Followers

Sunday, November 27, 2011

අරුණි ශපීරෝට අභියෝගයක්-රාජපක්ශ වික්‍රමසේකර මුදියන්සේලාගේ බණ්ඩාරනායක මොනරවිල කැප්පෙටිපොලRajapaksa Wickramasekera Mudiyanselage Bandara(nayake) Monaravila Keppetipola




අරුණිට පොඩි දර්ශනයක් ඒ කියන්නේ පොඩි ශෝ එකක් දැම්ම, එල කිරි අභියෝගයක් ගේනව කියල, ඒත් මට තාම බැරිඋනා ශාක්ෂියක් හොයාගන්න මං කියන ප්‍රස්තුතය ඔප්පු කරන්න. හැබැයි මට හොඳට මතකයි මං මේ දේ මගේ දෑහින් දැක්ක. හෙව්ව හෙව්ව තාම බැරි උනා, ඔන්න ඔහෙ ඕන .. දෙයක් කියල මං හිතාගත්ත මේක ගේන ව මයි කියල,  not a fool කියයි තමුසෙ නම් හදන්න බැරි ගොනෙක් කියල. අරුණි එහෙම කියන්නේ නෑ.

අරුණි ජීවිතයේ බොහෝ අභියෝග ජයගත් මැතිනියක්. ඒ නිසා ඇයට අභියෝගයක් දෙනව නම් අභියෝග කරන්නා පැරදුනත් ඒ පරාජය භාරගන්න බලාගෙන තමයි එය කරන්න ඕනේ.

කෙසේ වෙතත් බලමු අරුණි ඇයගේ තර්කණ තාක්ශණය මෙතැනදී භාවිතා කරන්නේ කොහොමද කියල.
හිතමු වීර කැප්පෙටිපොල නිලමේතුමාව අද පවතින ආණ්ඩුව විසින් නිවැරදිකොට නිදොස් කරනු ලැබුවා කියලා.

(එතුමාව නිදොස් කලත් නැතත් එතුමා ජාතික වීරයෙක් අදීන පුද්ගලයෙක්. )

අප කවුරුත් දන්නවා වීර කැප්පෙටිපොල නිලමේතුමා ජාතික වීරයෙක් ඒ මන්ද 1818 වෙල්ලස්සේ කැරල්ල මෙහෙයවූයේ එතුමා. නඩු අසා රාජද්‍රෝහියෙකු කර මරා දැම්මා. එංගලන්තයට ගෙනගිය එතුමාගේ හිස් කබල ගෙන්වා ගත්තේ 1954දී. අවුරුදු දහයකින්වත් ගොවිතැනක් කරන්න ලැබුනෙ නෑ මොකද හයිය හත්තිය තියෙන පිරිමියෙක් උන් ඉතිරි කලේ නෑ, වෙල්ලස්සෙ. 

ඔන්න තර්කය පටන් ගත්තා.

  1.  ලංකාණ්ඩුව නම් ලංකාව පාලනය කරන නීත්‍යනුකූලව පත්වූ හෝ නීත්‍යනුකූලව පත්වූ කෙනෙකුන් විසින් පත්කරන ලද ඒජන්ත කෙනෙකුන් විසින් කරන ලද පාලනය නේද?

2..  කැප්පෙටිපොල ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූ කැරලි කාරයෙකි.

3. ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූ කැරලි කාරයෙකු වීරයෙකු වෙන්නේ නම්, ආණ්ඩුවට විරුද්ධව කැරලි ගැසූ සැවොම වීරයෝ වෙති.

(අමතක කරන්න එපා එතුමත් රාජපක්ශ කෙනෙක්.
මං දන්නව සක් සුද සේ , අරුණි මාව නිකං කරකෝල අත හරී, Notafoolට හරි ජොලියක් යයි!)


නිගමනය;
ආණ්ඩුවට එදිරිව කැරලි ගැසු සැවොම වීරයෝ වෙති!

--------------------

Betwixt Isles: The Story of the Kandyan Prisoners in Mauritius

Raja C. Bandaranayake
A combination of cunning interlopers, scheming aliens and factious in-fighting among the nobility brought about the downfall of the KandyanKingdom at the hands of the British, on 14thFebruary 1815, after an uninterrupted history of over three centuries. The sense of bewilderment and resignation of the Kandyan peasantry soon gave way to one of frustration, as they observed their traditions being gradually eroded by the conquerors, and the lack of respect shown to their religious leaders and erstwhile chiefs. The time was ripe for the some of the nobility to assert their authority. The British lost no time in crushing the resulting rebellion of 1817-1818. Their troops ruthlessly and unashamedly devastated Kandyan villages. Rebel leaders were captured or surrendered. While many were executed, some had their sentences commuted to banishment.
The first batch of exiles set sail for Mauritius in February, 1819. Ehelapola Maha Nilame, the self-styled “Friend of the British”, was himself taken captive in Kandy in March, 1818, incarcerated in Colombo for seven long years without trial before being exiled to Mauritius in May, 1825. In spite of a lack of proof of his involvement in the rebellion, Brownrigg concocted a flimsy excuse to justify the imprisonment of a man who had treated him as a father and had led him to conquer the Kingdom of Kandy.
The Kandyan prisoners’ stay in Mauritius spanned a period of thirteen and a half years, as the last, Pilimatalauve Junior, was sent back to Ceylon in September 1832. Many prisoners died in exile; others returned to Ceylon after varying periods. This book details the lives of the prisoners in Mauritius, including the manner in which they were clothed, fed and housed. Facts pertaining to the Maha Nilame hitherto uncovered, such as the house in which he lived, the scandal associated with the doctor who cared for him as he lay dying in Mauritius and the circumstances of his death and last rites are included. The roles played by the caring supervisor, Henry Bates, the faithful interpreter, Don Bastian, and a succession of medical officers who made the prisoners’ lives tolerable are examined. A fascinating series of events, which for long have been buried in historical myth, inaccuracy and lethargy, is reconstructed, mainly from the correspondence at the time between the islands of Ceylon and Mauritius.
TABLE of  CONTENTS
Prelude
Introduction: Interlopers and Aliens
Chapter 1: Serendipitous Beginnings
Chapter 2: The Maha Nilame
Chapter 3: Rebels With a Cause
Chapter 4: In His Father’s Footsteps
Chapter 5: The Trailblazers
Chapter 6: The Reluctant Leader
Chapter 7: The Aging Noble
Chapter 8: The Wily Ones
Chapter 9: Rebellious Clans
Chapter 10: The Smaller Fry
Chapter 11: Follow the Leaders
Chapter 12: Creature Comforts
Chapter 13: Tuppotti and Toppi
Chapter 14: The Abode of the Prisoners
Chapter 15: The Maha Nilame Arrives
Chapter 16: The House in Pamplemousses
Chapter 17: A “Prince” in Exile
Chapter 18: Table Wants
Chapter 19: In Medical Charge
Chapter 20: The Health of the Prisoners
Chapter 21: ‘The Prince’ at Peace
Chapter 22: Obsequies and Wills
Chapter 23: Interpreter Mudaliyar
Chapter 24: Superintendents
Chapter 25: The Commission of Enquiry
Epilogue
References
Index
About the Author:  Born in Sri Lanka and educated at St Thomas College, Mt Lavinia and the Colombo Medical School, the author obtained his PhD from the University of London (Guy’s Hospital Medical School), and a Master’s degree from the University of Southern California. A Professor of Anatomy and an international consultant in Medical Education, he now lives in Sydney, Australia. While he has several publications in the field of medicine, this is his first venture into the realms of history.
A Note: The two illustrations are taken from Michael Roberts, Sinhala Consciousness in the Kandyan Period, 1590s-1815,  Colombo, Vijitha Yapa Publications, 2004. Though we have adopted the habit of referring to the “Kandyan Kingdom” in the English language, it is a msinomer. It was calledSīhalē or Sīhala among Sinhala speakers and could either refer to the whole island or, in specific contexts, to the area commanded directly by the Kings ofSīhalē. However,the rulers of considered themselves to be the kings of the whole island,  Sīhaladvīpa, and this was accepted by many a Dutch practice acknowledging the overlordship residing in the cakravarti figure seated at theMahāvasala in Senkadagala or Mahanuvara. Sinhala Consciousness bears the ISBN 955-8095-53-2 in hardback and 955-8095-1-1 in pbk; and can be purschased on credit card from www.vijithayapa.com for 40$ and 28$ respectively.
Filed under authoritarian regimesBritish imperialismheritagehistorical interpretation,Indian Ocean politicslife storiessri lankan societyworld events & processes

