Followers

Sunday, January 29, 2012

මොන බම්බුවකටද ඔච්චර දුර බලන්නෙ, බුද්ධ දර්ශනය හා විද්‍යාව කෙටියෙන්



ජිප්සීස් ගායක සුනිල් පෙරේරගෙ තියෙනව පොඩි දර්ශනයකුත්.
 ඒ අයගේ ගීත හා ප්‍රසංග කලාවට වගේම ඒකටත් මං කැමතියි.
හැබයි එහි හැංගිලා තියෙන දේශපාලන දර්ශනේට නම් නොවෙයි.

කාලෙකට පෙර නරඹන්න යෙදුන ඩෙස්මන්ඩ් ද සිල්වාගෙ  ප්‍රසංග වීඩියෝ පටයක තිබුන සුනිල් පෙරේරගෙ ජෝක් එකක් මතක් උනා


පොඩි දෙබසක්

ඩෙස්මන්ඩ් ගමනක් යාමට සැරසෙයි, සුනිල් ඔහු අසලට එයි.

සුනිල්-       තමුසෙ කොහෙද යන්න හදන්නේ

ඩෙස්මන්ඩ්-            ඇස් පරීක්ශා කරවගන්න

සුනිල්-                     මොකද්ද ප්‍රශ්නේ

ඩෙස්මන්ඩ්-                මට දුර පෙනෙන්නෙ නෑ

සුනිල්-                 මොනවා කිව්ව? ඉන්නව බලන්න පොඩ්ඩක්

                            තමුසෙට අර හඳ පේනවද

ඩෙස්මන්ඩ්-   ඔව්

සුනිල්-       තමුසෙට අර තරු පේනවද?

ඩෙස්මන්ඩ්-  ඔව්

සුනිල්-             එහෙනම් මොන බම්බුවටද ඕයි තමුසෙ ඇස් දොස්තර බලන්න යන්නේ
                          ඔයිට වැඩියෙ දුරක් කොහෙන්ද?
--------


සැරියුත් මහ රහතන් වහන්සේට ඉර්දි බලෙන් ඕනෑ තරම් දුර යන්න පුලුවන්. උන්වහන්සේ දිනක් බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කර සිටියා මේ විශ්වයේ කෙලවර කොතැනද කියලා, බුදු හාමුදුරුවොත් වදාලා ඕනාවට වඩා දුර බලන්න යන්න එපාය, මේ විශ්වයේ කෙලවරක් නෑ කියලා.

කිව්ව් නාහන තරුන සැරියුත් මහ රහතන් වහන්සේ එහි සත්‍ය තමන් විසින්ම පසක් කිරීම පිණිස විශ්වයේ කෙළවර සොයන්න ඉගිලුනා. ගියා ගියා ගියා දවස් ගානක් ගියා, එහෙත් බොහෝ වෙහෙස වී නැවත පොලවට වැඩියා.

ගිය සැප්තැමබරයේ භෞතික විද්‍යඥයයින් පිරිසක් විසින්, ආලෝකයට වඩා වේගයෙන් ගමන් කරන  'නුට්‍රිනෝ' නම්, පරමාණුව තුල කුඩා අංශුවක් සොයා ගැනීම අයින්ස්ටයින් වාදයන් බොරු කර ඇතැයි පැවසෙනවා. භෞතික විද්‍යාවේ මූලධර්ම නැවත මුල සිට ලියන්නට වෙලා.

මොකද අපිට 'දැනුනට පසුව තමයි , 'පෙනෙන්නේ'.
 මාර කේස් එක.

මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියන්නේ අතීතයට යෑම අත ලඟ බවය. ඉතින් බුදුන් දෙසූ දෑ බොරු දැයි ලඟදීම සොයා බැලීමට හැකිවනු ඇත.


http://www.guardian.co.uk/science/2011/nov/18/neutrinos-still-faster-than-light

17 comments:

  1. ස්පේස් ටුවර් එක ගියේ මුගලන් හාමුදුරුවො නේද ?

    ආතර් සී ක්ලාක් මහත්තයත් නිතර කියපු දෙයක් තමයි ආලෝකයේ වේගය ඉක්මවන්න පුලුවන්ය කියන එක

    ReplyDelete
  2. බුවා
    දෑගසවුවන්ගෙන් කෙනෙක් කියලා දැනට හිතමු.

    ReplyDelete
  3. විද්‍යාව කියන්නේ තර්කය මත පදනම්වූ දෙයක්. නව තර්කයකින් ගෙන එන, නොබිඳිය හැකි සාධක නිසා, පැරණි තර්කය බිඳ වැටෙනවා. නමුත් බෞද්ධ දර්ශනය යනු, කිසිදු ආකකාරයකින් නොබිඳෙන, චතුරාර්ය සත්‍යය නමැති පරම සත්‍යය පදනම් කොට ඉදිරිපත් වූවක්. ඒ වගේම සුනිල් පෙරේරා යනු 'ලොං හැලිච්ච සිංහයා' කියමින් කුප්‍රකට වේදිකා මත ගණිකාවන් විකුනන්නකු විනා ගායකයකු නොවේ.

