Followers

Thursday, April 28, 2011

ලොකේ ජීවත්වන්නට ලස්සන ඔනෑ වේ.






ලොකේ ජීවත්වන්නට ලස්සන ඔනෑ වේ.

ලොකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ කියල ක්ලැරන්ස් ගැයුව දශක ගනනාවකට පෙර.

මේ දිනවල බාහිර ඔපය හා ලස්සන ගැන කතා බහ වෙනව ඩයනගෙ, කේට්ගෙ;

නමුත් ඒ ලස්සන බොහෝම තාවකාලිකයි කියල ඔප්පු උනා ඩයනගෙන්ම.

ඒ නිසා මට හිතුන ලස්සන අගයන ගමන්ම ඒ අය තරම් බාහිර ඔපය නැති ඒත් ලස්සන හිත් ඇති අය;

වෙනුවෙන් තමන්ගෙ ස්වාමියට රජෙකුට මෙන් සලකන,

තමන්ගෙ බිරින්දට රැජිනකට මෙන් සලකන,

හොඳ ගුන දහම් ඇති දරුවන් හදන මිනිසුන් වෙනුවෙන් මේ සටහන තියන්න.
-------------------
ඒ වගේම තරුන අයට
--------------------

අපි හැමෝටම මේ ලොකෙ කොහෙ හරි කුමාරයෙක් කුමාරියෙක් ඉන්නව.

කාටත් මේ ලෝකෙ තමන්ගේම කුමාරයෙක් කුමාරියෙක් ඉන්නව.

කවද කොහේ හමුවෙනවද?

පොඩියක් ඉවසන්න. ඉවසන දනා.... අහල තියනවනේ කවිය...

තරුන කාලේ ඕකම තමයි නැත්තේ!

ඉවසන්;

නැත්තන්

ඒත් ඉවසන්(නම වෙනව.)


--------------------------------

තවත් අතුරු කතාවක් මතක් වෙනව.

ඉතින් ඔය පහලොහ දාසය ලාමක කාලෙ ක්ලැර්න්ස් ස්ටේජ් එකට ඇවිල්ල ගිටාර් එක ගහල සිහින ලොවක් දුටුවා මතකයි කියනකොට අපිට උන් හිටි තැන් අමතක වෙනව.
(මං හිතන්නෙ ඒ කලේ ඊට සමාන්තර්ව සතුට පත්තරේ ජනක රත්නායක අපිව ඔහුගේ චිත්‍ර කතා මගින් අපේම ලෝකයකට ගෙනයමින් හිටියෙ.)
ඒ වගේමයි ඊට අවුරුදු හයකට වගෙ පසුව අතුල අදිකාරි වගෙ අයත් අපෙ කාලෙ අපිව සිහින ලෝකයකට ගෙන ගිය කලා කරුවො

Tuesday, April 26, 2011

සත්‍යය සායි බාබා


සත්‍යය සායි බාබා අභවප්‍රාප්ත වේ.

මිලියන පනහකට අධික අනුගාමිකයන්ද ඩොලර් බිලියන අටකට අධික ධනස්කන්ධයද අතහැර දමා ඔහු විසින් දේශනා කර තිබු පරිදි

ඔහුගේ අවුරුදු 96ක ආයුකාලය ජීවත් වීම අවුරුදු 12 කින් කෙටි කොට අවුරුදු අටකින් නැවත, උපදින බලපොරොත්තුවෙන් ඔහුගේම

රොහලෙන්ම මේ ලෝකයෙන් නික්මී ඇත.

ඉන්දියන් අනුගාමිකයෙක් කීවේ සායි තුමාගෙ මීලඟ අවතාරය දැනටම ලංකාවේ ඉපදීම සිදු කර ඇති බවය.

(ලංකාවේ සායි මහ අසපුවක් කොළඹ හතේ තිබුනා මතකයි, ඉපදීම සිදුව ඇත්තේ එහිද නොදනිමි )

තව ෆිජි ඉන්දියානු අනුගාමිකයෙක් කීවේ එය අසත්ය බවය.