Thursday, November 24, 2011

ලයනල් බෝපගේ කතා වස්තුව හෙවත් අවංක ජේ වී පී කාරයෙක්





'කැරැල්ල, මර්දනය, සහ සාධාරණත්වය වෙනුවෙන් වු ශ්‍රි ලංකාවේ අරගලය' යනුවෙන් ඔස්ට්‍රේලියාවේදී මෑතකදී ග්‍රන්ථයක් එලි දැක්වූ ලයනල් බෝපගේ ගැන මගේ මතකය බොහෝම අඩුයි. ම'හිතනුයේ ඒ ඔහු 71 කැරැල්ලේ විත්තිකාරයින් වී හිරගෙයි ලැග නිදහස් වූ පසු දේශපාලනයෙන් ඉවත්ව පිටරටකට පදිංචීය ගිය නිසා වෙන්නට ඇත. එහෙන් මෙහෙන් ගොනු වු කරුණු අනුව බෝපගේ ගැන තිබුනේ සමාන්‍ය ජේ වී පී කාරයෙකුගේ ප්‍රතිරූපයකට වඩා වෙනස් හොඳ එකකි. එකල පේරාදෙණියේ ඉංජිනේරු ශිෂ්‍යයෙකුව සිටි බවත් ජේ වී පියේ තිබුනු හොඳ මොලයක් බවත් අවංක මිනිසෙකු බවත් අසා තිබුනි.


පසුගිය දිනෙක ග්‍රන්ථය එලි දැක්වීමේ උත්සවයේදී බෝපගේ විසින් කරන්නට යෙදුනු කතාව ආශ්‍රයෙන් ය මේ සටහන ලියැවුනේ.
 ඒ කථාවේ මට අල්ලල ගිය කෑලි තමයි සමාජවාදය නැත්නම් විප්ලවකාරී පරිවර්තනය යනු 'ක්‍රියාවලියකි', යන්න.
ලාල් කාන්තත් මේ වචනෙම භාවිතා කලා පසුගිය දවසක රූපවාහිනි සාකච්චාවකදී. ජේ වීපිය 64 සිට 1988 දක්වා ගෙනගිය නොමග යැවු කොල්ලො ටික දෙනෙකු එකතුකරගෙන පොලිසි හමුදවලට පහරදී එක රැයකින් සමාජවාදී ආංඩු පිහිටුවීමේ  වැඩපිලිවෙල නොමේරු එකක් බවද එතුමා කියන්නෙ?


එය එසේ විය යුතුය, 
JVP ය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වූයේ එබැවිනි.
බෝපගේ මහත්තය මෙහෙමත් කියනව,
'අනෙක් කාරණාව තමයි අමෙරිකානු විප්ලවයේදී ජෝර්ජ් වොශින්ටන් විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම,පසුව ඒබ්‍රහම් ලින්කන් විසින් බ්‍රිතාන්‍ය අදිරද ගැත්තන්ගේ දේපල රාජසන්තක කිරීම ආදිය විප්ලවවාදී පියවරයන්ද යන කාරණාව. සත්තකින්ම ඔව්. හැටේ හා හැත්තෑවේ දශකයේ අප ඉල්ලා සිටියේද මීට වඩා වැඩි දෙයක් නොවේ.'


ජවිපෙ දෙකට කැඩී වෙන්වීමට යන මොහොතේ මේවැනි ග්‍රන්තයක් නිකුත් වීම දෙපාර්ශවයටම වැදගත්.
------------------
බෝපගේ පේරාදෙණි සමකාලීනයෙකු වන මහාචාර්‍ය සිසිර ජයසූරියගේ ඒ ග්‍රන්ථය ගැන කළ විවරණයක්
http://groundviews.org/2011/11/28/rebellion-repression-and-the-struggle-for-justice-in-sri-lanka-the-lionel-bopage-story/

Wednesday, November 23, 2011

නව යුගයේ නව පෙරලිකාරිය





කවුරුද ඒ මා ඇසගිය යුවතිය
අත ගත් පෙම්වතා
පෙමින් වෙලී පැටලී ගිය යුවලේ
 පසුකර මා
දෙතොල් රස බලමින් ඔවුනොවුනගේ

හීනයක්ද මා දුටුවේ
මේ සඳ නැගෙනා යාමේ
*අසම්මත පෙම්වතුන්ගේ
නගරයේ!

පෙම්වතෙක් නොවේ තවත් පෙම්වතියක්!

සැබෑටම මේ අප කන්තෝරු මිතුරියද
සුවිනීත ගති පිරි
තව යුවතියක හා පෙමින් වෙලී?

නව යුගයේ නව නිදහසේ පල
විඳිනා පෙරලිකාරිය
වෙනදා මෙන්ම
මගේ සුපුරුදු සුවිනීත මිතුරිය සේ 
දැනේවිද හෙටත්?

---------------------

Tuesday, November 22, 2011

වැස්ස



අපි ඉන්න පලාතට පසුගිය දවස් දෙක තුනේම වහිනව.
මට මතක් උනා ටික කලකට පෙර මවිසින් ලියන ලද අදහසක්.
-----------------------

ටක් ටක් හඬින්
කෙසෙල් පත්වලට වැටෙන
වැහි බිංදු  විසිරී බිමට වැටෙන හැටි

අභ්‍යාස පොතේ අන්තිම හරියෙන් පිටු ඉරා
අම්මා ට හොරෙන්
බෝට්ටු සාදා වැහි වතුරෙ පා කල හැටි

පරණ සිංහල උලු වහලයේ
හිල් වූ තැනෙකින් වැටෙන වතුරට
සාස්පාන් තැබූ හැටි

එහා ඉඩමේ වතුර අපේ වත්තට එතියි
පුංචි අම්මා නැන්දත් එක්ක
මඩේ එරි එරි
 තෙතෙ බරියම් වීගෙන රන්ඩු අල්ලන හැටි

ඔය යන වතුරකට
ඕන තැනකින් යන්න ඇරල ගෙට ආවනම්
ඔය සොරෝනීතෙ හදාගත්තම
 මටයි අන්තිමට කරදරේ
ලොකුඅම්ම කියන හැටි

වැස්ස කවදත් පරන මතක අලුත් කරනව



Monday, November 21, 2011

අපේ ඩෙංගු මහත්තයා කෝ ?




