Followers

Saturday, October 29, 2011

පොඩ්ඩක් තිබේ නම් ලොකු හයියක්- කටුසු කඳුලු

Breaking the Ashes: The Culture of Illicit Liquor in Sri Lanka


Above image is taken from the web
වැඩකරන ජනයාට හවස් අතේ පොඩ්ඩක් තිබේ නම් ලොකු හයියක්, කවුද අකමැති විස්කි ජින් බ්‍රැන්ඩිවලට. ඒත් ඒව මිල අධික නම් ලඟ පාත තැනකින් පොඩි සුදුව අඩියක් දා ගෙන නොදැම්ම වගේ ඉන්න පුලුවන් නම් ඒකෙ ඇති වරද මොකද? වැඩ  නොකරන නිකම්මු ඒවට ඇබ්බැහි උනාට බොන්න නොදන්න අය  බීගෙන පිස්සු නැටුවාට සුමිහිරි පානේ පලි නැත.



ගෝඩා මිශ්‍රනයේ සුවඳට ඉව වැටී ඇවිත් අමාරුවේ වැටෙන කටුස්සන් ගැන හිතා කවුරු හෝ කිව්වොත් මෙය මහ ප්‍රානඝාත අකුසලයක් කියල පුදුම වෙන්න දෙයක් නෑ. (මොකද කස්සිපු ජනසතු කරන්න ලෑස්ති වෙනවලු.
ඒ කියන්නේ නීතිගත කරන්න.) මහා මිනිස් ඝාතන වෙද්දී හෙලන්න කඳුලක් නැති රටේ හරක් වෙනුවෙන් කඳුලු ටැප් එක ඇරියා වගේය.


ඉතින් කටුස්සන් වෙනුවෙන් කඳුලක් හෙලුවොත් පුදුමයක් නොවේ. බීපු මරගාතේ මේක අහල එකෙක් කීවොත් හරි ශෝක් වැඩේනේ ඕයි, කටුස්සො කටුස්සො අර පාට මාරු කර කර ආන්ඩුවම, අපිවම, කන එවුන්, උන් ශීග්‍රයෙන් වඳවෙයි ඉකමනට, එහෙම හිතන එවුන්ටත් පට්ට ඩෝප්ය, උන් දැන් වඳවෙන ජාතියක් නොවේ සීග්‍රයෙන් බෝවෙන ජාතියකි, මං කිව්ව තමුසෙට ඔය දහ ජරාව බොන්න එපයි කියල,  සිහිය හොඳටම විකල් වෙලා එහෙම කියනු ඇත්තේ ගෑනු මනුස්සයාය.


මේ බීම වර්ග වලට ඇබ්බැහි උනොත් ගොඩා බැරල් එකට වැටිච්ච කටුස්ස වගේම තමයි. ගොඩ ඒමකුත් නෑ.
එහෙම වැටුන කටුස්සන්ගෙ ඇස්වලින් කඳුලු පිටවෙලා අපි බොන පානෙටත් එක්කහු වෙනව ඇති නේද?


ජනයාට චාරයක් නැත්නම, සිහි විකල් වෙලා නම් කවුද වඩාත් කැමති ?දේශපාලකයෝය. එතකොට ඔවුන්ට පාලනය බොහෝම ලේසියි.



තව වැඩක් තියෙනව....


මිනිස්සුන්ට සිහිය එනතුරු 
 ගෑනුන් වත් බලාගනී නිරතුරු..




බූන්දියෙ තිබිල කියවු සුමුදු තිවංක ගමගේ ලියල තිබුන සුමිහිරි පානේ ගැන ලියල තිබුන වියමන කියවල කොමෙන්ටුවක් දැම්ම, නමුත් එය මොකක් හෝ දෝශයකින් ගිහිල්ල නෑ වගේ. ඒකටත එක්කම තමයි මේ පොඩි කටුසු කඳුල ලිව්වෙ.


