Followers

Wednesday, February 1, 2012

ජාතික ප්‍රශ්නය නැවතත් පලමුවෙනි කොටුවට



http://www.lakbima.lk/new_site/

ජාතික ප්‍රශ්නය විසඳන්න පත්කෙරුනු පාර්ලිමේන්තු කොමිටිය උනන්දුවක් නැති නිසා ජනපති මහින්දට සිදුවෙනව සර්වපාක්ශික සමුලුවක් නැවත කැඳවන්න.

1983 ජේ ආර් තුමා ජාතික ප්‍රශ්නය විසඳන්න පටන් ගත්ත තැනටම අවුරුදු 30කින් පසුව වත්මන් ජනපති තුමාටත් යන්න වෙලා.

ගුණදාස අමරසේකර ශූරීන් නැවතත් ඔහුගේ මල සොහොන් ඇඬියාව පටන් අරගෙන. ඊලාම්, ඊලාම්, ඊලාම්

රාවය පුවත් පත සමඟ සාකච්චාවකට සහභාගීවෙමින් ඉතිහාහය දන්නා පුද්ගලයෙක් හැටියට ජැක්සන් ඇන්තනී නොහොත් ජැකා කියල තිබෙනව ඉතා ඈත අතීතයේ පටන් දෙමල ජනයා ලංකාවේ රාජ්‍ය බලයට සහභාගී වෙලා තියෙනව කියල.

සමාවෙන්න ඕනෙ, ජැකාගෙ නම කිව්ව්මත් තරහ යන අය ඉන්න පුලුවන්. ඒත් මිනිහ කියන දේවල් දිහා විවෘතව බලන අයත් ඉන්නව. මිනිහත් හරි සල්ලි කාරයෙක් නෙ කෙරුම් කාරයෙක් නෙ දැන්..


ජනපති මහින්ද යුද්දෙ දිනන්න, රාජ්‍ය ශක්තිමත්  කරන විදිය දැනගෙන හිටිය. සෝමවන්ශල, විමල්ල, චම්පිකල, කරූල, නිලමෙල, ඔක්කොම යාප්පුවෙන් තියාගෙන, ගුනදාසලාගෙ, අපෙ සාසනයේ ආතල් එක, කඩන්නෙ නැතුව.

අනිවාර්‍යයෙන්ම දෙමල ජනයාගේ ප්‍රශ්නෙ විසඳන හැටිත් එතුමාගේ මල්ලෙ තියෙන්න ඕනෙ, කාගෙවත් ආතල් එක කඩන්නෙ නැතුව.

දෙමල ජනයාටත් පොඩි ආතල් එකක් ඕනනේ ඒ මිනිස්සුත් දුක් වින්ඳ මදෑ.


ඕන ලොකුම කෙරුම් කාරය ඔබතුමාගේ හයියට ඉන්නව, අතිගරු රනිල් වික්‍රමසිංහ!

වික්ටර් අයිවන්ගෙ ප්‍රතිසංස්කරන නැමති සංගායනාවටත් අපේ කතිරෙ..

අපේ හබන් කුකුලෝ සංචාරකයින් මරන කර්මාන්තය  නංවන කල ඊලාම් මල සොහොන්  ඇඬියාවල් අඬන කල, දකුනේ අපේ මිනිසුන් යාපනේ ගොස් කාබී බිල් නොගෙවා හිටපු තැන්වල කක්කා ගා එන කල(බිල තියා එන කල) ජයලලිතා වැනි ඌරිච්චියනුත් මගුල් නටයි

----------------------
මෙයට අදාල කලින් ලියු ලිපියක්

ප්‍රභාකරන්, චන්ද්‍රිකා මග හැර ගිය සේ මහින්දත් අවස්තා මග හැර යයිද

http://dayal-bathee.blogspot.com.au/2011/03/blog-post.html


11 comments:

  1. @"1983 ජේ ආර් තුමා ජාතික ප්‍රශ්නය විසඳන්න පටන් ගත්ත තැනටම අවුරුදු 30කින් පසුව වත්මන් ජනපති තුමාටත් යන්න වෙලා".

