Followers

Sunday, January 1, 2012

ගිණි අවි සහ ගිණි කෙලි



http://blakeflannery.hubpages.com/hub/Free-Pictures-on-Hubpages
සිරි ලංකාවේ ගිණි කෙලි අන් දේශ දීපංකරවල වගේ අවුරුද්ද අන්තිමට ඒ කියන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදට සීමා වෙන්නෙ නෑ, වසරාවසානය වෙනකම් බලාගෙන ඉන්න වෙන්නෙත් නෑ. හැමදාම මොකක් හරි ගිණිකෙලියක් ගැන මල කෙලියක් ගැන අහන්න තරම් අපි වාසනාවන්තයි?

ඉතින් මේ ගිණි කෙලි වලට හා ගිණි අවි භාවිතයට තිත තැබේවා යන්න මගේ ප්‍රථම අලුත් අවුරුදු ප්‍රාර්ථනයයි!
සාමයේ දොරවල් වසන ජනයාට වැරදි ආදර්ශ සපයන සංචාරක කර්මාන්තයේ වර්ධනයට තිත තබන අමනුස්ස දේශපාලකයින්ට අරලිය ගහ මැදුරේ දොර වැසේවා!


සංවර්ධනේ ගැන පුරසාරම් දෙඩුවට ලංකාවේ ආර්තිකය රතු අවදානම් තත්වයක ඇති බව අන්තර් ජාතික වාර්තාවක සඳහන් වීමක් ගැන පුවත් පත් වාර්තාවක් දුටුවා.
හොර ගනන් මිමි පෙන්වා ජනයා රවට්ටන නිලධාරී තන්ත්‍රයේ මැති ඇමති වරුන්ගේ බොරු එලි දරව් වේවා!

මැද පෙරදිග ගොස් අවදානම් රැකියාවල යෙදෙන අප මෑණිවරුන්ගේ සහෝදර සහෝදරියන්ගේ දුක් රට කරවන ඇත්තන්ගේ ඇස ගැසේවා!

අවුරුදු තිහක යුද්ධයෙන් විශේශයෙන් පීඩා විඳි දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී සාමයේ නියම මගට දොර ඇරේවා!

ජනපතිගේද 'අවංක' පැතුමක් වන ශක්තිමත්  විරුද්ධ පක්ශයක් බිහිවේවා!
සිර ගත වූ ජනරාල් තුමාට නිදහස ලැබේවා!

අපේ අලි සම්පත සත්ව හා වන සම්පත පරිසර සම්පත සුරැකේවා!
වෙඩිකා මැරෙන දුම්රියට අසුවී මැරෙන අලින් ගනන අඩුවේවා

ලක්ශ තුනක වූ උසස් පෙල හැදෑරූ සිසු සිසුවියන්ගේ විභාග ප්‍රතිපල ප්‍රශ්නය විසඳේවා!
තරුණ ජනයා තුල අවිශ්වාසය ඉච්ඡාබංගත්වය, නිදහස් අද්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ සැක ඇතිකිරීමට ගත් මේ උත්සහය පරාජය වේවා!

ක්‍රිකට් ක්‍රීඩාවේ පාලක කමිටුවට ක්‍රීඩා ලැදි සත්පුරුශයින් පත් වේවා!
දකුණු අප්‍රිකාවෙන් ලැබූ ජයග්‍රහණය දිගටම පවත්වාගෙන යන්නට ලැබේවා!

සිනමා හා කලාවේ උන්නතිය සැලසේවා!


වැඩි වැඩියෙන් සිංහල බ්ලොග් බිහිවේවා!
මේ වසරේද පැවත්වීමට නියමිත බ්ලොග් කරුවන්ගේ සාදය ජයටම පවත්වන්නට ලැබේවා!

ලැබුවා වූ 2012 වසර ලෝක විනාශ බොරු බේගල් වලට නොරැවටෙන, වාසනාවන්ත, ඥාණයෙන් පිරුණ, සමුර්දිමත් වසරක් වේවා!


10 comments:

  1. ඔය කිව්වේ මේ අවුරුද්ද ගැනද නැත්නම් මේ දශකය, සියවස හෝ මිලනියමය ගැනද?

    වසර 2112 දී හමුවෙලා බලමු කීයක් වෙලාද කියලා!