ඔහු ගැන කවුරු කෙසේ කීවත් මම දකින්නේ මිනිසුනට හෙට දවස ගැන අහිංසක බලාපොරොත්තුවක් දුන් ඉතා දක්ශ මිනිසෙකු තව එවැනි

කෙනෙකුට ඉඩක් තබා මෙලොවින් ඉවත්ව ගිය බවක්.

(ලංකවෙද ඉන්දියාවෙද දේශපාලකයන්ගේ ද දනවතුන්ගේද ප්‍රසිධ්ද පුද්ගලයින්ගේ 'අහිංසක', 'දුප්පත්'බලපොරොත්තු ඉටුකරගැනීමටද සායි තුමා හමු වු හමුවන අවස්තා රහසක් නොවේ.)

දුක් විඳින කෙල කෝටියක් ජනයා වෙසෙන ඉන්දියාව වැනි රටවලටද ලංකාව වැනි රටවල්වල වෙසෙන ජනයාටද කෝටිපති අසපුවලින්

ගෙනෙන සුවය තවදුරටත් අනවශ්්යය කියලා කියන්න පුලුවන්ද?

සායි තුමා කිසිම ආගමක් හෝ ආගම් අදහන පුද්ගලයෙකු තරහ කර නොගැනීමට තරම් දක්ශ වුයේය.

දලයි ලාමා තුමාද ලෝකයෙ නායකයන්ද ශෝකප්‍රකශ කර තිබේ.


සායි තුමා ගැන මා දන්නා පුද්ගලයෙකු කී කතාවක්.

මොහු ඔස්ට්‍රේලියානුවෙක්

විවාහ වී සිට්න්න්නේ පිලිපීනජාතික කාන්තවක් සමගය. ඇය පල්ලියට යනවාට වඩා ප්‍රිය කරන්න්නේ ක්ලබ් එකට ගොස් පෝකර් මේශීන් එකේ සූදු කෙලින්නටය යයි කියා මා සමග කියා ඇත. ඉතින් ඔහු පුරුද්දක් වශයෙන් පූතර්පත්ති සහ උතුරේ සායි ආශ්‍රමයට ගොස් මාසයක් හමාරක් ගත කරනවා. ඒ ගිය වාරයකදී සායි තුමා ඉදිරියේ සිටිද්දී, සායි තුමා එක්වරම ඔහු ලඟට කැඳවා මෙසේ කියා තිබේ.

wife means w-worries, i-inflicted, f-for e- ever

(But in contrast to that, I believe without wife no life)

ඔහුගේ දෑසින් කඳුලු කඩා හැලුනාලු.

Monday, April 25, 2011

ජීවිතය සහ මරනය අතර සටනක් - whats the meaning of life?

At work place I have a customer-friend known to me for years;
he is a funny little middle aged man similar to me, when ever we meet, first thing pops up from his mouth is " what is the meaning of life?"

he expects the usual answer from me " look up in the dictionary mate" we both laugh.



ජීවිතයේ තේරුම ශබ්දකෝශයෙන් බලාගන්න පුලුවන්ද?

එය වි(න්)දීමෙන් හා වි(න්)දවීමෙන් පසක් කල යුතුය. මෑරෙන මොහොත දක්වා තේරුම් ගැනීමට අමාරු දෙයක් බව කියවේ.

මේ ටික ලිව්වෙ අද දවසෙ කතාවට ආරම්භයක් ලෙස.

පසු ගිය දවස් ටිකේ පාස්කු නිවාඩුව නිසා විවෙකයක් ලැබුනා ඩී වී ඩී ගතකරන ලද ටෙලිනාටය්ය කීපයක් බලන්න එක දිගට.

