Followers

Sunday, February 5, 2012

අනෝමා ෆොන්සේකට දෙපැත්තම බේරගන්න වෙලා, Is General a tough guy?


සරත් ෆොන්සේකා මහත්තය ටෆ් පොරක් කියන එක අහන්න දෙයක් නොවෙයි. (ටෆ් tough කිව්වෙ තද ගති ගුණ ඇති කියන එකනේ ) එහෙම නැතුව යුද්ධ දිනන්න පුලුවන්යෑ. ඉස්සර ආමි එක ඇතුලෙ කතාවක් තිබුන කියනවනේ. ඉස්සරහට ගියොත් ජොනී(බට්ටෝ), පස්සට ගියොත් ෆොනී(ෆොන්සේක )කියල.


http://i.telegraph.co.uk/multimedia/archive/01523/foneska_1523706c.jpg

මං මේ කියන්න යන්නේ පිරිමි මොන මොන සෙල්ලම් දැම්මත් බවලතා තමයි අන්තිමට ගැලවුම් කාරයා වෙන්නෙ කියන කතාව ඔප්පු කරන්න කතාවක්.
 ( 'තටු' හැලුන කුරුල්ල වගේ නාට්‍ය වේදී, රංගන ශිල්පී ජයසේකර අපොන්සුත් තමන්ගෙ බිරිඳ ලඟට නැවතත් වසර තිහකට පසුව පැමිණිය හැටි මං කලින් ලිව්ව )

කොල්ලො දඟ වැඩ කලාම, (ලොකු උනාම පිස්සු කෙලියම ) තාත්තගෙන් බේරෙන්නෙ, අම්මට, එක්කො ආච්චිට, නැන්ඳට, මුවා වෙලා.
අම්ම හෝ වෙන බවලතෙක් හෝ මැදිහත් උනාම තාත්තගෙ සැර බහිනව, ගුටි කන්න වෙන්නෙ නෑ.

ලොකු මහත් උනා කියලා විවාහ උනා කියල මැදිහත් වන ස්ත්‍රියගෙ තනතුර වෙනස් වෙනව මිස ස්ත්‍රිය මේ සමීකරණයෙන් ඉවත් කළ නොහැකිය. විවාහ උනාට පස්සෙ අම්මගෙ නැත්නම් වැඩිහිටි කාන්තාවගේ භූමිකාව රඟන්නට වෙන්නේ බිරිඳටය.

ඉතින් අපි එහෙන් මෙහෙන් ඇහිච්ච ඒව එකතු කරල හිතේ හදාගෙන තිබෙන පින්තූරෙ තමයි සරත් මොකෙක්වත් තූට්ටුවකට මායිම් නොකරන ටෆ් මෑන් කෙනෙක් කියල. මොකෙක්වත් කිව්වම ඒකට ගෙදර හාමිනේත් අයිතිවෙනව.

ඒත් අද ඒ තත්ත්වය කණපිට හැරිල.

http://www.demotix.com/news/243563/anoma-fonseka-wife-general-sarath-fonseka-talks-media
පසු ගිය අවුරුදු දෙක එතුමිය සිය සැමියා වෙනුවෙන් සෑහෙන දුක් විඳින්න ඇති. බෝම්බෙට අහුවෙලා මරනෙන් ගොඩ ගන්නකන් කොපමන දුක් උහුලන්න ඇතිද? තාමත් ඉවරයක් නෑ.
 දුක කාටත් පොදු දෙයක් එය ලොක්කාට පොඩ්ඩාට කියා වෙනසක් නෑනේ.

පෙරේද නිදහස් දවසෙ අනෝම ෆොන්සේකා නෝන කියනව  දෙපැත්තම බේරගන්න කතාවක්.  ඒ කියන්නේ,.. මාධ්‍යයට ප්‍රකාශ කරනව (ජෙනරල් තුමා වෙනුවෙන්) ඔවුනට දැන් දෙපැත්තම බේරගෙන කටයුතුකරන්නට වෙලා, යන්න හැඟවෙන කතාවක්.

