපිම තමයි ජීවන වියදම වැඩි කරගෙන තියෙන්නේ. ඒ තමයි ලෝකයේ හැටි. රටක් දුප්පත්කමින් මිදිලා ‍පෝසත් වෙන්න පටන්ගන්නකොට මිනිස්සු හැසිරෙන්නේ තමන් ඉන්න තැනට වඩා ටිකක් උඩින්. එතකොට ජීවන වියදම් ප්‍රශ්න දැනෙනවා. අද ගෙදරක විතරක් ටෙලිෆෝන් කීයක් තියෙනවාද? ඕවා වියදම් තමයි. අපේ වියදම් අපිමයි හදාගෙන තියෙන්නේ. කුස්සියේ බත් උයන්න, තේ හදන්න, පලතුරු කපන්න, එළවළු කපන්න හැම දේකටම අපි විදුලිය පාවිච්චි කරනවා.

මේ තත්ත්වය එක්ක තාක්ෂණික හැකියාව ඇති අයගේ අවශ්‍යතාව වැඩිවෙනවා. ඒ නිසා ව්ශ්‍රී 1-7 දක්වා ගියාට පස්සේ උපාධි මට්ටමට යන්න පුළුවන්. ඊට පස්සේ පශ්චාත්  උපාධි ඩ්ච්, දක්වා යන්න පුළුවන්. අද ඩලස් ඇමැතිවරයා දරුවන්ට පාරක් හදලා තියෙනවා. සා.පෙළ දක්වා ඉගෙනගත් දරුවන්ට වෘත්තීය පුහුණු පාසලකට ඇතුළු වෙලා මෙතැනින් අදාළ සුදුසුකම් හදාගෙන විශ්ව විද්‍යාල ආයතනයක් දක්වා යන්න පුළුවන්. දැනටම අපි විවෘත විශ්ව විද්‍යාල තුළ ඉංජිනේරු උපාධියක් දක්වා යන්න ඉඩකඩ හදලා තියෙනවා. නැගිටින රටකට ලාභ ශිල්පීය පැත්තකට යන එකයි.  ඒ කියන්නේ මුලින්ම හොඳ බාස් කෙනෙක් වෙන්න ඕනේ. අද ත්‍රීවිල් හදන්න පුළුවන් මනුස්සයකුට, මෝටර් බයිසිකල් හදන්න පුළුවන් මනුස්සයකුට ඕන තරම් මුදල් උපයන්න පුළුවන්. ලංකාවේ මහා විශාල ධනපතියෙක් වෙන්න පුළුවන්.

ලෝකයේ වෛද්‍ය විද්‍යාත්මක, රසායන විද්‍යාත්මක වගේ අලුත් සොයා ගැනීම් කරන වැඩිදෙනෙක් උපාධි, පශ්චාත් උපාධි, ගෞරව උපාධි ලබාගත් අය. හැබැයි ලෝකයේ තාක්ෂණික නිපැයුම් හදන සියලු දෙනාම බැලුවොත් අපි මේ කියන විධිමත් අධ්‍යාපනය නැති අය. අපි මේ පාවිච්චි කරන බල්බය හැදුවේ තෝමස් අල්වා එඩිසන්. ඊට පෙර මුළු ලෝකයේම පාවිච්චි කළේ ලාම්පු. තෝමස් කියන්නේ පාස‍ලේ හය වසරට පමණක් ඉගෙන ගත්ත ළමයෙක්. කන්න නැතුව මහ පාරේ වැටිලා හිටපු ළමයෙක්. පත්තර විකුණපු මිනිහෙක්. එක පාරටම බල්බය හැදුවට පස්සේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ එංගලන්ත පාර්ලිමේන්තුව විශේෂ කොමිසමක් පත් කළා. ගෑස් උඳුන් හිමියෝ පාර්ලිමේන්තුව වට කරලා ඇහුවා මොකක්ද අපිට වෙන්න යන්නේ කියලා. ඒ කොමිසමේ හිටියේ ලෝකයේ හොඳම විද්‍යාඥයෝ. සේරම කිව්වා තෝමස් අල්වා එඩිසන්ට පිස්සු කියලා. හැබැයි ඊට අවුරුදු 2කට පස්සේ ඔහු මේ බල්බ් එක හැදුවා. විදුලියේ ශ්‍රමතාව මනින හැටි හැදුවේ ජේම්ස් වොට්. ඔහු රසායනාගාරයක හිටපු කම්කරුවෙක්. වාෂ්ප එන්ජිම හැදුවෙත් ඔහු. මේ අයට විශ්ව විද්‍යාල උපාධි තිබුණේ නෑ. ඒ නිසා ඔබගේ නිර්මාණාත්මක හැකියාව හදාගන්න හොඳම විදිහ ශිල්පීය පැත්තට යන එකයි.

