Followers

Wednesday, November 23, 2011

නව යුගයේ නව පෙරලිකාරිය





කවුරුද ඒ මා ඇසගිය යුවතිය
අත ගත් පෙම්වතා
පෙමින් වෙලී පැටලී ගිය යුවලේ
 පසුකර මා
දෙතොල් රස බලමින් ඔවුනොවුනගේ

හීනයක්ද මා දුටුවේ
මේ සඳ නැගෙනා යාමේ
*අසම්මත පෙම්වතුන්ගේ
නගරයේ!

පෙම්වතෙක් නොවේ තවත් පෙම්වතියක්!

සැබෑටම මේ අප කන්තෝරු මිතුරියද
සුවිනීත ගති පිරි
තව යුවතියක හා පෙමින් වෙලී?

නව යුගයේ නව නිදහසේ පල
විඳිනා පෙරලිකාරිය
වෙනදා මෙන්ම
මගේ සුපුරුදු සුවිනීත මිතුරිය සේ 
දැනේවිද හෙටත්?

---------------------

10 comments:

  1. අතුලගේ ගීතයක් තියෙනවා ඊ මේල් කවිකාරී කියලා හරීම ලස්සනයි. නව යුගයේ පෙරලිකාරී කියන එකත් ලස්සනයි. නමුත් මේක දයල් බතී ලගේ කාලෙත් තීලා තියෙනවා. ලෙස්බියන්ස්..

    ReplyDelete
  2. මේක නේද ඔබ කියූ ගද්‍ය කව. ලස්සනයි. වින්දා හදවතින්ම.

    ReplyDelete
  3. කවි ටික ලස්සනයි.

    මොකක්ද මේ අසම්මත පෙම්වතුන්ගේ නගරය? :)

    ReplyDelete
  4. මාතලන්, කරුණසේන ජයලත්ගේ කථාවකත් මේවැනි කුමරි හා කුමරි මිත්‍රත්ව ගැන ලාවට සඳහන් වෙනවා නේද?
    මේවැනි දේ හැමදාම තිබුනු දේවල්, ඒවා හංගා තබාගත්තා වෙන්නැති.

    ReplyDelete
  5. වෙදගෙදර මහ වෙදනා. මෙය තමයි මා කිවූ, ගද්‍ය කව. ස්තූතියි.

    ReplyDelete
  6. Podi Kumarihami,
    සමහර රටවල රාත්‍රියට අසම්මත පෙම්වතුන්ගේ නගර බවට පත්වෙන තැන් තිබෙනවා. මා ඒ රටක වැඩ කළ කාලයේ අත්දැකි දෙයක්

    ReplyDelete
  7. හොඳ ප්‍රශ්නයක්..ඇයි මෙච්චර කලක් ආස්සරය කල විදිය ඇගේ ලිංගික ජීවිතය ගැන දැන ගත් පමණින් වෙනස් වෙන්නේ..?
    බොහෝ විට බැරිද මටත් සංකල්පය ක්‍රියාත්මක කරවීමට ඇතිඅවස්ථාව ගිලිහී ගියානං පමණයි.. ඒත් ඒ සංකල්පයෙන් තොරව ඇසුරු කල අයෙකුනං හෙටත් වෙනසක් වෙන්න විදියක් නැහැ නේද..? අතීත කවක් නිසා පසුව වූ ටික ඔබ දන්නවා ඇති නෙව..

    ඒක නෙවෙයි ලොක්කා..මේ කමෙන්ට් කරන්න තියෙන විදියනං එපා වෙනවා... හිතුන ගමන් අකුරු දෙකක් කොටලා යන්න පහසු විදියට කමෙන්ට් බොක්ස් එක පහළින් පේන්නම එල්ලුවනං මොකද වෙන්නේ..?

    ReplyDelete
  8. මාරයා, ඔව් කාලයත් සමග එය සාමාන්‍ය දෙයක් බවට පත් උනා, ඒ ළමයාගේ සුවිනීත බවේ කිසිම අඩුවක් පෙනුනෙත් නෑ.
    comment පෙට්ටිය එහාට මෙහාට කරන්න බලන්නම්.

    ReplyDelete
  9. මිත්‍රත්වයට ඔය දේවල් බාදාවක් නෙමෙයි නේද??

    ReplyDelete
  10. Dinesh
    කොහෙත්ම නෑ!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්