පලමු එක බිමල් ජයකොඩි සහ ඩිල්ශාන්ගෙ බිරිද ආදීන් රගපාන උඩුවියන්.

දෙවැන්න, පාලිත සිල්වා ආදින් රගන 'හිමිනැති හදකට'. මම කැමති එක 'උඩුවියන්', මොකද එකෙ තේමාවට මම කැමතියි.

කෙසේ උවත් ඒ නාට්ය දෙකම කම්මැලි නැතිව බලන්න පුලුවන්.

ඉතින් ඒ නාට්ය බලන අතරේ මට තේරුනු දෙයක් තමයි, උඩුවියන් නාට්යෙ හැම වචන දහයකට පහලොවකටම වරක් 'ජීවිතය' කියන වචනය ඇහෙනව.

හිමිනැති හදකට නාට්යෙ හැම වචන දහයකට පහලොවකටම වරක් 'මරනව' කියන වචනය ඇහෙනව.

මේ වචන දෙමාපියන් ලෙස රගන ප්‍රසිද්ඩ නලු නිලියන් ලවා පුනරුච්චරනය කිරීමෙන් වෙන්නේ පිලිකාවක් කතාව පුරා විහිදී යාමක් නොවේද?



ටෙලිනාට්ය ලියන්නන්ටත් ඒ මරන යුගයෙන් ගැලවෙන්න බැරිවු හැටි ඒ කතාවලින් හොදට පෙනේ.

ලන්කාව යාන්තන් මරන යුගයෙන් ගොඩ ගියා.

දැන් ඊට වඩා තත්වයෙන් උසස් නාට්ය බලාපොරොත්තු විය හැක.

Wednesday, April 20, 2011

ඩයනාව බලාගන්න සිය පියාට බැරි උන විත්තිය නොදැනද විලියම්, කේට්ගේ අතගන්නේ ?

පලමුව විලියම්- කේට් යුවලට සාර්ථක යුග දිවියකට ශුභ පැතුම්!









දෙවනුව අසමි, ...

කේට් මිඩ්ල්ටන් අභියෝගයට ලෑස්තිද?

ආච්චී ඉන් ලෝ, රැජිණක්,

මදර් ඉන් ලෝට බෝම කරදර කෙරුවලු.

ඔයාගෙ ෆාදර් ඉන් ලෝ පඹ--...??

ඩුප්ලිකේට් මදර් ඉන් ලෝ... කොයිවගේ කෙනෙක්ද අනේ මන්ද?

මස්සිනාකාරය ඔලමොල ගති ඇත්තෙක්.

විලියම් මේ වැඩේට අත ගැහුවෙ බරපතල කම නොදැන නොවේ.

තාත්තගෙම පුතාවන ඔහු තාත්තගෙ ව්‍යාපෘතිය එනම් සාමාන්‍යය ජීවිත ගත කළ කෙනෙකු හා විවාහ වීම, ඉදිරියට ගෙනයාමටයි අදිටන.

ඔහුගේ අධිෂ්ඨානටය ශුභ පතමු.

ඩයනා- චාල්ස් විවාහය 1980 ගනන්වල ( ලංකාවට ටී වී මුල්දවස්වල) නැරඹු කෝටි ගනන් ජනයාටත් ලංකාවෙ අපිත් එක්කහු

උනා. ඩයනාගේ කි මි එකක් විතර දිග වේල් එක වෙස්ට්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ රතු පලසේ නොගෑවෙන සේ අල්ලගෙන ගියා

අද වගේ මතකයි. අන්තිමේදී උන දේ පැරිස්වලදී පැපරාසීන්ගෙන් බේරෙන්න වේගයෙන් ධාවනය කළ ඩයනා ගමන් ගත් වාහනය

අනතුරට ලක්වුනා.

ලංඩනයේ ක්‍රොකඩයිල් මහා ව්‍යාපාර හිමිකරු ඩොඩි අල් ෆයිඩ් තවම සිය පුතාට වූ දේ හොයනවා.

