Followers

Friday, March 2, 2012

සුනිල් මාධව ප්‍රේමතිලකට ප්‍රේම කළ 'හූණා'



http://www.kidcyber.com.au/IMAGES/geckosilo.jpg

සුනිල් මාධව ප්‍රේමතිලක හා බැඳුනු පොඩි කතාවක් තියෙනව, මෙය වැඩිහිටියන්ට  පමණක් තේරුම් ගත හැකි භාෂාවෙන් ලියන්නයි  උත්සහ කළේ.
පුද්ගලිකව නොහඳුනන සුනිල් මා කවදාවත් හමු වී හෝ කතා කර හෝ නැත. මගේ මිත්‍රයකුගේ අසල්වැසි මිත්‍රයකු වූ මා තවමත් නම නොදන්නා අකාලේ මියගිය 'හූණා' ගැන මා අසා ඇති කතාවකුයි අද ලියන්නේ. මගේ මිත්‍රයා කයිවාරුවලට නම් දරාපු කෙනෙක්. මිනිහ ගැනත් කතා සීයක් වුවත් ලියන්න පුලුවන්.  හැබයි මං හිතනවා මේ කතාව බොරුවක්ම වෙන්න බෑ.

සුනිල් මාධව ප්‍රේමතිලක යන නම මතක් වුන පමණින් කෙනෙකුගේ සිහියට නැගෙන්නේ ඔහු විසින් කාලයකට පෙර ඉරිදා පුවත් පතකට ලියන ලද සත්‍යවාදියෙකුගේ දිනපොත යන තීරු ලිපි පෙලයි. ඔහු එය ලීවේ නිර්ධනයාගේ, දුප්පතාගේ දුක, දකින ඔහුගේ හදවත අඬන හැටි අප හා බෙදාගන්නා ලෙසකිනි. මෙය කියවන කෙනෙකුට හිතෙනව මේ ලේඛකයා ජේ වී පී කාරයෙක්ද කියල. ඒ උනාට ජේ වී පී කාරයන් මේ විදියට බොන්නේ නෑ. මොකද සමහර ලිපිවලින් මදු විත වෑහෙනව. පසු කාලෙක  දැන ගත්ත, සුනිල්, ප්‍රසිද්ධ ලේඛක මීමන ප්‍රේමතිලකගේ පුත්‍රයා බව.

පසු කලෙක බොබ් මාර්ලේ වැනි අයට ප්‍රිය කරන්නට මේ තීරු ලිපි හේතු වෙන්න්ට ඇතියි කියලත් මට හිතුන වෙලාවල් තිබුන. බොබ් මාර්ලේත් මත් ද්‍රව්‍යවලට ප්‍රසිධ්දියේම පෙම් බැඳි කෙනෙක්. අනෙක් කාරණාව, කලු ජාතීන්ගේ විමුක්තිය පතා ගී ගැයූ කෙනෙක්.


ඉතින් පසු කාලෙක ඉගෙන ගෙන අවසානව රස්සාවල් කරල අපි අවාහ විවාහ වෙලා ඉන්න අතරෙ හූණා ගැන කතාව ඇදිල ආපුවහම මගේ මිත්‍රය නිතරම මතක් කරනව 'හූණ'  තවම බැඳල නෑ කියල. දැන් සුනිල් එක්ක සෙට් වෙලා, හොඳට කනව බොනව කියල. ඒක ඇහුවහම් මටත් ආසාවක් ඇති උනා හූනත් එක්ක මගේ වීරයෙක් වන සුනිල්ව හමු වෙන්න යන්න, ඒත් පසු කාලෙක ඒ දුක් මුසු පුවත ලැබෙන කම් එය මට කරන්න ලැබුනෙ නෑ. ඇත්තටම් හූණා හොඳට හම්බ කලා. තාක්ෂණික අංශයේ රැකියාවක් කලේ Tania and Tamara කියන  සමාගමේ. ඌට හූණ කිව්වෙ සෑහෙන කෙට්ටු නිසා.

ඇයි මිනිහ බඳින්න නැත්තෙ?

බඳින්න බෑ මචං ඌව බැන්දොත් ගෑනි මැරෙනවා, උගේ ඇඟෙන් හිතා ගන්න බෑ සයිස් එක.

අපි කයිවාරු මිත්‍රය කියන ඒව වැඩියෙ ගනන් ගන්නේ නෑ කවුරුවත්. හැබැයි හූණ බීලම මලා.
ඌට නොබැඳ ඉන්න වෙන කිසිම පිටින් පෙනෙන හේතුවක් තිබුනෙ නෑ.

------

  • ඊයෙ රාත්‍රියෙ ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට තරඟය බලමින් සිටින අතරේ වැරදි බොත්තම ක්ලික් කිරීම හේතුවෙන් වූ දෝෂයක් නිසා  පෝස්ට් එක ඩිලීට් කරන්නත සිදු උනා. එයට කමා කරන්න.



  • සුනිල් මාධවයන්ට හෝ හූනාට සුලු හෝ යම් නිගරුවක් කිරීමට මා කිසි ලෙසකින් මේ ලිපියෙන්  අදහස් නොකල බව කරුණාවෙන් සලකන්න.


20 comments:

  1. මේ මොකක්ද මේ විකාරේ ??

