Followers

Wednesday, October 19, 2011

පුද්ගලික බස් වාදය හා දැහැටි දඬු, ප්‍රතිචක්‍රීකරණය කිරීම පිනිසය To Recycle Tooth Brushes and Private Busism- ලියුවේ 2011, ඔක් 19 දා

(අපේ රාජපක්ශ ජනපති තුමා මේ ලඟදී ප්‍රකාශ කළා පක්ශයට තමන්ට සේවය කළ අයව දැහැටි දඬු මෙන් ඉවත ලන්නේ නෑ කියල, මේ පෝස්ටය ලියැවුනේ ඒ අරභයාය.)

..අවංකව කියනවා නම් සොරි very very sorry, අවංකව ලියනවා නම්  බස්වල තෙරපී තෙරපී යන්න ආස කාලයක් කාටත් තියෙනව. බස් පුද්ගලික කෙරුවට පස්සේ ඒක අනිවාර්යෙන්ම ලැබෙනවාමයි. මගී බස් ප්‍රවාහනයට පුද්ගලික අංශයෙ සභාගීත්වත්ය ලබාගැනීමේ එක් හොඳ ප්‍රතිපලයකි. ඒ කාලය ගැන මතක සටහන් ඇති අයට ඒ සුන්දර වූද  අසුන්දර වූද මතකයන් අවලෝකනය වනවා සිකුරුයි.

ඔටුව පිටෝටුව..... ඔටුව පිටෝටුව..........
මේ පුද්ගලික බස් කතන්දරය ගැන තරමක් ගැඹුරට හිතනවිට අපේ දෙස්පල් ක්‍රියාවලියට යම් අදාලත්වයක්, සමානත්වයක් තියෙන බව පේනව.

(ලංගම, හතලිස් දෙනෙක්  බසයක් නඩත්තු කරද්දී පුද්ගලික බස් කීපයක් එක් පුද්ගලයෙක් නඩත්තු කරයි. එය වෙනම කතන්දරයකි. )
ඔටුව පිටෝටුව..... ඔටුව පිටෝටුව..........
77තේ බලයට ආ ආන්ඩුව බස් සේවය පුද්ගලික කරණය කලායින් පසුව පාන් බාගේ වැනි බස් රථවල තෙරපී තෙරපී බස් කොන්දොස්තර තුමාගේ අණසකට යටත් වෙමින් ඉස්සරහට යමින් පස්සට යමින් පැත්තට යමින් බැනුම් අසමින් ගිය හැටි අප සමහර දෙනාට තවමත් මතකය. එය අමුතුවෙන් මතක් කරගන්නට ඕනෑ නැත්තේ තවමත් අඩු වැඩි වශයෙන් එය සිදුවන නිසාය.

 මගියන්ගේ, මහ ජනතාවගේ විරෝධයේ කෙලවරක් තිබුනේ නෑ, මේ අයගෙ කල් කිරියාවට. නමුත් කාලයත් සමග ඔවුන්ගේ ගුණාත්මක වෙනස් කම් දක්නට ලැබේ. දැන් තරමක් ශිෂ්ඨ විදියට කතා කරනව, සැර පරුස කම් අඩුයි.ඉතින් ආන්ඩුවත් මේ සම්බන්දව නීති රීති ගෙනාව, ටිකට් එක අනිවාර්ය කලා. නිල ඇඳුමක් ඇන්දුවා. පාන් භාග වෙනුවට ලොකු බස් ගෙනාවා.

සාමාන්‍ය පංතියෙ මිනිසුන් පාර්ලිමේන්තුවට පැමිනීම සමහරුන්ගේ ගර්හාවට භාජනය වුවත් රටේ වැඩි දෙනෙකුන් ඒ පන්තියට වැටී ඇත්නම් ප්‍රජතන්ත්‍රවාදය අනුව එය සිදුවිය යුතුයි.

ඉතින් මේ පංතියෙ හෝ ඒ පංතිය නියෝජනය කරමින් පැමිනි අයවලුන්ගෙන් ද සැදි, ආන්ඩුව කරවන්නවුන් තෙරපී තෙරපී මගියන් පටවගෙන යන ප්‍රයිවට් බස් කොන්දොස්තරල වගේ කියල වෙලාවකට මට හිතෙනව.
ඒ අය උගුර ලේ රහ වෙනකම් කෑ ගසා මිනිසුන් නග්ගා ගන්නව, අනෙක් බස්වල කොන්දොස්තරවරු එක්ක තරඟකරමින්, අපිව ඉක්මනට ගෙදර ගෙනයන්න වගේ.
ඉඳගන්න කියනව, හිටගන්න කියනව. නැවෙන්න කියනව, ආදරෙන් බසයට නග්ග ගන්නව , බහින කොට තල්ලු කරල දානව. ඒ අය කැමති සින්දු, බයිලා, අප්පිරියාවෙන් උනත් අහන් ඉන්න ඕනෑ .