    ReplyDelete
  4. ආගම් පොත් වල තියෙන කතා. හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ පොත් වලත් තියෙන්වා. විශ්වාස කරන්නත් අමාරුයි..

    ReplyDelete
  5. ඔය මුගලන් හාමුදුරුවන්ගේ කථාවේ ලොකු දෙයක් තියනවා. එතුමා එහෙම යනකොට අහුවෙනවා වේරම්භ වාතයට. එලියට එනු බැහැ. බුහුන් වහන්සේ මේක දැකලා එතුමාව බුද්ධානුභාවයෙන් බේරා ගත්තලු. පස්සේ මේ වේරම්භ වාතය ගැන බුදුන් වහන්සේ කියන කථාව නූතනයේ අපි කථා කරන කළු කුහර හා සමානයි කියලා මතයක් තියනවා.

    ReplyDelete
  6. කවදා හරි මුලු ලෝකෙටම ඉතුරු වෙන ආගම බුද්ධාගම වෙන එක වැඩි ඈතක නෙවේ ....

    ReplyDelete
  7. ඇනෝනිමස් මිත්‍රයා, ප්‍රශ්න කීපයකටම ඔබ පිලිතුරු සපයා ඇත, ස්තූතියි.

    ReplyDelete
  8. මාතලන්,පොඩ්ඩක් ඉවසන්න, අතීතයට යන යානය ලඟදීම එනවා, බලමු අතීතයේ කිවූ දෑවල සත්‍ය අසත්‍යතාව

    ReplyDelete
  9. මහ වෙදනා, පන්සල් හංදිය ස්තූතියි ඔබ දෙදෙනාටම

    ReplyDelete
  10. ඕක රෝහිතස්ස කියන දේව පුත්‍රයෙකු සම්බන්ධ කතාවක් නේද? මුගලන් රහතන්වහන්සේට දාල තියන්නෙ ජනප්‍රවාදයක් වෙන්නැති. කොහොම උණත් ඒක සෑහෙන්න ගැඹුරු අර්ථයක් තියන සූත්‍රයක්.

    ReplyDelete
  11. ඇනෝ එක්ක එකඟයි.

    @දයාල් බතී, මට මතක හැටියටත් ඒ මුගලන් හාමුදුරුවෝ තමයි.

    ReplyDelete
  12. විද්‍යාවෙ පදනම තර්කය ම විතරක් නෙවෙයි, අනික මේ කියන කතාව හබෑනං තල්ක කරල facebook, net, email රඑෙම නැති කරනුන පුලුවන් වෙන්න එපෑ.

    මේක ලස්සන ෆැෂන් එකක්. හබැයි එච්චර හොඳ ෆැෂන් එකක් නෙවෙයි.

    ReplyDelete
  13. පොඩි ගමයා, ජය ශ්‍රී, මේ නම් ගම් ගැන තව ටිකක් සොයා බැලිය යුතුයි;
    පුද්ගල නාම කෙසේ වෙතත් මෙය සිදු වී තිබෙනවා බෞද්ධ සාහිත්‍යයට අනුව, ස්තූතියි!

    ReplyDelete
  14. තනි අලියා, තව ටිකක් පැහැදිලි කලොත් ...!

    ReplyDelete
  15. අතීතයට යන්න පුලුවන් සිද්ධාන්තය ගැන කවෘ හරි ලිපි පෙලක් ලිව්වා බ්ලොග් වල..මට දැන් මතක නෑ කව්ද කියලා!

    ReplyDelete
  16. නම් ගම් මාරුවකට වඩා ධර්මානුකූල ප්‍රශ්නයක් තියන නිසයි මම කොමෙන්ටුව දැම්මෙ. රෝහිතස්ස දේව පුත්‍රයා රහත් කියල එකක් සූත්‍රයෙ කියවෙන්නෙ නෑ. රහතන්වහන්සේ නමක් බටහිර විද්‍යාඥයො කරන්නා වගේ දුවල දුවල විශ්වයේ කෙලවර හොයන්න හැදුවාය කියන එක ටිකක් අභව්‍යයි වගේ. ඒකයි මම හිතන්නෙ ඕක ජනප්‍රවාදයක් වෙන්නැති කියල.

    ReplyDelete
  17. මං කිව්වෙ.... නිරීක්ෂණ,.. පරීක්ෂණ, දත්ත විශ්ලේශණ, නිගමන,... නැවත නැවත කිරීම තුලින් තහවුරු කිරීම ect ect... අමු අමුවේම තර්කය නොවෙයි.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්