Followers

Thursday, March 31, 2011

ඉතිහාසයේ පැරණිම යුද්ධය-ප‍්‍රතිවිරෝධය-තරගය හෙටයි -Oldest Rivalry in the History Begins- රාමා- රාවනා යුද්ධය හෙටයි



වැඩ කරන තැන ඉන්දියන් සගයෙක් කියනව,

අපි හෙට සිංහයන්ව දමනය කරනව කියල.

මම එක පාරටම කොක්කට බහින්න ගියේ නැහැ.

ඒ අය ක‍්‍රිකටි පිස්සෝ. තරහ කර ගත්තොත් ඉවරයි.

මම පොඩිඩක් ඓතිහාසික-දාර්ශනික කෑල්ලක් දාල එනමි ලෝකයේ පැරණිම ප‍්‍රතිවිරෝධය තිබෙන්නේ ඔස්ටෙ‍්‍රිලියාවත්-එංගලන්තය

(අවුරුදු 200 )අතරවත් ඉංදියාව- පකිස්ථානය ( අවුරුදු 50 )අතරවත් නොවෙි, ලංකාව හා ඉංදියාව අතර යයි( රාමා- රාවනා

යුද්ධය -අවුරුදු 9000ක් පමණ) කියල ශේප් උනා.
පකිස්ථානය හිතපු තරමි තරගයක් දුන්නෙ නැහැ.

පන්දු යවන්නන් තමන්ගෙ වැඩෙි හොඳට කරල දුන්න.

පිතිකරුවන් වැඩෙි හරියට කෙරුවෙ නැහැ.

ලංකාවට තමයි ගේමක් දෙන්න පුලුවන් සමබර කණ්ඩායමක් ඉන්නෙ.

මුරලිගෙත් තෙන්දුල්කාර්ගෙත් මගේලගේත් අවසාන ලෝක කුසලාන අවසාන තරග.

මුරලිට ගැහැවුවත් ඉංදියානුවො මලිංගගෙ ගිනි බෝල වලට භයයි.

බෙටින් කොමිපැනි නමි ඉංදියාවෙ පැත්තේ. නමුත් නවසීලන්ත- ද.අප‍්‍රීකා තරගයේදී ඔවුන් හිටියෙ ද.අප‍්‍රීකාව පැත්තේ.

ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් නරඹන තරගය මෙයයිලු.

මට හොඳටම විශ්වාසයි!

මෙි අපේ වාරයයි! සිරි ලකේ වාරයයි!

Tuesday, March 29, 2011

ගොනා වික්කා,මෝර වෙච්ච කාලෙ ගියා, මම ඔබාමා බෝ ගහ වගේ ඉන්නෙ, මම ඕවට නැහැ



ඝාතන- මහා පරිමාණ මිනිවලවල්වල චායාරූප එනකමි මට ඉන්නට බැහැ, එයට ක‍්‍රියාමාර්ගයක් නොගෙන.

ඉරාකයෙ කළ මෝඩකමි නැවතත් කරන්නේ නැහැ.
අමෙරිකාවෙ කාර්්‍යයභාරය නමි අවශ්‍යය පරිසරය නිර්මාණය කිරීමයි. යුද්ධයක් කරන්නේ නමි සහභාගීවන හැමෝම(NATO) තම වගකීමි සහ වියදමි දැරිය යුතුයි,කියල ඔබාමා අද කිවිව.

(ඔබාමා බලයට ආපු දා ඉඳල බාල්දිමයි.
පටන් ගත්තෙම මහ ආර්ථික අවපාතෙන්. එතකොටත් නිවි ඔර්ලියන් කුණාටුවෙන් සහ ගංවතුරෙන් විනාශවෙලා තිබුනෙ.
යාන්තං ඒ අංශෙන් ගොඩ එනකොට ඊජිප්තුවෙන් පටන්ගත්ත ජන අරගල.)

ඒ වායෙ කොමිනිස් හෝ විප්ලවවාදි සටන් පාටයක්වත් නැති නිසාත් රුසියාව චීනය කට වහගෙන නිසාත් භය වෙන්න කිසිම හේතුවක් නැහැ.මොන බංබුවටද නිකං මෝර වෙන්නෙ?

