Followers

Monday, August 29, 2011

සිතත් එකතු කෙරුවොත් යකඩෙ වගේ හයිය ඇති

මෙය ලියුවේ 2011 අගෝ 29දා

සෝමාලියාවේත් ලිබියාවේත් ඈමෙරිකාවේත් දුකට පත්වූ දහසක් දෙනා සිහිපත් කරන  ගමන්ම  මේ දවස්වල හිතට එන  බර දෙයක් කියල මට හිතෙන දෙයකින් නිදහස් වෙන්න ඕන කියල හිතුව.


යකඩ පාලම දැකල මට හිතුන
මෙහෙම
මේ පාලම හදල තියෙන්නෙ යකඩ බීම් - කඳන් වලින්
යකඩ හදල තිබෙන්නේ යපස් උනු කරල.
යපස්, ස්වභාවයෙන් පස් සමග මිශ්‍ර වෙලයි පවතින්නේ
විසිරිල.
නමුත් තාක්ශනය සහ  අවශ්‍ය ලෙස භාවිතා කරල
යපස් වලින් යකඩ පෙරල අරගෙන යකඩ කඳන්,
කනු බවට හැරවුවාම කොපමන සවියක් තිබෙනවද?
පස් අතර විසිරී තිබුනද කියල හිතෙන තරමට හිතාගන්නවත් බැරි සවියක්

ඒ වගේමයි සිතත්!

සිත තිබෙන්නේ ශරීරයේ සැමතැන විසිරිලයි

අතින් වැඩක් කරනකොට සිත එතන
කකුලෙන් වැඩක් කරන කොට සිත එතන.


ඉතින් ඒ විසිරුනු සිත,
මනසට එකතු කොට ගත් කල ශක්තිමත් භාවයෙන් වැඩියි,
 විවිධ වැඩ කරන්න පුලුවන් ඇති.
සිත නවන්න පුලුවන් වෙන්නෙත් එතකොටයි
තලන්න තලන්න හයිය වෙන්නෙත් එවිටයි
බිඳින්න හැදුවට බිඳෙන්නේ නැත්තෙ එවිටයි

දුක් විඳින අපි හැමෝම කල යුත්තේ එයයි කියලයි  මට හිතෙන්නෙ.

Thursday, August 25, 2011

රූපාන්තරණය- -Metamorphosis and the Reverse Metamorphosis-ලියුවේ 2011, Aug 25

වාසු, ඩිව්, තිස්ස ආදී මහතුන් දෙමල ජනයා වෙසෙන පලාත් වලට එනම් උතුර නැගෙනහිර පලාත්වලට බලය බෙදීමට පක්ශව නැවතත්, එකතුව ප්‍රකාශ නිකුත් කරල තිබෙනව. සාමාන්‍යයෙන් මේව ගැන උනන්දුවක් තියෙන අයට මේගොල්ලො ගැන විශ්වාසය බොහෝම අඩුයි.  ලෝකයේ දිගම  සාකච්ඡාව වන 'වට මේස සාකච්ඡාව' 1983 තිම්පු වලින්  පටන්ගෙන තවම ඇදී ඇදී යනවා. නමුත් දෙමල භාෂාවෙන් රටේ ඕනෑම තැනක ගොස් වැඩ කර ගත හැකි තත්වයක් ඇති කිරීමට ඩිව් ආදීන් ආරම්ඹ කළ වැඩ පිලිවෙල වාසු ඉදිරියට ගෙන යමින් තිබෙනව.( බහු වාර්ගික රටවල, උදාහරණයක් ලෙස ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඉංග්‍රීසි බස හොඳින් වැහැරීමට නොහැකි සිංහලයෙකුට රජය සමග කටයුතුවලදී භාෂා පරිවර්තකයෙකු ඉල්ලීමට නීතියෙන් අයිතියක් තිබෙන අතර වහාම ඒ සේවාව ලැබේ.)

ලෝකයේ දිගම  සාකච්ඡාව වන 'වට මේස සාකච්ඡාව' 1983 තිම්පු වලින්  පටන්ගෙන තවම ඇදී ඇදී යනවා. දකුනේ තරුනයො 1987 මේ සාකච්ඡාවේ එක පසෙකත් සිට හා 1983 සිට 2009 දකවා උතුරේ තරුනයො අනෙක් පස සිටත් ආයුධ අතට ගෙන තමන්ගේ එකතු කිරීම් කලත්  බල්ලො බිරුවට ඉදිරියටම ගැල ඇදී ඇදී යන්න වගේ වට මේසෙත් තවම යනවා.   ඒකනේ අපි කිව්වේ ආයුධවලින් බෑ කියලා කියන්න වගේ.

