Followers

Sunday, November 20, 2011

චන්ද්‍රිකා මැතිණිය හා සිංහල බස


http://www.tribuneindia.com/2005/20050517/world.htm

මැතිනියනි, ඔබ, වරින් වර පවසන දේ  අපේ කට අවුස්සයි, මනස අවුස්සයි ඒ නිසා ඒවායේ අගයක් නැත්තේ නොවේ. පසුගියදා හාවඩ් විවිදී ඔබ විසින් ප්‍රකාශ කරන ලදුව http://www.gossiplankanews.com/2011/11/xldjg-isyjq-fdlu-wajeoao-isxy-rdch.html#more    දී දැක කියවූ
සිංහල බස රාජ්‍ය භාශාව කිරීම ලක් රජය විසින් කල අත් වැරද්දක් බව යන දේ ගැන යමක් නොකියා හිටියොත් හොඳ නැතැයි සිතුවා.
අත්වැරද්ද mistake යන්නේ පරිවර්තනය බව හඟිමි.

ඔබ කියන දෙයින් අප ගත යුත්තේ කුමක්ද, අතීතයේ කල වැරදි හදා ගත යුතු බවකි නේද?
 එයට ඔබ කලේ මොකද්ද කියා ඇසීම වෙලාව නාස්තියකි.
මෙයට මොකද්ද කල යුත්තේ යයිද ඔබ කියනවා නම්, ඔබට වැරදුනේ කොතනද කියනවා නම් හොඳය.

මගේ පුන්චි මොලේට තේරෙන පරිදි සිංහල බස රජ කිරීමෙහි කිසි වැරද්දක් නැත. 
වරද දෙමල බසද රජ බසක් නොකිරීමයි. මේ වෙනස්කම් දඩමීමා කරගෙන රාජ්‍ය පාලන උපක්‍රම සැලසුමයි. ඡන්ද දිනීමේ උපක්‍රමයක් ලෙස සිංහල බස යොදා ගැනීමයි.


ඉහිරුන කිරට අඬන්නේ නිකං මැරිල ඉපදිල වගේ.


අපේ දේශප්‍රේමී දේශපාලකයන්ගේ දූරදර්ශී භාවය නිසා
පසුගිය අවුරුදු තිහ හතලිහක් පුරා පවතින්නේ  මේ මොන බසක්වත් නොවේ, චිකාගෝ කව් බෝයිගේ භාශාව, ඩුම් ඩුම්....
-------------

“We brought all kinds of rules that made it more difficult for the Tamils to get into schools,” said Kumaratunga.
Did we do that?

http://www.uslankaonline.com/?p=1504

6 comments:

  1. චන්ද්‍රිකාට වුනු ලොකුම වැරැද්ද එයා සිංහළ වෙලා ඉපදුණු එක වෙන්න ඇති. ජපානය ගන්නකෝ. චීනය, රුසියාව, කොරියාව, මේ යක්කු දන්න ඉංග්‍රීසියක් නැහැ. ඒත් ලෝකෙට කරලා තියෙන බලපෑම. අනේ මගේ කට චන්ද්‍රිකා නෝනා ගෙදර ගිහිල්ලත් නිකම් ඉන්නේ නැතුව කන්න වැඩක් සෙට් කර ගන්නවා. අපිට වුනු වැරැද්ද අමු අමුවෙම සිංහළ දෙමල මිනිස්සුන්ව රවට්ටපු එක. මුන් තව බයිලත් කියන්න එනවා. මොනවා වුවත් දැන් පාරක් හරි හැදෙනවා. මෙයා මොනවද කලේ අවුරුදු11 කාලේ කෑව විතරයි.

    ReplyDelete
  2. චන්ද්‍රිකා යමක් කරන්න හැදුවා, හැබයි ලෝකෙට පෙන්වන්න මිසක් අවංකව නොවේ, ඇයි ඔබට ඉදිරියට යන්න නොහැකි උනේ, කවුරුත් දන්නවා සිංහල බස බොරුවට රජ බස කලේ ඡන්ද ගන්න කියලා මහ බන්ඩාරණායක, 64% ඡන්ද අරගෙන ජනාධිපති වූ ඔබට ඉදිරියට යන්න නොහැකි උනේ ඇයි, ඒකයි අපට දැනගන්න ඕනේ.

    ReplyDelete
  3. ඉඳලා ඉඳලා මේ නෝනත් කඩාගන්නෙ හොඳ ගලි කටක්ම තමා.

    “We brought all kinds of rules that made it more difficult for the Tamils to get into schools,” said Kumaratunga.

    මේක මහ හතර බීරි කතාවක්නෙ. මම නම් දැනගෙන හිටියෙ නෑ දෙමළ අයට ඉස්කෝලවලට ඇතුළු වෙන්න බැරිවෙන්න නීති රීති දාල තියෙනව කියල අපේ රටේ....

    ReplyDelete
  4. Music girl,
    මං හිතනවා ඇය කියන්නට ඇත්තේ විශ්ව විද්යාලවලට ඇතුලුවීම සමබන්දයෙන් පනවපු, තවමත් තිබෙන දිස්තික්ක පදනම් නීතිය වෙන්නට ඇති.
    එය නිසා විවි යන්නට නොහැකි වූ සිසුන් කී දෙනෙක් කොලඹ දිස්ක්කයේ සිටිනවාද, එය දෙමල නායකයින් ජනතාවට පැහැදිලි කලේ සමහරවිට ඔවුන්ගේ පැත්ත බලලා පමනක් වෙන්නට ඇත.
    ජනනායකයෙක් ලෙස මෙවැනි ප්‍රකාශ බාල කිරීම නෝබී. එය පොදුවේ ඈත පලාත්වල සිසුන්ට විවි දොර විවෘත කිරීම සඳහා කල ඡන්ද ප්‍රයෝගයකි. පහසුකම් අඩු පලාත්වල සිසුන්ට මෙයින් විශාල සහනයක් ලැබුන බව ලැබෙන බව නොරහසකි.
    ඇයි ඔබට එය නිවැරදි කිරීමට බැරි වූයේ.

    ReplyDelete
  5. ගොන් බූරූ තාත්තා කරපු වැරැද්දට දුව හරි සමාව ගන්න එක ලොකු දෙයක්. බන්ඩලාට පටිසන් දුන්නෙත් අදත් වලට හෙන ගහන්නෙත් ඒකයි.

    ReplyDelete
  6. If you love doing activities like scuba-diving and snorkeling, Kapas Island is definitely the most perfect holiday destination for you. As being mentioned before, in Kapas Island, you will be able to enjoy the incredible sceneries, the crisp fresh air and the abundant Watch Latest News At Gossiplankaupdates.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්