Followers

Thursday, November 24, 2011

ලයනල් බෝපගේ කතා වස්තුව හෙවත් අවංක ජේ වී පී කාරයෙක්





'කැරැල්ල, මර්දනය, සහ සාධාරණත්වය වෙනුවෙන් වු ශ්‍රි ලංකාවේ අරගලය' යනුවෙන් ඔස්ට්‍රේලියාවේදී මෑතකදී ග්‍රන්ථයක් එලි දැක්වූ ලයනල් බෝපගේ ගැන මගේ මතකය බොහෝම අඩුයි. ම'හිතනුයේ ඒ ඔහු 71 කැරැල්ලේ විත්තිකාරයින් වී හිරගෙයි ලැග නිදහස් වූ පසු දේශපාලනයෙන් ඉවත්ව පිටරටකට පදිංචීය ගිය නිසා වෙන්නට ඇත. එහෙන් මෙහෙන් ගොනු වු කරුණු අනුව බෝපගේ ගැන තිබුනේ සමාන්‍ය ජේ වී පී කාරයෙකුගේ ප්‍රතිරූපයකට වඩා වෙනස් හොඳ එකකි. එකල පේරාදෙණියේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුව සිටි බවත් ජේ වී පියේ තිබුනු හොඳ මොලයක් බවත් අවංක මිනිසෙකු බවත් අසා තිබුනි.


පසුගිය දිනෙක ග්‍රන්ථය එලි දැක්වීමේ උත්සවයේදී බෝපගේ විසින් කරන්නට යෙදුනු කතාව ආශ්‍රයෙන් ය මේ සටහන ලියැවුනේ.
 ඒ කථාවේ මට අල්ලල ගිය කෑලි තමයි සමාජවාදය නැත්නම් විප්ලවකාරී පරිවර්තනය යනු 'ක්‍රියාවලියකි', යන්න.
ලාල් කාන්තත් මේ වචනෙම භාවිතා කලා පසුගිය දවසක රූපවාහිනි සාකච්චාවකදී. ජේ වීපිය 64 සිට 1988 දක්වා ගෙනගිය නොමග යැවු කොල්ලො ටික දෙනෙකු එකතුකරගෙන පොලිසි හමුදවලට පහරදී එක රැයකින් සමාජවාදී ආංඩු පිහිටුවීමේ  වැඩපිලිවෙල නොමේරු එකක් බවද එතුමා කියන්නෙ?


එය එසේ විය යුතුය, 
JVP ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූයේ එබැවිනි.
බෝපගේ මහත්තය මෙහෙමත් කියනව,
'අනෙක් කාරණාව තමයි අමෙරිකානු විප්ලවයේදී ජෝර්ජ් වොශින්ටන් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම,පසුව ඒබ්‍රහම් ලින්කන් විසින් බ්‍රිතාන්‍ය අදිරද ගැත්තන්ගේ දේපල රාජසන්තක කිරීම ආදිය විප්ලවවාදී පියවරයන්ද යන කාරණාව. සත්තකින්ම ඔව්. හැටේ හා හැත්තෑවේ දශකයේ අප ඉල්ලා සිටියේද මීට වඩා වැඩි දෙයක් නොවේ.'


ජවිපෙ දෙකට කැඩී වෙන්වීමට යන මොහොතේ මේවැනි ග්‍රන්තයක් නිකුත් වීම දෙපාර්ශවයටම වැදගත්.
------------------
බෝපගේ පේරාදෙණි සමකාලීනයෙකු වන මහාචාර්‍ය සිසිර ජයසූරියගේ ඒ ග්‍රන්ථය ගැන කළ විවරණයක්
http://groundviews.org/2011/11/28/rebellion-repression-and-the-struggle-for-justice-in-sri-lanka-the-lionel-bopage-story/

8 comments:

  1. මං හිතන්නේ බෝපගේ දේශපාලනය පටන් ගත්තේ හිරෙන් නිදහස් වූ පසුවයි. ඊට කලින් කලේ දේශපාලනයක් නොවෙයිනේ.

    පොර නේද 1977 සිට 1984 දක්වා ජවිපේ ලේකම්වෙලා හිටියේ. ජාතික ප්‍රශ්ණය මත වෙන්වුණාට පස්සේ තමයි මං හිතන්නේ පොර ජයභූමිය කරා සංක්‍රමණය කෙරුවේ.

    අද ඉටිපහන් පොතේ/ටෙලියේ (2) කතාවේ පොරත් ඉන්නවා.

    දැන් නං පැන්ෂන් වෙන්නැති. පොර ගේ වැටිම පෙනුනේ ෆොන්සේකාට සහය පලකරමින් නිවේදනයක් නිකුත් කල වෙලේයි.

    ReplyDelete
  2. ස්තූතියි, කතන්දර, වැඩිදුර විස්තර තව අය එකතුකලොත් පොදු පාඨකයන්ට ප්‍රයෝජනවත්වෙවි.

    ReplyDelete
  3. කකාගේ කථාව අනුමත කරමි. බෝපගේ හෙවත් ලයියාගේ වෙන්වීම අද ජවිපෙ කැඩීම හා සංසන්දනය කළ නොහැක. එය මතවාදීම වෙන්වීමක්. මේකට බලපෑවේ ද්‍රවිඩ අයට ස්වයං පානය දිය යුතුයි වගේ ප්‍රශ්නයක් බවයි මගේ වැටහීම. ඔහු ජවිපෙට සහාය දැක්වූ කන්‍යා සොයුරියක් හා විවාහ වුනා. හොද ඔලුවක්. අපරාදෙ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් වුනේ, නැතිනම් අද වැඩක් කළ අයෙක් බවට පත් වෙනවා.

    ReplyDelete
  4. මහ වෙදනා,
    ස්තූතියි එකතු කිරීමට!

    ReplyDelete
  5. bopage mulkala j.vp thula loku bumikawak karapu kanak hatiyatai mama danna kally sananayaka nam mata hamu wala tiyanawa mata hinna me aya hiyhnna janathwata pipassan edala akai warada...janathwa me ayata ediriyan ennawa...

    ReplyDelete
  6. අපේ තාත්තා කියනවා මං අහලා තියෙනවා ලයනල් බෝපගේ කියන්නේ හදවතින්ම ජේ වී පී කාරයෙක් කියලා... දැන් ඉන්න අය වගේ නෙමෙයිලු..

    ReplyDelete
  7. ඉන්දික, ඇත්ත,මම වැඩියෙ දෙයක් ලියන්න අවශ්‍ය නෑ

    ReplyDelete
  8. දිනෙශ්, පියා කියන්න ඇත්තේත් අවංකව නමුත් එයා නිල වශයෙන් දැන් ජේ වී පී එකේ නෑ. ඒත්
    කාගේත් ප්‍රසාදයක් තියෙන පුද්ගලයෙක්.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්