යන්න වෙනත් මඟක් නැත්නම් අවශ්‍ය තැනට යන්න මේ බස් එකේම යන්න වෙනව. වෙන පාරවල් වලින් ඒ කියන්නේ වෙන route වලින් එතනට යන්න බෑ ඒව cancel කරල නං තියෙන්නේ.

පලමුවෙනි ජනපති, ඒකාධිපති ව්‍යවස්තාවේ නිර්මාතෘ ,ජේ ආර් හොඳාකාරව දැනගෙන හිටිය ආන්ඩුවෙ හිටිය අයගෙ නොම්මර. ඔක්කොම ජාතියෙ අය පාර්ලිමේන්තුවට හුලඟට ගහගෙන ආවා වගේ ආවාට, ඔහු කළ හැම  දේ නිවැරදි නොවූවත්, දඟ කරන්න හදනකොට, ජේ ආර් ගෙනාව අනාඥාවක්. ආන්ඩුවේ ඉන්න ඕනෑ නම් දාතම නොයෙදූ ඉල්ලා අස්වීමේ ලිපි දීපියව්. ඔක්කෝම කුක්කෝ වගේ දුන්නා යයි කියනු ලැබේ. අමුඩ ගහගෙන පාර්ලිමේන්තු එන්න හදනකොට ගෙනාවා නීතියක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල ඇඳුම අනිවාර්යයි කියල.
පාර්ලිමේන්තුවෙ ඉඳගෙන රටකඩන්න හදනකොට ගෙනාව නීතියක්, රටේ ව්‍යවස්තාව රකින බවට හැම මන්ත්‍රීවරයෙකුම දිවුරුම් දිය යුතුයි කියල. අකමැති වූ අය පාර්ලිමේන්තුවෙන් අයින් වී ගියා, (ඒ සමහරු කොටින්ගෙන් මැරුම් කෑවා.) කාට උනත් විනයක් තිබිය යුතුයි.

ජනපති ප්‍රේමදාස, ජනපති චන්ද්‍රිකා, මන්ත්‍රීවරුන්ට නීති ගෙනා බවක් නම් මතක් නෑ.

දැන් මං හිතන්නෙ මහින්ද ජනපතිගෙ වාරෙ.!


කොන්දොස්තරල මොනව කරත් අපිව හරි තැනට ගෙනයන්නේ ඩැයිවර්තුමා විසිනි. ඔක්කොම දෙවියන්ගෙ රූප ඉස්සරහ එල්ලගෙන ඉස්සරහ මේ බසයට බුදුසරණයි, පිටිපස්සෙ මේ බසයට දෙවි පිහිට‍යි, පැත්තක සායි බබා, අනෙක් පැත්තේ චීන බුද්ද රූප එල්ලගෙන.අතේ පිරිත් කඹ, පාට පාට කඹ, වශී මුදු, කරේ මාල හත අට තුන්වන හරස් වීදියෙ මුදලාලිල වගේ. මොන මොන දාල සෙල්ලම් වන්ගු කපල ගත්තත් මාර්ගයේ හරියට නොගියොත් 'මගමරුවා එක්ස්ප්‍රස්' කියලයි මිනිස්සූ කියන්නෙ.අඳුරන කියන පොලිස් මහත්වරු ඉන්න නිසා දඩ නොකා බේරුනත්, අනෙක් වාහනවල හැප්පුනොත් 'සිරිමලා මලා'-අර අමා නාට්‍යයේ කියන්න වගේ. අමරනීය කවුරුත් මෙලෝ නැත.

ඉන්ග්‍රීසි පත්තරේ බලන කස්ටිය කියයි They are on collision course? Let's get our AC bus and the Driver ready!

අපි නැග්ගේ මේ බස් එකේනේ 'දුප්පතාගේ හිතවතා express, ' අපේ මිනිහා express එකේ.
මගමරුවා express එකේ නොවෙයි!
අපේ දුක, අපේ බස් එකේ ඩැයිවර් තුමාට නොකිය කාට කියන්නද?

4 comments:

  1. හිහ් .... හිහ් ....
    නියමෙට ලියලා තියනවා ....

    කොහොම උනත් ප්‍රයිවට් බස්වලට ටිකට් මැෂින් එකයි, කොන්දොස්තරටයි, ඩ්‍රයිවර්ටයි යුනිෆෝම් එකයි අනිවා කල එක නම් හොඳයි ....

    ReplyDelete
  2. පන්සල් හංදිය,
    ටික කලකට පස්සෙ මේ පැත්තෙ ඇවිත් කොමෙන්ට් ගමකට දාල, ස්තූතියි!

    ReplyDelete
  3. ඊස්ට් ඕ වෙස්ට් ජේ . ආර් පප්පා ඉස්ද බෙස්ට් ....හි හි

    ReplyDelete
  4. බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...
    ජේ ආර් නීති ගරුකයි, අහුවෙන්න වැඩ කලේ නෑ. ඉතා ඉහල රාජ්‍ය පාලකයෙක්, ආන්ඩුව පවුලේ සමාගමක් කරගත්තේ නෑ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්