Followers

Thursday, May 26, 2011

(විශ්ව වීද්යාල ශිෂයන්ගේ නොව) එස් බී ගේ සිත තුටින් බර වේවා!

විශ්ව විද්යාල ශිෂ්යන්ට හමුදා කඳවුරු නේවාසික පුහුනුවක්




විශ්ව විද්‍යල ශිෂ්‍යයන්ගෙ බිය සැක නැති කිරිමටලු
යුද්දය අවසාන වී අවුරුදු දෙකක් ගත වී ඇතත් සෞක්ය ඇමති විසින් මතුනොකල  කාරනවකි එස් බී මතුකරන්නේ. කාරණය ඉතාම කාලීනයි.

 මතුපිටින් පේනවාට වඩා බරපතලව ගත යුතු සෞක්ය ප්රශ්නයක් මට හිතෙන්නේ,
යුද්දය නිසා වසාගෙන  තද කරගෙන සිටි දශක හතරක් පුරා පිලිකාවක් ලෙස උඩු දුවා ලාංකීය සමාජ දේහය පුරා පැතිරුනු භය සැකය සහ අනාගතය පිලිබඳ අස්තීරත්වය නමැති  පිලිබඳ භයානක හොල්මන් කතා පොතේ  මුල්පිට පෙරලුවාක් වගේ කියලායි.


 පසුගිය අවුරුදු තිහක් හතලිහක් පුරා රටක ජනතාවක් ජීවත් වුයේ මරණ භයෙන්, විශ්ව විද්යාල ශිෂ්යන් පමණක් නොවේ.

දියුනු රටවල පොඩි වාහන අනතුරකදී පවා විද්යානුකූල මානසික උපදෙස් දෙනු ලැබේ.
මේ වැනි කම්පන ජීවිතයට ඇතිකරන්නේ පුදුමකාර රින බලපෑමක්.

71 සිට පසුගිය 2009 දක්වා ලංකාවේ සිදුවූ ජනඝාතන භිය වැද්දීම්, කෲරත්වය, අමානුශික වදහිංසා පිලිබඳ තොරතුරු වයස සීමාවක් නැතිව අසන්නට ලැබුනි. දියුනු රටවල අවුරුදු දාසයෙන් පහල ළමයින්ට   අපරාධ පෙන්වන දර්ශන  ඇති චිත්‍රපට බැලීම පවා නීතියෙන් තහනම්ය.

හිතන්න උදේ සිට නින්දට යන මොහොත දක්වා ඇසෙන්නේ දකින්නේ මේවැනි දේය කියා;
-----------------------------------------------------------------------------------------------
විශ්ව විද්යාලයන්හි උගන්වන ශුධ්ද් විද්යා කලා(වෛද්ය, ඉන්ජිනේරු ඇරුනුවිටවිෂයන් අඩංගු  පාඨ්මාලාවල ප්රායෝගික අංශය දුර්වල නිසා රැකියා වෙළඳපලේදී අපේ උපාධිධාරීන් අසරණ වන බව එයින් බැට කෑ අපි දනිමු.

පාඨ්මාලවන්වල ගුනාත්මක තත්වය ඉහල දැමීම, චරිතවර්ධනය, සන්නිවේදන හැකියාවන්, ආත්ම විශ්වාෂය වර්දනය කල යුතුය යන්න ගැන විවාදයක් නැත.

දියුනු රටවල කසල ශෝදකයින්ද අප රටේ උගතුන් යයි කියාගන්නා අයට වඩා හොඳින් වචන හසුරුවන බව කෙනෙකු කියනු මා අසා ඇත.

ඕනෑම විශ්ව විද්යාලයක ආපන ශාලාවට යන්න, මෙතරම් කෑම බීම තියෙන රටේ කන්න තිබෙන්නේ මොනවාද, තේ බොන කෝප්පයේ අඬු තිබෙනවාද?

ළෝකය කොතරම්  ඉස්සරහට ගියත් අපේ විශ්ව විද්යාල එකතැන පල්වු බවට සාදකයකි.

ඉතින් ආත්ම විශ්වාසයක්, පැහැදිලි සන්නිවේදන හැකියාවන් වර්දනය වන්නේ කෙසේද?

ඒත් මේ කරන්න යන වැඩේ ප්රශ්නය වැරදි කොනෙන් අල්ලා ගැනීමක්ද?