    ඒත් වෙනස්කම් තියෙනවා.එකල ජේ.ආර් ට තර්ජනාංගුලිය ඔසවමින් තුන්ගොල්ලක් හිටියා.
    1.ඉන්දියාව
    2.අනෙකුත් ජාත්‍යන්තරය
    3.ප්‍රභල කොටි හමුදාව

    අද මහින්දට මෙයින් බලපාන්නේ 1 හා 2 පමණයි.

    ReplyDelete
  2. මගේ අතිපුද්ගලික (මේකට කවුරුත් එකඟ නැද්ද මන්ද?) අදහස නම්, මේ රටේ තියන ප්‍රශ්නෙ ජාති ප්‍රශ්නයක් නෙමෙයි. දෙමල මිනිස්සුන්ට තියන ප්‍රශ්න අපේ මිනිස්සුන්ටත් තියනවා. අපි මහජාතිය කියන මිත්‍යාවෙන් වැහිලා දෙමල මිනිහ ඒ මිනිහගේ ප්‍රශ්න විසදගන්න හදන ක්‍රම විනාශ කරනවා. ඒ නිසා තමයි දෙමල ජාතිය වෙනම රටක් කියන සංකල්පෙට යන්නේ. අවස්ථාවාදී දෙමල නායකයන්ට මේක නියම ටොපියක් වුනා. ඒ නිසා මහා විනාශයකට මේ හැම ජාතියක්ම මුහුන දුන්නා. හැබැයි මූලික ප්‍රශ්නෙ එතැනමයි. අපි දෙගොල්ලොම අසරණයි. ඒ නිසා අපි දෙගොල්ලන්ගෙම ප්‍රශ්න විසදගන්න ඕනෙ. සටන කරන්න ඕනෙ දෙමල සිංහළ මේ කවුරුත් එකට එකම ජාතියක් විදියට. අන්න එදාට මේ හැම දේම විසදෙනවා. එතකන් අපි බ්ලොග් ලියමු??

    ReplyDelete
  3. වෙද මහත්තයගේ මතයේ මම එදා ඉඳලා ඉන්නවා. ජැකා කියපු කතාව සහතික ඇත්ත. සහභාගීත්වයක් නෙමෙයී. අනිතිම රජ්ජුරුවොත් දෙමළ.. රජවරු වැඩි ප්‍රමාණයක් දෙමළ.. සිංහල නම් තිබුනට. බන්ඩාරනායකලත් දෙමළ ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. අවශ්‍ය වන්නේ ශ්‍රී ලාංකික ජාතියක් බිහිකර ගැනීමයි. නමුත් ඒ දේ නොවන තාක් කල්. මේ ප්‍රශ්නය තියෙයි. දෙමළ ජනතාව ලංකාවේ හැමතැනම කිසි අවුලක් නැතුව අදත් ජීවත් වෙනවා. සුද්දෝ එන්න ඉස්සර පෘතුගීසී කාළේ වෙනකන් වගේ ලංකාවේ රජතුමාගේ සාදර අනුග්‍රහය ඇතුව. ප්‍රාදේශීය රජ කෙනෙකුත් ඉඳලා තියෙනවා. සුද්දා ඇවිල්ලා සාමාන්‍ය ජනතාවාත් අයිතිවාසිකම් දුන්නම. කාළකන්නි සිංහලයට වඩා ධෛර්යයවන්ත දෙමලා ඒකේ පල ප්‍රයෝජන ඉහලින්ම දිනා ගත්තා. සුද්දා යන කොට මේ ඉදිරියට ආපූ ජන කොටසට බලය දීලා ගියා. බන්ඩාරනායක රජ්ජුරුවෝ වෙන්න සංවේදී පොයින්ට් එකක් වෙන ජාතිවාදය ඇවිස්සුවා. මේ වගේ දෙමළුත් හිටියා. දැන් මහින්ද මහත්තයා ඉන්න මතය හරි. නමුත් අර වගේ දේමළ පිරිසකුත්. දෙමළු මරමු කියන කාලකන්නි සිංහලයෝ පිරිසකුත් අදත් ඉන්නවා.

