Followers

Wednesday, February 16, 2011

විජේවීර සහ ප‍්‍රභා එකම ගමේ ( වගේ)

Prabhakaran's Child-Hood Home_4644b by The Psychedelic Illusionist

විජේවීරටයි ප‍්‍රභාටයි බලපෑවෙි එකම කාලගුණික තත්ත්වයදැයි කෙනෙකුට සැකයක් උපදී. ප‍්‍රභා වැල්වැටිතුරෙයි. විජේවීර හමිබන්තොට. එකක් උතුරු කෙළවර. අනෙක දකුණු කෙළවර. දෙපැත්තම කාෂ්ඨකයි. වියලියිි. මුහුදු හුළග. ප‍්‍රභාගෙ පියා රජයේ සේවකයෙක්. විජේවීරගෙ පවුලටත් රජයේ සම්බන්ධකම් තිබිය යුතුයි මන්ද රුසියාවෙ ශීෂ්‍යත්ව ලබා ඉගෙනීමට ලේසියෙන් යන්න බෑ, කොමිනිස්ටි පක්සෙ ඇදුනුමි කමක් නැතිව.

(ඒ අස්සෙන් මට තව කතාවක් මතක් උනා.
මම දන්න කොමිනිස් පක්ෂයේ කෙනෙකුට හදපු විහිලු කතාවක්.
එ සහෝදරය පොඩි පුතා දග කරනකොට බනින්නෙ මෙහෙමලු.
ලොකු එකා මම බල්ගේරියාවෙ යැවිව.
උඹ දගකලොත් යවනව මුල්ලේරියාවෙ කියල.)-මානසික රෝහල තිබෙන්නේ ඒ පලාතේය

ඉතින් කොහොම හරි ඒ දෙන්නම විජේ සහ ප‍්‍රභා තමන් දන්න සෙල්ලම් පෙන්වල යන්න ගියා.

මම කියන්නෙ මෙිකයි මෙි දෙපසම සමාන සංවර්ධනයකට ගෙන ආයුතුයි.

නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රෙමදාස වැනි තරුණ ලොකු

සමාජ තත්වයක් තිබෙන ඉහල සමිබන්ධකම් ඇති වැඩක් කළ හැකි (පක්ෂය කුමක් වූවත් කමක් නෑ )

නායකයින් සහ එඩිතර රූමත් උගත් කාන්තාවන්  යාපනයේ සංවර්ධනය සදහාද

යෙදවිය යුතුයි.

නැත්නමි කොළඹට කිරි ගමට කැකිරි සංවර්ධනය වගේ.

හම්බන්තොටට අලුත් එයා පෝට්. වරාය ක‍්‍රීඩාංගන.

යාපනේට මුකුත් නැහැ.

මතක තබා ගත යුතුයි වැල්වැටිතුරේට තාමත් මුහුදු හුළං හමනව. කාෂ්ඨකයි. උතුරු කෙළවර.

වැඩි දෙනාට සිංහල අණ්ඩරදෙමළ වගේ.

Tuesday, February 15, 2011

බොගා Number 2-




බොග කිවිවෙ     Number 2 ක‍්‍රියාවලිය.

මෙය බොහෝම රසවින්ද අය හිටිය විශ්ව විද්‍යයාලයෙ. පේලියට තිබුන  පේලියෙ එක ළග දෙකකට යන

සමහර මිත‍්‍රයො කතා කර කරමින් සෑහෙන වෙලා ගත කරනව. බොගා කියන නම වැටුනෙත් සමහර

වෙිලාවට ඒක නිසා.

ප‍්‍රාථමික පාසලේ වැසිකිලි මහ අපායවල්.

ද්වීතියික පාසල ටිකක් හොඳයි.

මට මතකයි එක් බිත්ති කවියක් ද්විතියක පාසලේ තිබුන

"මෙ පරසිදු විදුහලේ
හුජ්ජ පොලක් නොමැති කලේ
..ජ්ජ බරට
..ජ්ජ පැලේ "

විවිද්‍යයාලෙ වැසිකිලි හරිම පිරිසිදුයි පාසල් එක්ක බලනකොට.

විවිද්‍යාලයෙත් බොහෝම ලස්සන කුරුටු ගී හමුඋනේ මෙිසවල

ඒ දවස්වල තිබුනා  test tube  විද්‍යාලයක්, තවම එහෙමද මන්දා?

