Followers

Monday, January 30, 2012

දරුවන් ජීවිතය වටහාගන්නා විට... ජනවාරි 30 වෙනි සදුදා, 22: පරිවර්තනය - පූර්ණිමා වික්‍රමරත්න Lakbima වැදුම්: 100


අද පුවත් පතක තිබිල කියවපු පහත අමුණා ඇති ලිපිය ගැන මොකවත් නොකර බැරි තරමට සතුට ඉහිලුම් නැතිව ගියා ඒකයි මෙය පෝස්ට් කරන්න හිතුවේ.





දරුවන්,
ජීවිතයෙහි සැබෑ පී්‍රතිය රඳා පවතින්නේ යම් පුද්ගලයෙක් සතු දේ මත නොව, එම පුද්ගලයාගේ ස්වභාවය මත බව,
වටහා ගන්නා විට...
ඔවුන්,
අත්පත් කරගැනීම හාදඬුවම් කිරීමට වඩා, පරිත්‍යාග කිරීමෙන් හා සමාව දීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලැබෙන බව,
වටහා ගන්නා විට...
ඔවුන්,
දුක්පීඩා දුරුවී සැනසීම උදාවන්නේ ආත්ම අනුකම්පාවෙන් නොව, අභ්‍යන්තර චිත්ත ධෛර්යයෙන් හා ආධ්‍යාත්මික ශක්තියෙන් පීඩාවන් මැඩපැවැත්වීමෙන් බව,
වටහාගන්නා විට...
ඔවුන්,
ඔවුන් අවට ඇති බාහිර ලෝකය තම තමන්ට රිසිසේ පාලනය කළ නොහැකි වුවද, තම තමන්ගේ ජීවිතයන්හි පාලකයන් තමන්ම බව,
වටහාගන්නා විට...
ඔවුන්,
අන්‍යයන් සමග තම බැඳීම් වැඩි දියුණු කරගත හැක්කේ, තමන්ට වඩා මිත්‍රත්වයද, උඩඟු බවට වඩා නිහතමානීකමද, උපදේශනයට වඩා සවන්දීමද, අගයකොට සැලකීමෙන් බව,
වටහාගන්නා විට...
ඔවුන්,
තමන් චකිතයට පත් කරවන සුළු ශාරීරික අසාමාන්‍යතාවයන් හේතුවෙන් පුද්ගලයන්
පිළිකුල් නොකළ යුතු බවද, මානසික හා වාචික වශයෙන් පිළිකුල් හා ද්වේෂ සහගත මිනිසුන්ගෙන් ඈත්ව, ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බව,
වටහා ගන්නා විට...
ඔවුන්,
සැබෑ සොම්නසක් ලැබිය හැක්කේ අන්‍යයන් ඉහළට ඔසවා තැබිමෙන් විනා, තවකෙකු පහත් ලෙස පහළට ඇද දමා තමන් ඉහළ නැගීමෙන් නොවන බව
වටහා ගන්නා විට...
ඔවුන්,
අන්‍යයන්ගෙන් ලැබෙන ප්‍රශංසාවන් ඇතැම් විට නොමග යවන සුළු ඉචිඡා බස් දෙඩීම් වුවද, ඒවා සිය ආත්මගරුත්වයට නොගැළපේ නම්, ඒවා නිරර්ථක බව,
වටහා ගන්නා විට...


ඔවුන්,
ජීවිතයේ සැබෑ වටිනාකම මනිනු ලබන්නේ වස්තු සම්භාරයන් රැස්කිරීමට ගත කළ වසර ගණනින් නොව, තමාගේ ඥාන සම්භාරය අන්‍යයන් හා බෙදාගැනීමෙන්, අන්‍යයන්ගේ ජීවිත තුළ බලා‍පොරොත්තු ඇති කරලීමෙන්, තවකෙකුගේ කඳුළු පිසදැමීමෙන් හා තවකෙකුගේ හදවත ස්පර්ශ කිරීමෙන් බව,
වටහා ගන්නා විට...
ඔවුන්,
පුද්ගලයකුගේ සැබෑ සුන්දරත්වය දැකිය හැක්කේ දෑසින් නොව හදවතින් බවද, ජීවිත ගමනේදී මුහුණ දිය යුතු දුෂ්කරතාවයන් හා කාලය විසින් පුද්ගලයෙකුගේ බාහිර රූපකාය පිරිහීමට ලක් කළද, එම දුක්පීඩා මගින් පුද්ගලයකුගේ චරිතය හා ඔහුගේ ජීවිතය
පිළිබඳවූ දර්ශනය උසස් හා පරිපූර්ණ කරන බව,
වටහා ගන්නා විට...
ඔවුන්,
සෑම අයෙක් සතුවම යහපත් සේම අයහපත් ගුණාංගද ඇති බව වටහා ගනිමින්, අන්‍යයන් විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමේ වැදගත්කමද, පුද්ගලයකු තුළින් යහපත් හෝ අයහපත් ගුණාංග මතුවීම රඳාපවතින්නේ අන්‍යයන් ඔහුට ලබාදෙන කායික, මානසික හෝ වාචික උදවු උපකාර මත හෝ ඔහුට එල්ල කරන පීඩාවන් මත බව,
වටහා ගන්නා විට...
ඔවුන්,
සෑම පුද්ගලයකුටම ලැබි ඇති අගනා තිළිණය, ඔවුන් එකිනෙකා තම තමන්ට ආවේණික ගුණාංගවලින් සමන්විත, අසහාය ඒකකයන් වීම බවද, ජීවිතයෙහි සැබෑ අරමුණ වන්නේ එම තිළිණය තම තමන්ගේ උපරිම මට්ටමින් අන්‍යයන් හා බෙදාගැනීමද බව,
වටහා ගන්නා විට...
දරුවන්,
ඉහත ආදර්ශයන් මනාව වටහා ගනිමින්, ඒවා ජීවත්වීමෙහි කලාවේදී ප්‍රායෝගිකව යොදවන විට, ඔවුන් තවදුරටත් දරුවන් නොව, ඔවුන් අවට සුවහසක් ජීවිතයන්ට යහපතක්ම උදාකරන්නාවූ ආශීර්වාද ලද්දක් සහ සමස්ත ලෝකයාටම වටිනා අනුරූපයන් වනු ඇත.

2 comments:

  1. mewa nam siya dahas warayak aththa saho,eth samaharu miya yana thuruth mewain kihipayak wath wataha noganima,kriyawata noyedima kanagatuwata karunak.

    sthuthiy obata.... (Him)

    ReplyDelete
  2. සාමාන්‍ය ජනයා අනුගමනය කරන්නේ පාලකයන්ගේ සංස්කෘතියයි. පාලකයා ප්‍රතිපත්තිවලට ගරු නොකරන්නේ නම් සාමාන්‍ය ජනයාගෙන් ඒවා බලාපොරොත්තු විය නොහැකියි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්