Followers

Thursday, March 15, 2012

පොඩි ගානක් හදාගන්න බැරි ලොක්කො?

10000,  10000,   10000, 20000, 30000, 
10000, 20000  + -*?/
10000?//?




දන්නවනේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපති මහත්තය සිය අගමැති තෝරගත්තෙ කොහොමද කියල.
ගාමිනි දිසානායකගෙන් ඇහුව ප්‍රශ්නෙ;
 එකයි එකයි කීයද?
ඒ මහත්තය කියපි 'දෙකයි සර්'
ම්හ්
මෙයා හරි නෑ වැඩේට,මොකද මෙයා ඇත්ත කියනව

ගියා ලලිත් ඇතුලත්මුදලි ලඟට(මොන ප්‍රශ්නෙ තිබුනත් මම කැමතිම දේශපාලනඥය. ඒ මහත්තය තමයි විශ්වවිද්යාල ශිෂ්‍යයනට මහපොල ශිෂ්‍යයත්වය දුන්නේ)
ඇහුව ප්‍රශ්නෙ
එකයි එකයි කීයද?
එකොලහයි සර්
මෙයා කපටි වැඩියි
ම්හ්

ප්‍රේමදාස මහත්තය ගියා විජේතුංග මහත්තය ලඟට
ඇහුව ප්‍රශ්නෙ
එකයි එකයි කීයද?
සර්ට ඕන ගානක් දාගන්න  සර්
අන්න වැඩේට කැපෙන මිනිහ.

එහෙම තමයි විජේතුංග මහත්තයට අගමැති පුටුව ලැබුන කියල කියන්නෙ.

මේ කතන්දරේ දන්නේ නැත්තේ ඉතාම නුදුරේ වැඩිහිටියන් වූ අය පමණයි


ඒ කතාව නොවෙයි මගේ කතාව.
මෙන්න මේකයි!

මේ ලඟදී ගියා පොඩි වර්ක් ශොප් එකකට දන්නවනේ ලොක්කනට පොඩ්ඩනට ඔක්කොටෝම වැඩ කරන තැන්වලින් තියනවනේ පුහුනු පාඨමාලා.

පාඨමාලාව ටිකක් කම්මැලි වෙන කොට පොඩි පොඩි උපක්‍රම දානව. එදා දැම්මෙ මේකයි


පුලුවන් නම් කියන්න බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ.

මිනිසෙකු නිවසක් මිලදී ගත්තා රුපියල් 425000කට,ටික දවසකට  පස්සෙ වික්කා 435000ට.

තව ටික දවසකට පස්සෙ තව නිවසක් ගත්තා 445000කට, තවත් ටික දිනකින් වික්කා 455000.

වර්ක් ශොප් එක මෙහෙවපු සුරූපි ලඳ මෙහෙම කියනව

ලැබූ ලාභය හෝ පාඩුව කොපමනද?

උත්තරය 10,000 කියන  අය මෙතනට එන්න
25 දෙනෙක් විතර එතනට යනව

උත්තරය 20,000 කියන අය මෙතනට එන්න

25 දෙනෙක් විතර යනව

උත්තරය 30,000 කියන අය මෙතනට එන්න
තව සෑහෙන පිරිසක් එතැනට යනව

මටත් පුදුමයි මේ වගේ සරල ගාණක් හදාගන්න බැරි අය තුනෙන් දෙකක් පමන හිටිය.

පුලුවන් නම් කියන්න බලන්න මේ ප්‍රශ්නෙට උත්තරේ.
වෙනත් වියදම් නැත කියා උපකල්පනය කරන්න


21 comments:

  1. ඔයාට කැමති ගානක් දාගන්ට....:D:D:D

    ReplyDelete
  2. ඉතුරු සල්ලි නැත. බින්දුවයි...!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. ඔයා කියන්නේ කීය කියලද. මම කියන්නෙත් ඒකමයි

    ReplyDelete
  4. question is missing

    ReplyDelete
  5. දෙවැනි ඇනෝ ස්තූතියි මගේ පෝස්ට් එක කියෙව්වට, ප්‍රශ්නෙ නම් ලැබූ ලාභය කොපමනද?

