Followers

Sunday, March 25, 2012

අනගාරික රූපමාලී




දැනට වසරකට පමණ පෙර මට ඈ හමුවන විට භාවානාශ්‍රමයේ ආධුනිකයෙකු, නවකයෙකු වශයෙන් ශ්‍රමන ජීවිතයට එළඹෙනු පිණිස තබන මුල් පියවර තබා සිටි ඇයත් සාමාන්‍ය රූමත් ලඳකුත් අතර වෙනසක් නොපෙනිණ. තාරුණ්‍යයේ ලස්සන, ජවය, අව්‍යාජත්වය රැලි ඝණ කෙස් කළඹ, සාමාන්‍ය ඇඳුම්. ඇය ඉපදුනේ කොළඹ හතේ බාර්න්ස් පෙදෙසේ. (ඇය එන්නෙ කොහි සිටදැයි යන්න භාවනාවට වැදගත් නැතත් මා ලියන 'රූපමාලි වස්තුව'ට වැදගත් යයි සිතුවෙමි.)
ජීවිතයේ සොඳුරු බව නිස්කලංක  විඳින්නයි ඇය සැතපුම් දාස් ගනනක් ඈත වන වාසී භාවානශ්‍රමයට පලමුව  ඇතුලුවූයේ. ඒ කාලය ඇතුලත ඇයට කැමති නම් පූර්ණ කාලීනව භාවානාවට සම්බන්ධ වීමට තීරනය කල හැකියි. නැතිනම් නැවත සිය සාමාන්‍ය ගිහි ජීවිතයට රැකියාවට යා හැකියි. (නීතිය තමයි ඇයගේ වෘත්තිය.) තීරණ වලට කවුරුත් බලකරන්නේ නැත. බොහෝම නිදහස්. 
ලීයෙන් තැනුනු කැලේ මධ්‍යයේ පිහිටි ඇය වෙනුවෙන් වෙන්කෙරුනු  කුටිය පෙන්නු විට අපගේ පලමු ප්‍රශ්නය වූයේ තනිවම ඉන්න භය නැද්ද යන්නයි.  

'පලමු දවස්වල නම් භය හිතුනා'
'වන සත්තු සරපයි?'
 'ඒ අයගෙන් කරදරයක් නෑ ඇරත් මේ හරියේ ඉන්නේ නයි විතරයි'
ඒත් පසුව ඈ ව්‍යංගයෙන් ඇඟවූ  පරිදි භාවනාවට වඩා අමාරු අනෙක් භාවනානු යෝගීන් විශේශයෙන් ස්ත්‍රී පක්ශයේ අයවලුන්ගෙන් එන කෙණහිලිකම්ය.


වෙනත් විහාරයකදී, බෞද්ධ උත්සවයකදී, උපාසක උපාසිකාවන් සිය ගානක් අතර ගැවසෙන රූපමාලි නම් භාවනා මාර්ගයට පිළිපන් ඇය මට හමුවිය.
දායකයන් හා එක්ව හරි හරියට දානය සැකසීමේ කටයුතුවලට දායක වන ඇය මා දැක සිනාසුනි.

'රූපමාලී,  මේ ඔබ නේද'
වසරකට පසුව ඇය තව පියවරක් ඉදිරියට තබා ඇත. ඝණ රැලි කෙස් කළඹ බූ ගා තිබුනි. ඇඳුම් වෙනස් වී සුදු පිරුවටයකින් ගත වැසී තිබුනි.


'මොකද්ද මේ වෙනස?' 
'මං අනගාරික උනා,'
'කොපමණ හොඳද'

'කොහොමද අඳුනගත්තේ'
'මං හිතනවා, හිනාවෙන් වෙන්න ඕනේ'
ඇය සිනාසුනි. ඇය යෞවන වතේ නොවෙනස්ව තරුණව ඉතිරිව තිබෙන්නෙ එය පමණයි, මට නැවත සිතුනි.
ගිය වසරේ මේ වැනිම ඇඳුම් ඇඳ ආවතේව කළ උස සුදු භාවානානුයෝගියා හිස මුඩු කොට කසාවත් ඳ ඈතින් වඩිනු දුටුවෙමි. නවකයෙක් ලෙස ඔහුටත් කෙණහිලිකම් තිබෙන්න ඇති.





21 comments:

  1. මේ වගේම යාලුවෙක් මටත් ඉන්නවා.

    තරුන කාලෙම කහ සිවුරු පෙරවගන්න කට්ටිය වැඩිවෙලා ඉන්නේ ඇත්තටම ජීවිතේ ගැන කළකිරිලද? නැත්නම් මූන දුන්නු සිද්ධි ඉවසා ගන්ට බැරුවද?

    ReplyDelete
    Replies
    1. අපට නොපෙනෙන යතාර්ථය දකින්ට පුළුවන් වුනු නිසා වෙන්ට පුළුවනි

      Delete
  2. Praveena Palipana
    ඇත්තටම වැඩිවෙලාද?
    කලකිරීමත්, මුහුන දුන් දේ ඉවසාගන්න බැරිව හා වෙනත් නොයෙකුත් හේතු නිසා වෙන්න පුලුවන්
    ඔයා නම් යන්න එපා අපිව දාලා..