ඒ ගොල්ලන්ගෙ ප‍්‍රශ්න ඒගොල්ලන්ටම බලාගන්න කියල මම ඔිවට නැහැ වගේ ඉන්න පුලුවන් කූල් එකේ.

ධනපති කෂ්ටිය බලය තම පන්තියෙ නොවන දඩබිබර නායකයින්ට උදා වශයෙන් ජනපති පේ‍්‍රමදාස වැනි අයට බලය මාරුකරන්නේ තමනට කුණුගෑවෙන අමාරු වැඩ පල්ලෙහා පන්තියෙ එකා ලවිව කරවගන්න,කියල මට හිතිල තියෙනව.


මංහිතන්නේ ඔබාමාටත් ඒ ප‍්‍රශ්නෙමයි. මුලු මැද පෙරදිගම ගිනි අරගෙන(ගිනි තියල)

කාලා වරෙන්කෝ බලන්න.?කියන්න වගේ.


WASHINGTON - A defiant President Barack Obama told Americans he had stopped a "massacre" in Libya, but bluntly warned that trying to oust Moamer Kadhafi by force could repeat the carnage of Iraq.
"As president, I refused to wait for the images of slaughter and mass graves before taking action," Obama said, mounting a robust defense of his decision to rain air strikes on Kadhafi's troops in a UN-mandated bid to protect civilians.

ටී වී එකේ එක් කැරලිකරුවෙක් සිය පිස්තෝලය සිය හිසට තබා බෙරිහන්දෙයි. ඉන් ශල්ලා (දෙයියන්ගේ පිහිටෙන්) මට ගඪාපිට වෙඩිතියන්න ඔින.

ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, බහරේනය, යේමනය. සිරියාව....
ඊළගට කවුද?

Sunday, March 27, 2011

ඩෙස්මන්ඞ් ද සිල්වා, අමරදේව සහ සුනිල් ශාන්ත










ඩෙස්මන්ඩ් ද සිල්වා , අමරදේව සහ සුනිල් ශාන්ත
http://www.youtube.com/watch?v=N0j1Ttfhy9Y


නිම් හිම් සෙව්වා මා සසරේ සහ when did I meet you! ඩෙස්මන්ඩ් ද සිල්වා, සහ අමරදේව 2009 ජූනි මාසයේදී ගැයූ යුග ගීය (සංගීතය නිමල් මෙන්ඩිස්- ) ලාංකීය ගීතයේ සංධිස්තානයක් තියල මට හිතුන කාලෙකට ඉහතදී.මෙි ලගදී තිබුන ප‍්‍රසංගයකදී කියවුනා  ඩෙස්මන්ඩ් ගේ මුවින්ම ඔහු සුනිල් ශාන්ත මැතිණියගෙන් අවසර ඉල්ලා සිටියා ඕලු නෙලාලා ගීතය ගයන්නට නමුත් එයට ඉඩ ලැබුනේ නැති නිසා ඔහුට සිදු උනා ඊට සමාන ගීතයක් නිර්මාණය කර ගයන්නට කියා. ඒ ප‍්‍රසංගයේම තව තැනක ජිප්සීස් සුනිල් පෙරේරා සැමුවෙල් ඇනස්ලි- බර්ටි වර්ගයේ නැතිනම් අමාරිස් වර්ගයේ විහිලුකෑලි දානව. මට හිතුන මෙහෙම. දේශීය සංගීතයක් අනන්‍යතාවයක් මතු කර ගැනීමට ආනන්ද සමරකෝන්. සුනිල් ශාන්ත, අමරදේව ආදීන් ප‍්‍රබල ලෙස ගෙන ගිය සටන දිනා ඇති බවක්.
ඬෙ`ග ඬෙ`ග පරි රඹුට කැකිරි සුකිරි බටිල්ලා ආදිය දැන් ඇසෙන විට වායේ අර්ථ ශූණ්‍ය, රස ශූණ්‍ය, හිස් බව, නොගැඹුරු ප‍්‍රලාප කෙනෙකු තුල සිනාමතු කරයි. ( ඒ වැනි ගීත හා සංගීතයෙන් වූ විනෝදාත්මක සේවය මා අමතක කරනවා නොවෙ.  එමෙන්ම එකල එවැනි බටහිරට නැවුණු වේග රිද්ම ගායනා- නූතන වේග රිද්මයන් හා සසඳන කළ දැන් ඒවා වැටෙන්නේ මන්දගාමී කොටසටය- අත්දැකීම් අඩු සිංහල සමාජයට දිරවාගන්නට හැකිවන තරම් සංගීත ශරීරයට පුලුලු හදවතක් නොතිබිණ.) ඒ වගේමයි අමාරිස් අයියලාගේ විහිලුවල තිබූ අව්‍යාජත්වය අනන්‍යයතාවයට සමකල හැකි සර්වකාලීන නිරමාණයන් ඔවුන් තුලින් බිහිනොවීමත් එය ඔවුන් විසින් අවබෝධකරගැනීමත් අගේ කළ යුතුයි.