වාසු, ඩිව්, තිස්ස ආදී මහතුන් අඳින්නේ කලිසම, සමහර වේලාවකට තිස්ස ජාතික ඇඳුම  අඳිනව වගේ දැකල තියෙනව. පසුගිය දවසක සෝමවංශ අමරසිංහ මහත්තයත් ලොකු turn ටර්න් එකකට ලෑස්තිවෙන පාටක් එලියට දාල තියෙනව, දේශ ප්‍රෙමීත්වයට නව අර්ථකතනයක් දීල වගේ;
 අපේ  සෝමවංශ මහත්තයත්  අඳින්නේත් කලිසම.

 කලිසම විසිකොට හෝ හංගා සරම - ජාතික ඇඳුම අඳින්න පටන් ගත්ත සම්ප්‍රදායේ ආරම්ඹකයා ලෙස පෙනෙන නායකයා, කැපී පෙනෙන නායකයා; අසා කියවා ඇති ආකාරයට  swrd බණ්ඩාරනායක මහතායි.
එය සාමාන්ය ජනයාගේ සිත් ගැනීමට කරන ලද උපායක් වගේ පෙනුනත් විශාල න්යායාත්මක හා දෘශ්ටිමය වෙනසක සංඛේතයක් වු බව සිදු වූ ක්‍රියාදාමයෙන් පෙනී යනවා. පොදු සේවා රජය සතු කිරීම, නිදහස් අධ්‍යාපනය, සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම ආදී ඒ ක්‍රියාදාමය ඇසුරෙන්උපත ලද පරම්පරාව හැඳින්වූයේ 56 දරුවන් ලෙසය. අද බලය හසුරුවන්නේ 56 දරුවන් කීවොත් වැරදි නෑ. එමෙන්ම තම මුනුබුරන් අන්තර්ජාතික පාසලවලට යවන්නේද මේ පරපුර කීවොත් එයත් වැරදි නෑ.

'සමාජවාදය කලිසං කාරයන්ගේ වැඩය. ආගම් අබිං වගේ කියන්නේ කලිසං කාර සමාජ වාදියෝය. රුවන් වැලි සෑය ගඩොල් මෝඩයන්ගේ වැඩක් කියන්නේද ඔවුන්ය.  සුද්දාගේ රටේ අධ්‍යාපනය ලබා පැමිනි මොවුන් සිංහලයන්ට විරුද්දය, ඔවුන් දෙසන සමාන අයිතිය යන්නෙන් තේරෙන්නේ දෙමලාට රට කඩලා දෙන්නට යන බව නේද.' 56 අනගාරික ධර්මපාලාදීන් විසින් ගෙනගිය ජාතික ව්‍යාපාරවල ප්‍රතිපල ලැබෙමින් පැවති අවදියයි.

සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේග එක් ධජයක් යටතට ගෙන ඒමට සහ ප්‍රධාන ජාතියේ ජාතික බලවේගවලට යටවෙමින් සුද්දාගේ සහ කලු සුද්දාගේ පාලනයෙන් බැට කමින් සිටි ජනයාට නිවහල් තත්වයක් ලබාදීමට, පැය විසි හතරෙන් සිංහල බස රජ බස කිරීම ආදිය වෙනුවෙනි ජාතික ඇඳුමට රූපාන්තරණය වූයේ.
ජාතික ඇඳුම් සංස්කෘතිය කෙතරම් තදින් පැලපදියම් වූයේද යත් කලිසං කාරයින්ගේ නායකයෙකු වූ ජේ ආර් තුමාටත් රටේ නායකයා වීමට කලිසම හංගා ජාතික ඇඳුමට බසින්නට සිදුවිය. ධර්මිශ්ට සමාජයක් නමැති සටන් පාටය ගෙනෙන්නට සිදුවිය. කැඩිච්ච සිංහලෙන් හෝ කතාකරන්නට සිදුවිය.

