Followers

Monday, November 21, 2011

අපේ ඩෙංගු මහත්තයා කෝ ?




කැළණියේ දරුවෝ  සිය ගානක් රෝහලේය, දිනපතා දරුවෝ  ඩෙංගු සෑදී මිය යති. ගස් බැඳලා හරි වසංගතේ නැති කොරනව කිව්ව ඒව කයිවාරු වෙලා වගේ. අපේ දොස්තරවරු පකිස්තානේ ඩෙංගු නැතිකරන්න ගිහිල්ල;
අපේ දරුවො මැරෙනව ඩෙංගු හැදිල දුක් විඳල.


සිංහල අපි *පන්ඩිත කම්වලින් පිරිලාය. අපට පොඩි දේවලවල අගයක් නැත. අපි යන්නේ ලොකු ලොකු දේවල්වලට අත දාන්නය. කැළණිය භාර දෙවි දේවතාවුන් රජ සිටුවරුන් ලොකු ලොකු අයගේ දේවලට ඇඟිලි ගහන්න යනවා මිසක් කැලනියට මේ දැන් බලපාන දේ ගැන ***උනන්දුව අඩුය. 
පාරකට තාර පොඩ්ඩක් දාල පොල්ගොල්ල බැම්ම හැදුව වගේ උදම් අනන්නේ.
ප්‍රභූවරුන්ට අපහාස කළ මහත්තයම දැන් අපිට වැදි බණ දෙසනව, ප්‍රභූවරුන්ට අපහාස කරන මාධ්‍යකරුවන්ට මිනිපෙට්ටි වෙන්කරගන්න කියනව.
**'අපට අල්ලපු ගෙවල්වලත් ලමයි ඉන්නව කියල කිව්ව' අපට අමතක නෑ.
ඒකට තමයි කියන්නෙ කුහක කම නැත්නම් hypocracy කියල.


අතීතයේ හිටිය පරිප්පු මහත්තයා කියල කෙනෙක් මැලේරියා උවදුරු කාලය පසුකරගැනීමට මිනිසුන්ට අත දුන්. අපිට හිටිය බත් දුන් පියා, නිදහස් අද්‍යාපනයේ පියා, නිදහස  දුන් පියා,  දැන් අපිට ඉන්නව 'සාමය' දුන් පියා, ජන අරගල පියා, ....


කෝ අපේ ඩෙංගු නැතිකල පියා?


ඒ තනතුරට තවම ඇබෑර්තු ඇත.
බන්දනාගාරයේ වදකයා තනතුර පුරවා ඇත.


රජයේ සේවකයෙකු ගස් බැඳි පමණින්,
 ඩෙංගු උවදුර නැතිවෙයිද?
ඩෙංගු නැති කල පියා විරුදාවලිය ලැබේවිද?
----------------------
ප.ලි
*සිංහල අපි පන්ඩිත කම්වලින් පිරිලාය (මාත් ඇතුලුව).
**'අපට අල්ලපු ගෙවල්වලත් ලමයි ඉන්නව කියල කිව්ව' අපට අමතක නෑ. ඒකට තමයි කියන්නෙ කුහක කම නැත්නම් hypocracy කියල.
(බොරු කියන්නේ මොකටද  එය විහිලුවක් ලෙසට ගත්තොත් ඉතාම නිරහංකාර ගැමි විහිලුවක්, හැබයි වරක් කාලෝ ෆොන්සේකා කැම්පස් එකේ කොල්ලනට කිව්ව වගේ, කොල්ලෝ ගෙම්බන්ට ගල් ගසන්නේ විහිලුවටය, ඒත් ගෙම්බන්ට වදින්නේ ඇත්තටය.)


***ප්‍රවෘත්ති මවන හෙඩ් ලයින් යන්නේ නැති නිසා ද මන්ද, ඒ වගේම මාධ්ය හොයන්නේත් නැගල යන ප්‍රවෘත්ති, මේ නිසා මාධ්‍ය විසින් සිය එල්ලයන්ද වෙනස් විය යුතුද?





4 comments:

  1. ඔයා එයාට කෝල් කලානම් ඉවරනේ. පෝස්ට් දාන්නේ නැතුව. මදුරුවෝ ඔක්කොම මරයි.

    ReplyDelete
  2. ජීවිත රක්ශනය ගත්තයින් පස්සෙ!

    ReplyDelete
  3. ඩෙංගු වල කාලෙ ඉවරයි! ඒ කියන්නෙ ඩෙංගු නැතිවෙලා නෙවේ ඩෙංගු වලට තිබිච්ච මාකට් එක මේ වෙනකොට ඉවරයි. ඒක අවුට් ඔෆ් ෆැෂන් වෙලා. ඒකයි ගස් බදින්න කෙනෙක් නැතිවෙලා තියෙන්නෙ. මේක මර්වින් සිල්වට විතරක් නෙවේ මාධ්‍ය ඇතුළු ලංකාවෙ හැමෝටම වගේ අමතක වෙලා.

    ReplyDelete
  4. සිංහලයා ගැන, ප්‍රභා සහෝදරයගේ ඇස්තමේන්තුව හරි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්