Followers

Sunday, March 11, 2012

ගොනුන් කන, කා රැවටෙන තන






මා කලින් කතාවේ ඇඟෙව්වෙ අස්වභාවික ලෙස විශාල, ස්වභාවික සංසිද්දියක් පිලිබඳව.
අද ස්වභාවික ලෙස පෙනෙතත්,  අස්වාභාවිකව  විශාල සංසිද්දියක් පිලිබඳව.
බවලත්, බලවත්, උදවියගෙන් දෝශාරෝපන එයිද මන්ද?

මෙය භයානක සෞඛ්ය ප්‍රශ්නයක් බවට පත් වෙලා. ඉතින් නොකිය, නොලිය,  කොහොමද හුදී ජනයාගේ සිත් සුවය පිණිස...

දියුනු රටවල සාමාන්‍ය දෙයක් ලෙස විශාල වශයෙන් සිදු කෙරෙන කෘතිමව බද්ධ කෙරෙන පියොයුරු වල ඇතුලාන්තය ගත්තම එවා කාර්මික තත්වයේ සිලිකන් වලිනුයි නිමවී තිබෙන්නේ.


මේ  සිලිකන් උරයක බහා තමයි ශරීරයට බද්ධ කරන්නේ. මේ උරය පාරිභෝගිකාවට අවශ්‍ය පරිදි ප්‍රමානයෙන් වෙන්න ඕන තෝරා ගැනෙන්නේ. (සමහර වෙලාවට පාරිභෝගිකාවගේ, පාරිභෝගිකයා වෙන්නත් පුලුවන්.)
කෙසේ වුවත් සමහරුන් තමන්ගේ ශරීර අනුපාතයට සාපේක්ශ නොවන තරම් උරයන් තෝරාගන්න බවත් පේනව. මේ උරය සිදුරු වී එලියට කාන්දුවන සිලිකන් ශරීරය හා ස්පර්ශ වීම පිලිකාවට හේතුවන බව සොයා ගෙන තියෙනවා. ඔන්න දැන් ගලවන්න කලබලේ..

 දැන් ස්කෑන් කර බලමින් පලුදු වී ඇති උරයන් ඇති අයගේ ඒවා ගලවමින් යයි.

දහ අතේ කල්පනා කලා.. කලා.. කොහොමද මේ උරයේ සිදුරු, පලුදු, පැලුම්, ඇති වෙන්නේ කියලා.

අම්ම්පල්ල මුන්ගේ දත් ඔක්කොම රදනකද ?
 වෙන්න බෑනේ!

මහ වෙදනගෙන් වත් අහල බලමු!

--------------------------------------------


Above photo was taken from this source

https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcRWQKTdroiEpEwMo7Q0Lro5xIZE46FqyKNrj5QhWpTnkXGq5a7e



15 comments:

  1. දත් නම් ඉතින් රදනකමැ වෙන්න ඕනේ නෑ නේ..හිකිස්‌.

    ReplyDelete
  2. අහිංසක හරකුන්ගේ නම ගාවන්ට එපා අය්යෝ... :D

    ReplyDelete
  3. ChammA
    ඇත්ත, පවතින අලුත් මෝස්තර වල හැටියට මුහුනේ කනේ නිකටේ, පපුවේ බද්ධ කර ඇති සුදු යකඩ උලක් වත්...

    ReplyDelete
  4. Praveena Palipana
    නින්ද ගියාම අපි කවුරුත් අහිංසකයි අනේ...

    ReplyDelete
  5. රදනක නොවුනත් වැඩේ සිද්ධ වෙන්න පුලුවන්

    ReplyDelete
  6. බුවා
    දත්ම නොවෙන්නත් පුලුවන්?

    ReplyDelete
  7. (සමහර වෙලාවට පාරිභෝගිකාවගේ, පාරිභෝගිකයා වෙන්නත් පුලුවන්.) ක්ලික් වෙන්න ටිකක් වෙලා ගියා! :D

    ReplyDelete
  8. දත් වල වැරැද්දද.. අත් වල වැරැද්දද....?

    ReplyDelete
  9. අයියෝ මම හිතුව කිරිපිටි පැකට්ටුවෙ ගාන වැඩිකිරිල්ල ගැන පෝස්ටුවක් කියල.

    ReplyDelete
  10. අනේ මන්ද ? තැලුම් ඇතිඋනත් පැලුම් ඇතිවෙන්නේ ඇයි කියල., ජම්බෝල වලට වඩා දොඩම් ,නාරං රසකොට ඇයි මේ ජම්බෝල වවන්නේ ?

    ReplyDelete
  11. රාජ්, ඒව දේශද්‍රොහී මතෘකා , හම්..

    ReplyDelete
  12. බින්දු, ආදරේ පිරුනු බව පෙන්වන්නයි මහිතන්නේ ජම්බෝල වවන්නේ.
    වැඩි දුර යන නිසා 'රස' ගැන නොකියා ඉන්නම්.

    ReplyDelete
  13. දවසක් කෙට්ටු කෙල්ලක් පෝලිමක ඉන්නව. මගේ ද්‍රවිඩ ජාතික මිතුරා කියනව" ඒයි බලපං අරක.. සින්න මරං- පෙරිය පලං"(little trees- big fruits) කියල. කෙල්ලගෙ සයිස් එකට නෙවි ගෙඩි. හදාපුව.වැලේ ගෙඩි වැලට බර නැත්නම් අපිට මොකද නේද ?

    ReplyDelete
  14. nihal gurusingheMar
    සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුවී ඇති බව දැන්වීමයි ලිපියේ ප්‍රදාන අරමුණ වුයේ, අනෙක් කාරණා සැරසිලි. කෙසේ වුවත් ඔබේ මිතුරගේ යෙදුම නම් අගෙයි, 'සින්න මරං, පෙරිය පලං',

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්