කම්කරු පරිපාලනයට හමුදා විනය හා නයකත්ව පුහුනුව යොදාගැනීමට වඩා  සමබන්ධ්කම් හරහා හමුදාබලය යොදාගැනීමද අරමුණ.?

දේශපාලකයන් විසින්  දූශිත කරන ලද රටේ, ඉදිරියේදී ගලා එතියි සිතන විදේශ ආයෝජන වලින් දුවන  වැඩපොලේ කම්කරුබර විශ්ව විද්යාල ශිෂ්යන් ලවා අද්ද්වා ගැනීමද?

ඇයි මෙය කරන්න මෙතරම් පමා වූයේ,  සාමාන්ය පන්තියේ මිනිසුන්ගේ දූ දරුවන්ට,  නිකන් හම්බවෙන අධයාපනය අරගෙන ලැබෙන රස්සාවක් කරගෙන ඉන්න එය හොඳටම ඇතිවුන කාලෙ ගියා. (ඉහල පෑලෑන්තියෙ අයගෙ ළමයින් පිටරට යවල ඉන්ග්‍රීසි උගන්වල ඉහල තනතුරු ටික, වයාපාර ටික බාර දෙන්න වෑඩ කටයුතු කරල තියෙන්නෙ.)


දැන් විදේශ ආයෝජන එන්න පටන් ගන්නව, එතකොට මේව බලා කියාගන්න පිටරටින් උගතුන් ගෙන්නන්න ගත්තොත් වියදම් වැඩියි. ඒනිසා මේ තියෙන කේක් ගෙඩියටම පොඩි අයිසින් පාරක් දාලා ගමු.




එක ගලෙන් කුරුල්ලො තුන් හතර දෙනෙකුට ගහන්නත් පුලුවන්. ඒ කියන්නේ ජේ වී පී එකෙන් කොක්ක ගහ ගත්ත ගම් වලින් ආපු තරුනයන්ගේ හඬත් නිහඬ කරන්න පුලුවනි.


පොඩ්ඩක් පපුව ඉස්සරහට දාලා යන්න පුලුවන් ගතියක් කොල්ලන්ට කෙල්ලන්ට දෙන්නත් පුලුවන්.
මොනව හරි කලා කියල ඈඟ බේරගන්නත් පුලුවන් ලොක්කගෙන්, කොම්පෑනි කාරයන්ගෙන්.

ඉතිහාසයේ සරදමක් බඳු වු මේ සිදුවීම 1982/83 කාලයේ කොළඹ විශ්ව විද්යාලයේ විද්යාපීටයට  කොතලාවල ඇකඩමියේ ශිෂ්යන් හොරපාරෙන් ගමනට විරුද්ධ වූ ශිෂ්ය පරම්පරාවේ වර්තමාන පරපුරට හමුදා කඳවුරුවලට යාමට සිදුවීමය.
------------------------------------------------------------

Sunday, May 22, 2011

දයාබර නායකයනි සවන් දෙන්න Dear Leaders, Hear

සිංගප්පූරුවේ මැතිවරනය 18/5/11 පසුගියදා නිම විය.

5/5/11 දින මහජන රැලියක්දී ගැයුනු ගීයක්
---------------------------------------
දයාබර නායකයනි සවන් දෙන්න
-------------------------
මාත් එක්ක ටිකක් ඇවිදින්න යං

හිතමු අපි සාමාන්ය  පුද්ගලයන් දෙදෙනෙකු කියා

අපි දෙන්නම එක වගේය කියල

මං කැමතියි ප්‍රශ්න කීපයක් අහන්න, අපිට අවංකව කතා කරන්න පුලුවන්නම්,

මොනවද ඔබට හිතෙන්නේ පාරේ කෑ ගහල අඬන මිනිස්සුන්ගේ හඬ කාටත් නෑසෙනකොට

රාත්‍රියේ යාච්ඤා කරන්නේ කාටද නිදන ඔවුනට ඔබගේ දුක නොදැනෙන කල

  කැඩපතෙන් බලනවිට  මොනවද ඔබට හිතෙන්නේ ඔබ ගැනම?

ආඩම්බර වෙන්න පුලුවන්ද?

කොහොමද ඔබ නිදාගන්නේ අනෙක් අය හැමදෙනාම අඬනවිට?

කොහොමද ඔබ හීන දකින්නේ,

ඔබගේ සහෝදරයින්ට ජීවිතය ගොඩනගාගන්න බැරිවෙනකොට?