අමරදේව ප්‍රනාම දොරමඬලාව Jul 4 2011





Wednesday, March 23, 2011

සත්‍යෝදය -1- ඔබ බුද්ධ පූජාවට විරුද්ධලු?

1933-1934 කාලයේ මහචාර්්‍යය වල්පොල රාහුල හිමියන් විසින් ලියන ලද ලිපිපෙලක් ඇසුරෙන් සකස්වෙන බිලොග් පෙලක පලමුවැන්න.

ප‍්‍රශ්ණය- ඔබ බුද්ධ පූජාවට විරුද්ධලු?

පිලිතුර - මම බුද්ධ පූජාවට කිසිසේත් විරුද්ධ නොවෙමි. යලි, මම එය කිරීමට බලවත් ලෙස අවවාද කරමි. ආමිස ප‍්‍රතිපත්ති යන ද්විවිධ පූජාවටම තථාගතයන් වහන්සේ තරමි සුදුස්සෙක් නැත. අද බෞද්ධයෝ සුදුසු බුද්ධ පූජා නොපවත්වති.
බුද්ධ පූජා යන ලේබලය පිටතින් අලවා නොයෙක් විකාර කරති. ප‍්‍රතිමාවක් ඉදිරියේ ආහාරපාන වර්ග තැබීමත්, තවත් අනේක ප‍්‍රකාර විකාර කිරීමත් බුද්ධ පූජා ලෙස සලකති.


ප‍්‍රශ්ණය- බුද්ධ පූජා යන වචනයෙන් අදහස්කලේ බුද්ධ ප‍්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ග තැබීමයි. මෙය පරමිපරාගතව එන චාරිත‍්‍රයකි. ඔබ ඊට විරුද්ධ ද?

පිලිතුර- විරුද්ධකම කෙසේවෙතත් ඒ පිලිබඳ මගේ අදහස් අද රටෙි පිලිගත් අදහසට වෙනස් බව නමි ඇත්තකි.

ප‍්‍රශ්ණය- ඒ කුමක්ද?

පිලිතුර- ඒ බුද්ධ පූජාවක් නොවෙි යනුයි

ප‍්‍රශ්ණය-ඔබගේ අදහස භයානකයි. අන්තරාදායකයි. එය මිථ්‍යාදෘෂ්ඨියකි.

පිලිතුර- ප‍්‍රිය මිත‍්‍රය, කලබල නොවනුමැනවි, නොකිපෙනු මැනවි, යමි කිසි කරුණක් පිලිබඳව, තමාට නුපුරුදු අලුත් මතයක් පිලිබඳව සාකචිඡුාකරන විට ඉවසිල්ලෙන්් මෛත‍්‍රියෙන් සහ සමාදනෙයෙන් යුතුව ශිෂ්ඨ ධර්මයන් නො ඉක්මවා කළ හැකිනමි, මා සිතන හැටියට එය බුද්ධ පූජාවක් වෙයි. එනිසා නොකිපෙනු මැනවි. මා කියන දෙය ඉවසිල්ලෙන් අසා නුවණින් සිතා බලන්න.