ඉස්සර මාතර බාස් කියලා හොඳ බාස් කෙනෙක් හිටියා. ගංගාරාමේ ලොකු හාමුදුරුවන්ගේ අයියා. එයා හැදුවේ වොක්ෂ්වැගන් කාර් විතරයි. අපි විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා ගත්තෙත් පරණ වොක්ෂ්වැගන් කාර් විතරයි. ඒ කා‍ලේ ඉතින් වෙන වාහන ගන්න සල්ලි නෑනේ. මාතර බාස් ඒවා අරන් ගිය ගමන් ඉක්මනින් හදනවා. අද මාතර බාස් කියන්නේ ලංකාවේ විශාල ධනවතෙක්. විශාල ධනවතුන් ව්‍යාපාරිකයන් වෙන්න මේ මාර්ගයේ ගියොත් ඔබට පුළුවන්.

චාල්ස් ඩාවින්ව විශ්ව විද්‍යාලයට ඇරියා. විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයෙන් කිසි දෙයක් ගත්තේ නෑ. ඒවායේදී ඉගෙන ගත්තේ නෑ. ඒත් එයා පරිණාමවාදය හැදුවා. හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ඉස්කෝ‍ලේ පහට විතරයි ගියේ. ඒ නිසා මේ දරුවෝ සා.පෙළ, උ.පෙළ පාස්වෙන්න බැරිවුණා කියලා දුක්වෙන්න එපා. මැෂින්, ටී.වී, විදුලි උපකරණ වුවමනාවෙන් අතගාන්න. කඩන්න, හදන්න. ලෝකයේ මහා නිර්මාණකරුවෙක් වෙන්න ඔබට පුළුවන්. ඉදිරි කාලයේ මේ රටට තාක්ෂණික දැනුම තියෙන අය අත්‍යවශ්‍ය වෙනවා. අපේ රටේ එක්ස්රේ මැෂින් එකක්, ස්කෑන් මැෂින් එකක් හදාගන්න කෙනෙක් නෑ. ඒවා හොයන්න. නව නිර්මාණ කරන්න. මේ දරුවන්ගේ අනාගතය හරි දීප්තිමත්. තෙල් ගාගෙන, මජන් ගාගෙන ටිකක් දුෂ්කර ක්‍රියා කරන්න වෙයි. ඒත් කතා දෙකක් නෑ අනාගතය දීප්තිමත්. ඒ වෙනුවෙන් ඩලස් ඇමැතිවරයා ඇතුළු මේ නිලධාරීන් දක්වන උනන්දුව මම අතිශය අගය කොට සලකනවා. අපේ මානෙල් බණ්ඩාර මන්ත්‍රීතුමන් මේ කටයුත්ත වෙනුවෙන් දරන උත්සාහය මම ඉතා අගය කොට සලකනවා. මෙම අවස්ථාව සඳහා හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී මානෙල් බණ්ඩාර මහතා සහ වේගිරිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානාධිපති, එම ආයතනයේ නිලධාරීන් සහ ශිෂ්‍යයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