කැළණියේ දරුවෝ  සිය ගානක් රෝහලේය, දිනපතා දරුවෝ  ඩෙංගු සෑදී මිය යති. ගස් බැඳලා හරි වසංගතේ නැති කොරනව කිව්ව ඒව කයිවාරු වෙලා වගේ. අපේ දොස්තරවරු පකිස්තානේ ඩෙංගු නැතිකරන්න ගිහිල්ල;
අපේ දරුවො මැරෙනව ඩෙංගු හැදිල දුක් විඳල.


සිංහල අපි *පන්ඩිත කම්වලින් පිරිලාය. අපට පොඩි දේවලවල අගයක් නැත. අපි යන්නේ ලොකු ලොකු දේවල්වලට අත දාන්නය. කැළණිය භාර දෙවි දේවතාවුන් රජ සිටුවරුන් ලොකු ලොකු අයගේ දේවලට ඇඟිලි ගහන්න යනවා මිසක් කැලනියට මේ දැන් බලපාන දේ ගැන ***උනන්දුව අඩුය. 
පාරකට තාර පොඩ්ඩක් දාල පොල්ගොල්ල බැම්ම හැදුව වගේ උදම් අනන්නේ.
ප්‍රභූවරුන්ට අපහාස කළ මහත්තයම දැන් අපිට වැදි බණ දෙසනව, ප්‍රභූවරුන්ට අපහාස කරන මාධ්‍යකරුවන්ට මිනිපෙට්ටි වෙන්කරගන්න කියනව.
**'අපට අල්ලපු ගෙවල්වලත් ලමයි ඉන්නව කියල කිව්ව' අපට අමතක නෑ.
ඒකට තමයි කියන්නෙ කුහක කම නැත්නම් hypocracy කියල.


අතීතයේ හිටිය පරිප්පු මහත්තයා කියල කෙනෙක් මැලේරියා උවදුරු කාලය පසුකරගැනීමට මිනිසුන්ට අත දුන්. අපිට හිටිය බත් දුන් පියා, නිදහස් අද්‍යාපනයේ පියා, නිදහස  දුන් පියා,  දැන් අපිට ඉන්නව 'සාමය' දුන් පියා, ජන අරගල පියා, ....


කෝ අපේ ඩෙංගු නැතිකල පියා?


ඒ තනතුරට තවම ඇබෑර්තු ඇත.
බන්දනාගාරයේ වදකයා තනතුර පුරවා ඇත.


රජයේ සේවකයෙකු ගස් බැඳි පමණින්,
 ඩෙංගු උවදුර නැතිවෙයිද?
ඩෙංගු නැති කල පියා විරුදාවලිය ලැබේවිද?
----------------------
ප.ලි
*සිංහල අපි පන්ඩිත කම්වලින් පිරිලාය (මාත් ඇතුලුව).
**'අපට අල්ලපු ගෙවල්වලත් ලමයි ඉන්නව කියල කිව්ව' අපට අමතක නෑ. ඒකට තමයි කියන්නෙ කුහක කම නැත්නම් hypocracy කියල.
(බොරු කියන්නේ මොකටද  එය විහිලුවක් ලෙසට ගත්තොත් ඉතාම නිරහංකාර ගැමි විහිලුවක්, හැබයි වරක් කාලෝ ෆොන්සේකා කැම්පස් එකේ කොල්ලනට කිව්ව වගේ, කොල්ලෝ ගෙම්බන්ට ගල් ගසන්නේ විහිලුවටය, ඒත් ගෙම්බන්ට වදින්නේ ඇත්තටය.)


***ප්‍රවෘත්ති මවන හෙඩ් ලයින් යන්නේ නැති නිසා ද මන්ද, ඒ වගේම මාධ්ය හොයන්නේත් නැගල යන ප්‍රවෘත්ති, මේ නිසා මාධ්‍ය විසින් සිය එල්ලයන්ද වෙනස් විය යුතුද?





Sunday, November 20, 2011

චන්ද්‍රිකා මැතිණිය හා සිංහල බස


http://www.tribuneindia.com/2005/20050517/world.htm

මැතිනියනි, ඔබ, වරින් වර පවසන දේ  අපේ කට අවුස්සයි, මනස අවුස්සයි ඒ නිසා ඒවායේ අගයක් නැත්තේ නොවේ. පසුගියදා හාවඩ් විවිදී ඔබ විසින් ප්‍රකාශ කරන ලදුව http://www.gossiplankanews.com/2011/11/xldjg-isyjq-fdlu-wajeoao-isxy-rdch.html#more    දී දැක කියවූ
සිංහල බස රාජ්‍ය භාශාව කිරීම ලක් රජය විසින් කල අත් වැරද්දක් බව යන දේ ගැන යමක් නොකියා හිටියොත් හොඳ නැතැයි සිතුවා.
අත්වැරද්ද mistake යන්නේ පරිවර්තනය බව හඟිමි.

ඔබ කියන දෙයින් අප ගත යුත්තේ කුමක්ද, අතීතයේ කල වැරදි හදා ගත යුතු බවකි නේද?
 එයට ඔබ කලේ මොකද්ද කියා ඇසීම වෙලාව නාස්තියකි.
මෙයට මොකද්ද කල යුත්තේ යයිද ඔබ කියනවා නම්, ඔබට වැරදුනේ කොතනද කියනවා නම් හොඳය.

මගේ පුන්චි මොලේට තේරෙන පරිදි සිංහල බස රජ කිරීමෙහි කිසි වැරද්දක් නැත. 
වරද දෙමල බසද රජ බසක් නොකිරීමයි. මේ වෙනස්කම් දඩමීමා කරගෙන රාජ්‍ය පාලන උපක්‍රම සැලසුමයි. ඡන්ද දිනීමේ උපක්‍රමයක් ලෙස සිංහල බස යොදා ගැනීමයි.


ඉහිරුන කිරට අඬන්නේ නිකං මැරිල ඉපදිල වගේ.


අපේ දේශප්‍රේමී දේශපාලකයන්ගේ දූරදර්ශී භාවය නිසා
පසුගිය අවුරුදු තිහ හතලිහක් පුරා පවතින්නේ  මේ මොන බසක්වත් නොවේ, චිකාගෝ කව් බෝයිගේ භාශාව, ඩුම් ඩුම්....
-------------

“We brought all kinds of rules that made it more difficult for the Tamils to get into schools,” said Kumaratunga.
Did we do that?

http://www.uslankaonline.com/?p=1504

කවියා සුන්දර චෞරයෙක්ද,



ලොකු මහත්තැන්ලාගේ ඒව කියවල ලියන්න පෙර මං හිතුව මං පඬිතුමාගේ මනස්ගාත ටිකක් ලියන්න. මේවා මා තුලට ආවේ දිව්‍ය ලෝකයෙන්වත් අපායෙන්වත්  මා හෙන කවියෙක් නිසාවත් -පොරක් නිසාවත් නොවේ. කුඩා කල ඉඳන් කියවීමෙන් ලද එකතුවීම් වලිනි. ඒ නිසා මේවායේ පංගුකාරයෝ එමට සිටිති.
(කවි ගැන සමන්ත හේරත්ගේ ලිපි තමයි අවසානවරට කියෙව්වේ)

කවිය, කවියාත් රසිකයාත් එකතුව සිය හදපතුලේ ගැඹුර බැලීමක්

කවිය, කවියාත් රසිකයාත්  එකතුව කරන ආත්ම ගවේශනයක්

රසිකයාගේ හදපත්ලට වදන් නැමති මුට්ටිය ආකෘතිය නැමති කෙවිටේ අමුණා රසිකයාගේ හද පත්ලට ඇතුලුකර බැලීමයි කවිය.

