Followers

Tuesday, January 31, 2012

අවංක කම තවම මැරී නැත

ලක්ශ පහක් පාරක තිබී ඇහුලුවොත් එය පොලිසියට භාර දෙන මෝඩයා කවුද, කියල සියයට 99.9 ක් කීවත්...අනෙක් අතට සිතන මිනිසුන් තවම ලංකාවේ සිටී.
මේ මැණික පුවත් පතකින් අහුලා ගන්නා ලදි.


පුත්තලම ඩි‍පෝවේ අවංක සේවකයෙක්  ලක්ෂ 5ක රන්බඩු බෑගය හිමිකාරියට බාර දෙයි


ලක්ෂ 5ක වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් සහිතව අමතකව ගොස් තිබූ අත්බෑගයක් එහි හිමිකාරියට භාරදීමට බස් රථ කොන්දොස්තරවරයෙකු කටයුතු කර තිබේ.
පසුගිය 09 දින දහවල් කල්පිටිය සිට පුත්තලම හරහා කුරුණෑගල දක්වා ධාවනය වූ බස් රථයකින් පුත්තලම නගරයට පැමිණි විවාහක යුවලක් සතුව තිබූ අත්බෑගය අමතකව ගොස් තිබේ. එම අත්බෑගය බස් රථයේ තිබි පසුව හමු වී ඇති අතර කොන්දොස්තරවරයා විසින් එය තමා සේවය කරන පුත්තලම ලංගම ඩි‍පෝවට භාරදීමට කටයුතු කර ඇත.

අත්බෑගය නොමැති බව දැනගත් විවාහක යුවළ ඒ පිළිබඳව පුත්තලම ඩි‍පෝවෙන් විමසා ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 5ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා රුපියල් 1500/-ක මුදල් ද සමග අත්බෑගය යළි එහි හිමිකාරියට 9 දින පස්වරුවේ පුත්තලම ඩි‍පෝ කළමනාකරු එල්.පී. ස්වර්ණසිරි මහතා විසින් භාර දෙනු ලැබිය. මෙම අත්බෑගය ඩි‍පෝවට ලබා දී ඇත්තේ ආර්.එම්.ටී. උපාලි මහතා විසිනි.

Another similar story. 6/5/12, lakbima
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3554:----------22--&catid=71:movies&Itemid=414






9 comments:

  1. අහන්ටත් සතුටු පුවතක්. දැන් පත්තර හරියට කියවනවා වගේ නේද? :D

    ReplyDelete
  2. තාමත් ලංකාවේ දෙවිවරු වගේ මිනිස්සු ඉන්නවා කියලා අහන්නත් සන්තෝසයි...

    ReplyDelete
  3. ලංකාව තාමත් ඉතාම හොද රටක්. නමුත් වෙලාතියන්නේ උසස් පන්තිය පිළිබඳ ප්‍රශ්නයක්. මේකටත් හේතු තියනවා. මම ඔබගේ ලිපියට දමන කමෙන්ටුව මගේ ලිපියක් කර ගන්න උත්සාහ නොකර මෙහෙම කියන්නම් කෙටියෙන්. මිනිස්සු සල්ලි පස්සෙම යන සමාජයක් හැදුන පසුකාලීනව. නමුත් පැහැදිලි බහුතරය අවංක මිනිසුන්. මේ ස්වල්ප දෙනා අයත් වෙන්නේ අපි අර ලූම්පන් කියන කොටසට. ඕනෙම දහජරා වැඩක් කරලා සල්ලි හොයලා ඉහලට ඇවිත් ඒ ක්‍රමය නියම ක්‍රමය බව පෙන්නගෙන සමාජයට වැරදි ආදර්ශයක් ගෙනිහින් තියනවා. අනික් කාරනය මේ අය මුදල් සමගම බලයත් අතට අරන් තියනවා. එතකොට වෙන දේ හිතා ගන්න හැකිනෙ. නමුත් අති බහුතරය මේ කිසිවකට අකමැති නිහඬ නිදහස් උගත් ජනතාව.

    ReplyDelete
  4. පොඩි කුමාරිහාමිනේ, පත්තර නම් කවදත් කියවනවා, ප්‍රමුකත්වය, අවධානය වෙනස් වෙනවා.

    ReplyDelete
  5. අසංක,
    උපාලි වගේ මිනිසුන් තමන්ව දෙවියෙක් වගේ කියල හඳුන්වනවට කැමති වෙයි කියල මං හිතන්නේ නෑ.

    ReplyDelete
  6. වෙද ගෙදර මහ වෙදනා
    ඔබ කවදත් අප පැත්තේ ඉඳන් අප කෙරෙහි සානුකම්පිකව බලන හැටි ලස්සනයි

    ReplyDelete
  7. ඇත්තටම සම්මානයක් දෙන්න වටින මිනිහෙක්. හෝදාපාළුවන් අතර සිටින වටිනා මිනිසෙක්.

    ReplyDelete
  8. nihal gurusinghe,
    අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්, සම්මාන දීල හොඳ මිනිස්සුත් නරක් කරනවා, (අප දන්නවා ඔබ එහෙම අදහස් කරන්නේ නෑ)

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්