ඩයනාගේ අයියකාරය පදනමක් හදාගෙන පින් දහම් කරනව පැත්තක් අල්ලගෙන.

රාජකීය විදියට ඉන්න එකත් හැමෝටම කරන්න බැහැ.

ටැස්මේනියාවෙ දේපල වෙළඳ සමාගම් සේවිකාවක් වූ මේරි

තවමත් වැඬේ අල්ලගෙන යනවා. අනෙක් එක තමයි ඩෙන්මාක් කුමාරය නොනවත්වා නිෂ්පාදන කටයුතු කරගෙන යනවා.

ළගදී නිවුන්නු දෙන්නනෙක්ද ලැබුණා. චාල්ස් මහ කමිමැලියා. එක්කො රාජකීය දෛවඥය කියපු අනාවැකිය බොරුකරන්න බැරි නිසා

නිකං හිටිය. කෙල්ලෙක් හිටිය නම් ඩයනට තමන්ගේ හිත් අමාරු ගැන කියන්න දුවෙක් ඉන්නව.

ඒ නිසා මම කේට්-විලියම් යුවලට දෙන අවවාදය පුලුවන් තරම් ළමයි හදන්න.


-------------------------------

(මෑත ලංකාවෙද ප්‍රසිද්ධ පුද්ගලයින් වාහන අනතුරුවලට ලක්ව ජීවිතක්ෂයට පත්ව තියෙනවා.
මා දන්නව දෙන්නෙක්
1 සරත් මුත්තෙට්ටුවගම
2 මංගල සමරවීරගේ සගයා-දැන් එයාටවත් මතක නැතිව ඇති)

Tuesday, April 19, 2011

දිල්ශාන්, දිලෙන තරුව


නව නායකට ශූභ පැතුම්!


දිල්ශාන් ලංකාව වෙනුවෙන් සිය යුතුකම් සිය උපරිමයෙන් ඉටුකළ පුද්ගලයෙක්.

සුනිල් ශාන්ත, අමරදේව ආදීන් මෙන් තම කලාව රට වෙනුවෙන් සිය දෙමව්පියන් දුන් නමත් වෙනස් කළ

පුද්ගලයෙක්.ලෝක කුසලාන නෙමෙයි ඕනම කුසලානයක් දිනන්න පුලුවන් කම ඇති නිර්භීත හිතැති කලබල

ජරමරබරකරත්ත අස්සේ පැයට කිලොමීටර 140 ට එන පන්දුව විකට් රකින්නාගේ හිසට උඩින් යවන්න

පුලුවන් පුද්ගලයෙක්,

අන්තර් ජාතික තරගවලදී එය සාර්ථකව කළ ලෝකයේ පලමුවැන්නා දිල්ශාන්

ඒකයි ඒ පහරට Dilscoop කියල නම දැම්මේ!

මහේල හා සංඝා විසින් ඉතා නිවැරදිව අනුගමනය කළ රාජ්‍යය තාන්ත‍්‍රික යුගය නිමා කොට අතීත ලංකා

ක‍්‍රිකට් විරුවන් විසින් ගොඩනැගූ ක‍්‍රිකට් ශ‍්‍රී විභූතිය මත අනාගත පරපුරටත් රටටත් එයින් සේවය කිරීමට නව

සටන් කිරීමේ ඉසව්වකට ගෙන යාමට අනිවාර්‍යෙන් නව නායක දිල්ශාන් ක‍්‍රියා කරනු ඇත.

ජාතික සමගිය ඇතිකිරීමට යුද්ධෙටවත් සාමෙටවත් බැරි වූ කාලයේදීත් යමි එකතුවක් ඇතිකිරීමට මෙි ක‍්‍රීඩාවට පුලුවන්

උනා ( යුද්ධෙන් සමිපූර්ණ සාමය ඇතිවූවා යයි අදහස් නොවේ. ජනරාල් තුමාවත් එය පිලිනොගනී )

මුරලි, රසල් ආනෝල්ඩ් ආදීන් විසින් කරගෙන ආ ඒ කාර්්‍යය දිල්ශාන් ඉදිරියට ගෙන යනු ඇත.

