Followers

Thursday, February 23, 2012

ක්‍රිකට්, තෙල් මිල, ඊලාම් කොඩි


Captain of Sri Lanka Mahela Jayawardene shakes hands with his counterpart Ricky Ponting.
http://www.smh.com.au/sport/cricket/sri-lanka-smash-australia-at-scg-20120217-1tf0y.html

පසුගිය දිනවල ආපු ප්‍රසන්න නොවන ආරංචි අතරේ එක් ප්‍රසන්න ආරංචියක් තිබුන ඒ නම් ඉහල යන තෙල් මිල හා බස් ගාස්තු අතරේ එය අමතක කරවන අපේ ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයයි. සාමාන්‍යයෙන් ක්‍රිකට් අතරේ හෝ සර්වඥ ධාතු ලංකාවට වැඩම කරවුවහොත් බඩු මිල වැඩිවන බව පහු ගිය කාලාන්තරය දිහා බැලුවහම පෙනෙන දෙයක්.

විරුද්ධ පක්ශයේ මන්ත්‍රී කෙනෙක් 'හොඳ තර්කයක් ' ගෙනාව තෙල්මිල වැඩි කිරීම සම්බන්දව, එනම් ලෝක වෙලඳ පලේ මිල වැඩි උනා නම් ඉන්දියාවෙත් පකිස්තානයෙත් බංග්ලාදේශයේ වැඩි වෙන්නත් ඕනෙ කියල. ගූගල් කරල බැලුවම පේනව ඒ රටවල් වලත් ලඟදී තෙල් මිල වැඩි වෙලා තියෙනව කියල.
(ඒ මන්ත්‍රී තුමා මතක තබා ගත යුතුයි ගූගල් කියා දෙයක් තිබෙන බව)

පසු ගිය දිනවල තව දෙයක් පෙනුන. එනම් තෙල් මිල ඉහල දැමීම හා එයට විරුද්ධ අරගල ජනපති තුමා රටේ නොහිටින වේලාවල කිරීම. එකෙක් දෙන්නෙක් මැරිල... පෙලපාලි ගිහිල්ල.. පොලිසිය කඳුලු ගෑස් ගහල .....
අඬල.. වැලපිල....
ජනපති තුමා ලංකවට එනවිට ඔක්කොම ඉවරයි සේරෝම හොඳ ළමයි,..
ජනපති තුමා ලංකාවට පැමිණි විගසම ගමේ ධීවර වරායට යනව. ගිහිං කියනව අපි ධීවරයින්ට සහන මිලට තෙල් දෙනව.....මල මිනිය අයිති පවුලට ලක්ශ පහක් දෙනව...
ප්‍රශ්න ඔක්කොම ඉවරයි.

මේ ප්‍රශ්න සියල්ලම අමතක කරන මන්තරේ ක්‍රිකට්...

දකුණු අප්‍රිකාවේ ගොස් දිගින් දිගටම පැරදුනු කණ්ඩායමයි අද හෝබාට් වලට යන ජයග්‍රාහී මානසිකත්වයෙන් යුත් ක්‍රිකට් කණ්ඩායමයි අතර පවතින්නේ අහසට පොලව වගේ වෙනසක්.

මතුපිටින් පෙනෙන ඒ වෙනස් කම්  මේවායි
1. කණ්ඩායම් නායකත්වයේ වෙනස
2. ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙනස් වීම්
3. ක්‍රිකට් ක්‍රීඩකයන්ට හිමි නොගෙවූ සියලු දීමනා ගෙවා තිබීම
4. ශ්‍රී ලංකාවට් සහයෝගය දක්වන ක්‍රීඩා නරඹන්නගේ සංඛයාත්මක වෙනස් කම්

දකුණු අප්‍රිකාවේ පැරදුනු කණ්ඩායම තමයි දැන් දිනන්නේ. ඒ නිසා මගේ හිත් තැවුලක් තියෙනව ඩිල්ශාන්ට කණ්ඩායමේ පූර්ණ සහයෝගය නොලැබුනා කියල. පසු ගිය දවස්වල ක්‍රිකට් ගැන නොලියන්නත් එය හේතුවක් උනා. ඒ අතරෙ සංගක්කාර කියනව ස්වභාවික දක්ශතාවයටම(natural talent) තරඟ දිනන්න බැරි සීමාවට ලංකාවේ කණ්ඩායම ඇවිල්ල කියල. මට මතක් උනා අරුනි ශපීරෝ කලකට පෙර ලියූ දෙයක්, ස්වාභාවික බුද්ධියටම තර්ක දිනන්න ලෝකය දිනන්න බෑ අභියෝග දිනන්න බෑ අපි ඉගෙන ගත යුතුයි...කියල.

ටෝනි ග්‍රේග් ඉහලින්ම පසසනව මහේල ලෝකයේ ඉන්න හොඳම නායකයෙක් කියල.