සුද්දාගෙන් ලැබුනු කලිසම ඉවත ලුයේ ඔවුන් දේශීය සංස්කෘතියේ නිශ්පාදනයක් බව පෙන්වන්නටය. දේශීය නිශ්පාදනයක් එනම් දේශීය චින්තනයෙන් උපත ලද්දේ නම් රට කඩන දෙමලුන්ට විරුද්ධ විය යුතුය. ඒ නිසා යුද්ධය කල යුතුමයි,  සමීකරණය එයයි. දේශීය චින්තන සමීකරනයේ විසඳුම එයයි. ( මං බොහෝම අගයන දේශීය අනන්‍යතාවය, මේ සමීකරනයේ කොටස් කරුවෙක් නොවන බව මගේ විශ්වාසයයි.)

දේශීය චින්තනයේ තාර්කික අවසානය වූ දෙමලුන් යුද්ධයෙන් යටකර අවසානය. ඒත් ප්‍රශ්නය අවසානයකට පැමිණ තිබේද?
දෙමළ ජනයාගේ යම් කුඩා හෝ පිලිගැනීමක් ඇති වාසු, ඩිව්, තිස්ස  වැදගත් වෙන්නේ මේ අමාරු අවස්තාවට මාක්ස්වාදී, වාමාංශික, වමට බර, පිලියම ශබ්ද කර කියවා ගන්නටය. ඒ වගේම මේ බලන්න අපි ගාව ඉන්නව ලෙඩේට බේත් තියෙන අය, කලිසම් අඳින අය, කියන්න වගේ.

සංඝ වෙද ගුරු ගොවි පරපුර, පෙරහරේ නැතිනම් තරඟයේ ඉදිරියෙන්ම ගමන් කොට කම්කරුවන්ට-කම්කරු නායකයන්ට දැන් බැටන් එක භාර දී තිබේ.

ඔවුනට පෙරගමන් කරුවන්ගේ සරොම් ගැලවීමට පුලුවන් වෙයිද?
56 ට පෙර ඇඳ ගත් සරම ගලවා ඇඳ සිටින කලිසම පෙන්විය හැකිද?
මෙතරම් කල් නම් සිදු උනේ කලිසම් කාරයෝ සිය කලිසම් ටික බේරාගෙන හෙමින් පල්ලම් බැසීමය.
වාමාංශිකයෝ සහ රනිල් එයට හොඳ උදාහරණ වේ.

නැතිනම් කලිසම් කාරයොත් සරමට මාරු වීමය. උඩින් සරම ඇඳ ගැනීමය.
කරූ ජයසූරිය, සරත් ෆොන්සේකා හොඳ උදාහරණ වේ.

නමුත් ශුභ ලකුනුවලින් සම්පූර්ණයෙන්ම තොරයි කියලම කියන්නත් බෑ.
 සෝමවංශ මහතාගේ පරාවර්තනයේ සලකුණු කල්පාන්තර නියඟයට වට සිහින් දිය බිඳක් වගේ මට පෙනෙන්නේ.
ජනපති මහින්දගෙන් මේ ප්‍රශ්නය විසඳීමට නිසි සහයෝගය නොලැබුනොත් කලිසම් කාරයෝ නව පුලුල් පෙරමුනකට එක්වීම වැලැක්විය නොහැකි වනු ඇත.



Thursday, August 18, 2011

රනිල් හා මහ රාජා



රනිල් මහත්තය නැවත පක්ශයේ නායකත්වයට පත් කෙරුනා, සත්යග්‍රහ කාරයො පූසො ටික වගේ,

ඉඳල තියෙනව වගේ සිරිකොත ඇතුලේ. නීති විරෝදී කියල ආඥාවක් ආපු නිසා සජිත්ලට සිදු උනා

උද්ඝෝශනය විහාර මහ දේවි උයන අසලට ගෙනියන්න.

සත්යග්‍රහය තිබුන වෙලාවේ සිරිකොත ඉස්සරහ පාර කාර්පට් කරල තියෙනව.

පුදුම වෙච්ච ජනපති ඒ ගැන සොයා බලන්න කටයුතු කොරල.

ඊට කලින් දවසක මර්වින් - කැලනියෙ කයිවාරු රජතුමා කියනව,  මං යු එන් පී එකේ හිටිය නම් ඕකුන්ට ඒ

කියන්නෙ සත්යග්‍රකාරයන්ට ගහල එලෝනව කියල,  සාමාන්ය මින්සුන්ගේ විරෝදතාවයක් ගැන කුමන කතාද?

