Followers

Sunday, January 8, 2012

රනිල්ගෙ ඩේලි මිරර් එක බාහුට පානා හුරතල්


Ranil Wickramasinghe

http://www.facebook.com/pages/Ranil-Wickramasinghe/113049832114487?sk=photos

රනිල්ගෙ වර්තමාන රංග භූමිකාවට  මාක්ස්වාදී සහතිකයක් දීල වගේ බාහු විසින්.

රනිල්ගෙ ඩේලි මිරර් පත්‍රයේ මාධ්‍ය වේදිනි ඩයනා සිල්වා 'බාහු 'ව පාණ්ඩුකම්බල සයිලාසනය මත හිඳුවා යටින් ගිනි ගොඩක් ගැහුව කීවොත් එච්චරම හරි නෑ. ඇයගේ ප්‍රශ්න අසන විලාසය බෝම විනීතයි, කන් කළුයි ඒ වගේම බුද්ධිමත්- සිත් කළුයි. ඇයගේ අපූරු, ව්‍යක්ත ඉංග්‍රීසි භාවිතයෙන් අපේ බාල පරපුරට ඉගෙන ගන්න බොහෝ දේ තියෙනව කියල හිතෙනව.

හොට් සීට් සම්මුඛ සාකච්ඡා වීඩියෝවට මෙතැනින් යන්න.

http://www.dailymirror.lk/video/15891-hot-seat-with-dr-vikramabahu-karunaratne.html

හොට් සීට් සම්මුඛ සාකච්ඡා ලිපියට මෙතැනින් යන්න.

http://www.dailymirror.lk/opinion/15905-present-state-of-governance-is-unstable-wickramabahu-.html

අද 2012, ජනවාරි 9 වෙනිදා,
2011 අගෝ 25 දා දයල් බතී මෙහෙම ලිපියක් පල කලා. (ඒ පෝස්ට් එක 177 දෙනෙක් කියවල තිබුණ.දයල් බතී ලියන දේශපාලන ලිපි කියවන සාමාන්‍ය ගණන ඒකයි.)

කලිසමට උඩින් සරම ඇඳීම සහ සරම ගලවා කලිසම පෙන්වීම-Metamorphosis and the Reverse
Metamorphosis-ලියුවේ 2011, Aug 25

ඒ ලිපියේ ප්‍රාතමික උවමනාව වූයේ 56 පෙරලියට නායකත්වය දුන් ජාතික ඇඳුමට රූපාන්තරණය වූ මහ බණ්ඩාරනායක අගමැතිගේ ජාතික ඇඳුමට රූපාන්තරණය වීම හා එයම කළ රාජපක්ශ ජනපතිට එය කණපිට හැරවීමටට දැන් පුලුවන් වේවිද යන මතෘකාව තරමක් අතපත ගාන්නටය.

ඒ වගේම ලෝකයේ දිගම සාකච්ඡාව ලෙස හැඳින්විය හැකි ලංකාවේ බල විභේදනය පිලිබඳ වට මේස සාකච්ඡාව නව වටයකින් ඇරඹී ඇති අතර එයට ජනපති රාජපක්ශගේ හා වත්මන් ආණ්ඩුවේ පූර්ණ සහයෝගය ලැබ ක්‍රියාත්මක කරන්නට නොලැබුනොත් කලිසම් කාරයින්ගේ නව පෙරමුණක් ඇතිවීමට ඉඩ ඇති බව කියන්නටයි මට ඕනෑ කලේ. ඒ ලිපිය ලියා මාස හයකින් පමණ පසුව ඒ බෙදීම් පෙනෙන්නට පටන් ගෙන ඇත, ඒත් පොඩි පොඩි වෙනස් කම් ඇතිව. මා ඒ ලිපිය ලියන විට ජවිපෙය කැඩී වෙන් වීමට නියමිතව තිබූ පාර්ශවයේ  ලක්ශණ මෙතරම් තදට එලියට පැමිණ තිබුනේ නැත. සෝමවංශගේ පාර්ශවයෙන් එයට එකතු වීමට නියමිත  කලිසම් කාරයෝ ටික ලෙස හඳුනාගත හැක්කේ කැරලි කාර කණ්ඩායමයි. ජාතික ඇඳුම්  පෙරමුණට එකතු වීමට නියමිත ලොක්කන්ගේ දැන් නම් ගම් කිව හැකි තත්වයක් උදාවී ඇත. කරූ, සජිත්, කණ්ඩායම යූ එන් පී යෙන්ද, තව කණ්ඩායමක් සංධානයෙන්ද, න්‍යායික නායකත්වය සපයන්නට ජවිපෙය ද එකතු වෙන ලක්ශ්ණ පෙන්නුම් කරයි.