Sunday, April 17, 2011

අපොන්සුගේ පරාවර්තනය, සාමයට ‘තටු’ ඇවිත් සහ සැබෑ ආදරය

(හැබැයි හොඳම කෑල්ල තමයි අපොන්සු මැතිණිය ඔලුව අවුලු නොකරගෙන එක හිතින්ම සිය ආදරණීයයා වෙනුවෙන් අවුරුදු 30ක් බලාසිටීම)

අවුරුදු 30කට පස්සෙ අපොන්සු නැවතත් සිය බිරිය ජයන්ති හා එක්වෙයි.

අති සංවේදී කලාකරුවකු වූ ජයසේකර අපොන්සුගේ වෙන්වීම හා එක්වීම ගැන මට හිතෙන්නෙ මෙහෙමයි.

අවුරුදු 30කට පෙර යනු 1981 කාලයයි. (ඒ කාලෙ මට මතකයි නිතරම රේඩියෝවෙ වෙළඳ සේවයේ යනව අපොන්සුගෙ නාට්‍යයවල ඇඞ් කෑලි.)

1977- යූ එන් පිය බලයට පැමිණීම

1980 වර්ජන පරාජය

1983 කලු ජූලිය

මේ කාල පරිච්ජේදයේදී සංවේදී මිනිසකුගේ ඔලුව අවුල් නොවවූවා නම් තමයි පුදුම.

2009- යුද්ධයේ නිමාව

2011- පැරණි නාට්‍යය කලා නිර්මාණවලට ඉල්ලුමක් සහ කලා ක්ෂේත‍්‍රයේ යම් පුනරුදයක් ඇතිවීම

උදාවූ සාමය (අඩු තරමින් භාග සාමය) අපොන්සුගේ ජීවිතයටද සාමය ගෙනැවිත්.

අපි හැමෝටම බෝම සතුටු ආරංචියක්.

හැබැයි කතාවෙ හොඳම කොටස තමයි අපොන්සු මැතිණිය ඔලුව අවුලු නොකරගෙන එක හිතින්ම සිය ආදරණීයයා වෙනුවෙන් අවුරුදු 30ක් බලාසිටීම.

(තටු ඇවිල්ල පරෙවියෙක් වගේ සක්වල ගල සතර වටෙි කරක් ගැහැවිවත් මම දැනගෙන හිටිය ඔබ මා ළගට එන විත්තිය.පරෙවියො කොහෙ ගියත් ආපහු කූඩුවට එනව.)


-----------------------------------

ඉදිිරි කාලයේදී බලාපොරොත්තුවිය හැකි සමාන අභාග සාමයේ ප‍්‍රතිපල.

යුද්ධය කාලයේදී උපන් උතුරේ දරුවන්-එනම් යුද්ධයේ දරුවන් සහ සුනාමි දරුවන් ඉතාම කලහකාරී තත්ත්වයන්ට යොමුවීම.

මංමාවත් වැනි අනාගතයට අවශ්‍යය දෑ හදනවා වගේම මේවැනි මානසික සෞඛ්‍යය ගැටලුවලටද සූදානම් වීම අවශ්‍යය කාරණයක් ලෙස

දැනුමැත්තෝ හඳුනාගෙන ඇත.

Thursday, April 14, 2011

ජේ ආර් හෙවත් රවීන්ද්‍ර

ජේ ආර් හෙවත් රවීන්ද්‍ර


ජේ ආර්, රවීන්ද්‍ර නමින් අත්සන් කළ කාලයක් තිබුණා.


එසේ කියවෙන්නෙ ඔහු ලියු දිනපොත්වල -1922-23 කාලයෙදී.