දැන් අපට පේනව උද්ඝෝශන කඩාකප්පල් කිරීමෙ විශය භාර ඇමති තුමා අනුන්ගේ වලිත් කුලියට ගන්න

හදන හැටි, රනිල් ලඟත් ජොබ් එක ශුවර් කර ගන්න පුලුවන්, බැරි වෙලාවත්, රනිල් මීලඟ ජනපති වූවොත්.

 පක්ශයෙන් එලවන්න හදපු රෝසි සේනානයක ආදීන් දැන් පක්ශයේ ඉන්නේ කරූගෙ පිහිටෙන් කියල පුවත්පත්වල සඳහන් වෙනව.

මගෙ ඇස ගිය තැන තමයි රනිල්, මහරාජා එක්ක, දාගෙන තියෙන කොක්ක.

රනිල් දැන් එලිපිටම කියනව ඒගොල්ලො, ඒ කියන්නේ මහරාජල  ජාතික ලැයිස්තුවෙන් ආසන දෙකක්

ඉල්ලුව,   මම බැහැ කියපු නිසා මට මඩ ගහනව කියල, රනිල් කියන විදියට ඒ අය හොඳ මිත්‍රයො.

පෙප්සි එක, එස්ලොන්, ගත්ත වගේ යු එන් පී එකත් ගන්න පුලුවන්ද කියල රනිල් ප්‍රශ්න කරනව,

යු එන් පී එක කියන්නෙ ජනතාවගේ පක්ශයක් කියල එතුම කියන්නෙ, අපි දැනුයි දන්නේ;

 kitchen කැබිනෙට් එකෙන් එක්කෙනෙක් හැලුනාද නැත්නම් පොඩි cat fight එකක්ද?

ලොකු ලොක්කො හැන්දෑවට එකතුවෙලා ලාභ පාඩු ගනන් බලල හිනා වෙලා එහෙම (අර Gypsies කියන්න වගේ) රජයට බලපෑම් කරන තැන් තමයි kitchen cabinet කියන්නෙ මං හිතන්නේ.

මහ රාජා සමාගම ඉතාම කුඩාම වයාපාරයකින් පටන්ගෙන විශාල ආයතනයක් ලෙස වැඩුනු ආයතනයක්. ඒ

අය හැම විටම පත් වෙන රජය අගෙන උනන්දුයි, ඒ වෙනුවෙන් වැඩ කරනව.පවතින ඕනෑම රජයකට

සෑහෙන්න බලපෑම කරන්න පුලුවන් ආයතනයක්.

සිරස මාධ්ය ආයතනය කරලියට පැමිනීමෙන් පසුව ඒ හැකියාව තවත් වැඩි වුවා.

සිරසෙ හොඳ නරක ගොඩක් තියෙනව, වෙන වෙලවක වෙලාවක කතා කරමු ඒව.

රනිල්ල මහරාජල එකම ඉස්කෝලෙට ගිය, එකම උවමනාවන් බෙදාගන්න කට්ටිය.

රනිල්ට මේව එලියට දාන්න උනේ බැරිම තැන වෙන්න ඕනෙ?




Wednesday, August 17, 2011

ලංකාවට ඕනැ නම් ක්‍රිකට් තරඟ දිනන්නත් පුලුවන් පරදින්නත් පුලුවන්, ලිබියන් තෙල්

this photo is taken from the web
එක දිගට තරඟ දෙකක්ම ඉතාම දුක්ඛිත ලෙස පැරදුනු ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම මාලදිවයින් ජනපති සමඟ

ජනාධිපති මහින්ද නරඹන්නට ගිය තරඟය ඉතාම ඉහලින් ජයග්‍රහනය කලේය.

මීලඟ තරඟයත් ජනාදිපති නරඹන්නට යන්නේ නම් මැනවි.

එහෙම නොවුනොත් මේ තරඟාවලියේ උනුසුම පමනක් නොව මේ වසර අවසානයේ පැවැත්වීමට නියමිත

ඔස්ට්‍රේලියානු සංචාරයේ උනුසුමද එතැනින්ම ලොප් වන බැවිනි.

ලංකාවට ඕනැ නම් තරඟ දිනන්නත් පුලුවන් පරදින්නත් පුලුවන් බවකි, ඇඟවෙන්නේ.

ක්‍රිකට් පමනක් නොව හැම දෙයම 'වෙලඳපල විසින් පාලිත විනෝදය සැපයීම' Market Controlled

Entertainment බවට පත්ව් ඇති ලෝකයේ ක්‍රිකට් වලට ගැලවීමක් කොයින්ද ?

