Followers

Saturday, November 5, 2011

ලකී සිංහපුරයට අන්ලකී නිවන් පුරේට- let's get our brains washed


This photo is from the web

ඇත්තටම මචං උඹ ලකී
අරූ අන්ලකී බං

ජනරාල් කියල
මුරුංග අත්තකට නැංගුව බව දන්නෙ නැති
ගොන් හරක,
ඌ හිතන්න ඇති මචං
අරලියගස් ආරාමේ පන්සලේ
උඹට කලින් උපසම්පදා වෙලා හිටිය කියල
ඌට උඹ ටිකක් පස්ස ගහයි කියල

අන්තිම රෑ ටෝක් එකේ
පෙනුන
මොකක් හරි
ගුලියක් ඇඹරෙනව කියල

ගනන් ගන්න එපා මචං
උඹ මාර හැන්ඩිය
හැන්ඩියන් එක්ක
 අපි වගේ
කබ්බො කවුරුත් තරහයි

ඒක තමයි දියුනුවේ මග
කා ලඟද මචං බලේ තියෙන්නෙ
අපි ඉන්න ඕන උන් එක්ක
මේ පරන පොරවල් කවුද මචං
සට සට ගාල .......කරල දාල
අපි අග නගරෙ ලස්සන කරමු

උඹල වගේ එවුන් ඉන්න කොට
අග නගරෙ කොච්චර කාන්තියක්ද මචං
පාට පාට ලෝකයක්
කොල්ලනට කෙල්ලනට

සිංහපුරයත් ඉස්සර හිතුවෙ
කොලොඹ වගේ වෙන්නලු
දැන් උඹ ගිහිල්ල බලාගෙන වරෙන්
අන්න එහෙම තමයි
ලංකාව හදල ගන්න ඕන

මුඩුක්කු කඩල
උඹට චන්දෙ දීපු එවුනුත් එලෝල දාන්න ඕනෙ
එතකොට තමයි
අග නගරෙ ලස්සන වෙන්නෙ

දැන් උඹ මොන ඇත්තක් කීවත්
මිනිස්සු ටිකක් බලන්නේ
(පිස්සුද මචං එහෙම දෙයක් උනේ නෑ කීවත්)
ඔලුවෙ මොකද්ද එකක් තියෙන එකා කියල


රටක් සංවර්දනේ කරන එක ලේසි නෑ
ඒවට උඹල වගේ අය බ්‍රේන් වොශ් කරපු
අය අනිවාර්ය්යෙන් අවශ්ය වෙනව
පරන කස්ටිය තාම ඉන්නේ
උඹ කැසිනෝ ගහනකොට
උන් ඇටබෝල ගහනව වගේ කාලෙ.

ගහපන් මචං,  කැසිනෝ ;
සෙරන්ගුන් ස්ට්‍රීට් එකේ නම් කැසිනෝ නෑ
සමහරවිට ඕචාර්ඩ් රෝඩ් එකේ ඇති

අලුත් චින්තනයක් නැතිව
මචංල නැතුව
රටක් ගොඩ නගන්න බෑ.



2 comments:

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්