ඒකයි සොඳුරු චෞරයා යන නම ගැලපෙන්නේ

රසිකයා හුස්ම ගන්නවාද ජීවත් වෙනවාද යන්න පරීක්ශා කිරීමයි කවියාගේ පර්යේශන

ආගම විසින් නිර්වින්දනය කරන ලදුව දේශපාලකයා විසින් හදවතේ ගැස්ම පාලනය කරන ගැලවූ වයර් නැවත හදවතට කිට්ටු කිරීමයි කවියා(කලාකරුවා) කරන්නේ.

නූතන විදියට කියනව නම්,
ලැබ් එකේ සංසේචනය කල ඩිම්බය(කලලය හෙවත් කවිය) මවගේ(රසිකයාගේ) ගර්භාශයේ(හදවතේ) තැන්පත් කර වැඩෙනවාදැයි පර්යේශනය කිරීමයි කවියා කරන්නේ.


කවියා චෞරයෙක්ද, කවියා සුන්දර හොරෙක්ද සොඳුරු ආඥාදායකයෙක්ද, සුගතපාල ද සිල්වා වරක් කිව්ව වගේ

කවියා කවුද
 කවිය කියන්නෙ කුමක්ද කියල යම් සාකච්චාවක් ඇති උනා කතන්දර ශූරීන්ගෙ බ්ලොග් එකක ආශ්‍රයෙන්.

ඒක ආශ්‍රයෙන් මතු උන පඬි අදහස් කීපයක් තමයි මේ ලිව්වේ.

සිංහල බ්ලොග් කලාවේ පතාක යෝදයන් වන කතන්දර ඒවගේම මාරයා ඒ රසිකයාගේ හදවතට එබෙන මුට්ටිය දම බලා අවශ්ය දේ තොරා බේරා ලිවීමේ කලාව හොඳට දන්නව, ඒකයි රසිකයො ඒ වටා රැස්වෙන්නෙ.
---------------------------

