Followers

Thursday, March 22, 2012

උන්ගේ සදාචාරය හා අපගේ සදාචාරය



කැම්පස් යන කාලේ, අවුට් වෙච්ච් කිට්ටුව, ලොකු අමාරුවක් උනක් තියෙනවනේ; ඇදේට යන රට කෙලින් කරල ගන්න. පගා ගැනීම නැවැත්වීමට, අනිසි බලය යෙදවීම නැවැත්වීම, සාධාරණත්වය. අරව,, මෙව්ව...

අනේ ඉතින් බලය අතට අහුවෙනකොට ඒ අදහස් කොහේ ගියාද නෑ. උදාහරනයක් ලෙස ඔය ට්‍රැෆික් පොලිස් මහත්තුරු අපේ බැචාලව ස්පීඩ් කරල ඇල්ලුවහම මිතුරු ඩී අයි ජී බැචාට කිව්වහම .........??? ඒකට පස්සෙ එමු!

සාමාන්‍යයෙන් එලියට ඇවිල්ල රස්සාවක් කරගෙන පරස්තාවක් කරගෙන එහෙන් මෙහෙන් පීඩනය එනකොට අර මුලින් පෙනී සිටි මූලධර්ම, ටික ටික යටට යනව, උණ අඩු වෙනව. මං මේ උණ කිව්වෙ විශේෂයෙන් වාමාංශික දේශපාලනේට. වාමාංශය කිව්වට භය වෙන්න අවශ්‍ය නෑ. අපේ වාමාංශය දියුනු රටවල ධනපති පක්ශ තරම්වත් වාමාංශිකද මන්ද, ඒ නැතත් තවම ඒවට බැරි වී තිබෙනව අඩුම තරමින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වත් තහවුරු කර දෙන්න. කෙටියෙන් කියනව නම් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් කීවොත් වරදක් නෑ. ' සාපේක්ශ සාධාරණ පක්ශ ' කියල නම් වෙනස් කල යුතුයි කියල මං යෝජනා කරනව. මේ පක්ශ විසින් ගොඩ නගන ලද දැනුම් සම්භාරයක් දේශපාලන සාහිත්‍යයක් අපට තිබේ.

විප්ලවය යනු, ඔලුව අපසට් කළ කොල්ලො ටිකක් එකතු කරගෙන තුවක්කු දෙක තුනක් ඔහෙක් කොරගෙන  එක රැයකින් කරන්නට පුලුවන් කෙංගෙඩියක් නොවේ කියල දැන් කීපවරක්ම ලාංකික තරුණයින් ජවිපෙ මාර්ගයෙන්,  තම සීමාවන් නොදැන කරන දීර්ඝ කාලීන යුද්ධයක් පවා අසාර්තක වන බව එල් ටී ටී එක මගින් ඔප්පු කලා.  මේ ව්‍යාපාර විසින් ගොඩ නගන ලද දැනුම් සම්භාරයකුත් නැත. ඔප්පු කල එකම කාරණය මෙන්න මේ විදියට දේශපාලනය කරන්න එපා කියන එක පමණි. ඒ වගේම විප්ලවය යනු සංවිධානය වී තිබුනු ශක්තිමත් වෘත්තීය සමිති ටික බිල්ලට දීල ක්‍රියාධරයන් පාරට ඇදල දාල ඒකාධිපතිත්වයට පාර කැපීමත් නොවේ.

ඔය වාමාංශයට තිත තැබෙන්නේ විශේශයෙන් වයිෆ් අතින් කීවොත් වරදක් නෑ.
ඔන්න ඒකත් අපේ ගොඩට කියල ලඟදී බඳින්න ඉන්න පොඩි කුමාරි හාමිනේ/ප්‍රවීනා පලිපාන කියයි.

ඉතින් මේ උණ අමාරුව තියෙන කාලේ නොනවතින විප්ලවය Permenent Revolution , උන්ගේ සදාචාරය හා අපේ සදාචාරය Their Morals and Ours,  විප්ලවය පාවාදීම-Revolution Betrayed තුන් සරනේටත් වැඩියෙ කටේ නිතරම ගැවසෙන වචන. මේව ට්‍රොට්ස්කිගෙ පොත් හා මූලධර්ම. ඔහු අදහස් කලේ නිර්ධනීන්ගෙ හා ධනවතුන්ගේ සදාචාරයන් එකිනෙකට වෙනස්; පටහැනි, බව පෙන්වන්න. නිර්ධනීන් කිව්වේ හිඟන්නො නොවෙයි, පඩියට වැඩ කරන අය කිව්වොත් වරදක් නෑ-Proliteriat. මිලියන් පහ හය පඩි ගන්න අය ගැන නම් නොවෙයි.
පෙර ලිපියෙන් සාකච්ඡා වූ පරිදිත් සදාචාරයන් මනින මිමි එකිනෙක පුද්ගලයාට වෙනස් වෙනව