අපේ යමිකිසි ඥාතියෙක් මළවිට, ඔහු වෙනුවෙන් ආහාරයක් වෙන්කොට තැබුව හොත් එය ඥාති පේ‍්‍රතයාට බිලිවශයෙනැය මිනිස්සු කල්පනාකරති. මළගියවුනට ආහාර පිදීමෙි අදහස එයයි. අපේ ජාතික වීරයෙකුගේ ප‍්‍රතිමාවක් ඉදිරියේ ආහාර පාන වර්ගයන් තැබුවහොත් එය කෙබඳු දර්ශනයක් වෙිදැයි බලන්න.
බෞද්ධයෝ ප‍්‍රතිමාවක් ඉදිරියේ කෑම බීම තබා, විහාර කාමරයෙහි දොර වසා, බුදුරජාණන්වහන්සේගේ ආත්මයට නැතහොත් අවතාරයට අවුත් එය ඉඳුල් කරන්නට ඉඩ දෙන්නාක්මෙන් පිටතට වි ස්වල්ප වෙිලාවක් බලා සිටිති.
සමහර තැන්වල බෞද්ධයෝ ආසනයක් පනවා එහි වැඩ සිටින ලෙස ප‍්‍රතිමාවට ආරාධනා කරති. ඊට පසුව මුව දොවන්ට පැන්ද, අනෙක් ආහාර පානද දැහැත්ද, පඩක්කන්ද, පිලියෙල කොට තබති. මෙය කොතරමි සිනහ උපදවන බොලඳ වැඩ පිළිවෙලක්දැයි සිතා බලනුමැනවි.
ආහාරපාන ආදී බාහිර දේවල් උසස් හැටියට හැගෙන්නේ අභ්‍යන්තර දියුණුව අඩු පමණටය. තිරිසනාට සියල්ලටම වඩා උතුමිදෙය ආහාරයයි. ඥානයෙන් සහ ගුනයෙන් දියුණු නොවුනු කල්හි වැඩුණු මනුෂ්‍යයා තුලද එ් අදහස එසේමය.
ශීල සමාධී, ප‍්‍රඥවෙන්ගෙන් අගතැන්පත් බුදුරජාණන්වහන්සේ වැනි උතුමකුට, උන්වහන්සේ පිරිනිවන්පා අවුරුදු දෙදහස්පන්සියයකට පසුත්, ආහාරපාන වර්ගවලින් ගරු කරන්නට සිතීම අපේ අභ්‍යන්තර දියුණුවෙි අඩුකම විදහා පෑමකි.
ශීල සමාධි ප‍්‍රඥාවන්ගෙන් අග තැන්පත් බුදුරජාණන්වහන්සේ වැනි උතුමකුට, උන්වහන්සේ පිරිනිවන්පා අවුරුදු දෙදහස්පන්සියයකටත් පසුත් ආහාරපාන වර්ගවලින් ගරුකරන්නට සිතීම අපේ අභ්‍යන්තර ගුණ දහමි දියුණුවෙ අඩුකම විදහා පෑමකි. බාහිර දෙයකින් උන්වහන්සේට සෑහෙන ගෞවරයක් කරන්නට අපට පුලුවන්කමක් නැත. තමන්වහන්සේට ගෞරවය ප‍්‍රතිපත්ති පූජාව බව තථාගතයන් වහන්සේ විසින් බලවත් ලෙස දේශනා කරන ලදි.

ප‍්‍රශ්ණය- එතකොට බාහිර වශයෙන් දානමානාදියෙන් තථාගතයන් වහන්සේට ගරුකිරීම නූවූමනාද?

පිලිතුර- නැතඃ එය එසේ නොවෙි. බුදුරජාණන්වහන්සේට ආහාරපානයකින් සංග‍්‍රහ කරන්නට යමෙකුට ඉඩක් ලැබෙතොත් සැබැවින්ම එය වාසනාවකි. උන්වහන්සේගේ ශරීරයටද, අනෙත් සත්වයනගේ ශරීරයට මෙන් කෑමි බීමි ඉඳුමි හිටුමිවලින් ප‍්‍රයෝජනය ලැබෙි. ඒ ජීවමානව සිටියදීය.

Monday, March 21, 2011

පුතා උඹ අපිට මොන වින්නැහියක් කළත්.....ගඩාපිගෙන්- ඔබාමාට Coalition fires 110 Tomahawk cruise missiles-



Above picture was taken from the web.
The destroyer USS Barry launches a Tomahawk missile at Libyan targets at the start of Operation Odyssey Dawn on Saturday.

පුතා උඹ අපිට මොන වින්නැහියක් කළත් මම උඹට ආදරෙයි.....ගඩාfපි කියයි.
(ගඩාපි බලයට පත්වන විට ඔබාමාට අවුරුදු 6 ක් පමනි)

ඔබාමා කියන්නේ බලය යෙදීම(ලිබියාවට එරෙහිව) අපේ පලමු පියවර නොවෙයි කියලයි.