[LARGE][LINK=/new_site/index.php?option=com_content&view=article&id=1355:2012-02-01-18-16-07&catid=54:what-ails-you&Itemid=410]වර්තමාන කවිය කොයිබටද ? [/LINK] [/LARGE]
2012 පෙබරවාරි 02 වෙනි බ්‍රහස්පතින්දා, 02:14 සංස්කරණය - මහින්ද දළුගොඩආරච්චි [LINK=http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif] [IMG]http://s7.addthis.com/static/btn/v2/lg-share-en.gif[/IMG] [/LINK]
අප අදහස් කරන්නේ වෙනත් සාහිත්‍යංගයක් සේම කවියද ජනතාවගේ දුක, වේදනාව, පීඩනය හා ඹවුන් සූරාකෑමට ලක්වී ඇති ආකාරය අනාවරණය කරන, ජනතාවගේ අරගල හා ජයග්‍රහණ වර්ණනා කරන හා උත්කර්ෂයට නංවන සාහිත්‍යාංගයක් බවයි.අපේ ජනකවියේ එම ලක්ෂණය අප දැක ඇත. කොළඹ යුගයේ සමහර කවීන්ගේ සමහර රචනාවල එම ලක්ෂණය දැක ඇත. පැරණි චීන කවීන්ද ඒ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකිය. පැරණි චීන කවියාද ජනතාවගේ වේදනාව හා ඉරණම ගැන එකල සමාජයේ වූ අසමානත්වය හා ගම්බද ගොවි ජිවිතය ගැන ලියා තිබේ. බොහෝ දුක් මහන්සිවී වැඩ කරන ගොවීන්, පාලකයන් හා නිලධාරීන් විසින් කුරිරු ලෙස සූරාකන ආකාරය අනාවරණය කර ඇත. චිනයේ ෙනෙතිකවාදීන් සිය අදහස් ප්‍රකාශ කිරීමෙහිදී වෙනස්වීම හා ප්‍රතිසංස්කරණ පිළිබඳ සිය දේශපාලන අභිලාෂයන් දැක්වීමේදී අවිය ලෙසින් යොදා ගත්තේ කවිය ඇතුළු ‍ලේඛන කලාවයි. ක්‍රිස්තු පූර්ව 770-221 කාලයේදී, එකිනෙකට ප්‍රතිවිරුද්ධ ගුරුකුල දෙකක් වශයෙන් කොන්ෆියුසියස්වාදීන් හා ෙනෙතිකවාදීන් අතර ආරම්භ වූ මතවාදී අරගලය වසර දෙදහසක් පමණ වූ චීනයේ වැඩවසම් ඉතිහාසය පුරා අවිච්ඡින්නව පැවතිණි. මෙය කවිය මගින් ඉතා අපූර්ව ආකාරයට පිළිබිඹු වී තිබේ.
(බලන්න: “චීන කාව්‍ය සම්ප්‍රදාය” නම් පෙරවදන, “ශිශිර වලාකුළු - මාඕ සේතුං සහ චීන විප්ලවයේ වෙනත් නායකයන් ලියූ කවි” (2010)
“පේරාදෙණිය කවිය” වශයෙන් එකල හැඳින්වූ නිසඳැස් හෝ නිදහස් කාව්‍ය සම්ප්‍රදාය සකස් වූයේ, පේරාදෙණි නවකතාවට ගැළපෙන පරිදි ධනේෂ්වර සාහිත්‍යය හා කලාවේ අංගයක් වශයෙන් හුදකලාව, පාළුව, කණස්සල්ල, පරාජිත බව, ඉච්ඡාභංගය හා ව්‍යාජ දාර්ශනිකත්වය දැක්වීම මගින් පේරාදෙණි පරිසරයට උචිත කවියක් බිහිවන්නේ විගලිත වූ බුද්ධිමතා නිරූපණය කරමිනි. ඒවා සංකීර්ණ වූ සමාජ හා මානව සම්බන්ධතා පෙන්වන්නක් නොවේ. මෙසේ විගලිත වූවන්ට පහසුවෙන් කවි ලියන ආකෘතියක් අවශ්‍ය කෙරිණ. එකලදී වුව ගුණදාස අමරසේකර මෙයින් මිදීමට උත්සාහ ගන්නා අන්දම “පුදුම රට” (උයනක හිඳ ලියූ කවි) වැනි නිර්මාණයකින් පෙනේ. කොතරම් තර්ක කළද එළිසමය අනුව කාව්‍ය රචනා කිරීම දුෂ්කරය. අද කෙරෙන අත්හදාබැලීම්වලින් එය මනා ලෙස දැකගත හැකිය.
1970-1980 යන දසකවලදී මතුවන කවීන් සමගින් “විරෝධාකල්ප” යන සංකල්පය කාව්‍යය සමග මුසු වෙයි. අප අදහස් කරන්නේ මේ “විරෝධාකල්ප”වල සැබෑ දේශපාලනය කුමක්දැයි හරිහැටි අධ්‍යයනය කළ යුතු බවයි. වර්තමානයේ කවියේ තේමාව බොහෝවිට සෞන්දර්යය, පෞද්ගලික අත්දැකීම්, හුදකලාව, මිත්‍රත්වය හෝ දර්ශනවාදී අදහස් දැක්වීම බවට පරිවර්තනය වෙමින් පවතී. සමහර පද්‍යවල ඇත්තේ නොතේරෙන ප්‍රහේලිකාය. දාර්ශනික ගැටලුය. ඒවා අවබෝධ කරගත හැක්කේ ඒවා ලියූ කවි කිවිඳියන්ට මිස පාඨකයන්ට නොවේ. කවිය පාඨකයන්ගෙන් ඈත් වන්නේ මේ නිසාද විය හැකිය. කවීන් සිය නිර්මාණවල ඇතැයි කියන “සංස්කෘතික නවීකරණවාදී චින්තනය” සෙවීමට අපි වෙහෙසෙමු. සමහර කාව්‍ය ග්‍රන්ථ “සජීවී ස්ත්‍රීවාදී එළැඹුමක්” පළ කරන බව කීවද ඒවායේ ඇත්තේ කාව්‍ය නිර්මාණදැයි සැක  සිතේ. කාව්‍ය සංග්‍රහවල පෙරවදන්වල හා පසුවදන්වල දැක්වෙන මහරු ලක්ෂණ කවි ‍පොතෙහි නොදැක්වේ. ආචාර්යවරයෙකු, මහාචාර්ය-වරයෙකු හෝ ප්‍රවීණ කවියෙකු පෙරවදන් හෝ  පසුවදන් ලීවාට ඒවා ගැඹුරු නිර්මාණ වන්නේ නැත.
ජනතාවට සිය නිර්මාණ පූජා කරමින් (“පීඩිත ගොවි දනන් වෙත” හා “සේවක හිත මිතුරන් වෙත”) කවිය ජනතා මෙහෙවර සඳහා යොදාගත් සමහර ‍‍‍ජ්‍යෙෂ්ඨ හා ප්‍රවීණ කවීන් අද සිය ආස්ථානය වෙනස් කර ඇති බව පෙනේ. කවියා මතවාද ගොඩනැගීමට උත්සාහ නොගත යුතු යයි කියමින්, සිය අතීත ප්‍රයත්නයන් වැරදි යැයි ප්‍රකාශ කිරීම නව කවියාට දෙන වැරදි පූර්වාදර්ශයකි. ඔවුන් කවීන් වශයෙන් කීර්තියට පත්වූයේද, ජාතික තලයට පැමිණියේද සිය අතීත නිර්මාණ නිසා බව අප අමතක කළ යුතු නැත. ගුණදාස අමරසේකර කලකට ඉහතදී ප්‍රතික්‍ෂේප කළේ පේරාදෙණි ගුරුකුලයේ කාම කතාවලට ගැනෙතැයි හඳුන්වා දෙන ලද ස්වකීය නිර්මාණයන්ය. අමසේකරගේ සාහිත්‍ය කීර්තිය රඳා ඇත්තේ ඒ පැරණි නිර්මාණවල යයි තරුණ විචාරකයන් අදහස් පළ කරද්දී, කවීන්ගේ මේ ප්‍රතික්‍ෂේප කිරීම් කොතරම් සෝපහාසයක් නංවන්නේද ?
වර්තමානයේදී කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන කවීන් අතරින් (1) 1970-1980 යන දසකවලදී කාව්‍යකරණයට පිවිසි කවීන්, (2) නව කවීන් යැයි හැඳින්වෙන කවීන්, (3) පුවත්පත්වල සාහිත්‍ය අතිරේකවලට කවි ලියන කවින් හා (4) වබේ අඩවි වලට හා “ෆේස් බුක්” නම් සමාජ මාධ්‍යයට කවි ලියන කවීන් වශයෙන් ප්‍රධාන වර්ග හතරක් හඳුනාගත හැකිය. නව කවීන් ලෙස බොහෝවිට මතුව ඇත්තේ පුවත්පත්වලට කවි ලියූ කවීන්ය. මේ එක් එක් අයගේ නිර්මාණවල විශේෂ ලක්ෂණ හා ප්‍රවණතා හඳුනාගැනීමට හැකිය. මේ පිළිබඳ මතෛක් ගැඹුරු අධ්‍යයනයක් වී නොමැතිය.
මේ සියල්ල සලකා බලනවිට පෙනී යන්නේ කවියේ ගුණාත්මක වර්ධනයට වඩා ප්‍රමාණාත්මක වර්ධනයක් ඇතිවී ඇති බවයි. අද කාව්‍ය සංග්‍රහ විශාල වශයෙන් පළ වේ. මෙම සම්මන්ත්‍රණය සඳහා සූදානම් වද්දී මම රුපියල් තුන්දහසක පමණ කවි ‍පොත් මිලයට ගතිමි. ප්‍රකාශකයන් කවි ‍පොත් පළ කිරීමට මැලි වන්නේ යැයි කීම මුසාවකි. සමහර විට මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව අඩුවිය හැකිය. කවි ‍පොත් අලෙවිය අඩු විය හැකිය. එහෙත් අද සිටිනා කවීන්ගේ ප්‍රමාණය දෙස බලන විට ඒ හැම කවියෙකුම අනෙකාගේ කාව්‍ය සංග්‍රහයක් මිලට ගන්නේ නම් ඒවා පහසුවෙන් අලෙවි කළ හැකි බව පෙනේ. සාමාන්‍ය පාඨකයාට දොස් නොතබා “පිං ‍පොත්” හැර කවියෝද කවි නොකියවති යැයි අපි නිගමනයට එළඹෙමුද ?
කවියේ ප්‍රමාණාත්මක වර්ධනයක් ඇත්තේ කවි ලිවීම පහසු යැයි සිතන නිසාද ? ‍ලේඛකයකු ලෙස මතුවිය හැකි පහසුම මාර්ගය ළමා කතා ලිවීම හා පරිවර්තන කිරීම මෙන් කාව්‍යකරණය යයි සලකන
නිසාද? කවිය ජානගත ලක්ෂණයක් හෙයින්ද ? එහෙත් මේ නව කාව්‍ය සංග්‍රහ කියවා බලන විට පෙනී යන්නේ මේවායේ හොඳ කවි, නිර්මාණශීලිත්වයෙන් අනූන රචනා තිබෙන බවයි. පසුගිය කාලයේදී කරන ලද එක් විවේචනයක් වූයේ තරුණ කවින් යම් යම් ප්‍රවීණයන්ගේ අනුකාරකයන් බවයි. ඔවුන් හඳුන්වන ලද්දේ ඒ කවීන්ගේ “පැටව්” වශයෙනි. එහෙත් අද තරුණ කවියා “සිංහල හයිකුවෙන්” හා තනි වචනයේ “බෙහෙත් සීට්ටු කවියෙන්ද” මිදීමට උත්සාහ ගන්නා බව පෙනේ. එය සාධනීය ලක්ෂණයකි. එමෙන්ම ‍‍‍ජ්‍යෙෂ්ඨ කවීන්ගේ නවතම නිර්මාණවල පරිහානි ලක්ෂණ ඇති බවද කියැවිණි.
නව කවිය පිළිබඳ ගැඹුරු විචාරයක් පළ නොවන්නේ මෙරට කාව්‍ය විචාරකයන් නොමැති හෙයිනි. කාව්‍ය විචාරකයන් ලෙස ඇත්තේද කවීන්මය. නොඑසේනම් නවකතා, කෙටිකතා නාට්‍ය චිත්‍රපට ටෙලි නාට්‍ය යන සියල්ල අගයන සමීක්ෂකයන්ය. මෙම සම්මන්ත්‍රණය සඳහා කාව්‍ය විචාරකයකු සොයා ගැනීමට අපි වෙහෙසුණෙමු. පුවත්පත්වල උදාහරණ ලෙස පළ කෙරෙන කවි පන්ති නව කවියාට උත්තේජනයකට වඩා නරකක් කරයි. කාව්‍ය සංග්‍රහයක අඩංගු එක් කවි පන්තියක් තෝරාගෙන ඇගැයීම කාව්‍ය විචාරයක් නොවේ. එය කවියා ඔහුට හිමි නියමිත තැනක පිහිටුවීමක් නොව ඔහුට වැරදි සංඥාවක් නිකුත් කිරීමකි. ඔවුන් උපුටා දක්වන කවි පන්තිවලට වඩා උසස් නිර්මාණ එම පද්‍ය සංග්‍රහවලින් අපට හමුවී ඇත. කාව්‍ය සංග්‍රහ ගැන ඉඳහිට පළවන කාව්‍ය විචාරවලදී විශිෂ්ට නිර්මාණ ලෙස උපුටා දැක්වෙන කවි දෙස බලන විට අපට සිතෙන්නේ ඒවා කවිද කියාය. ඒවායේ කුමන කාව්‍යමය ලක්ෂණ ඇද්දැයි කියාය. ඒවා වුවද කාව්‍යමය ලක්ෂණ නොමැති වාර්තා බවය.
සම්මාන දීම සඳහා කියැවූ කවි ‍පොත්වල නම් හා එම කතුවරුන්ගේ නම් ලැයිස්තුගත කර ඉදිරිපත් කිරීම කාව්‍ය විචාරය නොවේ.  කවියට වඩා කවියා වර්ණනා කිරීමකි. එමෙන්ම කවීන්ට “රැස් වළලු” කුමකටද ?
අද නිදහස් පද්‍ය ලියන අයම එම පද්‍ය සංග්‍රහයන්හිදී එළිසමයට අනුව කවි ලියන බව පෙනේ. එ නිසාම එදා “සක්ක පද” යැයි ව්‍යවහාර වූ අවියත් වදන් රාශියක් මේ පද්‍යවලට එකතු වන බව පෙනේ. ඒවායේ විසුම් සහගත පද සන්ධි කිරීම්ද දැක්වේ. අවියත් ලෙස එළිසමය යෙදීම නිදහස් පද්‍යයට එල්ල වන විචාර නවතාලන මග නොවේ. සමහරු කවි ලියන්නේ ඒවා ගී ලෙස පසුව ගායනා කරවීමටය.
සමහර කවි ‍පොත්වල මීට පෙර ගායනා කරන ලද ගීතද ඇතුළත් කර ඇත. සමහර දොරට වැඩීමේ උත්සවවලදී ප්‍රසිද්ධ ගායක ගායිකාවන් ලවා කවි ගායනා කරනු ලැබේ. එදා ගී ගයන්නට බැරි අයට “සින්දු කවි කරදෙනු ලැබේ” යැයි කී වදන අද “කවි සින්දු කර දෙනු ලැබේ” යයි වෙනස් වී ඇත. විමලා අමරදේව මහත්මිය, අමරදේව මහතා ගැන මෑතකදී පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ “අපේ කවිය ගීතයක් වුණේ මෙතුමා නිසා” කියාය. ඉකුත් දිනෙක පුවත්පතක තීරු ලිපියක පළ වූ දෙබසක් මෙසේ වෙයි.
“ගීතයක් ලියලා දෙන්න පුළුවන්ද ?”
“එවැන්නක් නම් නෑ. මම ළඟදී මෙහාට ආවාට පස්සෙ පුංචි කවියක් ලිව්වා. කැමති නම් ඒක දෙන්න පුළුවන් සින්දුවකට හරවන්න”
වෙනත් ප්‍රවීණ කවීන් භාවිත කළ වචන ඒ අයුරින්ම නව කවීන් විසින්ද භාවිත කරනු පෙනේ. එලෙසින්ම කාව්‍යාත්මක බව නිර්මාණාත්මක භාෂාව ගිලිහී යාමක්ද දක්නට ඇත. මෙය විශේෂයෙන්ම සිදුවන්නේ පවත්නා දේශපාලනය ප්‍රශ්න කිරීමේදීය. එයිනුදු විශේෂකර පුවත්පත්වල පළ වන කවි වලය. පුවත්පත් කවිවල ඉංගිරිසි වදන් ලිවීම පමණක් නොව ඒවා  ඉංගිරිසියෙන්ම ලිවීමක්ද දක්නට ලැබේ. පුවත්පත් කවියට “දුයිෂෙන්”, “නොරිකො”, “දේවෙන්දොරා සං” “අප්පච්චිගේ කුඹුරුයාය”, “අම්මා කඩයප්පන් තම්බනවා” යනාදියෙන් තවමත් මිදෙන්නට නොහැකි වී තිබේ. ‘වබේ අඩවිවල පළවන ‘රැඩිකල්’ යැයි කියන කවි දෙස බැලූ විට ඇසිය යුත්තේ ඒවා පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද ? කුමන දේශපාලනයක් වෙනුවෙන්ද? කවුරු බලයට පත් කරන්නටද? යන්නයි. ඒවා මගින් ඊනියා “අරාබි වසන්තයක්” මෙහිද පතා සිටින්නේ නම් ඊනියා “අරාබි වසන්තය” කා උදෙසා වීද යනුවෙන් සලකා බැලිය යුතු බවයි.
අද බොහෝ දෙනා නවකතා ගැන කීමේදී සංස්කරණය ගැන කියතත් කවිය සංස්කරණය විය යුතු බවත් කියන්නේ නැත. අප විසින් මෑතකදී කියැවූ ලිපියකට අනුව ඩාන්ටේ නමැති කවියාගේ පිහිටට පැමිණ ඇත්තේ වර්ජිල් නමැති කවියාය.
එහි කියා ඇත්තේ සෑම කවියෙකුටම වර්ජිල් කෙනෙකු සිටිය යුතු බවයි. වර්ඩ්ස්වර්ත්ට කොලරිජ් සිටි බවද, ටෙනිසන්ට ආතර් හලම් සිටි බවද, එඩ්වර්ඩ් තෝමස්ට රොබට් ෆේ‍රාස්ට් සිටි බවද කියන එය හොඳම උදාහරණය වශයෙන් දක්වන්නේ, එස්රා පවුන්ඩ්, ටී.එස්. එලියට් ගේ “ද වේස්ට් ලෑන්ඩ්” නමැති කෘතිය සංස්කරණය කළ බවත්, එහි අත්පිටපත සුරක්ෂිතව ඇති බවත්ය. මෙම කාරණයේදී “සාහිත්‍ය අධ්‍යයන කවය”ට නව කවීන්ට උපකාරි විය හැකි බව පවසා සිටින්නේ එය “සාහිත්‍ය අධ්‍යයන කවයේ” අරමුණක්ද, ප්‍රධාන කටයුත්තක්ද වන හෙයිනි.
සාහිත්‍ය අධ්‍යයන කවය” මගින් 2012 ජනවාරි මස 26 වැනි දින පවත්වන ලද, “වර්තමාන කවිය කොයිබටද ?” නම් සම්මන්ත්‍රණයේදී කරන ලද මුලසුනේ කතාව ඇසුරිනි.