    ReplyDelete
  4. @මාතලන්- මහින්ද මහත්තයාට මතයක් කියල එකක් තියනවාද ?

    ReplyDelete
  5. ජයශ්‍රී
    1983 වන විට ප්‍රභල කොටි හමුදාවක් තිබුනේ නැත. කොටි ප්‍රභල වූයේ ජේ ආර් ගේ දඩබ්බර ප්‍රතිපත්තිය හා ඒ හේතුවෙන් පැන නැගුන කලු ජූලිය නිසා බව මගේ දැනීමයි.

    ReplyDelete
  6. මහ වෙදනා, මාතලන්, ඔබගේ මතයට මා මෙතැනදී විරුද්ද වීමේ තේරුමක් නෑ. මා ලියන්නේ මා දැකි හා දකින එමෙන්ම කියවන දෙයයි.
    අපේ නායකයන්ට හා ඔවුන්ට උපදෙස් දෙන අයට මේවායින් යම් ධන බලපෑමක් ඇති වේනම් එයයි අපේ පැතුම

    ReplyDelete
  7. බුවා,
    ස්තූතියි ඔබගේ දායකත්වයට,
    මේ සාකච්චාව නිම නොවෙන එකක්,
    ජාතික ප්‍රශ්නය නිරාකරනය වෙනතුරු.

    අපි බලා ඉමු, එමෙන්ම ධනාත්මකව සහභාගී වෙමු .

    යුද්දෙ ඉවර කරන්න බෑ කියල බොහෝ අය විශ්වාස කලා ඒත් එය ඉවර උනා. ඉවර කලා.

    ReplyDelete
  8. @ බුවා
    මේ ප්‍රශ්නයෙදී මහින්ද මහත්තයා ඉන්නේ චම්පික රණවකගේ මතයේ. ඒකට ගමේ චන්ඩි කමත් ඇතුලත්. ඒ මතයේ ඔහු හැමදාම ඉන්නවා. රනිල් උන්නානම්. තාමත් ප්‍රශ්නේ එතනමයි..

    ReplyDelete
  9. @ දයල් බතී
    1983 ට පෙර කොටි සංවිධානය තිබුනා. ඔවුන් 13 දෙනකු ඝාතනය කරමින් බලාපොරොත්තු උනදේ පප්පා ඕනවටත් වඩා ඉටු කලා

    ReplyDelete
  10. මාතලන් - ප්‍රශ්නය ඉවරද ? එහෙම නම් ඇයි මේ ආණ්ඩුවත් විසඳුම් හොයන්න හදන්නේ ,චණ්ඩියට බැරිද ක්‍රිෂණ උන්නැහෙ ලංකාවට ආවම කියන්න "ලංකාවේ ප්‍රශ්නය ඉඅවරයි දේශපාලන විසඳුමක් දෙන්න ඕනි කමක් නැ කියලා "

    ගමේ චණ්ඩි වර්ග දෙකක් ඉන්නවා(උදා - සඳරුගේ කථා කියවන්න ) , එකක් සිරාවට චණ්ඩි , අනික් වුන් බොරු චණ්ඩි , ක්‍රිෂ්ණාගෙ මූනට කියන්න බැරි දේවල් ඌ ගියාට පස්සේ පොලොන්නරුවෙදි කියන්නේ මෙයින් මොන වර්ගයේ අයද ?

    සදාම් හුසේන්, ගඩාෆි වගේ අයත් කාලයක් සිරාවටම චණ්ඩි වෙලා හිටපු අය තමයි , පස්සේ කාලෙක බලු වුනාට . ලොකේ ඉතිහාසයේ චණ්ඩින්ට වඩා සාර්ථක මොලෙන් ගහන වුන් උදාහරණ ඕනි තරම් ....

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්