මට එක ආශාවක් තිබුණා ඉෂ්ඨ කරගන්න බැරිවුණ


ඒ තමයි විශ‍්‍රාමික ජේ ආර් සමග කතාබස් කිරීම.


මට අහන්න තිබුණ ප‍්‍රශ්ණයක් තමයි ඇයි ඔබ ධනවාදය දේශපාලන දර්ශනය ලෙස


තෝරාගත්තේ කියල.


කොල්වින් ආර් ද සිල්වා සහ ජේ ආර් ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලයෙ එකම පංතියෙ කියලයි මම අහල තියෙන්නෙ.


ජේ ආර් මැයි පෙළපාලි තහනමි කළ අවුරුද්දේ විජය, වාසු, බාහු, සමසමාජ කොමියුනිස්ටි නායකයො ඇතුලු හැම තහනමි කඩාගෙන මැයි පෙළපාලි ගියහැටි මතක්වෙනව


පොලිස් නිලදරයෙක් වාසුට තොල්පැලෙන්න ගැලැක්සි එක ඉස්සරහදී ගහපු හැටිත් මතක්වෙනව.


මම union place සමසමාජ කාර්යාලෙ ඔෆිස් එකේදී ෆෝරේස් පැකටි එක වාසුට ඇල්ලුව මතකයි.


විජයත් හෙන පොර ටෝක එකක් දෙනව මම අහගෙන.


ඇත්තටම විජයත් හොඳ පොරක් !
--------------------------------------------------------
ප ලි.---2012 July 13
කුමාරි ජයවර්ධනගෙ 'සොක්කන් ලොක්කන් වූ හැටි' පොත කියෙව්වම තේරුනා ඇයි ජේ ආර් ධනවාදය තෝරගත්තෙ ඇයි කියල

Monday, April 11, 2011

අම්බානිකට කෑම


අම්බානිගෙ හයි ෆයි එක

දන්නවනේ මේ දවස්වල ඉංදියන් IPL ක‍්‍රිකට් තරග ආරම්භවෙලා කියල.

අම්බානකට කනව කියන්නෙ හොඳටම ගුටි කනව කියන එකනේ.

මලිංගගෙන් හොඳටම කෑවේ ඉංදියන් ඩෙයාඩෙවිල්ස්ල.

මුම්බායි ඉංදියන් හිමිකාරිය නීටා අම්බානි සන්තෝසෙට හයි ෆයි එකක් දෙනව මලිංගට.

තව කවුද නිලියක් බලාගෙන ඉන්නවලු මලිංගට කිස් එකක් දෙන්න.

මුරලිත් ඉංදියාවෙ නැවතුනා.

මලිංගත් ඉංදියාවෙ මහ සංස්කෘතියේ ගොදුරක් වෙයිද?
------------
ක‍්‍රිකට් නායකත්වයට ඩිල්ශානුත් උපනායක තනතුරට මැතිව්ස් පත්වීමට ඉඩ ඇති අතර එය එසේවන්නේ නම් මැනවි.

ඩිල්ශාන් සිය ආවේගයන් පාලනය කර ගතයුතුය

ආන්ජලෝ මැතිව්ස් සිය වාර්තාවන් දියුණුකරගත යුතුය

ඒ කෙසේ වුවත් ඒ දෙදෙනා ඊළග නායකත්ව රික්තය හොඳින් පුරවනු ඇත.

කුසලානය නැවතත් අපට ගෙනෙනු ඇත.