[I]සේන තෝරදෙනිය[/I]

Friday, November 18, 2011

මේස් හිල් උනේ සපත්තුව හිල් වෙලා නිසා


teamhagkulls.wordpress.com


කාලයක් තිබුන, එකම කමිසෙ දවස් තුනක් අඳින, කලිසම කිලුටුවෙනකම් අඳින, මේස් කුට්ටම දවස් පහම දාන අතර ඒ එකම කුට්ටම හිල්වෙනකම්ම දානව. ඒ වගේම සමහර වෙලාවට  මේස් හිල උනේ සපත්තුව හිල් වෙලා නිසා. (දැන් කොල්ලො දාන සමහර සපත්තුවල හොට කොතරම් දිගද කියනව නම් මුහුනෙ ඇනෙයිද කියලත් හිතෙනව)


සමහර වෙලාවට මේස්වල 'කට' හොඳටම පලල් වීම නිසා කකුලෙ හිටින්නෙ නෑ. එය උඩින් නවත්ත ගන්න රබර් පටියක් දාල එය වැහෙන්න වාටිය නවනව. හවස ගෙදර ඇවිල්ල සපත්තු ගලවන කොට සිකුරාද වගේ වෙනකොට නාහෙ වහගෙන තමයි ගලවන්නෙ. මේස් ගැලෙව්වහම රතුපාටට පාර හිටල.