ඉස්සර සමහර ක්‍රීඩකයන් ලව්වා ශතකයක් -century එකක් -ගස්සවගන්න කාර් එකක් පෙන්වන්න ඕනෑය,

දැන් රතුපාට සාටකයක්ද  motivation එක- පෙළඹවීම?

ලංකාව හා ඉන්දියාව පැවැත්වුනු ලෝක කුසලාන අවසාන තරඟයේ අවසාන ප්‍රතිපලය පාලනය කල එකක්

බවට ඇති සැකයකි.

ඉන්දියාව එංගලන්තයේදී හිතාගන්න බැරි අන්තිම නරක විදියට පරදිති.

උපුල් තරංග,මලිංග හා එරංග ආදීන් පෙන්වු දස්කම් පහතට දැමීමක් මෙයින් අදහස් නොකෙරේ,

මෙතරම් දස්කම් තිබෙද්දීත් දෙකක්ම පැරදුනේ ඇයි?

 ප්‍රශ්නය එයයි.
---------------------------
ලිබියාව
this photo is taken from the web




ලිබියාවේ තෙල් සම්පත හා බටහිර කොම්පැනි අතර තිබු එකම බාධකය වු ගඩාෆි සාධකය මැකී යමින් ඇත.

ලිබියානු ජනයාගේ ප්‍රජාතන්ත්‍ර අයිතිය නිදහස දඩමීමා කරගෙන වෙන්නේ කුමක්ද යන්න

දැන් පැහැදිලිවෙමින් ඇත.

අමෙරිකාව වැඩියෙ කඩන නරක ළමෙක් නොවේ,

අයියටයි මටයි ගෙඩි දෙකක් ඇතේ වගේ

ඉරාකයේ තෙල් ටික මට,

ලිබියාවේ තෙල් නුඹලට,

උඹලම ගහල ගනිල්ල කියල ඇමෙරිකාව පැත්තකට උනා.

ගඩාෆිගේ පැවැත්ම තව ටික දවසකට පමන යයි අසන්නට ලැබේ.

සවුදි වැනි රටක ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ගැන බටහිර සහ ඇමරිකාව මුනිවත රකින්නේ ඇයි දැයි තවදුරටත්

පැහැදිලි වෙමින් ඇත.

චීනය ඉන්දියාව ලංකාවට ඇති ආදරය යටින් ඇති උවමනාවන් අමතක නොකොල යුතුවන්නේ ලෝකයේ

දේශපාලන බලය ගමන් කරන රටාව දෙස බලන විටය.

Sunday, August 14, 2011

සමන් පිච්ච මල්වැල ගෙමිදුලේ

                                                   

                                                   





සමන් පිච්ච මල්වැල ගෙමිදුලේ
වැට අද්දර
ලක ලෑස්තිවෙලා වසන්තයට
දම්පාට පොහොට්ටු පුරාම ගවසාගෙන
මඟ බලා සිටී, වසන්තයේ
පලමු අවුරැල්ල වැටෙනකම්,
පූදින්න..

සිය පෙම්බර පෙම්වතා එනතුරු
මග බලා සිටින පෙම්වතියකයුරු

සිතේ තැන්පත් කරගත්
හැඟුම් කොපමණද?
ඔබට කියාගන්නට

ඊයෙ පෙරේද
අවාරෙ ආපු අවුරැල්ලකට
මලක් දෙකක් පීදිලා

ඔබ හොරෙකුට අහුවෙලා!

ඔබ රැවටිලිකාරයෙකුගෙ
බොරු චාටුවලට රැවටිල!
එපා දැන්ම පූදින්න,
පොඩියක් ඉවසන්න,
නිසිකල එනකම්!