ඒ වගේම වික්‍රමබාහුත් කලිසොන් කාරයින්ගේ පෙරමුණේ ප්‍රධාන භුමිකාවක් රඟන බව පසුගියදා රනිල්ගේ පත්තර ව්‍යාපාරයේන් ප්‍රසිද්ධ කරන ඩේලි මිරර් පුවත් පත කළ සාකච්ඡාවෙන් පෙනේ.

ජාතික ඇඳුම් උනා දමා ජනපති මහින්දත්, ජනරාල් ෆොන්සේකත් මේ කලිසම් කාරයින්ට එකතු නොවෙයි කියල කාටද කියන්න පුලුවන්, ටක්කෙටම.

ඒ මන්ද ලංකාවේ සුලුතරයකට ඇර මුලු ලෝකයම, (බටහිර, අමෙරිකාව, ඉන්දියාව,) දෙමළ ජනතාවට නීත්‍යනුකූලව තම භාශාවෙන් කටයුතු කිරීමට ඉඩදීම ආදී බලතල දීම අද දවසේ උවමනාව බව බලකර කියා සිටින බැවිනි. ලංකාවේ සංවර්දනයට හරහට තිබෙන මේ පොල්ල ඉවත් කර තරහ යන කට්ටියට බැඳගන්නට දීමට කාලය  පැමිණ ඇත.
(පොල්ල කිව්වම මතක් උනේ, 70-77, සිරිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝදී, මුග්ද ක්‍රියාකලාපයන් නිසා විසකුරු යූ එන් පී පාලනයට පාලනයට පාර කැපුණු අතර හාල් පොලු මිරිස් පොලු පරිප්පු එහි ප්‍රදාන වැඩ කටයුතු ඉශ්ඨ කළ  සාධක වී‍ය. ජේ ආර් විසින් ඒ පොලු ඉවත් කරන ලදි.)

මේ දිග හැරෙන සිද්ධි දාමය දෙතිස් අවුරුද්දකට පසුව සිදුවන තවත් ඉතිහාසයේ සරදමකි.

 ජේ ආර් මාමණ්ඩියගේ ගිනි පෙනෙල්ලෙන් බැට කෑ අසූවේ වර්ජන නායකයෙක් වන වික්‍රමබාහු, රනිල්  බෑනා ගේ කණාමැදිරි එලියට භය නැතිවීමයි එය.

අගමැති  බණ්ඩාරනායක- පියා කළ සමහර දේ නිවැරදි කරන්නට ඔහුගේ දුවනිය චන්ද්‍රිකා ජනපති උත්සහයක් කලත් සාර්තක වූයේ බෝම ටිකයි.

ජේ ආර් මාමණ්ඩිය කළ සමහර ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේ නිසා  මෙතරම් විසකුරු බවට පත් වූ ලාංකීය සමාජය රනිල්  බෑනාට රී-ධර්මිශ්ඨ-Re(verse) Dharmishta කරන්න ලැබේවිද?

බාහුගේ විශ්වාසය කලුවලා කුලේ රිදී රේඛාවද?

වි කො සෙ (සමානතා පක්ශය ) විජේ  ඩයස්,  ... බාහුගෙ පතුරු අරීවි!

2 comments:

  1. සරත් ෆොන්සේකට රෙද්ද බැනියම ගලවන එක කිසිම අපහසුවක් නැ , නිල ඇඳුමෙන් සරමටත්, එතනින් ජම්පරයටත් මාරු වුනු ෆොන්සේකා මහත්තයට සරම තවත් එක විලි වසා ගැනීමේ ආභරණයක් විතරයි . රාජපක්ෂ මහත්තයට රෙද්ද බැනියමත් සාටකයත් ගලවන්න ඊට අමාරුයි . සජිත් ?? කරු ??

    ReplyDelete
  2. මෙතාක් කාල් නම් සිදු උනේ කලිසම් කාරයෝත් ජාතික ඇඳුමට බැසීමය.
    .....
    මේ කඩයිම පසු කිරීමට
    මහින්ද රනිල් සරත් ත්‍රිත්වයේ එකතුව අත්‍යවශ්‍ය බවයි මගේ පුංචි මොලේට වැටහෙන්නෙ.
    ජාතික ප්‍රශ්නය සම්බන්දයෙන් මේ තුන් දෙනාම ඉන්නේ සමාන අදහස්වල.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්