අපේ ස්ත්‍රී පාර්ශවයේ මීට සමාන්තර තොරතුරු ගැන අවබෝධය අඩුය.


දැන් එය වෙනස්වෙලා, මේස් කුට්ටම කමිසෙ කලිසම එක දවසයි අඳින්නෙ. සපත්තු හිල් වෙනකම් දානව කියල දෙයක් නෑ. අලුත් මොස්තරයක් එනකම් විතරයි. කිසිලි  යට ස්ප්‍රේ, මුහුනට ක්‍රීම් කෙස් වලට පාට, ක්‍රීම් හෝ ජෙල්, සමහරුන් නිතිපතා ෆේසියල්- පිරිමි පවා.


මගෙ යාලුවෙකුගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට හොරෙන් ටියුෂන් දීල මට ගාස්තුව විදියට ලැබුනෙ මගේ මිත්‍රයගෙ මාම ඔස්ට්‍රේලියාවෙන් එවපු එයාට අඳින්න බැරි දිග කලිසමක්. ඒක මට ගානට තිබුන. එය දුඹුරු- චොකලට් පාට හොඳ මැටීරියල් එකෙකකින් නිමවපු එකක්, ඒ කලිසමත් මම ඉරෙනකම් ඇන්ද. අනෙක් මං ඉරෙනකම් ඇන්ද කලිසම තමයි ජිල්-මයුර ගාමන්ට් එකේ නිපැයුමක් වු ක්‍රීම්/ සුදු පාට කලිසම. ( හැබෑටම ජිල්- මයුරට මක් උනාද? ඒ ගොල්ලො සේවකයන්ට හොඳට සැලකුව කියල මං අහල තියෙනව.)


ඒ වගේම තාමත් ඉන්නව එකම සරම හෝදල වනල වේලෙන කම් හෙලුවෙන් ඉන්න අය. ලියන්න මොනවත්ම දෙයක් නැති උනාම මට හිතෙනව මාත් අර එකම සරම හෝදල වනල වේලෙනකම්  බලාගෙන ඉන්න කෙනෙක් වගේ කියල.

Wednesday, November 16, 2011

දැන්ම නොපායනු මැන හිරු...(නිකා)



කඳුලින් උපන්
තවත් පුංචි කුමාරියක්
නොමේරූ- අව්‍යාජත්වය,
දියඇල්ලක් සේ කඩා හැලෙන තාරුණ්‍යය....
ලස්සන මුදු දිගු අතැඟිලි....
මුහුණට වැටෙන කෙහෙරැල් නැවත නැවත සකසමින්....

මට නැතිවෙන්න තවත් මොනවද තියෙන්නෙ
මට තිබුනු එකම වස්තුව හොරාගෙන
මැරෙන වෙලාවට මැරෙයි,
මම කතා කරන්න බය වෙන්නෙ කුමටද?
..........        ......    ...........

ළමෙක් හදන්න ගමක් ඕනෙ නම්,
නායකයෙක් හදන්න රටකුත් මදි.
ඔබ කිව්ව හරි,
පැරචුට්වලින් බැස්ස වගේ නායකයො
හදන්න බෑ.
නායකයො හදන්නෙ ; යුගයන් විසින්!
ගමක්, නගරයක්, රටක්, ලෝකය විසින් !


ඒ වගේම මතක තබාගත යුතු දෙයක් තමයි
ඔබ ඉන්න පලාත එන්න  එන්නම තදබදේ වැඩි උනා මිසක්ක සැලසුමක් ඇතිව කිසිම දෙයක් උනේ නෑ.
තරුනයන්ට සෙල්ලම් කරන්න තිබුනු සෙල්ලම් පිටි වසාගෙන  වැරහැලි බඳු කඩකාමර
ඉදි උනා, ( මේවා දුන්නේ දේශපාලන හෙන්චයිලට-).

තරුනයන්ට සිය කාලය සෞඛ්ය සම්පන්නව ගෙවා දමන්න තිබුනු අවස්තා නැති උනා,
 උන් නොමනා දේවලට යොමු උනා,
'වෙලඳන් නොදන්න' වෙලඳුන් මේවායෙ වෙලඳාමක් නොතිබීම හේතුවෙන්  ඉච්ඡාබංගත්වයට පත් උනා.
පොදුවේ රටේ ජීවන වියදම රැකියා සැපයුම මේ සියලු දේ සාමාන්ය මිනිහට හරහට හිටියා.
රස්සා ටික දුන්නේ  දේශපාලන හිතවතුන්ට.
දේශපාලකයන්ට අවශ්ය පාතාලයට අමුද්‍රව්‍ය සැපයුනේ එහෙමයි.

වාසු අන්කලුයි(වාසු සීය, අන්කල් කිව්ව කියල තරහ ගනීද මන්ද)
විපක්ශේ අයයි විතරලු! දැන් කතාකරන්නෙ,
පියාණෝ හරියට විපක්ශෙ හිටියාක් මෙනි!
ඇයි?
 ඒ අයට නැතිවෙන්න ගොඩක් දේවල් තියෙනවලු!
ඔබට නැති වෙන්න දෙයක් නැති වුවද,
මතක තබාගනු මැනවි,
දිනා ගන්න ලෝකයක් තියෙනව.
----------------------------------------

ඔබ තව දැන ගත යුතු දේ බොහෝ දේ තිබේ. ඔබ ඉන්නා ප්‍රදේශයේනි මේ වසරේ හොඳම නවකතාව ලියු ලේඛකයා බිහිවූයේ, හොඳම ලොකුම පොත් ප්‍රකාශකයා සිටින්නේද එහිය. ධර්මසිරි ගමගේ, කුමාර කරුනාරත්න, හේමපාල ගාල්ලගේ, පනීභාරත, ඊ ඩබ් අධිකාරම්, ජේ ආර් ජයවර්ධන, සිරි අයියා, අසම සම ධර්ම කථික කොටිකාවත්තේ සධ්දාතිස්ස බිහිඋනේ ඔබ ජීවත්වන ප්‍රදේශයෙනි.
මඳක් අතීතයට යන්නේ නම් රාජසිංහ රජු, තොටගමුවේ රාහුල ජීවත් වූයේ හා සැලලිහිනිය ලියවෙන්නේ ඔබ ඉන්නා ප්‍රදේසය ආශ්‍රිතවය. ඔබ සිතනා පරිදි ඔබ ප්‍රදේශය දුප්පත් ප්‍රදේශයක් නොවේ.