(පොඩි 'තෙලක්' බෙදල බලමු.;
අපේ තරුණ තරුනියන් අහල ඇති මේ අය ගැන. ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින්, මාවෝ, චේ, ආදීන්, ලෝකය වෙනස් කරපු උදවිය කිව්වොත් වරදක් නෑ.
ලංකාවේ ප්‍රදාන දේශපාලන ධාරාවේ තිබෙන සමසමාජ, නවසමසමාජ, සමාජවාදී, සමානතා පක්ශය ට්‍රොට්ස්කි වාදී පක්ශ. කොමියුනිස්ට් පක්ශය ස්ටැලින්වාදී පක්ශයක්. ජේවීපිය තමුන්ව හඳුන්වනෙ මාක්ස් ලෙනින්වාදී පක්ශයක් ලෙස.)

කලින් ලිපියෙන් හා කමෙන්ට් වලින් මතු වූ පරිදි සදාචාරයට අර්ථ දැක්වීමක් නෑ. එය සාපේක්ශයි. අලුත් විදියට කියනව නම් පට්ට සාපේක්ෂයි. අර කස්ස කිව්ව වගේ පට්ට සබ්ජෙක්ටිව්.

අර මුලින් කිව්ව දේ නැවත මතක් කරනව නම් සාධාරණත්වය ගැන කතා කරන අය බලය ටිකක් අත පත ගාල වාහනේක දෙකක එහාට මෙහාට යන කොට තමුන්ට සර් කියන කොට අර මුලින් තමන් පෙනී සිටි වටිනාකම් සදාචාරය අමතක වෙනව, වෙනස් වෙනව.

උදාහරනයක් ලෙස ඔය ට්‍රැෆික් පොලිස් මහත්තුරු අපේ බැචාලව ස්පීඩ් කරල ඇල්ලුවහම මිතුරු ඩී අයි ජී බැචාට කිව්වහම ලයිසන් එක ගෙදරට ම ගෙනත් දෙනව.
මොකද්ද මෙහි ඇති සදාචාරය, ඔබගේ අදහස් දක්වන්න.

8 comments:

  1. තෙල් කොම්පැනියේ බැචාගෙන් ප්‍රෙට්‍රල් හැළුමක් ඉල්ල ගන්නපුළුවන් නං ඒ වගේම.

    ReplyDelete
  2. //ඔය වාමාංශයට තිත තැබෙන්නේ විශේශයෙන් වයිෆ් අතින් කීවොත් වරදක් නෑ.//

    ඔන්න ඒකත් අපේ ගොඩට ...... :D:D:D

    ReplyDelete
  3. කතන්දර,
    සදාචාරයට එච්චර ප්‍රශ්නෙකුත් නෑ ගැලුමයි නේ.

    ReplyDelete
  4. පොඩි කුමාරිහාමිනේගෙ මීටරේට වැටුන..

    ReplyDelete
  5. හරියටම හේතුවක් කියන්නට නැතත් ලංකාවේ මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඔය කියන ආකාරයේ අයය. බලය අයුතු ලෙස පාවිච්චි කිරීම ගැන කැ ගසනා උන් බලය ලැබුණු කල ඊටත් එහාය. මෙය දේශපාලකයන්ට උරුම වූ ලෙඩක් නොවේ. දේශපාලකයන් යනු සාමාන්‍ය සමාජයේම එක් කොටසකි.

    මට හිතෙන හැටියට දැන් ඇති ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, අයිතිවාසිකම් යන සියල්ලම අපි අමාරුවෙන් ලබා ගත ඒවා නොව බලෙන් පිට පැටවූ ඒවා නිසා මේවායේ අගයක් නැති වීම විය හැක

    ReplyDelete
  6. මගේ කතාව, ස්තූතියි, දයල් බතී වෙත ආවාට. දයල් බතීගෙන් ඔබට අමුතු අත් දැකීමක් ලැබෙනවාට සහතිකයි.
    ඔබත් ගෙන එන්නේ නවතම පැතිකඩක්, බලමු වෙනත් අය මොනවද කියන්නේ කියල.

    ReplyDelete
  7. ඔය සරසවි වල ඉදන් සමාජවාදය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන අරගල කරන අය සරසවිවලින් පිටවෙලා යන්නේ වෙනත් ලෝකේකටද කියලයි මම හිතන් ඉන්නේ එහෙම නැත්නම් මේ වෙනකොට සමාජවාදය,ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනිසිටින බුද්දිමතුන් උගතුන් අපේ සමාජයේ මොන තරම්නම් ප්‍රමානයක් ඉන්න ඕනද...?

    ReplyDelete
  8. neel, ඒ වගේමයි රැග් එක, ඒකෙන් බලාපොරොත්තු වන්නේ සමානාත්මතාවය නම් දැන් ලංකාවේ අසමානතාවයක් තියෙන්න බෑ

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්