කොහොමද ඔබ ඇවිදෙන්නේ, හිස  කෙලින් තබාගෙන?

මගෙ මුහුන දිහා ඔබට කෙලින් බලන්න පුලුවන්ද?

කියන්න ඇයි කියලා?

ආදරනීය නායකයනි

කියන්න ඔබලා තනිවූ මිනිසුන්ද?
........
.........
..............



Thursday, May 19, 2011

ගාමිනී හත්තොට්ටුව්ගම






















අලුත් නාට්යාගාරය එනම් ජෝන් ද් සිල්වා රඟහලට යාබදව ගොඩනගන


නව රඟ හලේ වැඩ තවම නිමවෙලා නෑ ම හිතන්නේ.


කලාකාරයන්ගෙ ෆොටෝ බිත්තිවල එල්ලනකොට අමතක නොකල යුතු කලාකාරයෙක්,


ඒ වගේම නාට්යවේදියක්,  සරල, අවංක, සල්ලි වලට ගන්න බැරි මිනිහෙක් ගාමිනී හත්තොට්ටුව්ගම,


ලංකාවේ වීදි නාට්ය කලාවේ පුරෝගාමියා කීවොත් නිවැරදියි.


 මුදල් හදල් තාන්න මාන්න බලාගෙන නොවෙයි ඔහුත් ඔහුගේ ගෝලයනුත් වැඩ කලේ,


දීපානි, ප්‍රසන්නජිත් ආදීන් එකතුව ඒ අඳුරු යුගයේ රට පුරා නාට්ය කලාව ජනයා අතරට ගෙනගියා. (ප්‍රසන්නජිත් තමන්ගෙ හොඳ රස්සාව අතහැරල තමයි නාට්‍ය කලාවට තම කාලය කැප කලේ.)


මේ ලඟදී දවසක හමු උනා කෙනෙක් එයා දන්නව ගාමිනීගෙ කලින් බිරින්ඳෑව, ඒ නෝනාගේ දෙවැනි මහත්තයත් නැතිවෙලා හුඟක්  කල්. ඉතින් මං ඇහවුව පොඩි ඕපා දූපයක්, ඇයි ගාමිනිගෙන් ඒ නෝන දික්කසාද උනේ කියල, පේන විදියට ගාමිනි පවුල ගැන කිසි සැලකිල්ලක් දක්වල නෑ. හැන්දෑවට යාලුවො නැත්නම් නාට්‍ය කාර මිත්‍රයො බුරුතු පිටින් ගෙදර එක්කගෙන විත් ඔක්කොතොට්ම කෑම හදන්න කියනවලු. ඒක් නිසාම රට ඇරල ගියාලු උසස් අධ්‍යාපනය කරන්න.


-------------------------


වෙසක් හඳ ඊයෙත් පායලා;
 ඉතින් කාලෙකට පෙර ලියපු කවියක් මතක් උනා


යොවුන් හද


ගැටය සන්දියේ 
ගමේ පන්සල අද්දරින්
 පෝය දාට
පායන තරම් අපූරුවට එලියට
 දැන් පායන් නැත්තේ ඇයිද 
ඔබ සඳ ?

Wednesday, May 18, 2011

සබ්බ දානං බල විභෙ දානං ජිනාතී



බල විභේදනය අපට ඇසෙන්නේ අප පුන්චි එවුන් සන්දියේ සිටය. යුද්ධයක් ඇරඹීමද යුද්ධයක අවසානයද අපි දැක්කෙමු. ඒත් බල විභේදනය නමට පමණක් ලේඛනවලට පමණක් සීමා වී ඇත.


 මං වෙසක් රැයේ කතන්දර බ්ලොග් එකකට කොමෙන්ටුවක් වශයෙන් ලියු මේ කවිය බලන්න.
---------------------------------------
අහසේ මුදුන් වේය මුදු වෙසක් සඳ
කවි සිත් පීදේය වැද සුදු රැස් කන්ද
ගෙයි දොර කතන්දර වැසුවේ මන්ද
පොඩි තට්ටුවකින් කවි දොර ඇරගන්ද?