----------------------
15/9/12


I’m not afraid to speak the truth - Hirunika Premachandra

E-mailPrint
Hirunika Premachandra didn’t mince her words when she spoke to the  about her recent appearance at a UPFA rally which created doubts among sections of the public about her political ambitions and aspiration and much more. Following are excerpts of the interview which can be viewed in full on Dailymirroronline.lk





By Hafeel Farisz

Q:There were many “pretty faces” that spoke on different issues with the same venom that you have in the recent past like for instance Anarkalee, Upeksha, Malini Fonseka etc. What makes you different from the rest?
Do you have anything beyond a “pretty face”?


All of them are actresses and I’m different from them. My main issue is to speak on behalf of my father and three people who were killed with him. I represent everyone who have been killing in this manner. How I differ from the above is that they have come into politics on the popularity that they have earned through their performance. The reason that jolted me into the limelight was the death of my father. I had no popularity before that. Also clearly I have set principles and a political vision; I have studied and also have a political background. That I believe is how I differ.


Q:On what basis did you first join the UPFA stage and urge a the people to join the government.
Before I answer this question I believe it is only right that I go back in history and remind you certain facts because a lot of people don’t seem to comprehend the historical context. My father got involved in politics in 1979 and was an ardent supporter of Vijaya Kumarathunga. It was with him that my father formed the Sri Lanka Mahajana Party. At the time it was the most popular party in the country. Then my father was elected to Parliament and joined the SLFP again on the invitation of President Chandrika Bandaranaike.

Basically he was a leftist all along. He never moved from left to right but from left to left. My father faced a lot of obstacles and challenges to get a party that he represented into government. Personally, I also have leftist ideas, but if you look at any of my interviews I have never said that I would join the opposition or called for a common opposition. My father also faced a lot of injustice within the party but he never left it.

 I became a member of the SLMP a few months ago. It is a constituent party of this coalition. I don’t think many people know that. What I have told the people all along is that I’m a leftist and never have I said that I would join the UNP, JVP or Mr. Fonseka’s party.

The fact that I shouted a lot after my father was killed must have raised many eyebrows. I don’t think this case would have gone this far if I didn’t. I have never said that I was against this government, but I’m against certain personalities who were a part of it. I’m against Duminda Silva because he is a person who joined the government for his personal benefit and didn’t respect seniors of our party.

Many of the seniors were saddened by my father’s death but they can’t speak out. What I have to say is that I have always been a part of this government as a member of the SLMP. But I am independent and will always speak out against injustice. I will continue to be a part of this coalition and try to steer it in the right direction. That is what my father did and I will continue to do so.


Q: When you say you are against personalities within the government don’t you think these personalities are from the same government that you stand by, hence, what is the rationale behind still being part of it?
Yes true, it is them who make the government. It is clear that this government has its failures. The problem is that many don’t speak out against them. My father spoke about the failures and at the end of the day he was killed. I will also speak against this. There is nothing that is perfect but I will continue to be a part of it and try and steer it in the right way. None of this would have happened if the government gave nominations after doing a comprehensive background check on the potential candidates. The rationale is that if there is waste on the floor and I have only that place to keep my feet on, I have to remove that waste by remaining there. I can’t move to some other place and remove that waste.




Q: Do you believe that after your father’s death members of this government sided one party?
Yes I believe that they did. I’m not afraid to speak the truth. A lot of people would tell you that my father didn’t have the power of money. What he had was the power of the people. The people were always with him. These are the people who tell me that my father’s death was planned and some others say that it wasn’t so. I wasn’t there but what I know is that my father was killed and Duminda Silva was there together with drug lords and underworld figures. The fact of the matter is that the main suspect of this killing is still a freeman and I think most definitely there is an invisible hand behind that. I don’t know who it is or what it is but I know that if this was the other way around my father would have been jailed. I will continue to seek justice from courts because there is nothing else I can do.


Q: Well, I’m yet to understand the basis of your support for the government after admitting these things?
My father went through a lot to bring his party to what it is. He faced a lot of injustice within the party when he was living and I used to ask him why he wouldn’t leave it.
He told me that he had principles and that  the few of them could stake the biggest claim to the party because they went through many a hardship to bring it to the level that it is. You can’t bring up a child and then throw it away. That is my stance as well. I believe that I have a claim to this government as much as anyone else and I don’t have to leave it. I will fight for justice from within. I have lost my father and there is nothing else for me to lose so I will continue to shout. Why  should I be the one leaving the government that my father toiled to bring into power? It is not me who should leave but the others.


Q: Didn’t you understand the public gallery’s claim that your only fight was the fight for justice for your father’s death? Now hasn’t all of this taken a different turn? What is your political ambition?
Yes, I have to clear this out. I don’t intend to enter politics exhibiting the body of my slain father. My entrance was hurried because of the death of my father but I always wanted to do politics. That is why I studied law and studied political science for A/levels.




Q: You mother is now a presidential advisor, isn’t this something that will satisfy you all?

My mother is a Presidential coordinator and I don’t think that she has ever gone to office. The reason this post was given to her was to help us keep this house and the vehicle that was given to my father.  We are still building our house in Kolonnawa. That is the reason behind this appointment.


Q: What do you think about President Mahinda Rajapaksa?
I don’t know him as the President. I know him as Mahinda uncle who was like a brother to my father. He was very close to all of us. He was in and out of our house and has been with us through good times and bad. Our families associated with each other as one. But as a citizen of this country I’m honestly not very happy with certain things that are happening. There are problems in the education sector, the health sector and others.


Q: What are your views on Defence Secretary Gotabaya Rajapaksa?
I believe he played a vital role in eradicating terrorism from this country, just like every citizen of our country believed. But after the death of my father, people told me different things and that’s the stance I take now.


Q: Your views on the former Army Commander Sarath Fonseka?
I think what happened to him was clear injustice. I believe that he was a very good commander of the Army. However, at certain times I think he fell victim to traps laid by politicians. I think he did politics from his heart but I understand that it was difficult to do politics that way.  I hope now he understands his faults. Having said that I must make it clear that I won’t ever join him in his political endeavours or be a part of the joint opposition.


Q: Do you approve of the way your father did politics?
Like I told you before my father did politics from his heart. His style of politics suited Kolonnawa because it is different from any other place in this country. We had an open house where any man could walk in at anytime. But I can’t do that because I’m a woman.


Q: That wasn’t my question. People believe that your father was a ‘Chandiya.”Do you approve of that style?
I don’t regret him being that nor I am  ashamed of it. My father never trampled the poor and showed his might. He was always on the poor man’s side and if he ever felt there was injustice he would intervene. That is the way politics had to be done in Kolonnawa. We aren’t a very rich family, we grew up in a middle class environment andmy father never gave us a luxurious life just because he was a politician. I think is it because of this upbringing that we are able to face everything that is happening to us now.


Q: Do you believe that justice would prevail in the issue of your father?
I know what the end of all this would be. But since it’s before courts I can’t say anything about it. There are various stories that have been said about the main suspect. His parliamentary term has been continuously extended. But he can’t hide all his life and will have to return to this country at some point. When he does arrive the law requires that he be arrested. And if he isn’t arrested I think the real fight will begin then.
Pics by Kithsiri de Mel





 Views : 207
SocialTwist Tell-a-Friend


Add comment

Comments will be edited (grammar, spelling and slang) and authorized at the discretion of Daily Mirror online. The website also has the right not to publish selected comments.

 
 
1000symbols left

 

Parliamentarians beat Veddah cricket team
Foreign Prof. & Doctor ordained as Bhikkunis
Protest by University students
Honouring a champion
Parliamentarians beat Veddah cricket team
Foreign Prof. & Doctor ordained as Bhikkunis
Protest by University students
Honouring a champion

What