කරුනාවෙන් සවන්දෙන්න
 ලපටි දැරිවිය
තවම ඉවර නෑ
සිසිරයේ රුදුරු සීතල සමය

පූදින සුදු ලස්සන පුංචි මල්
එක දෙකද
ඒ සීතල අසුවී කලුපාට වී
පිච්චී යාවි

කලබල නොවෙන්
වසන්තය අත ලඟය

පුරාම ගවසාගෙන ලස්සනට
සුදු සුවඳ මල්
පලාතම සුවඳවත් කරමින්
ආඩමබරේට ලස්සනට
පිපෙන්න








Monday, August 8, 2011

මතට තිත, ස්තූතියි Chivas Regal මහත්මයාණනි,Good Bye Mr. Johny Walker(Red, Black and Green)

පාවෙන පියල්ලක් සේ සැහැල්ලුව...
ජීවිතේ 'නියම මිහිරියාව' විඳිමින් කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියා..
....................
හැන්දෑවට හැන්දෑවට කාන්සියට මාන්සියට දාගත්ත පොඩි ඩ්‍රින්ක් එකටත් කණකොකා අඬන වැඩක් මේ ළඟදී සිද්ද උනා,... 

පිරිමි කමට යයි කියල ඔච්චරනෙ ඉතිරිවෙලා තිබුනේ, ... 

ස්ත්‍රී පක්ෂයත් දැන් හොඳට ගන්නව කියල කියන නිසා ඒකත් පිරිමිකමේ ලක්ෂනයක් කියල කියන්න බෑ.
කොල්ල කාලේ මැණියනුත් කිවා මේවා පුතාට හරියන දේ නොවෙයි කියලා!....

කතන්දර ශූරීන්, දයල් බතී  බ්ලොගයේ පෙනුම දියුණු කරන්න දුර ඉඳලම සහයෝගයක් දෙනු ලැබුවා. මාතලන් තුමා මාව සින්ඩියට ඇතුල් කරගෙන, මාරයා තුමා, මහ වෙදනා ඇතුලු මුල සිටම  මා යන මග බලා සිටි පන්සල් හංදිය, ජීවිතේ මල්, ලින්කන් සී, දේදුනු,  මැක්ස්,ගීත්, රොෂාන් හේරත්,ගීත් ඩී, ම, හෂාන් පමිත, පිටස්තරයා-2, වලාකුලු, බුවා, ගයාන් මදුශංක, ජෝතිෂලන්කා,මුදිත ඒකනායක, පන්ඩුකාභය, විසිතුරු, පුතා, දිනේෂ් දීපාල්,කස්සා, චතුර විජේකෝන්, චාර්, හැමටම මාගේ ප්‍රනාමය.


මං උගත් පාඩමක්

හැන්දෑවට හැන්දෑවට කාන්සියට මාන්සියට දාගත්ත පොඩි ඩ්‍රින්ක් එකටත් කණකොකා අඬන වැඩක් මේ ළඟදී සිද්ද උනා,... පිරිමි කමට යයි කියල ඔච්චරනෙ ඉතිරිවෙලා තිබුනේ, ...අපිටමයි මේව වෙන්නෙ..පොඩි නයෙකුත් (කයිවාරුවක් )වගේ; කෙසේ වුවත් හෑම දෙයකම, කතාවකම,(මේ දවස්වල දොරමඬලාවේ යන මාතෘකාව 'උගත් පාඩම් '; බෝම ප්‍රයෝජනවත්, රසවත්; මාත් උගත් පාඩමක් තමයි මේ කියන්න යන්නෙ) ගත හැකි යමක් තියෙන  නිසාත් කාට හෝ ප්‍රයෝජනයක් විය හැකි  නිසාත් මෙය ලියමි.


ලංකාවේ තල්, පොල්, කිතුල් රා, ගල්, පොල්, ඩබල් ඩිස්ටිල්ඩ්, ඕල්ඩ්, විස්කි, බ්‍රැන්ඩි, කශියා, ගල්බමුණා, සුදුවා, කරිඤ්ඤන් ආදී මත් පැන් වල
මිල ගනන් වැඩි වෙනවා මිසක් අඩු වෙනව අපි අහල,  නැහැනේ, නමුත් එහෙම රටවල් තියෙනව.


ඉතින් මං ඉන්න පලාතේ එහෙම වෙනව, ඉතින් හොඳ හොඳ නම් තියෙන බීම හිටපු ගමන් මිල අඩුවෙනව, මේ අවස්තාව බලාගෙන ඉන්න බීමප්‍රිය මානවයන් දඩස් ගාලා ඩැහැගන්නව.


