Followers

Monday, February 13, 2012

අපේ කාලයේ වීරයෝ




කෙල්ලෙක් සෙට් කර ගත්ත එකා වීරයෙක්. දෙන්නෙක් තුන් දෙනෙක් එක්ක යාලු වෙච්ච් එකා ජාතික වීරයෙක් ලෙස තමයි ඒ දවස්වල අපි සැලකුවේ.

බාගයක් ගහල කෙලින් ඉන්න් පුලුවන් එකා වීරයෙක්, බෝතලයක් ගහල කෙලින් ඉන්න පුලුවන් එකා ජාතික වීරයෙක්.
හැමදාම හැන්දෑවට සෙට් වෙනව නම් ඉතින් බුදු පොරක්.

තව එකෙකුට අතින් පයින් චැලෙන්ජ් කරල ෆයිට් එකක් දෙන්න පුලුවන් එකා වීරයෙක්. පොලිසියට චැලෙන්ජ් කලොත් ජාතික වීරයෙකි.

කැලනි ගඟේ එගොඩ මෙගොඩ පීනන්න පුලුවන් එකා වීරයෙක්. ගඟේ ගහගෙන ගොස් දියේ ගිලෙන්න ගිය අය බේරාගත්ත එකා ජාතික වීරයෙකි.

ඒත් කාලයක් වෙනස ; සීනි තුනක් දමා ප්ලේන්ටියක් බොන කෙනෙකු මට දැන් පෙනෙන්නේ මාර වීරයෙකු ලෙසය. ඒ සමග කේක් කෑල්ලක් කෑවොත් ජාතික වීරයෙකි.
මානව වර්ගයාට එරෙහිව නැගී සිටින මහා දුශ්ටයන් ලෙස මට සීනි හා පැනි රස කෑම  දැන්  පෙනෙන බැවිනි.


------------------

(අද වැලන්ටයින්ගේ දවසලු, ස්ත්‍රීන්ගෙ හිත ගන්න පුලුවන් පිරිමින්ගෙ, හා පිරිමින්ගෙ හිත් ගන්න පුලුවන් ස්ත්‍රීන්ගේ දවසයි. ඒ අයට ජය වේවා, මාත් අපේ බිරින්දෑට උදේ පාන්දර නැගිටලා  කිස් එකක් දුන්නා, එයාව ශේප් කර නොගත්තොත් ඔක්කොම .., බ්ලොග්, සමාජ සේවා, ඉවරයි.)
-----------------





No comments:

Post a Comment

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්