Sunday, February 13, 2011

සිත මිස කය නැති ලෝකය- සිමිකනැ - virtual world



ඉලංදාරියාට යමි ප‍්‍රමාණයක් ආධාර ලැබීම ගැන සතුටුයි ඒත් ඒවා අවශ්‍යය ප‍්‍රමාණයෙන් කඳුලක් පමණයි

 ඉතින් ඔහු ගැන කියවනකොට වර්චුවල් මිත‍්‍රයො කියන වචනෙ අහු උනා.

 මට හිතුන මෙි සිද්ධාර්ථ ගෞතම සාෂ්තෘන් වහන්සේ විසින් විග‍්‍රහ කරන ලද සිත

මිස කය නැති වැනි තත්ත්වයක් නේද කියල. ඒ නිසා මම කැමතියි වර්චුවල් වගේ වර්චස් නමි දානව වෙනුවට

නිකමි සිමිකනැ වගේ ඔරිජිනල් සිංහල මොඩි නමක් දානව නමි' ඒක ටිකක් අලවු ඉසි සැබි හෙල නැත්නමි අරිසෙන් අහුබුදු  වගේත්.. ශබිද වෙනකොට.

 අපේ සිතැගි අප වයර් දිගේ පාකර  එවනවා.

ජීවිතය තැනුන පදාර්ථයෙන් ඉහලට නැගිල හිත් එකතුවෙනව. ඒ සිතැගි අයත් කුමන ශරීරයටද යන්න එතරමි වැදගැමිමක් නැහැ.

පාවෙන සිත් ඊටත් උඩින් හෝ කොහෙ තියනවද දන්නෙ නැති අන්තර් ජාලයෙදි යා

වෙනව. (සමහර සිත් වලට තරහ ඇති වි සුද්ධ සිංහල පාකර එවනව.)

සිත් ඔහේ පාවී පාවී සම සිත් සමග මුසුවෙමින් අමෘත සැප වින්දනය කරමින් සැනසෙනව. කය ආසනවලට බරදී සිතෙන් අයින් වෙනව.

අමිමප මෙි නමි උන්නාසෙ වදාල සිත මිස කය නැති බඔ ලොවෙම තමයි.

හැබැයි පුතෝ ගැටිට එන්නෙ නැත්නමි ආපහු පොලවට වැටෙන්නෙ අසභ්‍යය පින්තූර දානකොට.

ඒව බලල ළමයි නරක් වෙනකොට.

නැත්නමි අන්තර් ජාලෙ හමු වූ නැතිනමි සිමිකනැ හිදී හමු වූ පෙමිවතා එක්ක හෝ පෙමිවතිය එක්ක තම සහකාරිය හෝ සහකරුවා පැනල ගියාම තමයි.

Thursday, February 10, 2011

ලෝකෙටම සිල් අපනයනය කරමු - Let's Stop Work Monthly!




අවුරුදු දහස් ගනනක් පුරා වැඩුනු මිනිස් ශිෂ්ඨාචාරය විනාශය කරා යන ගමන ඇරඹිලා.

පසු ගිය අවුරුදු දෙසිය තුලයි එය ඇරඹුනේ

මහ කාලගුණ විපර්යාස දැන් ඇතිවෙමින් යනවා.

අති විනාශකාරී න්‍යෂ්ඨික අවි ගොඩගැහිලා.

නිශ්ශබ්ද මිනිමරුවා කාබන්ඩයොක්සයිඩ් වායුවයි. වැඩ කරන්න කරන්න මේ වායුව නිපදවෙනවා.

ඉතින් මම මේ කියන්න යන්නේ අර වායුව නවතන ක‍්‍රම කීපයක්.

විහිලුවක් උනත් අන්තිමට කරන්න වෙන්නෙ මේකයි.

1. වැඩ නොකර ඉන්න එක- වැඩ වර්ජන-( උත්ප‍්‍රාසය නම් විශ්ව විද්‍යාලවලින් පිටවන්නන්ට මේ පිලිබඳව මනා ප‍්‍රායෝගික පුහුනුවක් ලැබීමයි)

2. සිල් සමාදන් වීම

(උත්ප‍්‍රාසය නම් ලංකාවෙ තරම් පරිසරහිතකාමී නිවාඩුවැඩ පිලිවෙලක් ඇත්තේ කොහිද සහ වැඩ නොකර සිටින්නා පරිසර හිතකාමියෙකු වීමයි සහ මෙතුවක් කල් මහන්සිවී නොයෙක් විද්‍යාත්මක සොයාගැනීමි කළ මිනිසුන් මිනිස් සංහතියේ සතුරන් ලෙස පෙනීමයි )

කෙසේ වුවද මේ සංකල්ප විකිණිය හැකි සංකල්ප බව මගේ විශ්වාසයයි.