    ReplyDelete
  6. ලාභය බලන්න පුළුවන් මෙහෙම, අපි හිතමු මෑන් අතේ කීයක්වත් නෑ කියල. එයා ණයට ගන්නව 425000ක්. ඒගානට ගත්ත ගේ දෙනව 435000කට. ලාභය 10000යි. දෙවනි ගෙදරට ඕන වෙනව 445000ක්. අතේ 10000ක් තියන නිසා මේ සැරේ ණයට ගන්නෙ 435000යි. ඒක දෙනව 455000කට. ණය කාරයට 435000ක් බේරුවම 20000ක් අතේ තියනව.

    ReplyDelete
    Replies
    1. මටත් හිතෙන්නෙ මෙහෙම්ම තමයි ...

      Delete
  7. ප්‍රවීනා, ඇනෝ එක හා මාතලන්, පොඩ්ඩක් බලමු ගනන් කාරයෙක් ගාන හදයි ද කියල? උත්තරේ බොහෝම සරලයි.

    ReplyDelete
  8. ස්තූතියි රාජ්, තව ටිකක් බලමු වෙනත් පිලිතුරු තිබේද කියල.

    ReplyDelete
  9. උපකල්පන ගොඩක් කරන්න වෙනව.
    වෙනත් වියදම් නැත. මුදල් ණයට ගැනීමක් නැත. පොලී නැත.

    මිනිහා දෙපාරකට ගනු දෙනු දෙකක් කරනව.
    ගනුදෙනු දෙකෙන්ම දහදාහ ගානෙ ලාබ තියනව.
    මොකද්ද ඕකෙ අමාරුව?

    ReplyDelete
  10. රාජ්, ට්‍රැෆික් ඇනෝ, ඔබගේ පිලිතුරු නිවැරදියි, තෑග්ග පසුව එවමි.

    ReplyDelete
  11. Some time back a guy asked for the result of
    6 / 2 (2 + 1) on facebook

    and it was a wonder to watch the answers.

    ReplyDelete
  12. කරන උපකල්පන මත මට නම් උත්තර දෙකක් දෙන්න පුලුවන්

    ReplyDelete
  13. රඛිත, අන්තිම ඇනෝ, ඔබගේ එකතුකිරීම කරන්න අපි බලා සිටිනවා!

    ReplyDelete
  14. ඉන්ද්‍රජිත් කොපි කලානේද ඒව ඔට්ටු නෑ..

    ReplyDelete
  15. @ Rakitha, There is nothing.Everybody knows the BODMAS theory (that shows the order of doing any mathematical calculation).According to that answer must be 1.

    @දයාල් බති, පිළිතුර රු20,000 තමයි.මොකක්ද මේ ප්‍රශ්නේ තියෙන විශේෂත්වය?

    ReplyDelete
  16. ජයශ්‍රී, ඔබගේ පිලිතුර හරි, මෙහි කිසිම විශේෂත්වයක් නෑ, සරල බව වැඩි බව කමයි විශේෂත්වය, සරල දේ ගැන ඕනවට වඩා හිතන්න අවශ්‍ය නෑ කියන එක වෙන්න ඕන.

    ReplyDelete
  17. පුලුවන්නම් මෙකට් උත්තර කියන්න බලන්න.

    මේක දරුවෝ සන්ක්ය රටාවක්. අර ශිත්ෂත්වයට එහෙම ලියුවේ

    පුලුවනම් උත්තර කියන්නකෝ - හැබඉ මගේ උත්තරයත් හේතුවත් දෙකම ඕනි

    1 3 5 .... ....

    පුලුවනම් කියන්නකෝ

    ReplyDelete
  18. 7, 9

    1+2, 3+2, 5+2, 7+2
    තව රටාවන් තිබෙන්න පුලුවන්

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්