Followers

Friday, February 3, 2012

මේ දවස්වල කිසිම සන්තෝසයක් නෑ හිතේ,



http://readmyeye.wordpress.com


මේ දවස්වල කිසිම සන්තෝසයක් නෑ හිතේ,

අහන අහන එකාට හොඳයි,

අපිට වැස්ස,   උන්ට පායනව,

තව එකෙකුට කතා කලා, උගෙ ළමයි එන්ජිනියරින් කරන්න පාස් වෙලා,

තව කට්ටියක් නිවාඩුවකට චීනේ යනවලු

අම්මපල්ල මුන්ට එකෙකුටවත් මට සතුටු වෙන්න පුලුවන් නිව්ස් එකක් දෙන්න බැරි හැටි

මගේ අතිජාත මිත්‍රයන්ටවත් නැද්ද කරදරයක්.

 අම්මට සිරි අරූ තව ත්‍රී වීල් එකක් පාරට දාන්න යනව.

මැනින් මාකට් එකේ සනාට, ප්ලාස්ටික් කූඩ නිසා ඌට නම් මල පැනල ඇති?

වට්..

ඌට නියමයිලු, මචන් ඌ කියනව දැන් එන්නෙ නියම බඩුලු,

බඩු කීවට අර බඩු නෙමයි. දෙහි, ගෝවා, අල,,

වේලුම් වලට අයින් කරන්න වෙන්නෙ බොහොම ටිකයිලු, බඩු තැලෙන්නෙ නෑ කුනු වෙන්නෙ නෑ.


ෆොරින් ඒව හරියන්නේ නෑ, බලමු ලෝකල් එකක් වත් ට්‍රයි කරල.

සිංහල දෙමල විදියට උච්චාරනය කරන මගේ කොටහේනෙ, ඒ කියන්නෙ නන්දා මාලිනියගෙ ගමේ මිත්‍රය,  ශ්‍රී මගදි හම්බ උනා

ඒයි ශ්‍රී හව් ආ යූ මචන්,

ගූඩ් ඇන්ඩ් හව් අබවුට් ඉයූ

vගුඩ් තෑන්ක් ඉයූ මචන් පොඩි ප්‍රශ්නයක් අහන්නද උඹ ලන්ච් එකට සැලඩ් එකක් ද කෑවේ

ඔව්, උඹ කොහොමද දැනගත්තේ

සිම්පල් නේ මචන් උඹ ලඟ  පිපිඤ්ඤ සුවඳයි

වට්.. මචං උඹගේ ආග්‍රහන අවයව ශෝක් එකට වැඩ කරනවනේ


ඇයි උඹ එහෙම කිව්වෙ

මචං මගේ ආඝ්‍රහන අවයව දැන් හරියට වැඩ කරන්නේ නෑ

මොකක් කිව්ව

ඔව් මචං, දැන් කක්කුස්සියට ගියත් ගඳ සුවඳ දැනෙන්නෙ නෑ,   වයස.... වයස.....

මං කිව්ව ,
හැට පහක් කියන්නෙත් වයසක් ද මචං

යාන්තං එකෙකුට ප්‍රශ්නයක්, ගඳ සුවඳ දැනෙන්නේ නැති එක.

ඒත් මට මේක මාර ප්‍රශ්නයක්

මං හැට පහට ලඟයි

පේනවනේ වයසටද විසේ...

මං නිකන් පොඩි ට්‍රික්ස් එකක් දැම්ම අපිට එච්චර වයස නෑ ඕන්නම් පනහක් විතර ඇති...


6 comments:

  1. දයාල් බතීට සන්තෝසයක් දැනෙන්නෙ නැති දිගු කාලයක් පැතුවොත් අනිත් හැමෝටම සතුටු වෙන්න දේවල් වෙයි නේද එහෙනම්?!!!!

    ReplyDelete
  2. /* උගෙ ළමයි එන්ජිනියරින් කරන්න පාස් වෙලා */

    උගෙ ළමයි එන්ජිනියරින් කරන්න පාස් වෙලා.

    ReplyDelete
  3. අරුනි, අනේ එතකොට මං.
    මට අනෙක් අයට අනුකම්පා කරමින්, විස්තරය අරලු බුලු දමා පත අට එකට සිඳ, එයට වතුර බාල්දියක් දමා ටික ටික බෙදමින් කල් යල් යවන්නේ කෙලෙසද?

    ReplyDelete
  4. කතන්දර, එතැන පොඩි තාක්ශනික දෝශයක් තියෙනවා; කොහොම උනත් 'උගෙ' ළමයි දෙන්නම ගොඩ..
    එකෙක් වත් ෆේල් උනා නම් මට එයා ගැන කියල ඌට පොඩි කෙනිත්තිල්ලක් දාන්න තිබුන; කෝ ඒ සතුට, මට.

    ReplyDelete
  5. තාක්‍ෂණික දෝශය තමයි මගේ කමෙන්ට් එක වෙනුවට එකම ක්වෝට් එක දෙපාරක් වැටීම. මෙන්න මගේ කමෙන්ට් එක.

    ඉංජිනියරින් කරන එක සතුටට හේතුවක් වෙන්නේ කොහොමද?

    ReplyDelete
  6. ඒක එහෙම නොවේ නම් එය දන්නේද ඉන්ජිනෙරුවො තමයි?

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්