හොඳ ඉංග‍්‍රීසි නමක් දාලා ලොකු කොම්පැනියක නමත් ගහල බැලුවොත් විකුනගන්න බැරිවෙන එකක් නැහැ

..............................

මෙහෙමත් බවලත්තු- ලිංගච්චේදනය

ලිංගච්චේදනය  කියල හෙඩින් දමල මට බණ කතාවක් ලියන්න බැහැනේ. එහෙම

උනොත් රැුවටීමක් වෙනවනේ.

ඒ නිසා පලමුව  වෙචිච සිද්ධියක් ලියන්නමි. මෙි කතාව ඇත්ත.

චීන ජාතික ස්වාමිය තනියම ළගදී චීනෙට ගිහිල්ල ආවා. ස්වාමි දුව ගෙදර හිටිය.

මෙි අය ව්‍යාපාරයක් විදියට චීනේන් සීත කල මාලු ආනයනය කලා.

මෙි ළගදී ස්වාමියව( චෙන් මහතා) මරල දාලා.

කෑමට නිදිපෙති දාලා ඊට පස්සෙ කඹයකින් අත පය බැඳලා පිටට කීප වතාවක්

පිහියෙන් ඇනල,

 නරක ළමයවත් කපා දාලා.

චීන කාන්තාව හොඳට හොඳයි ;  නරකට......

මම කියන්න පුල පුලා සිටින දේ ඊළගට.....

Wednesday, February 9, 2011

ප‍්‍රධාන ලිංගේන්ද‍්‍රිය තිබෙන්නේ කකුල් දෙක අතරේද?


ප‍්‍රධාන ලිංගේන්ද‍්‍රිය තිබෙන්නේ කකුල් දෙක අතරේද?   
 උත්තරය අපි හිතං හිටියට වඩා වෙනස් එකක්.
 තමන්ගෙ අනාගත සහකරු හෝ සහකාරිය සොයාගන්න මෙ ලිංගේන්ද‍්‍රිය සත්තකින්ම උදවිවෙනව.


ඇය සිඩිනි විශ්ව විද්‍යාලයේ ලිංගික ආකර්ෂණය ගැනීමෙි විද්‍යාව හා ලිංගික සෞඛ්‍ය විද්‍යාව වැඩසටහනේ 

අධ්‍යක්ෂකවරියයි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේද මෙම අංශයේ සේවය කලාය.

ඇය පවසන්නේ ආඝ‍්‍රාණය සහ ඛෙිටය ආශ‍්‍රිතව ප‍්‍රධාන ලිංගෙන්ද‍්‍රිය පිහිටා ඇති බවය.

එමෙන්ම රසායනිකවද සමිබන්ධයක්ද ඇත. සිරුරින් නිකුත්වන ෆෙරොමීන්ද මුඛ හාදු දීමෙිදී ඛෙිටය 

හුවමාරුවද තම දීර්ඝ කාලීන සහකරුවා සොයාගැනීමට උපකාරීවෙි.



පනහ පැන්නට පසු ලිංගික ප්‍රශ්න 

Tuesday, February 8, 2011

මුරලි- කලකදි එපාවෙන අය කලකදි ඔිනෑ වෙනව The Irony is----- Australians want The Chucker to train their spinners


කලකදි එපාවෙන අය කලකදි ඔිනෑවෙනව කියන එක සත්‍යය උන සිද්ධියක් පත්තරේක තිබුන.

මුරලි ඔස්ටෙ‍්‍රිලියාවෙ ආධිපත්‍යයට (ක‍්‍රිකටි ලෝලීන්ගෙ)  අභියෝග කරන්නෙකු

ලෙසද මුරලිගෙ පන්දු නීත්‍යයනුකූල නොවන බව කලෙක පෙන්වීමට සෑම

උත්සහයක්ට දැරූ කාලය ඉතිහාසයට එක්වන්නට කාලය පැමිණ ඇත. ළගදී

දිනෙක මුුරලි විසින් ඔස්ටෙ‍්‍රිලියානු තරුණ කි‍්‍රකටි ක‍්‍රීඩකයන්ට දග පන්දුයැවීම

ඉගැන්වීමට  පැමිණිමට ගිවිසුමි අත්සන් කර ඇත.

බලධාරීන් පවසන්නේ මුරලි පැමිණීමට එකගවීම ඔස්ටෙ‍්‍රිලියාවෙි වාසනාවක් බවය.

මෙිකට තමයි උත්ප‍්‍රාසයත් සිනාවෙනව කියන්නෙ.  නයි කයිද කං කුං කිවිවලු

කෝ...... ජොනී හාවඩි දැන් මොකද කියන්නෙ?