මේ තමයි අපේ අනන්‍යතාවය, අපේ විදිය,..? කෙසේ වුවත් කණ්ඩායම දිනන නිසා අපි ඔක්කොම හැපි හැපි හැපී......


පසුගියදා සිඩ්නි නුවර පැවත්වුනු ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියානු එක් දින තරඟයේදී
අපේ කන්ඩායමට සහයෝගය දුන් ලාංකික කණ්ඩායම මැදට පැමිණි ඊලාම් කොඩිය ගත් තරුණයින් කීප දෙනෙක් ඊලාම් කොඩිය ඔසවා තිබෙනවා. 
පොලිසිය පැමින කොඩිකාරයන්ගේ කොඩි ඉවත් කර තිබෙනවා. ප්‍රශ්නයක් ඇති නොකර ගත්තට ලාංකිකයනට ප්‍රණාමය හිමිවිය යුතුයි. සිඩ්නිවල තරඟයක් තිබුනොත් එය සාමාන්‍ය දෙයක් තරමට පුරුදු දෙයක් නිසා එතරම් ගනන් ගත යුතු දෙයක් නොවේ.

මගේ කණගාටුව මේ දේවල්, විරසක, තුන්වන පරම්පරාවටත් උරුම කර දී තිබීමයි.
මේ අය දෙතුන් වතාවකට වඩා ලංකාවට නොපැමිනි අය වෙන්නත් ඇති.

මේ සියලු අප්‍රසන්න දේ යටකරගෙන ලංකාව ඒ තරඟයෙන් ජයග්‍රහණය කළා.
-----------------



මේ සම්බන්දව ලියවුන බ්ලොගයක්


--------------
ලසිත් මාලින්ගගේ ස්ලින්ගින් ඇක්ශන් එක කොපි කර ගල් ගහන, මඩ වගේ පින්තූර ටිකක්..

5 comments:

  1. මාත් කියෙව්වා..

    ReplyDelete
  2. http://www.oil-price.net/

    ඔය කියන තරම් තෙල් මිල වෑඩි වීමක් වෙලා නෑ,ඔබට මතකද බොරතෙල් බෑරල් එක 145 ට විත ගියා නමුත් මෙච්චර වෑඩි වීමක් සිදු වුන් නෑ,සාපෙක්ශව සුලු වෑඩිවීමක් තියන්වා,නමුත් ඔය කියන තරම් විශාල වෑඩිවිමක් නම් නෑ

    ReplyDelete
  3. තෙල් මිල ගැන ඔබේ අදහසට මම එකඟ නෑ.. මෙතරම් ප්‍රමාණයකින් වැඩිකිරීම පිළිබඳව අද ආන්ඩුව ඇතුලෙම කතිකාවක් ගොඩ නැගිලා. ක්‍රිකට් කන්ඩායමට වෙලා තිබුනු හෙනේ තමයි ආන්ඩුවටත් වෙලා තියෙන්නේ. ඩිල්ෂාන් වැඩ කරු උනාට නායකත්වය බෑ. ඒ කියන්නේ ඉන්න එවුන්ගෙන් වැඩ ගන්න හැටි දන්නේ නෑ. කළමණාකාරීත්වයක් නෑ.. නම්බර් වන් සේල්ස්මන් කෙනෙක්ට හොඳ මැනේජර් කෙනෙක් වෙන්න බෑ ගොඩක් වෙලාවට.. මහින්ද මහත්තයගේ ඇවතුම් පැවතුම් වලට ගැලපෙන දේ එතුමා ජයගත්තා. ඒ චන්ඩිකම. ඒ ඇරුනම ආතල් එකේ ඉන්න කැමති පොරකට. ඉකොනොමික්ස් තේරෙන්නේ නෑ. ඒකයි මේ විනාසේ..

    ReplyDelete
  4. බංගලිදේශෙත් ලඟදිනම් වැඩි උනේ නෑ!

    ReplyDelete
  5. අමිල, අසංක, මාතලන්, සබිත්, ස්තුතියි කොමෙන්ටු දැම්මාට.

    පකිස්තානයේ තෙල් මිල වැඩි කල හේතුවෙන් ලංකාවෙ වගේම කලබල තිබුනා මෑතකදී.

    මාතලන් කියූ පරිදි රජය පැත්තෙන් හා විපක්ෂයෙන් නැගෙන කතිකාව වැදගත්.
    ජනතාවගේ ආණ්ඩුවක් ඇයි ජනයාට බර පටවන්නේ.
    මෙයට හේතු ලෙස සිතිය හැක්කේ
    රජයේ නාස්තිය,
    මිහින් එයාර් වැනි සුදු අලියන්
    නැව් ඒමට බැරි වරායවල් ආදිය සෑදීමට ගත් ණයවලට පොලි ගෙවන්න
    මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කර ණය මුදල් ලබා ගැනීම
    සංවර්ධන ව‍යාපෘතිවලට

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්