    ReplyDelete
    Replies
    1. අන්න ඔබට තේරුනා!

      Delete
  2. හූනා කිව්වට කිඹුලෙක් වෙන්න ඇති....

    ReplyDelete
  3. ඔය යකා පුදුම පෙරේත කමක් බීමට තියෙන්නේ. මට ආමර් වීදියේ බාර් එකේදි අනන්තවත් හමුවෙලා තියෙනවා. ජනප්‍රිය කාලෙත් පුදුම නිහතමානී චරිතයක්. දැන් නම් පොදි බැඳගෙන කඩේ යනවා. නැත්තටම නැති වෙලා උන්න කාලෙත් දවසක් හම්බා උනා. අන්තීම අසරණ තත්වෙක උන්නේ නමුත් කාටවත් දොස් කිව්වේ නෑ. අන්තිමේදී මූට පිහිට උනෙත් ලොක්කා තමයි. ඉතින් කඩේ ගියාම මොකෝ.

    ReplyDelete
  4. මොන බොරුද ගැහැනුන්ට ලොකු වැඩි ඒවා කොහෙද තියෙන්නේ.හුනාට වෙන ලෙඩක් තියෙන්න ඇති

    ReplyDelete
  5. මා කියවූ හොඳම පරිවර්ථනය සුනිල් මාධව මහතා කල "හඬනු මැන නිදහස". ඒ කථාව පරිවර්ථනය ඔහු කෙතරම් මැනවින් සිදු කර තිබුණාද කියා එය කියවූ අය දන්නවා. එය කියවද්දී මැවුනු චිත්‍ර රූප තවමත් මගේ මතකයේ මැවෙනවා. ඔහු අව්‍යාජ පුද්ගලයකු බව මා දන්නවා.

    ReplyDelete
  6. කෝ ඉතින් කථාව??????

    ReplyDelete
  7. අයියෝ ඔහොම වැලපෙන් දෙයක් නෑ බොස් කියන දෙයක් කියලදාන්න අවුලක් නෑ

    ReplyDelete
  8. මාතලන්, Good luck to him!

    ReplyDelete
  9. ඇනෝ දෙක, වෙන්නත් බැරි නෑ

    ReplyDelete
  10. ඇවිද්ද පය, අඬනු මැන නිදහස, කියවන්නම්, ස්තූතියි!

    ReplyDelete
  11. ඇනෝ තුන, කතාව තේරුනේ නැත්නම්, මා අසාර්තක ලියන්නෙක්!

    ReplyDelete
  12. අමිල, වෙන නම් කියන්න දෙයක් නෑ.

    ReplyDelete
  13. මට 2010 ජනවාරියේ දී මුණ ගැහුණා.

    අතට අත දෙන වෙලේ තමයි තේරුණේ සුනිල් ගේ අත කොච්චර වෙව්ලනවාද කියලා.

    ReplyDelete
  14. කතන්දර,
    අතට අත දුන්නේ උදේ තේ එක බොන්න පෙර වෙන්න ඇති?

    ReplyDelete
  15. අදටත් මං සුනිල් මාධව ගේ තිරු ලිපිය කිවන කෙනෙක්... ඒත් මේ පත්තරකාරයෝ මේ තරම් බොන්නෙ ඇයි කියල නම් මට හිතාගන්න බැහැ.

    ඇතැම් තීරු ලිපි හරිම සංවේදී....

    හුණෙක් මිසක් කිඹුලෙක් නෙමෙයි නේද යාළුවා...

    අවිවාහක අය නොබදින හේතුව හරියටම දන්නේ ඉතින් පිටින් ඉන්න මිනිස්සුම තමයි.... හෙහ් හෙහ්....

    ReplyDelete
  16. ෴සොඳුරු සිත෴
    හැබෑව හැබෑව අවිවාහක උන්දැලට වැඩියෙ කුහුලක් අමාරුවක් තියෙන්නෙ පිටින් ඉන්න අයට නොවැ?

    ReplyDelete
  17. අපරාදෙ..නොබැන්දෙ. ඒ ඒ කෙහෙල් ගෙඩියට හරියන බනිසුත් තියෙනවානෙ. ඒක නෙවේ මගේ ප්‍රශ්නෙ දයාල් බතී කොහොමද දන්නෙ ඕක ටක්කෙටම ? :)

    ReplyDelete
  18. මං හිතුව පරක්කු වෙලා හරි මේ ප්‍රශ්නය මතුවෙයි කියල, ඇත්තටම මං ටක්කෙටම දන්නෙ නෑ, තුන්වන පාර්ශ්වයක් හරහා තමයි මේ ප්‍රවෘතිය මට ලැබෙන්නේ.

    සහතික ඇත්ත මේ කාලේ හිටිය නම් අන්තර් ජාලය හරහා විශාල ප්‍රචාරයක් ලබාගෙන හොඳ ධනවතෙක් වෙන්නත් ඉඩ තිබුන, විදේශ ඇමතිටත් වැඩිය රට රටවල ඇවිදින්න තිබුන. හැබයි එතකොට උන එකේ විරුද්ධ පැත්ත. නොකර මැරුන තත්ත්වයට එරෙහිව කරල මැරෙන්න වෙනව.

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්