Followers

Tuesday, November 22, 2011

වැස්ස



අපි ඉන්න පලාතට පසුගිය දවස් දෙක තුනේම වහිනව.
මට මතක් උනා ටික කලකට පෙර මවිසින් ලියන ලද අදහසක්.
-----------------------

ටක් ටක් හඬින්
කෙසෙල් පත්වලට වැටෙන
වැහි බිංදු  විසිරී බිමට වැටෙන හැටි

අභ්‍යාස පොතේ අන්තිම හරියෙන් පිටු ඉරා
අම්මා ට හොරෙන්
බෝට්ටු සාදා වැහි වතුරෙ පා කල හැටි

පරණ සිංහල උලු වහලයේ
හිල් වූ තැනෙකින් වැටෙන වතුරට
සාස්පාන් තැබූ හැටි

එහා ඉඩමේ වතුර අපේ වත්තට එතියි
පුංචි අම්මා නැන්දත් එක්ක
මඩේ එරි එරි
 තෙතෙ බරියම් වීගෙන රන්ඩු අල්ලන හැටි

ඔය යන වතුරකට
ඕන තැනකින් යන්න ඇරල ගෙට ආවනම්
ඔය සොරෝනීතෙ හදාගත්තම
 මටයි අන්තිමට කරදරේ
ලොකුඅම්ම කියන හැටි

වැස්ස කවදත් පරන මතක අලුත් කරනව



3 comments:

  1. ලස්සන පද වැලක්...වැස්සේ තෙමෙන්ට හිතෙනවා දුවගෙන ගිහින්.

    //සොරෝනීතෙ// මෙන්න මේ වචනේ තේරුම කියලා දුන්නා නම්...:D

    ReplyDelete
  2. Podi Kumarihami
    හෙම්බිරිස්සාවට, කැස්සට, සොටු සූර සූර සිටීමට, අසනීපෙට, සාමාන්‍ය ව්‍යවහාරයේ යෙදුනු යෙදුමක්

    ReplyDelete
  3. ගම මතක් වෙනවා...

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්