නමුත් බලන්න යොදවා ඇති යුද නැවි ගනන
අමෙරිකාව-11
ඉතාලිය- 11
ප‍්‍රංශය- 1
බ‍්‍රිතා-1
කැන-1


එහෙම කරන්නට සිදුවුවහොත් එය සැහැල්ලුවෙන් ගත හැකි තීරණයක් නොවන බවයි.
අමෙරිකා ප‍්‍රතිපත්තිය නමි ගඩාපි ඉවත් විය යුතුයි කියලයි


පුටින් රුසියන් අගමැති මෙි වැඩෙිට විරුද්ධයි. ඔහු කියන්නේ මෙය මධ්‍යයකාලීන යුගයේ කුරුස යුද්ධයක් වැනි බවයි.
රුසියන් ජනාධිපති දිමිත‍්‍රි මෙඩිවෙඩෙවි පක්ෂ උනත් චීනය විරුද්ධ උනත් බ‍්‍රසීලය විරුද්ධ උනත් ඔවුන් සතු නිශේධ බලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී පාවිචිචී කලේ නැහැ.

ප‍්‍රංශ ජනපති කියන්නේ අපේ ගුවන් හමුදාව කර්නල් ගඩාපිගේ ගුවන් යානාවලින් සිය ජනතාවට එල්ල කරන ප‍්‍රහාරවලින් මුදවාගනු ඇති බවයි.

බ‍්‍රිතා අගමැති මෙය(මෙි ප‍්‍රහාර) අත්‍යවශ්‍යයි නීත්‍යනුකූලයි.

වෙනසියුලා ජනාධිපති හියුගෝ චාවෙිස් කියන්නේ අමෙරිකාව ලිබියාවෙි තෙල් සමිපත් අල්ලාගන්නට සැරසෙන බවයි.


එක්සත් ජාතීන් UN අනුමත කළ බටහිර සංධානය පහරදෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගතයන්ගේ මහකොමසාරිස් කාර්්‍යයාලය UNHCRආධාර එකතුකරයි

(දැනට එකතු වී ඇති මුදල $54000

ක‍්‍රෑස් මිසයිලයක වටිනාකම- $575000)


සරණාගත නාමයෙන් බටහිර රටවලට අඩුමුදලට වැඩකරන කමිකරුවන් උගතුන් ලබාගැනීමෙි මාර්ගයකුත් පෑදෙනව. පරණ ආයුධ තොගය ඉවර කර ගන්නත් අලුත් ඒවා අත් හදා බලන්නත් හොඳ වෙිලාවක්.

 මෙි ඔක්කොටොම මැදිව දුක් විදින්නේ කවුද? 

සාමාන්‍ය ලිබියානු ජනතාව නොවෙිද?

නරක නෑ සුද්දගෙ වැඩ!! 

ඒත් ගඩාfපිගේ පැත්ත ගන්නටත් පුලුවන්ද???


බටහිර සංධානය විසින් ඉරාකය සමිබෝල කෙරුවා. තවත් සමිබොලයක්ද මෙි?

මැද පෙරදිග සහ උතුරු අප‍්‍රිකානු ජන අරගලයන් අමෙරිකාව විසින් කුලියට ගෙන විනාශකරීමද සිදුවන්නේ?

Friday, March 18, 2011

ඔසී මහ විද්‍යයාල ශිෂ්‍යයා මැර කොල්ලාට ( වැරදි )පාඩමක් උගන්වයි.

ඉවසීමෙත් සීමාවක් තිබෙි- ඔසී මහ විද්‍යයාල ශිෂ්‍යයා මැර කොල්ලාට පාඩමක් උගන්වයි. ලංකාවෙන් ගිය අයගෙන් පැවත එන 19 හැවිරිදි තරුනයා මිනිමැරුමට සැකකරයි
Video of a Bullyboy in An Australian High School and The story of Lankan Descent 19 year old is suspected for a brutal murder

Sunday, March 13, 2011

ප‍්‍රභා මහගු අවස්ථා මගහැරියා වගේ මහින්දත් මග හැරයයිද?