    ඊට කලින් 2022 දී හමුවෙලා බලමු ප්‍රගතිය.

    HYN2012-2U!

    ReplyDelete
  2. ඔව් 2022 දී ප්‍රගතිය බලමු. කීපයක්වත් මගේ ප්‍රාර්තනා ඉටු උනොත්..?

    කතන්දරටත් නව වසර කතන්දර ගලන ප්‍රීතිමත් වසරක් වේවා!

    ReplyDelete
  3. //බොරු බේගල් වලට නොරැවටෙන, වාසනාවන්ත, ඥාණයෙන් පිරුණ, සමුර්දිමත් වසරක් වේවා!//

    මගේ පැතුමත් ඒකමයි , ලංකාව විතරක් නෙවෙයි චීනයයි , ඉන්දියාවයි අවධානම් ගොඩේ තිබුන , ඒත් ලංකාවේ මහ බැංකු අධිපති තුමා ඒ ගැන දීපු උත්තරය දිහා බැලුවාම අන්තර්ජාතික වාර්ථා නැතත් ලංකාවේ ආර්ථිකය අනතුරේ බව හිතාගන්න පුලුවන්

    පලි- ඔහු කිවේ , ලංකාවේ ආර්ථික වර්ධන වේගය මෙච්චරයි ,ඒ නිසා අපිට අවධානමක් නැ , ඇයි කඩාවැටෙන යුරෝපයේ ආර්ථිකය ගැන කතා කරන්නේ නැත්තේ කියල (සුපුරුදු පරිදි දේශප්‍රේමී උත්තරයක් )

    ReplyDelete
  4. අලුත් අවුරුද්දට හොඳ ප්‍රාර්ථනා ටිකක්.

    ඒවා කොහොම උනත්, (ඉටුවෙන්ට කල්යන ඒවා හන්දා ) ඔයාගේ ජීවිතයේ වෙනස්කම් සිදුවෙන, තව, තවත් හරබර ලිපි ලියැවෙන, සුබ නව වසරක් වේවා කියලා පතනවා...:D

    ReplyDelete
  5. බුවා, මහ බැංකුවෙ ලොක්ක කියනව නම් අපි කොහොමද නෑ කියන්නේ, එයා ලඟනේ ඔක්කොම ගනන් මිමි තියෙන්නෙ. කොමන්වෙල්ත් තරඟෙ 2018දී ලංකාවට ගන්න ගුවන් යානයක් පුරෝල ගෙනියන්න එයා ලඟ මුදල් තිබුන, ඔස්ට්‍රේලියාවට මුදල් තිබුනෙ පස් දෙනෙක් ගෙනියන්න පමණයි. කවුද පෝසත්?

    ReplyDelete
  6. පොඩි කුමාරි හාමිනේ, ස්තූතියි ශුභ පැතුමට, ඔබ කියු පරිදි මගේ ජීවිතෙත් විසාල වෙනස් කම් ඇතිවීමට හා කඩයිම් කීපයක් පසු කිරීමට නියමිතයි.

    ReplyDelete
  7. ප්‍රාර්ථනා කරන්න ඕනෑ යමක් ඉෂ්ට වෙන්න නම් ... ඉෂ්ට නොවූවත් අරමුණක් තියෙන්න ඕනෑ ඒ ආසන්නයකට යා ගන්න වත් ... මමත් එකතු වෙන්නම් දයාල් බතීගේ පැතුම් ඉටු වේවා කියා පතන්න!

    ReplyDelete
  8. ස්තූතියි අරුණිට මේ ප්‍රාර්තනාවලට දායක වූවාට.
    මෙයින් එකක් හෝ ලඟදිම ඉටුවන බව විශ්වාසයි!
    කතන්දරගෙ 2022 කඩයිම වෙනකම් ඉන්න වෙන්නෙ නෑ.
    කිරි ගහට ඇන්න වගේ මං කියන්නෙ!

    ReplyDelete
  9. මේ කියලා තියෙන දේ වලින් බාගයක්වත් සිද්ද වුනොත් ලොකු වෙනසක් වේවි රටේ..

    ReplyDelete
  10. Roshan Herath
    හෙමින් හෙමින් හෝ මේවා ඉටුවෙන බව නම් විශ්වාසයි.
    කලෙකින් අප හමු උනේ!

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්