Followers

Thursday, December 15, 2011

පූස නැතිවෙලා... ළමයි ගෙදරින් ගිහිල්ල...



http://media22.onsugar.com/

A/L කරන කාලේ මට මතකයි රෑට නිදාගන්න කොට, කොහෙන් හරි ඇවිල්ල අපේ ගෙදරට පුරුදු උනු අලු පාට පූසෙක් කකුල් දෙක ලඟ නිදාගන්නව. එලෙව්වත් යන්නෙම නෑ. හොඳට ගුලි වෙලා උගේ ඇඳ වගේ තමයි නිදාගන්නේ. කොහොම උනත් ඌ ආවෙ නැති දවසට පාලුයි. අලු බෝයි කියල තමයි අපි ඌට කිව්වෙ.
මට අලුබෝයියව නිතරම මතක් වෙන්න ගත්තෙ දැන් අපේ ගෙදර ඉන්න 'සිසිලි' මට මනාප දවසට මගේ කකුල් දෙක ලඟ නිදාගන්න ගත්තම. එයාගෙ මනාපෙ දවසින් දවසට වෙනස්වෙනව.
ඉතින් ඊයෙ හිතවතෙක් උවමනාවකට ටෙලිෆෝන් කල වෙලාවෙ කීව ඒගොල්ලො ලඟදී ගෙනාව පුස,  'ගාල්‍යා' නැතිවෙලා

ඒ පූසට නම දැම්මේ 'ගාල්‍යා' කියල මොකද දන්නවද?  මගේ මිත්‍රයගෙ  නැන්දම්ම නැතිනම් මිත්‍රයගෙ පොඩි පුතණ්ඩියගේ ආච්චි අම්ම රුසියාවේ ඉන්න කාලේ ආසකරපු නමක් ඒක. ඉතින් 'ගාල්‍යා'  ගිහිල්ල දවස් හතරකින් ඇවිල්ල නෑ. මගෙන් ඇහැව්වේ අපේ 'සිසිලිත්' එහෙම ගිහින් නෑවිත් ඉඳල තියෙනවද කියල. සිසිලි වරක්, දවසක් නෑවිත් හිටිය. අපිට හරි හිත අමාරු උනා, සුරතල් සතුන් හැදුව වගේම වියෝගය දරාගන්නත් සමහර විට අපිට සිදුවෙනව.

ළමයිත් ලොකු උනාම ඔහොම තමයි ඉතින් ගිහිල්ල දවස් ගනන් නෑවිත් ඉන්නවනේ ඒකට පුරුදු වෙන්න දැම්මම...? හම්.. කල් වැඩියක් නෑ. කාලෙ බෝම ඉකමනටම ගත වෙනවනේ.

ළමයි ඉක්මනට ලොකු මහත් වෙනව, ගෙදරින් යනව, මේ අපේ turn එක, අපි අපේ දෙමව්පියන්ට දුන්න එකේ return එක තමයි අපිට ලැබෙන්නේ.
 බතීලට තව කල් තියෙනව ඒ දුක විඳින්න.
............
එහෙම උන දාට නන්දා මාලිනි කියල තියෙන සින්දුවක් කියාගෙන ඔහෙ ඉන්න එකයි තියෙන්නෙ.

http://www.youtube.com/watch?v=VO581H1iWg0&feature=related

10 comments:

  1. සම්පූරණ ඇත්ත. එහෙම දිනයක් එනවාමයි. මමත් ඒකට බයයි. ඒත් ලෝකය ගලාගෙන යන්න එපැයි. මම නම් යනවා ලෝකෙ කොහේහරි ඇවිදින්න. ඇවිදලා ඇවිදලා එපා වුනාම එනවා. ආයිත් යනවා. මෙහෙමයි හිතා ඉන්නේ. මොනවා වෙයිද කවුද දන්නේ.

    ReplyDelete
  2. අපේ අම්මලා අපි එනකං බලාගෙන හිටිය හැටි, අපි හොඳ තැනකට එයි කියලා බලාගෙන හිටිය හැටි, ඔය සේරම අපිට දැනෙන්න ගන්නෙ අපේ පොඩි උනුත් හෙමිට ලොකු වෙන කොට තමා, එදා අපි කරපු හරි වැරදි තේරෙන්න ගන්නෙත් මේ වෙලාවට තමා ........

    ReplyDelete
  3. දැන්මම ඕක මතක් කර, කර, දුක් වෙන්ට ඕනිද? සිංදු නම් ඉතින් ඇහුවට කමක් නෑ.:)))

    ReplyDelete
  4. මහ වෙදනා මූද හත් ගව්වක් තියෙද්දි කුමටද අමුඩෙ ගහන්නේ, අපි මේක අමතක කරල දාමු.
    හැබැයි ඔබතුමාගේ ප්ලෑන් A එක නම් මරු?

    ReplyDelete
  5. පන්සල් හංදිය, මේ වගේ දේවල් එක්ක බලන කොට බූට් කාපුවා වගේ කොලු කාලේ දේවල් වලින් වූ සිත් තැවුල් ආදිය මොන සුලු වැඩද කියල තේරෙන්නෙ ගන්නවා

    ReplyDelete
  6. කතන්දර,
    Bathee's never get old!

    ReplyDelete
  7. Podi Kumarihami,
    මූද හත් ගව්වක් තිබුනට, අමුඩෙ ගහල පීනන්න එපයෑ.
    පීනන කෝස් එකත් කරන්නයි බැලුවෙ.
    අනෙක මං කීවේ සුදු හාමිනේ කියල මිසක් පොඩි කුමාරි හාමිනේ නොවෙයි ඕන්, පොඩි කුමාරි හාමිනේ ගැන දෙමාපියන්ට කවි කියන්න වෙන එකක් නෑ, බින්න බස්ස ගත්තම....

    ReplyDelete
  8. "නාකිත් තරිකිට තෙයි - කාටත් ඔය ටික වෙයි" අපේ සීයා ඉස්සර කියන කතාවක්

    ReplyDelete
  9. හසිත

    සීයා මනමාලයා නාකි ඉලන්දාරියා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්