Followers

Saturday, November 12, 2011

මී විතක් අරගෙන මුහුදු අයිනෙ පොල් රුප්පාව යට


මම දවසෙ කැමතිම වෙලාව හැන්දෑව
ඉර අවර බලා යන වෙලාවට;
වවුලු රෑන් වැඩ අල්ලන්න යන අතර
මුහුදු ලිහිනියො ගොඩට සෙමින් සෙමින් පියාඹති

මඳ පවන හමන
දවස පුරා පැවතුනු දාහය ඈතට ගෙන යත්

මී විතක් අරගෙන
මුහුදු අයිනෙ පොල් රුප්පාව යට
මේසයක් පසෙක අසුනක වාඩිවෙනව
අනෙක් අසුන හිස්
 එය බලන් ඉන්නෙ
මගෙ හොඳම මිතුරිය එනකම්!

මගේ හොඳම මිතුරිය
එනව විතක් අරගෙන

අද වරායේ ඉඩ නෑ වගෙ
එන ගමන්ම ඇය කියනව
ඔව් ඇය කියන්නෙ
ක්සිතිජය අසලින් පෙනෙන
පෝලිමට පෙනෙන නැව් සමූහය දැකල
කාලයත් සමග ඈ තරුණ වෙනවද මන්ද?

වාඩිවී ගවුමද සුලඟේ ලෙලෙන කෙහෙ රැල්ද සකසා ගන්නා
 ඇයගේ හිස් බඳුනට
පෙප්සි ටිකක් වත් කරනව
'මේවායින් ටිකකුත්?'
පුරුදු පරිදි මා අසනව,

අනේ එපා!

අපි ටික වෙලාවක් වල පල් කතා කලා
මට හිතුන දෙ මං එකපාරටම කිව්ව

සැන්දෑ අඳුර අපව වෙලා ගන්නව
'ඉරට යන්න දෙන්න එපා සොඳුර අල්ල ගන්න'

මොකද අද වැඩිවෙලාද?
නැත්නම් පෝය කිට්ටු නිසාවත්ද?

මං කිව්වෙ කවි භාශාවෙන්

මට ඔය මහප්‍රාණ තේරෙන්නෙ නෑ.

ඒක නෙමෙයි අපේ ළමයි නිදිද?

කවි භාශාවෙන් එනකොට මං දැනගත්ත මොකාටද එන්නේ කියල, ඇයි දෙයියනේ මේ හැන්දෑවෙ හතට ඉලන්දාරි, ළමිස්සියො නිදාගන්නවද?

එහෙනම් පාන්දර තමයි උඹව මං අල්ලගන්නෙ!

මට බෑ ඒ වෙලාවට මට නිදිමතයි!

ඒව හරියන්නේ නෑ මට අද නම් ඕනමයි.

බලමුකෝ!......

රැල්ල ගහන සද්දේ මට ඇහෙන්න ගත්තෙ එතකොටයි.

-------------
ඡායාරූපය
http://readmyeye.wordpress.com  අනුග්‍රහයෙනි

8 comments:

  1. සඳ මෝරන කොට පිස්සු තද වෙනවා කොහොමත්..

    ReplyDelete
  2. ෂා මරු ආහ්! නාකි විසේ කිව්වලු :)
    (අපිත් ඔහොම වෙයි කවද හරි ඔය කිව්වට.. :) )

    ReplyDelete
  3. මදු විතෙන් තොර වින්දනයක් ලබන්න බැරිද ?

    ReplyDelete
  4. අතුල ආරියසේන

    එය එක වින්දනයක් පමනයි, එච්චර සිරාවට ගන්න එපා

    ReplyDelete
  5. Sabith
    (අපිත් ඔහොම වෙයි කවද හරි ඔය කිව්වට.. :) )

    ReplyDelete
  6. මාතලන්
    පිස්සු හොඳ එක!

    ReplyDelete
  7. අන්න බලන් ඉන්දික තහනම් ප්‍රදේශවලට යන්න හදනව

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්