    ReplyDelete
  3. කතන්දර, ස්තූතියි, දිරි දුන්නාට

    ReplyDelete
  4. හපොයි හීනෙන්වත් දාලා යන්නේ නෑ...:D:D:D

    ReplyDelete
  5. පිරිමි වගේ නෙවෙයි ගැහැණු අය ගිහි ගෙය අතාරින්නෙ සියල්ල කර හමාර වී වැඩ බැරි උනාම කියල අපේ මතයක් තියෙනවා. ගමනක් යන කොට ඉස්සරහට මෙහෙණියක් හමු වීම අසුබ ලකුණක්. මේ වගෙ කතාවක් මා ලියා තිබෙනවා.
    කෙටි උනත් ඔබ එය දුක හිතෙන ආකාරයට ලියා තිබේ.
    http://nihalw.wordpress.com/2012/01/25

    ReplyDelete
    Replies
    1. ඔය මහාමංගල සූත්‍රයට අදාල නිධානකතාවෙ හැටියට ඉස්සරහට හමුවෙන එ්වයෙ සුභ අසුභ ගැන කතාවක් නෑ නේද?

      Delete
  6. මගෙත් යාළුවෙක් ඉන්නවා...මුලින්ම පංසලේ පොඩි සාදු..පස්සේ ගිහිගේ අතෑරලා ගමෙන්ම කසාදයක් කරගෙන ඈත පලාතක ගුරුවරයෙක් විදියට වැඩ කරලා ආයිත් දැං ගමට ඇවිල්ලා ඉන්නවා....දැං කොල්ලෝ නං කියන්නේ "සඝ" කියලා....

    ReplyDelete
  7. නිහාල් ,ස්තූතියි, ඔබේ කතාවත් කියවන්නම්.

    ReplyDelete
  8. ඔබ නොදුටු ලොවක්,
    කෝම නමුත් 'සඝ' ගමට හිත ඇති මනුස්සයා. මොනව කීවත් ගම දාල යන්නෙ නෑ.

    ReplyDelete
  9. කවියක් වගේ.. ජීවිතේ නැතිකරගන්නවට වඩා කොච්චර හොඳද...

    ReplyDelete
  10. //ඒත් පසුව ඈ ව්‍යංගයෙන් ඇඟවූ පරිදි භාවනාවට වඩා අමාරු අනෙක් භාවනානු යෝගීන් විශේශයෙන් ස්ත්‍රී පක්ශයේ අයවලුන්ගෙන් එන කෙණහිලිකම්ය.//

    මේක නම් සම්පූර්ණ සත්‍ය බව අත් දැකීමෙන් දනිමි..සම්ප්‍රදායෙන් සිරවූ සිත්වලට නිර්වාණයේ නිදහස ගවේශනය කල හැකිද?

    ReplyDelete
    Replies
    1. නිර්වාණය යන්න නිදහස නම් කිසියම් හෝ බැඳීමක් 'රාහුලයෙක්' වන්නේය.

      එසේම බුද්ධාගමත් අත්හරින්න කියලනෙ බුදුන් දෙසුවේ. පහුර එගොඩ වන්න මිස කරේ තබාගෙන යන්න නොවේ

      Delete
  11. ඇත්තටම ජීවිතේ අපි හොයන සැනසීම තියෙන්නේ ඔතන.. ඒත් අපි හැමෝටම ඒ තත්වෙට යන්න අමාරුයි..

    ReplyDelete
    Replies
    1. භාවනාවට කැලේටම ගොස් තනි වෙන්න අවශ්‍යම නෑ කියලයි කියවෙන්නෙ. ඒත් ඒකාකාරී, කාර්‍යබහුල ජීවිතයට යම් සැනසීමක් ඒ මගින් ලැබෙන එක නම් ඒකාන්තයි. අත්‍යවශ්‍යයි.

      Delete
  12. මාතලන්, ස්තූතියි, ජීවිතේ නැති කර ගන්නේ වෙනත් විදියක් දන්නෙ නැති අය.

    ReplyDelete
  13. අදමයි ආවේ කියවන්න ගොඩක් දේවල් තියෙන්වා..නිදහසේ කියවන්න ඕනේ..හරිම අමුතු සැනසීමක් දැනුනා හිතට...

    ReplyDelete
  14. පුංචි කුමාරිහාමිනේ, ස්තූතියි මේ පැත්තෙ ආවාට. කොමෙන්ට් එක විශේෂයි, 'අමුතුම සැනසීමක් දැනුනා හිතට'.

    දයල් බතී විවිධ මතෘකා යටතේ ලියනවා. සමහර විට හිතට සැනසීමක් නොගෙනෙන ඒවාත්, පරණ තුවාල අවුස්සන ඒවාත් මා අතින් ලියවෙනවා, ලියා තිබෙනවා.
    ඒවා ගැන අමනාප නොවන්න.

    ReplyDelete
  15. මේ ආවමයි මම. හොඳ කතාවක්.

    මට ඒත් පොඩි ප්‍රශ්ණයක් අහන්න තියෙනවා. ඒ උත්තරේ දැනගෙන දයල් බතීව අමාරුවෙ දාන්න නෙවෙයි. ක්‍රි. පු. 8 - 10 සියවසේ ලියැවුනු සීගිරි ගීයක් කියන එක හරිද? නැතිනම් ක්‍රි.ව. ද? නොදන්න නිසයි අහන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  16. ස්තූතියි Dude, වැරැද්ද පෙන්නුවාට; නිවැරදි කර ඇත

    ReplyDelete

ඔබ පොඩි වචනයක් ලිව්වත් මට එය ලොකු හයියක්