----------------

‘චූන් පාන් වෙනුවට චූන් කිරි’ – අත හිත දයාසිරිගෙන්‘පහුගිය ඉතිහාසයේ මානව සම්පත් සංවර්ධන අධිකාරිය මඟින් කරලා තිබුණේ තමන්ට කැමති අයට,හිතවතුන්ට, තමන්ට උදව් කරපු අයට හිතුමතේට කැමති කැමති විදියට ණය දෙන එක. තනි පුද්ගලයින්ට ණය දීලා. ඒවා පියවගන්න ක්‍රමයක් නැහැ. එදා ඒ දුන්නු ණය මුදල් එකතු කරගන්න අද අපේ නිළධාරීන්ට යන්න වෙලා තියනවා. නෝනාට දීපු ණය මහත්තයා වියදම් කරලා. නැත්නම් වෙන ණයක් ගෙවලා. අන්තිමට මේක ගෙවාගන්න බැරුව හිරවෙලා’ යයි වයඹ ප‍්‍රධාන ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ පැවසූයේ  වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වයඹ මානව සම්පත් සංවර්ධන අධිකාරිය මඟින් සංවිධානය කළ ග්‍රාමීය සමුපකාර සංවිධානවල සාමාජික සාමාජිකාවන්ගේ සහ පෞද්ගලික ව්‍යවසායකයන්ගේ ස්වයං ජීවනෝපායන් සංවර්ධනය සඳහා වූ  ස්වයං ජීවනෝපාය සංවර්ධන මුල්‍ය පහසුකම් ප්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.
ජයසේකර මහතා එහිදී මෙසේද කීය.
‘වයඹ පළාතෙන් රටේ දේශීය දළ ජාතික නිෂ්පාදනයට  මේ වෙනකොට 9.6% ක ප්‍රමාණයක් ලබාදෙනවා.2016 වර්ෂය වනවිට එය 15% දක්වා වැඩි කරගන්න අපට අවශ්‍ය වෙලා තියනවා.ඉලක්කයක් තියනවා.ඒ වෙනුවෙන් අපිට පියවර 2 ක් ක්‍රියාත්මක කරන්න වෙනවා.පළමුවැන්න ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන එක.දෙවැන්න නව ආයෝජන ඇතිකරන එක සහ දැවැන්ත කර්මාන්ත ගොඩනගන එක.
කිරි නිෂ්පාදනය ගත්තොත් අද කිරි දොවන්නේ උදේට විතරයි.නමුත් හවසටත් කිරි දොවන්න පුළුවන්.ප්‍රශ්නය තියෙන්නේ හවසට කිරි දෙව්වට ඒවා විකුණගන්න ක්‍රමයක් කිරි ගොවීන්ට නැහැ.මිලදී ගන්න ආයතනයක් නැහැ.නමුත් අපි දැන් ඒකටත් වැඩපිළිවෙලක් ගොඩනැගුවා.පවත්වපු සාකච්ඡා වල ප්‍රතිපලයක් විදියට රුපියල් මිලියන 1000 ක් වියදම් කරලා පොල්ගහවෙල ප්‍රදේශයේ “Elephant House” ආයතනය මඟින් කිරි මිලදී ගන්න මධ්‍යස්ථානයක් ආරම්භ කරගෙන යනවා.ඉදිරියේදී කිරි ගොවීන්ට එළදෙනුන් ලබාදෙන්නත් ඔවුන් ක්‍රියා කරනවා.මුළු වයඹ පළාතේම දේශීය කිරි ගොවීන්ගේ කිරි ටික එකතු කරගන්න ඔවුන් අවශ්‍ය කටයුතු කරයි.
ඊට අමතරව වයඹ පළාතේ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් සමුපකාරයට ලක්ෂ 50 ක් ලබාදෙනවා සංවිධිත ලෙස කිරි පට්ටි පාලනය කරගෙන යන්න.ඉස්සර වගේ ගවයින්ව ගහේ බැඳලා තියන්න නෙවෙයි,සිමෙන්ති වලින් මඩු හදලා කෑම දෙන්න වගේම කිරි දොවන්න අවශ්‍ය මැෂින් සවි කරලා අපද්‍රව්‍ය ටිකත් පාවිච්චි කරන්න පුළුවන් විදියට ඉවත් කරගන්න පුළුවන් විදියට ඒවා ගොඩනගන්න අවශ්‍ය වැඩටික කෙරෙනවා.
ඉස්සර තිබුණා වගේ කිරි කරත්ත වෙනුවට අළුත් වාහන යොදවනවා.එතකොට “චූන් පාන් වෙනුවට චූන් කිරි” දෙන්න පුළුවන්.පිටි කිරි භාවිතය වෙනුවට අමුකිරි භාවිතා කරන්න පුළුවන්.මේ හැමදේම තුළින් වයඹ  පළාතේ කිරි නිෂ්පාදනය වැඩිවෙනවා.
ග්‍රාමීය ප්‍රදේශ වල තියන ඉඩකඩම් වල මයියොක්කා හිටවන්න පුළුවන්. එක අක්කරේට ගම්මිරිස් වගා කරොත් ලක්ෂ 5 ක් හොයාගන්න පුළුවන්.ආණ්ඩුවට බැන බැන ඉඳලා වැඩක් නැහැ.අපේ පළාතේ තියන ඉඩකඩම් වලින් අපිට උත්සාහවන්ත වුනොත් විවිධ ස්වයං රැකියා කරලා හම්බකරන්න පුළුවන්.සමහර අඹ වර්ග වගේම අන්නාසි වර්ග තියනවා ගෙඩිය පිටින්ම ගන්න ආයතන තියනවා.මේ වගේ අළුත් දේවල් හඳුනාගෙන වෙළඳපොල හොයලා දෙන හැටි ඒවා වර්ධනය කරන හැටි හොයලා බලලා දැනුම දෙන්න පුළුවන්.
අපි අද 394 දෙනෙක්ට ණය ලබාදෙනවා.ඒක අපි 1000 ක් දක්වා වර්ධනය කරගමු.ඊට පසුව ඒ ප්‍රමාණය 2000 ක් දක්වා වැඩි දියුණු කරගමු.
වයඹ පළාතේ වැව් 4000 කට අධික ප්‍රමාණයක් තියනවා.වැව් සමිති පිහිටුවලා වැව් 1000 ක් ගැඹුරු කරන්න පුළුවන්.ඊට පස්සේ අපිට පුළුවන් මිරිදිය කර්මාන්තය නගා සිටුවන්න පුළුවන්.රුපියල් 1.50 ක් වගේ සුළු මුදලක් එක් මත්ස්‍ය පැටවෙක් වෙනුවෙන් වියදම් කරලා එක් මාළුවෙක්ගෙන් රුපියල් 380 ක් වගේ මුදලක් උපයන්න පුළුවන්.නුවර,නුවරඑළිය වගේ ප්‍රදේශ වලට ඒවා යවන්න පුළුවන්.
මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයෙන් F 9 ක් ගත්තු දරුවෝ 600 ක් ඉන්නවා.මම ඒ අයව ගෙන්නගන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.මොකද ඒ අය තමයි එක එක පැති වලින් නිර්මාණශීලී වෙන්නේ.ඒ අය උත්සාහවන්ත නම් කම්මැලි නැත්නම් විවිධ රැකියා තියනවා.හැමෝම රජයේ රස්සාවල් වලටම යන්න ඕනෑ නැහැ.අරයට මෙයාට නැවෙන්න ඕනෑ නැහැ.වඳින්න ඕනෑ නැහැ.තමන්ගේ අභිමානෙන් වැඩ කරන්න පුළුවන්’
- NWP Media
1,986 Viewers