එක පැත්තක් , නිදහස් දවසේ, නිදහසක් නැති, තම ආදරණීය සැමියා.... හා .....මොකද්ද මේ අනෙක් පැත්ත?

අපිට හිතන්න වෙන්නෙ අනෙක් පැත්ත නම් ආණ්ඩුවයි.

මදෑ!  බවලතුනට දැන් තම සැමියා පමණක් නොව ආණ්ඩුත් බේරන්න සිදුවෙලා !

හැබයි ඒත් අනෝමත් කෙලින් බවලතෙක්, එයා කියනව වරදව වටහ ගන්න එපා, අපි සමාව ඉල්ලන්නෙ නෑ කියල.
ඉතින් එහෙම බලනකොට කවුද වැඩියෙ ටෆ් ?


11 comments:

  1. කොමෙන්ටුවක් කොටන්න කියලා බලනකොට කොමෙන්ට් බොක්ස් එක පේන්න නැහැ..ඒ පාර ඒක හොයං කොටන්න බලනකොට හිතපු එක අමතකයි..මෙහෙම වෙන්නෙ නැහැනේ කොමෙන්ට් බොක්ස් එක පේන්න තිබුනනං..:D

    ReplyDelete
  2. හිරුනිකාලත් රිවස් එකට එක ගිය රටනේ....

    ReplyDelete
  3. මොනව වුනත් මම නම් කියන්නෙ .. පොන්සේක මැතිනිය හිත යටින් සතුටින් ඉන්නව කියලයි.[මතුපිටින් මොනව පෙන්නුවත්] මොකද ඔය පොන්සේක මහත්තය ගෙදරදිත් තද පාලනයක් තමයි ගෙනිහිල්ල තියෙන්නෙ.
    දැන් ඈ නිදහස්. ලෝකෙට පේන්න අසතුටෙන් සහ සැබෑවටම සාමයෙන් දිවි ගෙවනව.

    ReplyDelete
  4. මගේ දේශපාලන දර්ශණය ‍පොන්සේකා මහතාගේ දේශපාලනය නොවුනත්, මම අදහන විදිහට සරත්පොන්සේකා කියන්නේ නියම වීරයෙක්. වචනයේ අර්ථයෙන්ම සිංහයෙක්.

    Yes. He is a tough guy. Otherwise he would not win the war.

    ReplyDelete
  5. මාරයා කියූ දේ මාත් කාළෙකට කලින් කියන්න හිටියා, ඒත් අමතක වුනා!

    සෙටින් වලට ගිහින් කමෙන්ට් පෝස්ටුව යටින් එන්න සෙට් කරන්න.

    ReplyDelete
  6. දෙපැත්තම බේරා ගන්න

    මණිමේඛලා දෙකක් දාගත්ත නං ඉවරයි නේ!

    ReplyDelete
  7. මාරයා,
    සමාවෙලා නැවත් මතක් කර ගත්තනං හොඳයි

    ReplyDelete
  8. මාතලන්
    හිරුනිකාලට යන්න පුලුවන් දුර ගියර් මාරු කරන විදිය ඒ ඇත්තන් දැනගන්න එක ජනතාවට කෙසේ වෙතත් ඒ ඇත්තන්ගේ අනාගතයට හොඳයි
    දැන් ජනතාවත් ඔවුන්ගේ නායකයනුත් අතර ඇත්තේ ෆේස් බුක් වැනි වර්චුඅල් සම්බන්දතා නේ

    ReplyDelete
  9. කුමාර, මට ඔබට විරුද්ධ වෙන්න සාක්කි නෑ

    ReplyDelete
  10. පෙදරේරුවා, නෝනා කොහොම උනත් නෝන ඊට වැඩියෙ ටෆ්

    ReplyDelete
  11. කතන්දර, උපදෙස් පිලිගත්තා

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්