Followers

Thursday, October 27, 2011

සිතක් තිබුන පලියට



කට තිබුන පලියට කතා කරන්න එපා නම්
(කට/දිව තිබුන පලියට සැමදේ කන්න එපානම්)

කන් තිබුන පලියට සැමදේ අහන්න එපානම්

ඇස් තිබුන පලියට සැමදේ බලන්න එපානම්

නාස තිබුන පලියට සැමදේ ඉඹින්න එපානම්

සම තිබුන තිබුන පලියට සැමදේ ස්පර්ශකරන්න එපානම්

ඇයි අපි ඕනෑවට වඩා යම් යම් දේ ගැන හිතන්නේ




නිල් මානෙල්, නෙලුම් මල් ආදිය හැදෙන්නෙ ජලයේ

මුල් මඩේ උනත් උඩට ඇවිත්

ලස්සනට පිපිල

මට හිතෙන්නෙ හිතත් ඒ වගේ

ශරීරයක් නැතිව හිතකට පවතින්න පුලුවන්ද?

හිතන්න බැරි ශරීරයක් මොකක් වගේද?
විලක් පතුලෙ නිකම් නිකං මඩ ගොහොරුවක්! ?


ඕන්න මං ආයේ ඕනෙ නැති දේවල් ගැන
හිතනව ඕනවට වැඩියේ?

-------------------
photo  by courtesy of
http://www.apartmenttherapy.com/planttherapy-lo-2-11710

5 comments:

  1. ඔය ඔක්කොම එකපාර ක්‍රියා කරන හන්දා තමයි අපි ඕනෑවට වඩා හිතන්නේ.

    අපේ හිත්නම්, ශරීරය එක්ක ඇත්තෙම නෑ. හිත දුවන් තරම් බලාන හිටියොත් මේ දේ තේරෙයි.

    ඔව්. ශරීරයක් නැතිව හිතකට ඉන්ට පුලුවන්...:D

    ReplyDelete
  2. කුමාරි හාමිනේ,
    මං ලිව්වෙ අහවලාගේ අකීකරු හිත ගැන නොවෙයි ඔන්න!
    වයර් එකක් නැතිව කරන්ට් එක යවන්න පුලුවන් නම්, සරීරෙ නැතිව හිත ට පවතින්න පුලුවන්,
    හැබයි,
    අකීකරු හිත්;
    වයර් මාරු වෙලා වගේ කියල කියමනක් තියෙන්නේ;
    අන්න ඒ වගේ වෙන්න ඕන.

    ReplyDelete
  3. පංචේන්ද්‍රිය පාලනය තමයි වැදගත්. ඒකනේද මේ කියන්නේ?

    ReplyDelete
  4. වෙදගෙදර වෙදනා මහතා,
    සමහර දේශකයන්, ඉන්ද්‍රියයන් සයක් විදියටත් සලකනවා, මනසත් සමග. පසිඳුරන් දමනය සිත දමනයට මාර්ගයයි, බුදු හාමුදුරුවෝ ශීලය,භාවනාවට කලින් ගත්තේ ඒකනේ.

    මෙවැනි කවි- අදහස් (මාතලන් කියන්නේ කවි වගේ ඒවා කියල) විවිධ පුද්ගලයින් තේරුම් ගන්නේ විවිධ විදියට.
    ලියන්නා සමහර විට ඒවයිනුත් ඉගෙනගන්නව.
    ඇත්තටම මට ඕන උනේ මලගිය අය වැහුනා කියන මතෘකාවට ලංවෙන්න.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්