9 comments:

  1. කතාව නම් ඇත්තම ඇත්ත.

    ReplyDelete
  2. දයාල් බතී ලඟ බොරු නෑනේ!

    ReplyDelete
  3. දැන් කාලේ හොඳම වැඩේ තමා වෘත්තීය පලපුරුද්දක් තියන දෙයක් ඉගෙන ගන්න එක .....

    මේසන් බාස්, ගැරේජ් බාස් වගේ ඒවා පහලයි කියලා හිතන නිසා තමා හුඟක් අය දැන් අමාරුවෙ වැටිලා තියෙන්නෙ ......

    ඕක අපේ සමාජ ක්‍රමේ වැරැද්ද ......

    ReplyDelete
  4. මෙහෙමයි, මේ පෝස්ට් එකට මම සම්පූර්ණයෙන් එකඟයි. උත්සාහය විතරයි ඕනෙ. මම ගත්තත් වැඩි අවස්ථාවක් තිබ්බේ වල් වැදෙන්න. ඒත් මම අද ඉන්නේ බොහොම හොද තැනක. ක්වුරුත් හිතුවේ නැහැ මම මෙහෙම වෙයි කියලා. කොටින්ම මම මගේ විද්‍යාවේදී උපාධිය අතහැරලා දැම්ම දවසේ ඉදන් මගේ අම්ම දුක් වුනා හරියට මම නාස්ති වුනා. කොහෙවත් තියන ආයුර්වේදයක් බදාගෙන කියලා. ඒත් අද මගේ අම්මා අඩම්බරෙන් කියනවා යන යන තැන අහවලා මගේ ලොකු පුතා කියලා. ඔබගේ ලිපිය කවුරුත් කියවයි, යමක් ඉගෙන ගනියි කියා මම හිතනවා.