මම මෑතකදී දැක්ක හිටපු ජනපති චන්ද‍්‍රිකා විස්සෝප වෙනව මගහැරී ගිය අවස්ථාගැන.

 විසඳන්නට තිබූ ජාතික ප‍්‍රශ්නය ඇය මග හැරියා.

 1994 ලද සියයට 64 ජනවරමෙන් ලද එකම හොඳ ප‍්‍රතිපලය මා දකින විදියට මලසොහොන් පිටියක්ව තිබූ ස්වභාවය තාවකාලිකව අකාමකා යාම පමණය  (හාල්පොතට සමුර්ධිය යන නම ලැබීමද සිද්ධ උනා)

ප‍්‍රභාටද රජෙක් මෙන්ද දෙමළ ජනයාට යමි තරමක හෝ සැනසිල්ලේ ඉන්නට තිබූ අවස්තා ගනනාවක් ඔහු මගයැරියා හෝ දෙමළ ඩයස්පෝරාවෙි බලපෑම පිට ඔහුට එහෙම කරන්න සිද්ධ උනා.

 ජනපති මහින්දටද අවස්තා දෙකක් ජනතාව දුන්නා

1. හොඳින් හෝ නරකින් යුද්ධය ඉවරයකට ගෙන එ්ම- ඒක කොහොම හරි එතුමා ඉස්ට කලා
2. ලංකාව ආසියාවෙි ආශ්චර්්‍යය බවට පත් කිරීම- එය කිරීමට සැබෑ උවමනාවක් සහ අවශ්‍යය සමිපත් එතුමා සතුව තිබෙිද

විනාශයට පත් රටවල් ඒවා නැවත ගොඩනැගීමට එයම ශක්තියක් කරගෙන ඇති අවස්ථා ඉතිහාසයේ විරල නොවෙි. අමෙරිකාව ජර්මනිය ජපානය පලමු හා දෙවන ලෝක යුද්ධ විනාශයන් දියුණුවීමට ශක්තියක් කරගත්හ.


දේශපේ‍්‍රමය මුල්කොටගෙනය ඒ පෙළඹවීමි ඇතිකොට ඇත්තේ.
ලංකාවෙි එවැනි පෙළඹවීමක්වත් පෙනෙන්ට තිබෙිද

(සමහර දේශපාලකයින් දරුවන්ගේ විවාහ මගුල්වලට කරන වියදමි ආදිය නමි දේශපේ‍්‍රමය ඇතිකරවන්නක් නොවෙි)

ජයවර්ධන පුරයට එදිරිව රාජපක්ෂ පුරයක් ගොඩනැගීමෙන් සංවර්දනය රට පුරා සමව බෙදේවිද?



එළඹ ඇති ඓතිහාසික අවස්තාවන් ලංකාවෙන් ගිලිහීයාමට ඉඩදී එංගලන්තයේ පැරණි ඇන්ඩෘ මාලිගයට වී හෝ අමෙරිකාවෙි ඈත ගොවිපලකට වී හෝ අඩියක් ගසා පරණ මෝඩකමි ගැන විස්සෝප වීමට හෝ ලිබියාවෙි ඊජිප්තුවෙි මෙන් ජනතාව පාරට බසින තෙක් නොසිට ජාතික ප‍්‍රශ්නය විසදීම පලමුවෙනි අවශ්‍යයතාවය ගෙන නිසිලෙස සමිපත් ආයෝජනය කළ මැනවි.

Saturday, March 5, 2011

ලාංකික අනන්‍යතාවය Sri Lankan Idnetity සිංහල ලකුණ



ලාංකික අනන්‍යතාවය යනු කුමක්ද

 මෙික කොහෙද තියෙන්නෙ,

ජාතික කොඩියේ සිංහයගේද?

මහින්ද රාජපක්ෂගේ කුරහන් සාඨකයේද

ජේ ආරගේ  D I  සෙරෙප්පු දෙකේද?( ජේ ආර් "දේශප්‍රෙමියෙක්"? කියල මට දැනුනෙ එන් එමි ගෙ මළගමෙිදී ඔහු ( එතකොට ඔහු ජනාධිපති) ගූණ කථනයේදී කිවිව රට වෙනුවෙන් ඔහු ඔහුගේ කාර්්‍ය භාරය ඉෂ්ඨ කළා කියල).

සංඝක්කාරගෙ cricket බැටි එකේද?