Tuesday, April 5, 2011

සංඝා පියවරක් පසුපසට; " මඩ ගහන්න විදියක් හොයාපියව්”

posted on 4/5/11(ලෝක කුසලාන තරඟ වලින් පසුව ක්‍රිකට් නායක සංඝක්කාර තනතුරෙන් අයින් උනා සිය කැමැත්තෙන්; ලෝක කුසලානෙ අවසානෙ අපේ දේශපාලකයින්ට ඕන විදියටයි කටයුතු සිද්ද උනේ කියල මතයකුත් තියෙනව,මේ බ්ලොගය ලියවුනේ ඒ පසුබිමේය. )


සංඝාගේ සේවය ඉහල තලයකට යා යුතුයි,
සංඝා වැනි පුද්ගලයෙකුට ක‍්‍රිකට්පිටිය ඉඩ මදි,
වගේ දේවල් මම කියන්න යන්නෙ නැහැ.


කුමාර් සංඝක්කාර ඉතාම ඥාණවන්ත පුද්ගලයෙක්.
ඔහු සියලුම දේ සලකා බලා නිවැරදි තීරණයක් ගන්න ඇති.
කණ්ඩායමේ සහ සිය කීර්තිය උපරිමයේ තියෙද්දී මෙවැනි තීරණයක් ගැනීම පුද්ගලිකව ඔහුටත් කණ්ඩායමටත් ඉදිරි කටයුතු සැලසුම්කරගැනීමට විශාල උදව්වක්.
ඒ වගේම අප සමාජයට අප තරුණ ජනයාට මහත්මා ගුණයන් ආදර්ශයෙන්ම පෙන්වා තිබෙනවා.
පුද්ගලිකව මා ඔහු ගත් මේ කාලීන තීරණයට ශුභ පතනව.
තරුණ දක්ෂ නායකත්වයක් පත්කරගෙන අනාගතය සැලුම්කරගැනීමට ඉඩදීම තමාට පෙර රට ගැන කල්පනාකිරීමක් කියල මට හිතෙනව.


කෑදර දේශපාලකයන්ටත් සිය භූමිකාවන් ගැන සිතා බැලීමට මෙය උදව්වක් වෙයිද?
එ් අය කියනව ඇත්තේ ”ලොක්ක කොක්ක ගහල වගේ මිනිහට, ඊළඟ ඡන්දෙදි කාගෙ අමාත්‍යාංශයට කෙළවෙයිද දන්නෙ නැහැ,
මඩ ගහන්න විදියක් හොයාපියව්”
-------------
ඉතින් ඉහත බ්ලොගය පලවෙලා සෑහෙන කාලයක් යන්නට මත්තෙන්, සංඝා දීල තියෙනව නියම ටෝක්ස් එකක් එංගලන්තෙදී, ඇට්ටි හැලෙන්න.
http://www.espncricinfo.com/srilanka/content/story/521971.html


ඔහුගේ කතාවේ මම කැමතිම කෑල්ල නම්;


Kumar Sangakkara believes Sri Lanka's cricketers play a vital role in reconciliation after the country's civil war© PA Photos


හිතවතෙක් මට කිව්ව සංඝක්කාරත් ගෙදර ගිහිල්ල ඉවරයි කියල, මම කිව්ව එහෙම වෙන්නෙ නැහැ කියල, මොකද දැන් ක්‍රිකට් භාන්ඩාගාර ඔක්කොම හිස්, ඒව පුරවන්න, සංඝල නැතුව බැහැ.
-------------------
වයාග්රයි මත් කුඩුයි දෙනව නම් මැරෙන්නම්!
තමන්ට පක්ෂව යුද්ධ කරන පිරිමින්ට ගඩාෆි දෙනව කියන්නෙ ඩොලර්, වයාග්රයි සහ මත් කුඩු.
විරුද්ධ පාර්ශ්වය විසින් අල්ලගත්තු ගඩාෆිගෙ කුලි හමුදා බටයෙන් තමයි විස්තරේ කියල තියෙන්නෙ.
------------
”වයාග්ර” රොබින් විලියම් තරම් උපහාසයට නගන්නේ නෑ කවුරුවත්- හැබැයි වැඩි හිටියන්ට පමණයි
http://www.youtube.com/watch?v=uJrN2OLD9Uo



----------------------------------

Monday, April 4, 2011

සංඝාගෙන් අපට කැරට් අලයක්!-ලෝක කුසලානය ඉන්දියාවට ප්‍රදානය කිරීම නිමිත්තෙනි

සංගා කියල තිබුන ලෝක කුසලාන පරාජයෙන් පසුව මීලඟ කුසලානය ගේනවමයි කියල මේ එය වෙනුවෙන් ලියවුනක්.