    ReplyDelete
  5. පොඩි කුමාරි හාමිනේ, ස්තූතියි
    පන්සල් හංදිය, ඉස්සර පොට්ට්ය, පස්සෙ අන්ධය උනා, දැන් දෘශ්‍යාබාදිත ආදී ගරු කටයුතු බවට පත්වී තිබෙනවා. වචනයක වෙනස බලන්න. ඇස් නොපෙනුනාට ඒ අයත් මිනිස්සු! ඒ වෙනසම ඒ පැත්තෙත් ඇතිව යුතුව තියෙනව, අනිවාර්යයෙන්ම එය ඇතිවිය යුතුයි, තව ටික දවසකින් එවැනි නීතිත් ගෙනේවී.

    ReplyDelete
  6. උදාහරණ වලට වැඩි දුර යන්න ඕනෙ නෑ, අපේ මහ වෙදනමහත්තයම හොඳ උදාහරනයක්, බොහොමත් ස්තූතියි !

    ReplyDelete
  7. හොඳ ලිපියක්...

    ඒත් මේක ගැන විරුද්ධ අදහස් හුගාක් තියෙන්න පුළුවන්...ඒ කොහොම උනත් මගේ නම් සිහිනයක් තමා පොල් කඩන මනුස්සයයි..ඉංජිනේරුවයි එකම මේසේ දෙපැත්තේ වාඩි වෙලා අඩියක් ගහන මට්ටමට රාටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙයි කියන එක...

    සාමාන්‍ය සමාජයේදී හුගාක් අය තම තමන්ට ආරූඪ කරගත්ත මාන්නය හින්දාත්..සමහරු විහින් හදා ගත්ත හීන මානය හින්දත් මේක සිද්ධ වෙන එක ලේසි නැහැ.. ඒත් අද වෙනකොට බ්ලොග් අවකාශය හරහා ගොඩ නැගෙන මිතු දම් හරහානම් ඒ තත්වය උදා වෙමින් පවතිනවා...

    ඒ තත්වය එයින් ඉදිරියට යැවේවා...

    කොහොම උනත් ඔය දයාල් කිව්ව කාරණා හුග ‍හරියක් ඇත්ත...

    එක පංතියේ එකට ඉගෙන ගත්ත කොල්ලෝ තුන්දෙනෙක් හිටියා...
    එකෙක් 8 පන්තියේදි නැවතුනා... ඌ හුගාක් වැඩ කරලා මහන්සි වෙලා කාගෙවත් උදව්වක් උපකාරයක් නැතිව අද වෙනකොට ගෙයක් දොරක් වාහන කිහිපයක්..ව්‍යාපාර කිහිපයක් ඇතිව පවුල් පන්සල් වෙලා හොඳින් ජීවත් වෙන ගමන්ම තවත් හතර පස් දෙනෙකුට රස්සාවල් දීලත් තියෙනවා..

    තව එකෙක් කෑම්පස් ගිහින් දැන් රස්සවාක් කරන ගමන් තව තවත් ඉගෙන ගන්නවා.. අම්මලාගේ උදව්ත් ඇතිව ගෙයක් නම් හදාගෙන යනවා.. ඒත් තවම බැඳලා නැහැ...කොහොම උනත් තව අවුරුදු 5ක් ඇතුලත මිනිහත් සාමාන්‍ය තරමකට ඔළුව උස්සයි කියලා හිතන්න පුළුවන්...

    තුන් වැනි එකාද..? ආ ඌ ඕ ලෙවල් කරලා නැවතිලා රට වටේ තියෙන තරං රස්සාවල් කරලා.. අන්තිමට මහණත් වෙලා..ඒකෙනුත් ගිහින් දැන් සිකුරිටි ජොබක් කරන ගමන් අමතරව ජ්‍යොතිෂ වැඩත් කරනවා... ඒ මදිවට බ්ලොග් එකක් ලිය ලිය ඔහේ වගේ වගක් නැතිව ඉන්නවා...

    ReplyDelete
  8. ස්තූතියි, මාරයාටත්

    ReplyDelete
  9. මාරයා අයත්වන්නේ මා කිවූ මෙන්න මේ කාන්ඩයට මහිතන්නේ;
    වි වි ගිය අය පරද්දන අනෙක් විදිය තමයි ඔබ ජීවිතය ඔවුනට වඩා පුලුල්ව බලන්නට පුලුවන් හැකියාව ලබාගැනීම. මොකද ඒ අයට ඉගෙනීම මිසක් ජීවිතේ විඳින්න ලැබෙන වේලාව අඩුයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්