මාවිල් සොරොව්වයි යුද්ධය කනපිට හැරැව්වේ
පුදුමාතලන් වෙරලයි උන්හට මරු කැඳෙව්වේ
සිනා නොවෙන් පිස්සු හැදෙන සඳ නිසා නොවෙයි මෙය ලියැව්වේ
මළ උන්ය හෙළ රාජධානිය යලි මාගමටම පැටෙව්වේ

ලක් දෙස්පලු ප්‍රශ්න විසඳන ක්‍රම සහ විදි බෝ තිබේ
සංඝ,වෙද ගොවි කම්කරු කෑගැසිලිවලට බෙන්ෂ් කාර් එතෙර සවාරි ලැබේ
ජේ වී පී තොන්ඩමන් චම්පික වැනි අයට දැන් පාර්ලිමේන්තු අසුන් තිබේ
ඉන් එහා යන්නන් හට උණ්ඩයයි දිවිය ලෝකෙට වරම් ලැබේ

බලය බෙදීමත් පොඩි එකාව රවටනව මෙනී
ටොපියක් පෙන්වා ලඟටම ගෙන්වා ගනී
ලඟට ආවිට සඟවා සාක්කුවේ රුවා ගනී
ඉල්ලා ඇඬූවිට මරාදමයි බෙල්ල මිරිකමිනී
----------------------------------------------

බලය බෙදනව ඔන්න බෙද්නව මෙන්න බෙදනව කිව්වට බෙදපු කෙහෙල්මලක් නෑ. මොනව කිව්ව කලත් ජේ ආර් කරපු තරම්වත් වෙන කාටවත් තවම කරන්න බැරි උනා.

මේ දෙනව දෙනව කියන බලය නොදෙන්නේ බෙදා නොදෙන්නේ ඇයි?

වෙසක් සමයේ කිරීමට ඉටාගතයුතු වැද ගත් දෙයක්, එනම්

බලයට කෑදරව එහි එල්ලී නොසිට බලය දානය කිරීමයි .


ඩයස්පෝරකයින්ගේ රූකඩයක් වූ ප්‍රභාට ඔවුන්ගේ ඩොලර් වලට නැමෙන්නට සිදුවිය.
 කිසිම සන්හින්දියාවකට ඔවුන්ගෙන් ඉඩක් නොලැබුනි.

..සද්ධා සම්පන්න බෞද්ධ රාජ්යයේ යුතුකම නම් හැකි ඉක්මනටම බලය බෙදා අවසන් කිරීමයි................

......................

සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාතී
සබ්බ දානං බල විභේදානං ජිනාතී

Saturday, May 14, 2011

වෙසක්















දයාරත්න බේකරියේ අනුග්‍රහයෙන් ලැබෙන හීල් දානය වලඳල,

පංසලේ දායක සභාවේ අනුග්‍රහයෙන් පිදෙන දවල් දානය වලඳල,

මගේ ආසම කොටස, ධර්ම සාකච්චාවට සහභාගි වෙලා

ඉරිද ඉස්කෝලේ මගින් සංවිදානය කරන වෙසක් සිල්වැඩසටහනේ

අවසන් මොහොත එනකම් බලාගෙන ඉන්නේ කොච්චර අශාවෙන්ද?

සිල් පවාරනය කරල,

කිරිමන්ඩලේ අනුග්‍රහයෙන් ලැබුනු බුදුසරණ පත්තරෙත් අතේ රොල් කරගෙන,

 අඳුර වැටෙනවාත් සමගින්

ගෙදර ඇවිල්ල තාත්ත හෝ පහුවෙන කොට මා විසින් හදපු කූඩු,

අටපට්ටම් හෝ ඉටිපන්දම් පත්තු කරල බකට් එල්ලන්න.

ඉන්පසුව කොලු රෑනත් එක්ක ගම වටේ අනෙක් අයගේ කූඩු බල බල ඇවිදින්න,

හන්දියෙ සරුවත් දන්සැලෙන් සරුවත් බොන්න,

කිරිකෝපි දන්සැලෙන් කිරිකෝපි බොන්න,

බත් දන්සැලෙන් පෝලිමේ ගිහිල්ල බත් කන්න

තොටලඟ තොරන බලන්න.

මම මේ ලියුවේ අවුරුදු 30කට 35කට උඩදී මගේ වෙසක් දවස ගෙවෙන හැටියි.

Friday, May 13, 2011

ආත්මයට බරක් තිබේ!


1907 දී දොස්තර ඩන්කන් මැක් ඩූගල් පරීක්ශනයක් ආශ්‍රයෙන් පන යාමට පෙර සිරුරේ බරත් පන ගිය වහාම බරත් කිරීමෙන් ආත්මයට ගරෑම් 21 ක පමන බරක් ඇති බව ට අදහසක් ඉදිරිපත් කරන ලදි.