----------------------------------------------


සෙක්ස්-අඩස්සිය ඒකත් හොඳ ලිපියක්
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtCat=COVR&ArtID=2118)
-----------------------

Breaking the Ashes. The Culture of Illicit Liquor in Sri Lanka. By Michele Ruth Gamburd

Breaking the Ashes. The Culture of Illicit Liquor in Sri Lanka. By Michele Ruth Gamburd. Cornell University Press, Ithaca, NY, 2008, £11.50. 266 pp. ISBN: 978-0-8014-7432-3
In Sri Lanka, ‘breaking the ashes’—rekindling the kitchen fire—is used to describe the need for a drink first thing in the morning by people who have an alcohol problem. The author, Michele Ruth Gamburd, is an American anthropologist who has worked in the country since 1992 with the help of a local research assistant, Siri, and his family. The fact that Siri is a heavy social drinker may have encouraged her to study this aspect of life in an anonymous village of 1100 inhabitants south of the capital Colombo. Many features of the alcohol scene, which she describes in considerable detail, will be only too familiar to western readers, but the novelty of her story lies in the complex cultural and social attitudes of the people towards alcohol.
Seventy percent of the population are Buddhists for whom alcohol is forbidden. On the whole, women do not drink, but like their sisters everywhere and in all ages, prepare and provide the wherewithal; ‘men can drink, do drink and often must drink’ to preserve their masculinity. This in itself causes trouble because the men may spend their earnings on drink, leaving their wives without enough money for the family. Status too demands that large amounts of alcohol are provided for coming of age ceremonies, weddings and funerals. All varieties of alcohol are available, either imported or produced locally—toddy and arrack, respectively, fermented and distilled from the sap of the coconut—and are sold in bars, but they are not cheap. Hence, the thriving cottage industry produces the local moonshine called kasippu, which rightly fascinates the author, and thus the reader.
Because it is illegal, kasippu is prepared in secret by certain families, whose facilities may be deep in the forest to avoid detection and sold from their premises in what the author calls taverns. It is made from fermented fruit by fractional distillation and requires large amounts of water and considerable manpower so that it can be produced as rapidly as possible to avoid detection. It is cheap, a quarter the legal price; relatively pure, the same strength, roughly 30% alcohol per volume, as arrack; and thought to be drunk by well over half the men in the village. Periodic police raids have little permanent effect and kasippubusinessmen make a lot of money. As elsewhere in the developing world, there are few facilities, either ayurvedic or allopathic, for treating people with alcohol problems in Sri Lanka; making vows to the wrathful goddess Kali seems to be one of the more effective.

6 comments:

  1. බතී මගේ මිත්‍රය වුවත් එකඟ නැත. සුමිහිරි කෙසේ වෙතත් පරලොවට යන පාර වැටී ඇත්තේ ඔය කිට්ටුවෙන්ය. වෙදනා කවදත් පානයට විරුද්ධයි. ඒත් මිතුරුකම නම් වෙනසක් නැත. බතී හිත හොඳ කොල්ලා නිසා කියන්නේ "ඔය පානය නමට සුමිහිරි වුනාට එහෙමම නැත. ඔන්න ඕක විසික්කරහන් බං"

    ReplyDelete
  2. කසිප්පු නීතිගත කරනවා නං, කුඩු, ගංජා එහෙමත් පිලිවෙලකට නීතිගත කරන්න පුලුවන්නෙ ....

    ReplyDelete
  3. නියම සිතුවිල්ලක්.. මම මාර කැමතියි මේ වගේ අයිඩියාස් වලට..
    නියමායි.....

    ReplyDelete
  4. වෙදගෙදර මහ වෙදනා, ඔබ මගේ වියමන සම්පුර්නයෙන්ම කියෙව්වා නම් තේරෙයි, මාත් ඔබ කියන දේමයි කියන්නේ කියල.

    ReplyDelete
  5. පන්සල් හංදිය, ඔබට මතක නැතිව හෝ ඔබ කුඩා කාලේ වෙන්න ඇති, අශ්ව රේසුත් ඉස්සර ඔය වගේ හොරෙන් හොරෙන් තමයි කලේ.

    ReplyDelete
  6. මාතලන්ට ස්තුතියි!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්