අපෙන් මල් මිටක්








ඒ අස්සේ බඩු මිල වැඩිකරන අයට:

මැද ඇගිල්ල!
-----------------
මෙන්ඩිස්ව තියාගෙන රන්දිවි ව දාපු එක විහිලුවක්ලු
බෝලෙ තෙත උනාලු,
ඇයි දිල්ශාන්ට බෝල් කරන්න දුන්නෙ නැත්තෙ, විකටි එකක් ගත්තට පස්සෙත්,?
මුරල්ි සියයට 100ක්් පිfටි නැත්නමි එයාට රට වෙනුවෙන් හිතල අයින්වෙලා ඉන්න තිබුනනේ කියනව
ඉංදියාව ඉංදියාවෙදි පරද්දන්න බැරිලු
දැන් රාජ්‍යය තාන්ත‍්‍රික ක‍්‍රිකටි නැතිනමි හොඳ ළමය ප‍්‍රතිරූපය බලාගෙන ක‍්‍රිකටි ගැහැවිව ඇතිලු
අනේ මංද?
ගිය වර ඔසියන්ට දුන්න, මෙි වර ලොකු අයියට දීල දැමිම,
"මිලි 20ක් වූ කුඩා ජනතාවකගේ ප‍්‍රීතිය බිලි 1.2ක් වූ ඉංදියානු ජනතාවගේ ප‍්‍රීතිය අරභයා අපි පියවරක් පසුපසට ගත්තා." මෙහෙම කියන්නෙ ලංකාවෙ ජනාදිපති මහින්ද?????
ක‍්‍රිකටි world cup දාන පාරමිතාව පුරනවාද?
නෑ නෑ අර තහනමි වචනය තියෙන එක්කෙනා -taboo අනාවැකියක් ලියල demoralize කලානේ, ඒක තමයි පැරදුනේ ඉංදියාවට.
2015 කප් එක ගේනවමයි තියන්නෙ,
හැබැයි මට ඔක්කොම බලන් ඉන්න පුලුවන්. මැද හරිය වෙනකොට සංඝා මූණ සංගාගෙන කතා නැතිව සිනා නැතිව ඉන්න එක තමයි බලන් ඉන්න බැරි උනේ.
----------------
From The Hindu: http://www.thehindu.com/sport/cricket/article1596833.ece

"Sri Lanka's cricketers had lost the final game sometime past 11 p.m. on Saturday. In under 12 hours, as a hot Sunday sun blazed in all its glory, Sri Lankan people, by the grace and warmth they displayed in the face of a defeat, unlike all over the sub-continent, proved that they can rise above: cricket, after all is a game. All that matters is that the game is played well and in its true spirit. In doing so, the people have set an example to the rest of south Asia."
------------------------------------
2015 වර්ල්ඩි කප් තරගාවලියට කණ්ඩායමි 10ක් පමණයි
------------------------------------
මෙි අස්සෙ චීනෙ විද්‍යයඥයො කටිටියක් එළදෙනුන්ගෙන් මවිකිරි ගන්න විදියක් සොයාගෙන.
-ළමයි හදන එකත් එළදෙනටම භාර දෙයිද ?
-------------------------------
ඔබාමත් නෑ නෑ කිය කිය බුෂ් ගිය පාරෙම යනව කියන්නෙ
-වෙනස නමි සාධාරණීයකරගැනීම බුෂ්ට වඩා හොඳට ඔබාමාට කරන්න හැකියාව තියෙන එකද?
------