Followers

Sunday, December 25, 2011

ප්‍රීතිමත් නත්තල් නිවාඩු කාලයක් !

 

ජේසු තුමාගේ අහිංසක උපත සිහි කරමි.

කඩ සාප්පු වීදි මිනිස්සුන්ගේ පිරිල ඉතිරිල හැමෝගෙම මුහුනුවල ..සතුට.. හිනාව....

ඇත්තටම කොපමණ ප්‍රීතිමත් කාලයක්ද අවුරුද්දෙ අවසානයෙ ලැබෙන නිවාඩු කාලේ.
කොපමණ දුක් ගැහැට අමාරුකම් තිබුනත් අපි කොහොම හරි නත්තල ලඟ එන අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුමක් කැඩුමක් ගන්න හොඳ කෑමක් බීමක් හදන්න ගෙවල් දොරවල් පිලිවෙලට පිරිසිදුවට තබා ගන්න උනන්දු වෙනව. හැකි පමනට තෑගි බෝග වලින් සංග්‍රහ කරන්න ලෑස්ති වෙනව.

අලුත් ඉලක්ක ජීවිතේට ඇති කරගන්නව. ඇඳුනුම්කම් අලුත් කර ගන්නව.....කොපමණ හොඳද?

ලොකේ රටේ සමහර පලාත් වලට කරදර ගංවතුර හානි, භූමි කම්පාත් ඇතිවෙලා. ලංකාවේ මහ සුනාමිය ඇති උනෙත් නත්තල් කාලේ.

කොහොම උනත් ජේසු සමිදානන්ගේ උපත සිදු උනේ අද වැනි දවසක, දුප්පත් දෙමාපියන්ට දාව, ගව ලෙනක.
ඒ අතින් බෞද්ධයෙක්ව උපත ලද මා ජේසුස් වහන්සේගේ අවසානයේ එළඹුන තත්වය බුදුහාමුදුරුවන්ට වඩා අමාරුවෙන් ඒ තත්වයට එළඹුන කෙනෙක් විදියටයි මා දකින්නේ. සාමාන්‍ය ඉතිහාසයෙන් උදාහරණයක් ගන්නවා නම් හරියට ප්‍රේමදාස ජනපති වීමත් චන්ද්‍රිකා ජනපති වීමත් ගන්න පුලුවන්.

බුදුහාමුදුරුවන්ගේ දර්ශනය උගතුන්ට සීමා වූවක් වගේ පෙනෙන්නේ. ඇත්තටම  ඒ බව උන්වහන්සේ දේශනා කලා. මාගේ දර්ශනය මෝඩයන්ට නොවේ කියල. ඇත්තටම බුදුන් වහන්සේ අදහස් කරන්න ඇත්තේ නූගතුන් සියලුම දෙනා මෝඩයන් බව වත් එහි විරුද්ධ පැත්තවත් නොවේ.
මට හිතෙන දේ ගැන ලියන්නත් ටිකක් මොකද්ද වගේ නොදන්න මගුල් කතා කරමු බ්ලොගයේ ඒ ගැන ලියා තිබෙන විදියට.
කෙසේ වෙතත් ක්‍රිස්තුත් වහන්සේ මරණ දණ්ඩයට ඉතාම කුරිරු ලෙස ලක් කලේ එකල පැවති බල අදිකාරියට තරජනයක් වූ නිසා බව නම් පැහැදිලිය. බුදුන් වහන්සේට එවැනි තරජන එල්ල වූයේ නෑ.
එක හේතුවක් එතුමා රාජ කුමාරයෙක්!


පල්ලියෙන් ඇහෙන මිහිරි ගීතිකා අහන්න කවුද අකමැති. සවුදි අරාබියෙ දමාම්වල වැඩකරන කාලේ මුස්ලිම් පල්ලිවලින් ඇහුන යාඥාත් පිරිත්වගේම මිහිරියි. ඒ වගේමයි හින්දු කෝවිලේ යාදිනි. සායි බජන්.

මං නත්තල් කාලෙදි    ක්‍රිස්තියානි,
වෙසක් කාලෙදි    බෞද්ධයි,....
..දීවාලි කාලෙදි    හින්දු,
රාමදාන් කාලෙදි    මුස්ලිම්,

මොකද දන්නවද?

 හොඳ හොඳ කෑම...

 පුසුඹේ බැරුවා!

No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්