අනේ ඉතින් සෑහෙන කලක්  ඔය රතු ලේබල් වගේ ලාබ ඒව පාවිච්චි කරල, බලා ඉඳල බලා ඉඳල චාන්ස් එක ආවා, චිවාස් රීගල් ටිකක් ලාබ උනා. ඩැහැ ගත්ත එකක්; ඉතින් කාන්සියට මාන්සියට අමුවෙන්ම ගත්ත.. ටික ටික හැන්දෑවට හැන්දෑවට, ටික, ටික, ....ශෝක් drink එක. ගහෙන් බෑව වගේ,..........ජීවිතේ සුන්දරයි....මෙන්න නියම ප්‍රීතිය, මෙන්න පිරිමි කම.. ජීවිතේ අති සුන්දරයි,... පාවෙන පියල්ලක් සේ සැහැල්ලුව...
ජීවිතේ 'නියම මිහිරියාව' විඳිමින් කාලය සෙමෙන් සෙමෙන් ගෙවී ගියා..

කොලොම්පුරේ, බොරැල්ලෙ, පිටකොටුවෙ බාර් වල මම ආස කරන තමයි දර්ශනේ, හැන්දෑවට වැඩ  ඇරිල එන කාර්යාල සේවකයින් තුන් දෙනා, හතරදෙනා,  බෝතලේ බෙදාගන්න සංස්කෘතිය, වෙන වෙනම ගන්නවට  වැඩියෙ මෙහෙම එක බෝතලේ අරගෙන බෙදගන්න එක ලාබයි, බස් එකට රේල්ලුවට දුවන්න බලාගෙන තමයි මේ ගනුදෙනුව. ගුඩුස් ගුඩුස් ගාලා උගුරෙන් පල්ලෙහාට තල්ලු කරගෙන, කඩල ඇට දෙක තුනක් කටේ දාගෙන බස් එකට, රේල්ලුවට දුවනවා. මං ඒ දවස්වල හිතුවා කෝම මේ මිනිස්සු බොනවද මන්ද මෙහෙම කියල අමු අමුවෙම; කොහොම හරි මටත් කැරකිලා ආවා  ඊට සමාන  'කාලෙ' ; (දුක සැප කැරකෙන මේ ලෝකේ; හැබැයි මාසෙකට පමණ,)


ඒක ඉවර උනා කියමුකෝ ඉක්මනටම, මගේ වේලාව කොච්චර හොඳද කියනවනම් දුර බෑරක ඉඳලා  ආවා පැරනි  පාසල් මිත්‍රයෙක්, මිනිහ ගෙනාවෙත් ලොකු අර ජාතියෙම එකක්. ඉතින් මගේ සැන්දෑ ජොලිය නැගල ගියා.


හැම රිදී රේඛාවකම කලු වලාකුලක් තිබෙන බැවින් වෙලාව නරක් වෙන්න කාලයක් ගියේ නැහැ.

හිතවත් ආනන්දත් මේ වගේ රෝග ලක්ෂනයක් ගැන කියල තිබුනත් මම විහිලුවට වගේ කිව්ව අපිට ඕව පුරුදු නැති නිසා වෙන්න ඇති කියලා, 


මූනේ විසාල දදයක් වැනි දෙයක් මතු උනා, සමහර තැන් කසන්න පටන් ගත්තා,


දොස්තර මහත්තයත් කිව්ව මෙය තද හිරු එලිය නිසා වෙන්න පුලුවන් කියලා, ඒත් මම නම් තදින්ම විස්වාස කරනවා අමු සැර මත්මැන් නිසා තමයි මෙය උනේ කියල එදයින් පස්සේ මගේ මත් බීමේ අසාව නැති උනා, අමතරව මස් කෑමේ ආසාවද නැති උනා, අනෙක අවුරුදු ගානක් දැන් මේව කොලා මදෑ, ඒකයි මං මුලින් ම කිව්වේ ස්තූතියි Chivas Regal මහත්මායණනි කියල.
රත්තරන් බිත්තර ගන්න කිකිළිව මැරුව වගේ වැඩක් මට උනේ.
උත්ප්‍රාසය නම් මං මේ ළඟදී ළමා කතා පොතකුත් සම්පාදනය කලා ඒ කතාව අඩංගු කරල.
ඒ වගේමයි අම්මත් කිව්ව මේ පානය උඹට අල්ලන්නේ නෑ කියල අවුරුදු 20 කාලෙදී; තරුන මදය ඒ කීම් ගානකට ගත්තේ නෑ, අන්තිමේදී අම්ම හරි කියල පිලිගන්න උනා, හැබැයි මං ගෙවල තියෙන මිල වැඩියි පාඩම ඉගෙනගන්න.