Friday, February 4, 2011

නොස්ට‍්‍රඩෑමුස් - Nostradamus

බොහෝමයක් දාර්ශනිකයින් විද්‍යාඥයින්

සිද්ධාර්ථ ගෞතම, චාල්ස් ඩාවින් , කාල් මාක්ස් , ආතර් සී ක්ලාක්

ඇතුලුව බොහෝ දෙනෙකු අනාගතය ගැන අදහස් අනාවැකි පල කරල තියෙනව. 

අනාවැකි කීමට නැතිනමි ජ්‍යොතිශය ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට නැඹුරු වූ ප‍්‍රංශ ජාතික වෛද්‍යයවරයෙක් තමයි

නොස්ට‍්‍රඩෑමුස්. ඔහු ශ්ලෝක නැතිනමි චතුස්පද කාව්‍ය රාශියක් ලියා තියෙනව අනාගතය ගැන.
ඒව නොයෙක්

ආකාරය අර්ථ ගැන්වීමට පුලුවන්. සමහර ඒව ඇත්ත වෙලා තියෙනව. බොහොමයක් ඒව වෙලා නැහැ.

නොස්ට‍්‍රඩෑමුස් 2012 මහ විනාශයක් ගැන අගවල තියෙනවලු. අමෙරිකාවෙි සමහර ධනවතුන් හිතන්න

පුලුවන් හැම විනාශයකටම ඔරොත්තු දෙන බංකර් හදාගෙන යනවලු.

එහෙම නමි යාපනේ මිනිසුන් හරි වාසනාවන්තයි පසුගිය කාලෙ පාවිචිචි කරපු බංකර් තවමත් ඇති නිසා

අනෙක ලංකාවෙ හැදුන අපිට ඔය අනාවැකි මහ කජ්ජක්ද?

මුනිදාස කුමාරතුංග ශුරීන්ගෙ කිරිහාමි පොතේ හාමුදුරුවො කිවිව කිරිහාමිට අනාවැකියක්

කඹය ඇදෙයි
ගොනා දිවෙයි
කලය බිදෙයි
වැඩ ගොඩ වෙයි

---------
මුනිදාස කුමාරතුංග ශුරීන්  අද හිටිය නමි ලියයි

හෝ නිහාල් සිල්වා අද හිටිය නමි කියයි අපිලට

මල්ලී ඔිවත් වැඩද මල්ලී

මාත් දෙන්නනකෝ මල්ලී පැනිබෙිරෙන අනාවැකියක්

ජනගහනය වැඩිවෙයි
බඩ පුරවන්න බැරිවෙයි
බල තණ්හාව වැඩිවෙයි
වැඩ ගොඩ වෙයි

හැබැයි කාලෙ නරක්වෙිගෙන එන්නේ කියන එක කාටත් තේරෙනව.

 ලෝකය උණුසුමි වෙිගෙන යන්නේ එය වලක්වන්න පුලුවන් නූනොත් නොස්ට‍්‍රඩාමුස් මෙන්ම නිවුටන් සහ

සිද්ධාර්ථ ගෞතම දෙසු පරිදි සැම ක‍්‍රියාවකම පල විපාක තිබෙි යන්න අවබෝධ කරගන්න කවුරුත් මෙි

ලෝකෙ ඉතිරිවෙන්නෙ නැහැ

අනවශ්‍යය ලෙස ගසක කොලයක් නොකඩන් කියා බුදුන් දෙසු දහමි අමතකව කැලෑ පාලු කිරිමද කෙලවරක්

නැති වාහන භාවිතයද මෛත‍්‍රි බුදුන් වඩින ඊලග මහ භද‍්‍ර කල්පයට කල් යනු ඇත

Thursday, February 3, 2011

සාරිය ඔසරිය රෙද්ද හැට්ටය සෘංගාරය දනවන ඇදුම් ද? Is the Saree a lovable dress?


මට හිතෙන හැටියට එහෙන් මෙහෙන් ශරීරය ටිකක් පේන්න සැලසුම් කරන ඇදුම් තමයි වඩා සෘංගාරය දනවන ඇදුම්.

 විලාසිතා නැත්නම් මෝස්තර සැලසුම් කරුවන් භාවිතා කරන්නෙ මේ මූලධර්මය වෙන්න ඕන.

මුලු ශරිරෙම අමු අමුවෙ හායි ගාල පෙන්නන්නෙ හිතක් ඔලුවක් නැති මලමිනි.

 ඒව දැක්කම දුක හිතෙනව අනේ අනිචිචං කියල හිතෙනව මිසක් සෘංගාරය දනවන ඇදුම් නොවෙයි.