කිරිබත්ගොඩ ඥාණානන්දගෙ රැවටිල්ලෙද?

ත‍්‍රී වීල් රියදුරුගේ බයිලා වාදනයේද?

ගුනදාස අමරසේකරගේ (කුහක) මධ්‍යයම පන්තියේද?

රැු දෙගොඩහරිය වන තෙක් බෙරිහන්දෙන පන්සලේ ලවුඩිස්පීකරයද?

දරු නැලවිලි ගීයේද? මළ ගමි උත්වයේ ගැයෙන කවියෙන්ද?

සැබෑ ලෙසම අනන්‍යයතාවය තිබෙන්නේ අප කන බොන දේ වලද?What You Eat What You are?


පාන් සොසේජ් බර්ගර් බියර් විස්කි කෑමට බීමට පුරුදු ුඅපට අනන්‍යතාවක් තිබිය හැකිද?

අපේ අනන්‍යය කෑම වන කොස් දෙල් ඉරිගු කුරහන් මිරිදිය කරදිය මාලු ආදියට වෙන් වූ ආපනශාලාවක්වත් අපට තිබෙිද?

පාර්ලිමෙින්තුවෙි දේශීය කෑමට වෙන්වූ සතියේ එක් දිනයක්වත් තිබෙිද?

පබා, පබලු ටෙල ිනාට්‍යය ගෙන එමින් නූතන ලාංකික ලකුණ ගවෙිෂණයේ යෙදෙන කිත්සිරි විසින් ඉටු කරන කාර්්‍ය භාරය අගය කරමි. නෑදෑයන්ගේ මැදිහත් වීම ත් පෙන්වන්නේ නමි හොඳයි,

Thursday, March 3, 2011

පබා සිය මහත්තයගෙන් ගුටි කෑම අපේ ක‍්‍රිකටි ක‍්‍රීඩක තරු-සහ Steve Waugh



පබා මහත්තයගෙන් ගුටි කෑමෙන් පෙනෙන්නේ පබා නාට්‍යයේ මෙන් මොන වැරැුද්ද කළත් (   පබා වැරදි කලැයි කියාට ඔප්පු වී ඇතිද නැතිද යන්න ගැන අදහසක් ලියන්නාට නැත)ඉවසන වසන්ත අයියලා මර්වින් වැනි තාත්තලා ලතා වැනි අමිමලා මෙන් පිට මිනිසුන් ඉවසන්නේ නැති බවයි.

අත් දැකීමි අඩු සල්ලියට නැවෙන කටිටිය දේශපාලකයන්ට අසුවූවොත් වෙන්නෙ ඔය ටිකය. ඔතනින් නැවතුනොත් ඇතිය. ගායිකාවන් ක‍්‍රීඩිකාවන් ක‍්‍රීඩකයන් කලාකරුවන් වියතුන් ඔය දැලට අසුව බෙිරෙන්නට බැරුව දැගලූ හැටි දන්නෝ දනිති.

අපේ ක‍්‍රිකටි ක‍්‍රීඩක තරුවලටද අපට කියන්නට ඇත්තේ ඔය ටිකය.

 අමාරු කාලයේ දේශපාලකයන්ට වියතුන්ට දේශපේ‍්‍රමීන්ට වඩා විශාල සේවයක් කළ අපේ ක‍්‍රිකටි ක‍්‍රීඩක තරුටිකද ඔය වීශඝෝර සර්පයාගෙන් ඈත්ව සිටීමට වග බලාගන්නේ නමි මැනවි.  Steve Waugh ලේබර පක්ෂයේ ඉල්ලීමද ලිබරල් පක්ෂයේ ඉල්ලීමද කාරුණිකව ප‍්‍රතික්ෂේප කලේය.

ජෝන් හාවඩි හෝ වෙනත් නායකයෙකුට වඩා තත්ත්වයක් Steve Waugh   ට ඇත්තේ ඒ නිසාය
සනත් හෝ අර්ජුන කියන දේ ගැන කවුරුත් බලන්නේ රබර් ඇසෙනි.
මන්ද ඔවුන්ගෙන් ස්වාධීන අදහසක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි.

A new type of world cup song from Sydney

http://www.divshare.com/download/14186514-409

Cricket_World_Cup_2011_Me_Ape_Vaarayai.mp3