බැටලුවන්ට ආත්මයක් ඇතිව නැතිව යන බවද සුනඛයන්ට ආත්මයක් නැති බවටද තර්කයක් ඉදිරිපත්කලේය.







Monday, May 9, 2011

බුදු සමය ලංකාවට පලමුව ගෙන ආවේ මහින්ද නොවේ !
















නිසල අඳුරු කුටිය තුල
දල්වා පහනක්
පුදමින් සුවඳ මලක්
එකත් පස්ව ඉඳ
බුදු සාදු ඉදිරියේ
මොහොතක්...

ඒ පින් බලයෙන්
යස ඉසුරු
භව භෝග සම්පත්
දිව සැප
මරනින් මතු
නොපතමි අශා වඩවන

යහපත් දිවියකට අතවැසි
උවමනා පමනක් ගෙන;
අශාවන්,
තරඟයෙන් ආවේශ වූ,
වෙන් කර ඉවතලන්නට
වීරිය කරමි

මලක මහිමය නම්
කෙටි වුවත් දිවිය
සුවඳයි පියකරුයි
කුඩා වුවත් මැටි පහන දුරලයි අඳුර හැකි පමන
පහනේ ගුනයත් ගෙන
මලක් මෙන් දිවිගෙවන්නයි ම පැතුම

--------------------------------------


කම්බුරුපිට්යේ ආරියවතී


බුදු සමය ලංකාවට පලමුව ගෙන ආවේ මහින්ද නොවේ චූලෝදර මහෝදරා ගෝරිය බේරන්නට වැඩි බුදුහිමියන් විසින්මය.


වසර පන්සියයකට පමණ පසුව මිහිඳු හිමියන් දහම් පනිවුඩය ගෙන වැඩියා.

ඉන් පසුව වරින් වර බුරුමයෙන්, තායිලන්තයෙන් සහ වෙනත් රටවල්වලින් සාසනය නගා සිටුවා තියෙනවා.

කොහොම කොහොම හරි දැන් තිබෙන "උසස්" තත්වයට පැමිණ තියෙනවා.

ලංකාවට තිබෙන වටිනාම භාණ්ඩය නම් දන්ත දාතුවයි.

සංචාරකයන් එන්නේ වැඩියෙන්ම එය බලන්නටය. කාලයක් ඔවුන් ආවේ දරුවන් ලාබෙට උස්සන් යන්නටය, හෝ ...

එයට පසුව වටිනාම දෙය නම් අපේ සහෝදරියන්ය,

ඒ අය පිටරට වාල්කමට යවාලයි ලංකාව ජීවත් වන්නේ,

උන්ට වන දුක් ගැහැට බලන්නට කෙනෙක් නැත.

පවු කරපු අය කියා අතහෝද ගන්නා තත්වයට අප වැටී නැද්ද?

බුදුදහමේ සැබෑ අරුත් ගැන සෙවීමට අස්වැසිල්ලක් හොඳින් හෝ නරකින් ලැබී තියෙන මොහොතේ එය හොඳින් යොදා ගැනීම

සත්පුරුශයන්ගේ වගකීමකි.

(ලංකාවේ ඉතිහාසය ගැන බලද්දී, කොයි වේලේ බල අරගලය මතුවී කුලල් කාගෙන, එකිනෙකා මරාගනීවිද දන්නේ නැත.

මෙපමණ කල් සිදුවූයේද එයයි මතුවට වෙන්නේද එයයි. "සාසනයට භාර කටයුත්ත" දිනන පැත්ත ගැන යන පැත්ත ගැන සැලකිල්ලෙන්

සිටීමයි??. )

යුද්දයෙන් ගන්වතුරෙන් සුනාමියෙන් අනාත වූ දහස් සංඛ්යාත ජනයාට සෙතක් සැලසීමද වෙසක් සමයෙ පැතුමක් විය යුතු නොවෙද?
---------------------------------
අරාබිකරයේ යන අපේ සහෝදරියන්ගේ ඉරනම-තවත් මිනිමැරුමක්

http://arabnews.com/saudiarabia/article469256.ece

Saturday, May 7, 2011

Justice is done සාධාරණය ඉශ්ට කලා


ඔසාමා මරාදැමීමෙන් පසුව සාධාරණය ඉශ්ට කලා යයි ඔබාමා කල ප්‍රකාශය විවෙචනයට භාජනය වෙමින් පවතී.

ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රකාශයක්ද මේ?

සැප් 11 අමෙරිකාවේ ලෝක වෙලඳ මධයස්තානය බිමට පාත් කලේ

ඔසාමා යයි මහජනතවට පිලිගත හැකි ශාක්ශි සහිතව අධිකරනයකදී ඔප්පු කලාද?


ඔසාමා මෙහෙයුමේදී පලමුවෙනි මිනිත්තු විස්ස ඇතුලත මොකද්ද උනේ

ඔබාමාවත් දන්නේ නැත.

පුරන් අප්පු, කැප්පෙටිපොල, ශ්‍රී වික්‍රමරාජසිංහ, විජෙවීර.....? /.....ඔසාමා?

පුරන් අප්පු, කැප්පෙටිපොල, ශ්‍රී වික්‍රමරාජසිංහ නඩු තීන්දු විස්තර කෙනෙකුට බැලීමට පුලුවන්ද?(මං හිතන්නෙ පුලුවන්)

ඉරාකායෙ හිටපු නායක සදාම් ට ගඩාෆිට අත්වන්නේ ශ්‍රී වික්‍රමරාජසිංහට අත්වූ ඉරනමද?

Alex Jones (veteran american broadcaster) කියන්නේ ඔසාමා ඝාතනය බොරුවක් බවයි.

http://www.infowars.com/alexjones.html

Tuesday, May 3, 2011

ක්‍රිකට් මැච් ෆික්සින්


ඩිල්ශාන් නායකය උනු ගමන්ද මේගොල්ලන්ට මැච් ෆික්සින් එක මතක් වෙලා තියෙන්නෙ.

මොකද මෙපමන කල් බලා හිටියෙ?

ප්‍රශ්නයක්?


ප්‍රශ්න තිබේ නම් විසඳගන්න එක කාටත් හොඳයි!

Monday, May 2, 2011

ඔබාමා & ඔසාමා


ඔබාමා විසින් ඔසාමාගේ යුගය අවසන් කර ඇත.

මිය ගිය ඔසාමා, ඔබාමාව නැවත බලයට ගෙනෙනු ඇත.

මිය නොගිය ප්‍රභා මහින්දව මුල්වරට බලයට ගෙනාවා.

මියගිය ප්‍රභා මහින්දව තව දෙපරක්වත් බලයට ගෙනෙනු ඇත

ඡන්ද කිට්ටු කරල මේ වගේ වැඩ කරන්න ඔබාමා ඉගෙනගත්තෙ ලංකවෙන්ද මන්ද?


God Bless America කියල තමයි කතාව ඔබමා අද අවසන් කලේ.

එතකොට අනෙක් රටවල් වලට කවුද බලන්නේ?

ඔබාමා, සදාම් දෙන්නම කාලෙකට පෙර කුනු කොන්ත්‍රාත් කරපු උදවිය.

ගොනා බැන්දල තියෙන කඹය දිග තරමට තම්යි යන්න පුලුවන්.

ඉන් එහාට ගියොත් වෙන දේ තමයි මේ.

ඔබමා සොයන්න මෙතෙක් වියදම ඩොලර් බිලියන 800

නැතිවූ ජීවිත ගනන 100000කට අධිකයි

ඔසාමාගෙ තාත්තාගෙ බිස්නස් එක construction

ඔසාමාගෙ බිස්නස් එක destruction

පිරිමි ඔසමා එක්ක ඉරිසියා වෙන එක පුදුමයක් නොවේ.

මැරෙන කොට ඔසාමා ඉඳල තියෙන්නෙ තරුන බිරිඳ සමග?!

කී වෙනියද මන්ද?

http://www.facebook.com/photo.php?fbid=1722313267172&set=a.1382576533966.2044671.1518557402&type=1

http://www.facebook.com/photo.php?fbid=1722313267172&set=a.1382576533966.2044671.1518557402&type=1&theater

------------------------

මර්වින් ඈමති තුමා දුටුගැමුනුට රජතුමාට ඇඳීම- පිස්සුත් තියෙනවා, ඒත් මෙහෙමත් පිස්සුවක්.

කාවද මෙහෙම ගොනාට අන්දවන්නෙ, මහජනයාව නම් නොවිය යුතුය.