දසක තුනකට පමණ පෙර අපට ටිකක් වැඩිමල් අයියල ඔබෙ තීරය කියල නම් කෙරුව ශරීරකොටස ගැන අදහසක් ගන්න ටිකක් කල් ගියා.

 ඇත්තටම ඔබෙ තීරය යන වචනය ආවෙ එකල ගුවන් විදුලියෙ ප‍්‍රචාරයවූ අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන්.

කාමුක බවයි සෘංගාරික බවයි පටලගෙන දොස් පරොස් කියනව එහෙම නෙවෙයි.

සෘංගාරය, කාමුක බවට පටහැනිව කෙනෙකු තුල හටගන්වන්නේ ආදරයක්.

 ආදරය නමැති සංකල්පය මෙ ලෝකයෙන් න්‍යෂ්ටව තුරන්ව යාමට ඔබ පාර කපනවාද?

ගැහැනු ළමයිනුත් දැන් බොනව කරටි කැඩෙන්න. අනේ හැමෝම නම් නොවෙයි!

ඇඟ ඇරෙන ඇඳුම් ඇඳගෙන, මීටරයක් විතර අඩි උස සපත්තු දාලා කොර ගගහ යන හැඩ.

මට හිතෙන්නෙ මෝස්තර නිර්මාණ සහ මහ පරිමාණ ව්‍යාපාරවල අපි ඉත්තො වෙලා සීමාවන් ඉක්මවා ගිහිල්ල.

පුරුෂ ආධිපත්‍යයේ සෙවනැල්ලක් මෙහි තිබේ නම් සමාව අයදිමි.

කෙසේ වෙතත් සාරිය ඇන්දහම ස්ත්‍රිය ලස්සනයි!. ආදරනීයයි!. උනුසුම්!

ගවුම්, කලිසම් අඳින ලඳුන් මා සමග අමනාප නොවේවා, සාරිය අඳින්න කැමති වූවත් ලේසියෙන් ඉක්මනට

අඳින්න පුලුවන් ඇඳුමක් නොවේ.

 හැම රටකටම, හැම දේශගුනේකටම, හැම අවස්තාවකටම, සංස්කෘතියකටම ගැලපෙන්නෙත් නෑ

කොහෙවත් මම සාරී ශොප් එක්කක් ඇරල නම් නෑ ඔන්න. එහෙම අරින්න අදහසකුත් නෑ.
සාරි ව්‍යාපාරෙක ශෙයාර්ස් - shares අරගෙනත් නෑ.
----------------------------

සාරි ගැන හොඳ විස්තරයක් තියෙනව ඉන්ගිරිසියෙන්, click කරන්න.
http://en.wikipedia.org/wiki/Sari

 පුලුවන් වෙලාවට පරිවර්තනය කර පලකරන්නම්

සිදුහත් කුමරු ජීවිතය පිලිබදව කලකිරීමට හේතුවක්?




Hermann Hesse


අවුරුදු දහසයේදී තමයි සිදුහත් කුමරු විවාහයට පත්උනේ.


 පුතා රාහුල උපන්නෙ විසිනවයේදී. 


වයස මුහුකුරා යන්නට මත්තෙන් විවාහවූ අයගෙ විශේෂයෙන් පිරිමින්ගෙ


විවාහය වැඩිකල් දුවන්නෙ නැහැලු සාමාන්‍යයෙන්.


එකක් නිසි වයසට පෙර සියලුම දේ කරල ඉවර උනහම ජීවිතයෙ ඒකාකාරී බව වැඩිවෙනව. 


සිදුහත් කුමරාට ගිහිගෙයින් නික්මෙන්න ඒකත් හේතු වුවාද?


අනෙක් අතට ගත්තම මගේ තර්කය වලංගු නමි ඒ යුගයේ සියලුම- යටත් පිරිසෙයින් බොහෝමයක් පිරිමින්


ගිහිගෙය අත්හල බවට සාක්ෂි තිබිය යුතුවූවත් එසේ වී නැහැ.




මෙි ප‍්‍රදේශය පය තියන්න බෝම අන්තරාදායක භයානක ප‍්‍රදේශයක්.


මාර්ටින් වික‍්‍රමසිංහ බවතරණය,


 හර්මන් හෙස, සිද්ධාර්ථ ආදී කෘතීන්වලින් මෙවැනි දේ සාකචිචා කරන්න


ගිහිල්ල බිමි බෝමිබ කාලතුවක්කු ආදී දරුණුම ප‍්‍රහාරවලට ලක්උනා